මහින්ද හදපු වරාය ශ්රවණාගාරයට ආපු අගමැතිතුමා Neth FM Off-Air දකුණු පළාතේ ආර්ථිකය නගාසිටුවීම පිළිබද විශේෂ සාකච්ජාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින හම්බන්තොට වරාය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතා මැතිතුමන් ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී විය. ඊට අමතරව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ...
ඉන්දියාවේ “රත්තරං“ ඝාතනය කරයි! Neth FM Off-Air ඉන්දියාවේ රත්තරං මිනිසා යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ දත්තා පූගේ නම් කෝටිපති ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා. කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක් පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පැලඳු නිසා මොහු ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූවා. දත්තාගේ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රන් කමිසය රන්කරුවන් 15 දෙනෙකු විසින් විශේෂයෙන් නිමවන ලද්දක්. ඝාතනය පත් රාත්‍රීයේ මොහුට උපන් දින ...
කොලඹට හෙට වතුර කැපේ Neth FM Off-Air කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ හා ගොඩගම එම ප්‍රදේශ අතරට අයත්. මීට අමතරව මීපේ, හංවැල්ල, කළුඅග්ගල හා පාදුක්ක යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති. කඩුවෙල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ...
ත්‍රිරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි Neth FM Off-Air හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී අද (15) අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ වටවල රෝහලේයි. අද පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව අධික වේගය බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. The post ත්‍රිරෝද රථයක් අඩි ...
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විනය පරීක්ෂණයක් Neth FM Off-Air බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩේර රසල්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, තහනම් උත්තේජක භාවිතා කර ඇත්දැයි සිදුකිරීමට නියමිතව තිබූ පරීක්ෂණ 3කට ඔහු සහභාගි නොවීම හේතුවෙන්. මෙම විශේෂ විනය පරීක්ෂණය ලබන බදාදා පැවැත්වෙනවා. ඔහු තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත් වුවහොත් තරග තහනමක් පනවනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. The post සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විනය පරීක්ෂණයක් appeared ...
මංගලාරාමයට ෆේස්බුක් ආධාර (PHOTOS) Neth FM Off-Air මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති ගම්මානවල ජීවත්වෙන පවුල්වලට බෙදාදීම සඳහා වියලි ආහාර , රෙදිපිළි සහ ඇස් කණ්නාඩි තොගයක් ප්‍රංශයේ පදිංචි මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට පරිත්‍යාග කර තිබෙනවා. මුහුණු පොතේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමදුව , කුන්කුනාව ආදී ගම්මානවල ජනතාව පත්ව සිටින වර්තමාන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග මේ දානපතියන් ...
ත්‍රස්ත බිය නිසා ප්‍රංශයේ හදිසි කාලය දීර්ඝ කෙරේ Neth FM Off-Air ත්‍රස්ත බිය නිසා ප්‍රංශයේ හදිසි කාලය දීර්ඝ කෙරේ ප්‍රංශයේ නයිස් නගරයට එල්ල වූ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත කි්රයාවක් විය හැකි බවට එරට ජනාධිපති François Hollande මහතා පවසනවා. ප්‍රහාරයෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ත්රස්තවාදීන්ට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම අනුගමය කිරීමට තම රජය කටයුතු කරන බවයි. ප්‍රංශයේ නිදහස් දින සැමරුම් උත්සවයකට ඊයේ (14) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගිය ...
තද සුළඟකින් කොරලවැල්ලේ නිවාස 30කට හානි Neth FM Off-Air තද සුළං තත්ත්වයක් හේතුවෙන් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ නිවාස 30කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එම සුළං තත්ත්වය හේතුවෙන් වාහනවලට දැඩි හානී සිදුවී ඇති බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට සහ මධ්‍යම කඳුකරයේ ස්ථාන රැසකට අද (15) පස්වරුවේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. The post තද සුළඟකින් කොරලවැල්ලේ නිවාස ...
දොස්තරගේ වැඩෙන් වෘෂණයක් අහිමිවෙයි Neth FM Off-Air ඕස්ට්‍රේලියාවේ ආධුනික වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් කපා ඉවත් කිරීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මෙසේ සිදුකර ඇත්තේ පීඩාවට පත්වූ පුද්ගලයා අන්තර්ජාලයේ වෛද්‍ය උපදෙස් පතා පලකල දැන්වීමක් දැකීමෙන් පසුවයි. අනතරුව ඇලන් මැතිව්ස් නම් මෙම පුද්ගලයා මෙම රෝගියා සිටි හෝටල් කාමරය තුළට පැමිණ ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු ලෙස රඟපා මෙලෙසෙ ඔහුගේ වම් වෘෂණ කෝෂය ...
ශ්‍රී ලංකාවේ පොඩ්ඩන් 16 වෙනි තැනට Neth FM Off-Air 06 වැනි ආසියානු ළමා කී‍්‍රඩා උළෙලේ රටවල් 43ක් අතරින් 16 වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින්. දකුණු ආසියානු රටක් මෙම කී‍්‍රඩා උළෙලේ දැක් වූ ඉහළම දක්ෂතාව මෙය වනවා. රුසියාවේ පැවැති මෙම කි‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව වැඩි දස්කම් දැක්වූවා. කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ...
