Sunday, May 19, 2024

General line - 0115112241

විගණන වාර්තා ගැන එජාපය සැකයෙන්




ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව ප‍්‍රකාශ කළා.

“තොරතුරු එක්කෝ වැරදිලා , නැත්නම් තොරතුරු හරියට අවබෝධ කරගෙන නැහැ. අගමැතිතුමා මේ සම්බන්ධව කමිටුවක් පත්කරයි. ඒකෙදි හොයාගන්න පුළුවන් මේක එතුමාලට වැරදුනාද ? එතුමාලට වැරදි තොරතුරු දුන්නද ? මොකක්ද කියන කාරණය. මොකද එතනින් තමයි මේක වෙනස් වෙලා තියෙන්නේ. ඩොලර් මිලියන එක්දහස් අටසිය ගානක් පාඩුයි කියන එක විගණකාධිපති වාර්තාවේ පෙන්නන්නේ. මේකේ යම්කිසි ගැටලුවක් තියෙනව කියන එක පැහැදිලිවම මම කියනවා”.

වාර්තාව සකස් කළ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ද ගැටලු පවතින බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ.

මේ අතර ගල්අඟුරු මිලදී ගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉකුත් දා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත්කරනු ලැබුවා.