නීති මගින් මාධ්‍ය හදන්න බැහැ – හිටපු මාධ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් Neth FM Off-Air නිදහස් මාධ්‍ය කලාවක් බිහි කිරීම නීති සම්පාදනයෙන් හෝ පවතින නීති ඉවත් කිරීමෙන් සිදු කළ නොහැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ සඳහා තාර්කික හා බුද්ධිමත් ප්‍රජාවක් බිහි කිරීම අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නාවල මාධ්‍ය , කලා සහ කළමනාකරණ පාසලේ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන්ට සහතික ප්රදානය කිරීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ...
යාපන සරසවි ගැටුමේ සැබෑ සුලමුල මෙන්න! Neth FM Off-Air අද දින (16) යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර මෙම ගැටුමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව වාර්තා වුණා. මේ හේතුවෙන් යාපනය සරසවියේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ. ...
අරණායක ඛෙදවාචකයෙන් මියගිය අය සිහිකර පිංකම් මාලාවක් Neth FM Off-Air අරණායක සාමසාර කන්ද නායයාමෙන් මියගිය පිරිසට පිං පැමිණ වීම වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන පිංකම් මාලාවක් හෙට (17) ආරම්භ කෙරෙනවා. භික්ෂුන් වහන්සේ සියයකට අධික පිරිසක් සහභාගි වන පිණ්ඩපාත චාරිකාවක් සහ දහවල් සංඝගත දක්ෂිනාවක් හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිතයි. මීට සමගාමීව නෙත් එෆ්. එම් රේඩියෝවේ ශ්වේත පූජා පොහෝදා වැඩසටහනද අරණායක රහල බටහිර බෝධිරුක්කාරාම විහාරස්ථානයේ දී ...
පිලියන්දල වෙඩි තැබීමක් Neth FM Off-Air පිලියන්දල ජය මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලීසිය පැවසුවා. The post පිලියන්දල වෙඩි තැබීමක් appeared first on Neth News. ...
යසීර් ෂාගෙන් ලෝක වාර්තාවක් Neth FM Off-Air පළමු ටෙස්ට් තරග 13 තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ලෙස පාකිස්තාන දඟ පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා අද වාර්තා පොත් අතරට එක් වුණා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 72කට කඩුලු 6ක් බිඳ හෙළීමට යසීර් ෂා සමත් වුණා. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 13කට කී‍්‍රඩා කරමින් දවාගෙන ඇති ...
පාද යාත්‍රාවට පෙර වෙන දේ ගැන මහින්ද හෙළිකරයි (VIDEO) Neth FM Off-Air ආණ්ඩුවට එරෙහි පාද යාත්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සැලසුම් සහගත ලෙස ආණ්ඩුව එය කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දැක්වූ වීඩියෝව පහතින් බලන්න The post පාද යාත්‍රාවට පෙර වෙන දේ ගැන මහින්ද හෙළිකරයි (VIDEO) appeared first on Neth News. ...
ලංකාවට ගෙන් වූ බාල තෙල් හරවා යවයි Neth FM Off-Air ශී‍්‍ර ලංකාවට ගෙන් වූ නිසි ප්‍රමිතියෙන් තොර ජෙට් ඒ වන් ගුවන් යානා ඉන්ධන තොගය ආපසු හරවා යැවීමට තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ අවස්ථා 3කදී පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. මේ හේතුවෙන් රට තුළ ...
කුමන්ත්‍රණය පරාජය කළ බව තුර්කි හමුදා ප්‍රධානියා කියයි Neth FM Off-Air තුර්කි ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව වැඩබලන තුර්කි යුද හමුදාපති ජනරාල් උමිත් ඩන්දාර් පවසනවා. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් ඇතුළු 2839 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අතර ඉහළ හමුදා නිලධාරින්ද වන බව අදාළ වාර්තාවල සඳහන්. මෙම අසාර්ථක කුමන්ත්රණයේදී 265 දෙනෙකු මියගිය බවත්, 1440 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා. කැරැල්ල අවසන් වීමෙන් ...
දෙමළ සන්ධානයේ රැස්වීමක් විග්නේෂ්වරන් මග හරියි Neth FM Off-Air දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ හමුවක් වවුනියාවේදී අද (16) පැවැත්වුණා. ඒ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු යෝජනා සහ තවත් කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පවතින අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති බවයි අනාවරණ වුණේ. කෙසේ වෙතත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ...
දෙසැම්බර් 31න් whatsapp නවතියි – ඔබේ දුරකථනයත් මේ අතර තිබෙනවාද බලන්න! Neth FM Off-Air බොහෝ දෙනා පණිවුඩ යැවීම සඳහා භාවිත කරන උපාංගයක් ලෙස whatsapp ප්‍රසිද්ධියක් උසුලනවා. එසේ whatsapp භාවිත කරන ඇතැම් ජංගම දුරකතන හිමියන්ට කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකථන තුළින් whatsapp සේවාව නවතිනු ඇති බවයි. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 පසුව, BlackBerry, including BlackBerry 10 Nokia S40 Nokia Symbian S60 Android 2.1 and Android ...
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් Neth FM Off-Air යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එහිදී තුවාල ලැබූ සිසුන් පිරිසක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වුණා. The post යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් appeared first on Neth News. ...