උදයංග අත්අඩංගුවට ගන්න සැරසෙයි Neth FM Off-Air රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් අද (15) ඉල්ලා සිටියා. ජාත්‍යන්තර පොලීසිය හරහා මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කරන ලෙස ...
මහා පාරිමාණ සූර්ය බලාගාර ලංකාවෙත් Neth FM Off-Air මහා පරිමාණ සූර්ය බලාගාර කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ ඉදිකිරීම් සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ එම බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ප්‍රදේශ කිහිපයක්ද දැනටමත් හඳුනාගෙන ඇති බවයි. උතුරේ ප්‍රදේශ කීපයක් මෙන්ම මහියංගන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ද මෙලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. The post මහා පාරිමාණ ...
ඩයලොග් ට්‍රැවල් පාස් සමගින් මහජන බැංකුවත් එකතුවේ Neth FM Off-Air මගීන්ගේ පහසුව වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර ඩයලොග් සමාගම හඳුන්වාදුන් ට්‍රැවල් පාස් කාඞ්පත සමග මහජන බැංකුවද අත්වැල් බැඳගෙන තිබෙනවා. බස් රථවල ගමන් කිරීමේදී මගීන්ට මෙන්ම කොන්දොස්තරවරුන්ටද මෙමගින් පහසුවක් සැලසෙන බවයි ඩයලොග් ආසියාටා සමූහ ව්‍යාපාරයේ විජය සේවා උප සභාපති ෆාරික් කාර්ඩර් මහතා ප්‍රකාශ කළේ. The post ඩයලොග් ට්‍රැවල් පාස් සමගින් මහජන බැංකුවත් එකතුවේ appeared first on Neth News. ...
දිස්ති‍්‍රක්ක 08ක කොට්ඨාස 60ක ඩෙංගු තවාන් Neth FM Off-Air දිවයිනේ දිස්ති‍්‍රක්ක අටක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැටකින් ඩෙංගු රොගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කොලොන්නාව, කඩුවෙල, දෙහිවල ගල්කිස්ස මහන නගර සභා සීමාවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි. ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ 3 වැනි දිනය අදයි. ගත වූ දින දෙකේදී පමණක් මදුරුවන් බෝවන පරිදි ...
ප්‍රංශ ප්‍රහාරය කළකම් පලදීමක් Neth FM Off-Air ප්‍රංශයට මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව තමන් මීට පෙර සිටම එරට බලධාරීන් දැනුවත් කළ බව ප්‍රංශයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් එ් මහතා සඳහන් කළේ ප්‍රංශ බලධාරීන් අනුගමනය කළ ඇතැම් කි‍්‍රයාමාර්ග හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති වූ බවයි. ලොව බටහිර රටවල් සෙසු රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙත මෙවැනි ප්රහාරයන්ට ...
සපුගස්කන්දත් සාලාවක් වෙයිද ? Neth FM Off-Air ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙලිපිරිපහදුව දැඩි අවදානම් තත්වයක පවතින බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා ප්‍රකාශ කළේ පිරිපහදුවෙන් විෂ වායු පරිසරයට මිශ්‍ර වීමේ අවදානමක් පවතින බවයි. මේ නිසා තෙල් පිරිපහදුව අවට ප්‍රදේශ රැසක ජනතාවගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි එ් මහතා පෙන්වා දුන්නේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ...
ජනපති සහ හිටපු ජනපති ප්‍රංශයට සොව පළකරයි Neth FM Off-Air ප්‍රංශයේ නයිස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනතාව තැති ගන්වන ආකාරයේ බියගුළු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් එරට ජනතාවට ශෝකය පළ කරන බවයි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රශ්න ජනතාවට ශෝකය පළ ...
කැලෑ මහත්තුරු මහ රෑ අල්ලස් ගද්දි අතටම අහුවුන හැටි Neth FM Off-Air මුලතිව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් 50000ක අල්ලස් මුදලක් ලබාගත් අඩවි වන නිලධාරියෙකු සහ ක්ෂේත්‍ර නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි විමර්ශණ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගෙන් මෙහෙමයවීමෙන් සැකකරුවන් දෙදෙනා ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගත් බවයි කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. වැලි සහ බොරලු ගබඩා කර ගැනීම සඳහා මුලතිව් තුලාමුරිප්පු ප්‍රදේශයේ ඉඩමකට බලපත්‍රයක් නිකුත් ...
කලුපටි බැඳන් බෙහෙත් දෙන KNIGHT වරයා Neth FM Off-Air කලුපටි බැඳන් බෙහෙත් දෙන KNIGHT වරයා ගැන අද බැලුම්ගලින් දැනගන්න The post කලුපටි බැඳන් බෙහෙත් දෙන KNIGHT වරයා appeared first on Neth News.
අන්තරේ කැඳවුම්කරුට ඇප Neth FM Off-Air අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකරට ඇප නියම කොට තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගයක් කඩකිරිමේ චෝදනාව මතයි. The post අන්තරේ කැඳවුම්කරුට ඇප appeared first on Neth News. ...