Sunday, May 19, 2024

General line - 0115112241

ඊළඟට හිරේ යන කෙනා මහින්ද හෙළි කරයි




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද (15) දිනයේ ද බන්ධනාගාරයට පැමිණියා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

“මම රිමාන්ඩ් එකේ හිටියනේ. මාව රිමාන්ඩ් කරා බොරු චෝදනාවකට. අන්තිමට සාක්කිකාරයෝ හිරේ ගියා. ඒක කරේ ධාර්මිශ්ඨ ආණ්ඩුවෙන්. දැන් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. අවුරුදු ගානකට පස්සේ මගේ පුතාව අල්ලගෙන යන්නේ යහපාලනයෙන්. ධාර්මිශ්ඨයි , යහපාලනයයි අතර වෙනසක් නැහැ”.

පුරවැසි බලය සංවිධානය කියනවා ඊලඟට ගන්න ඕනේ ශිරන්ති මැඩම් කියලා ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

“ශිරන්ති මැඩම් නෙමෙයි ඊලඟට මාව ගන්නවා. කට තියෙනවනම් ඩොලර්වලට යටවෙච්ච අයට බැරිද ඕනේ දෙයක් කියන්න”.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ රෝහිත රාජපක්ෂ මහතා ද අද දිනයේ බන්ධනාගාරයට පැමිණ නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා සිටියා.