සුනිල් ගවස්කාර් තැබූ කි‍්‍රකට් වාර්තාවක් බිඳ වැටේ Neth FM Off-Air වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙස එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් වාර්තා පොත් අතරට එක්වුණා. ඒ සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. එම තරගයේදී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 81ක් රැස් කිරීමට ඇලෙස්ටෙයාර් කුක් සමත් වුණා. ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ඉනිම් 219කදී මේ දක්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 9630ක්. ඇලෙස්ටෙයාර් කුක් ...
දෙයියන්දර දැරියක් කොන්කී‍්‍රට් වළල්ලකට යට වී මරුට Neth FM Off-Air මාතර දෙයියන්දර ප්‍රදේශයේ හත් හැවිරිදි දැරියක් කොන්කී‍්‍රට් වළල්ලකට යට වී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේවෙල මහා විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්. අසල්වැසි නිවස මිදුලේ කී‍්‍රඩා කරමින් සිටියදී කොන්කී‍්‍රට් වළල්ලක් පෙරලී දැරිය ගේ සිරුර යට කරගෙන යාමෙන් අනතුරු සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ දැරිය දෙයියන්දර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද නෙත් නිවුස් ...
ගලිගමුවේ අනතුරකින් අයෙකු මරුට – 8කට තුවාල Neth FM Off-Air කෑගල්ල, ගලිගමුව ප්‍රාථමික විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නුවර සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරායි. තුවාල ලැබූවන් අකුරණ, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. The post ගලිගමුවේ අනතුරකින් අයෙකු මරුට – 8කට තුවාල ...
තරුවලින් ගම හදන්න වැඩ පිළිවෙලක් Neth FM Off-Air අප රටට අවශ්‍යව ඇත්තේ තරු බිහිකිරීමට නොව චරිත බිහිකිරීමට බවත් එම අරමුණ ඉටුකර ගැනීමට රියැලටි වැඩ සටහන් දෙකක් තරුණ පරපුරට හඳුන්වා දෙන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා. මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවා. “අපේ රටේ බිහිවූ තරුවලින් නිදහස් දිනය විමසූ විට ...
IS සංවිධානයේ ‘ෆාතිමා සහ ඊෂා’ ලංකාවට ඇවිත් ගිය ගමනේ තොරතුරු මෙන්න Neth FM Off-Air IS සංවිධානයට බැඳුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ යුවළක් (ෆාතිමා සහ ඊෂා) මාස දෙකකට වැඩි කලක් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමෙන් පසු අතුරුදන් වී ඇතැයි යන පුවත මේ වන විට වඩාත් අවදානයට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තාකර තිබුණේ ඉන්දියාවේ INDIAN EXPRESS පුවත්පතයි. ඉන්දීය බුද්ධි අංශවලට අනුව ඉස්ලාමීය අධ්‍යයනයන් සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් වී ඇති අතර විශේෂයෙන්ම වහබිසම් (Wahhobism) නම් ඉස්ලාමීය දහම අදහන සලාෆි ...
ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට(BREAKING NEWS) Neth FM Off-Air මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. The post ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට(BREAKING NEWS) appeared first on Neth News. ...
පාසැල් අහිමි දරුවන් සමග ඇමති ගිය සවාරිය(PHOTOS) Neth FM Off-Air නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දා හදවත් සැත්කමකට භාජනය කළා. පාසැල් අහිමිව රටක් ආන්දෝලනයකට ලක්කළ පුංචි දරුදැරියන් පිරිස ද ඔහුගේ සුවදුක් විමසීම සඳහා පැමිණ තිබෙනවා. එලෙස පැමිණි පුංචි දරුවන් සමග සිය දවස ගත කළ පාලිත තෙවරප්පෙරුම මහතා වෙළද සැළකට ගොස් දරුවන්ට ඇඳුම් සහ සපත්තු ලබා දුන් මෙම ඡායාරූප කිහිපය ෆේස්බුක් වෙත එක්කර තිබෙනවා. The post පාසැල් අහිමි දරුවන් සමග ...
සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශණය අද(PHOTOS) Neth FM Off-Air නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ මෙහෙයවනු ලබන සප්ත ආසන කාව්‍යමය ධර්ම දේශණයක් අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේදී අද (16) පැවැත්වෙනවා. මෙම පිංකම මෙහෙයවනු ලබන්නේ යූ ආර් අ ලීඩර් පිංදෙණිය විද්‍යා චක්‍රවර්තී බළකායේ දායකත්වයෙන්. විහාරස්ථ දායක සභාව, ශී‍්‍ර ධර්මජෝති දහම් පාසලේ දරුවන් සහ ගම්වාසීන් එක්ව මෙම පිංකම සංවිධාන කර තිබෙනවා. පිංකම වෙනුවෙන් අටාල, උඩුගම ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථාන පරිශ්‍රය ...
කුලියාපිටියේ ‘වොක්ස්වැගන් කර්මාන්තයට සහ පුහුණු පාසැලට’ මුල්ගල තබන දිනය මෙන්න Neth FM Off-Air කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා සැප්තැම්බර් මස මුල් සතියේ මුල්ගල තැබීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ වාහන නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් ද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට සමගාමීව ආරම්භ කරන බවයි. එමගින් පුහුණුව ලබන පිරිස් සඳහා මෙරට මෙන්ම විදෙස් රටවල රැකියා අවස්ථා හිමි වන බව ද අමාත්‍යවරයා පවසනවා. වොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ මූලික සැළසුම් සැකසීම ...