Sunday, May 19, 2024

General line - 0115112241

රට වෙනුවෙන් තව දුවන්න සහය දෙන්න




ශී‍්‍ර ලංකාවට තව තවත් ජයග‍්‍රහණ ලබාදීමට තමන්ට පහසුකම් සලසන ලෙස 6 වැනි ආසියානු ළමා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් කී‍්‍රඩා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

රුසියාවේ පැවති මෙම කී‍්‍රඩා උළෙලට සහභාගි වී යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව නෙත් නිවුස් වෙත ඔහු මෙම අදහස් පළ කළා.

“මට ගොඩාක් මගේ දෙමාපියන් සහ යහළුවන් සහයෝගය දුන්නා. විශේෂයෙන් මගේ පුහුණු කරු අමිල ප‍්‍රසන්න මට ලොකු දිරියක් දුන්නා. මට ලොකු පහසුකම් නැහැ. මට පහසුකම් අඩුයි. කී‍්‍රඩා බලධාරීන්ගෙන් මම ලොකු සහයක් බලාපොරොත්තුවෙනවා. මට පුළුවන් ඉදිරියේදී තවත් ජයග‍්‍රහණ ශී‍්‍ර ලංකාවට අත්කර දෙන්න. මගේ එකම පැතුම ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක් නියෝජන කිරීම”.

ශාලික සන්තුෂ් මීටර් 100 සහ 200 පිරිමි ධාවන ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දිනා දුන්නා.

රටවල් 43ක් සහභාගි වූ මෙම කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඒ රන් පදක්කම් 3ක් , රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින්.

sport www.nethfm.com1 sport www.nethfm.com2 sport www.nethfm.com3