සීගිරි අභය භූමියේ හෝටලයක් හදන්න ගිහින් මාට්ටු! Neth FM Off-Air සීගිරිය අභය භූමියට අයත් මයිලත්තාව ග්‍රාම සේවා වසමේ රජයට අයත් ඉඩමක අනවසරයෙන් සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටි පුද්ගලයෙකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුනා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා අදාළ සංචාරක හෝටලයේ කළමනාකාරවරයා වන බවයි. ඉදිකිරීම් සඳහා යොදා ගත් උපකරණ තොගයක්ද වනජීවි නිලධාරින් භාරයට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන හෝටලයේ හිමිකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ...
වැට් විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක් Neth FM Off-Air වැට් බද්දට විරුද්ධව කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයින් විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. The post වැට් විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක් appeared first on Neth News. ...
අන්තර්ජාලයෙන් හෙරොයින් බෙදූ කපුවා කපෝති Neth FM Off-Air අන්තර්ජාලය යොදා ගනිමින් හෙරොයින් ජාවරම සිදු කළ පුද්ගලයෙකු දෙවිනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින්. සැකකරු පාකිස්තානයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12ක් සොයා ගැනුනා. වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරු මුහුදට පැන පලා යාමටද උත්සහ දරා තිබෙනවා. The post අන්තර්ජාලයෙන් හෙරොයින් බෙදූ කපුවා කපෝති appeared first ...
රෝහල් 37ක් වෛද්‍යවරුන් නැතුව වහලා Neth FM Off-Air වෛද්‍යවරුන් නොමැතිව රෝහල් 37ක් වැසී ගොස් ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පුරප්පාඩු ඇති රෝහල්වලට වෛද්‍යවරුන් යොමු කෙරෙන අයුරින් සකස් කළ ලැයිස්තුව වෙනස් කිරීමට ...
වාර්තාගත ශතකයෙන් උන්මාද වී නායක මිස්බා සුද්දන් ඉදිරියේ අමුතුවට හැසිරෙයි! (VIDEO) Neth FM Off-Air සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය තීරණය කළා. ඊයේ දිනය අවසාන වන විට පකිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 282 ලබා සිටියා. මෙහිදී 42 හැවිරිදි පාකිස්ථානු නායක මිස්බා උල්හක් විශිෂ්ඨ ශතකයක් ලබා ගත්තේ, 1934 පසු ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු ශතකය ලබාගත් පසු pushups ...
ප්‍රංශ ප්‍රහාරය සිදුවුණු හැටි (VIDEO) Neth FM Off-Air ප්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව අසූව දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ තවත් සියයකට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි. මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ දකුණුදිග ප්‍රංශයේ නයිස් නගරයේ පැවති නිදහස් දින සමරු උත්සවය අතරවාරයේදීයි. පුපුරණද්‍රව්‍ය පැට වූ ලොරි රථයක් අධික වේගයෙන් උත්සව භූමියට කඩා වැදී එහි සිටි පිරිස යට ...
බ්‍රිතාන්‍ය අගමැතිගේ ලාංකීය මිතුරා… Neth FM Off-Air තෙරේසා මේ බි්රතාන්යයේ නව අග්‍රමාත්‍යවරිය ලෙස පත්වීම තුළින් ශී‍්‍ර ලංකාවටද වාසි අත්වන බව මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාවේදී ශී‍්‍ර ලංකාව බි්රතාන්ය සමග පවතින සබඳතා තවදුරටත් තර කර ගත යුතු බවයි. නෙත් නිවුස් සමග සංවාදයට එක්වෙමින් එ් මහතා මේ බව ප්‍රකාශ කළා. “මගේ යාලුවෙක්, මට වැඩිය තරුණයි. එයාගෙ දැන් සැමිය මගේ හොඳම යාළුවෙක්. මම කවදාවත් හිතුවෙ ...
ටෙස්ට් ශතකයක් රැස් කළ ලොව වයස්ගතම නායකයා Neth FM Off-Air ටෙස්ට් ශතකයක් රැස් කළ ලොව වයස්ගතම නායකයා ලෙස පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ මිස්බා උල් හක් ඊයේ (14) වාර්තා පොත් අතරට එක් වුණා. එ් සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී නොදැවී ලකුණු 110ක් රැස් කරමින්. හතලිස් දෙහැවිරිදි වියේ පසුවන මිස්බා උල් හක් මෙලෙස බිඳ දැමුවේ වසර 38ක් පැරණි ටෙස්ට් වාර්තාවක්. 1978 වර්ෂයේදී ඔස්ටේ්රලියානු කණ්ඩායමේ හිටපු ...
ප්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයට ප්‍රහාරයක්! 80ක් මරුට! Neth FM Off-Air ප්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයක සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් තිබෙනවා. බී බී සී ලෝක සේවය පැවසුවේ දකුණුදිග ප්‍රංශයේ නයිස් නගරයේ පැවති මෙම නිදහස් දින සමරු උත්සවය අතරවාරයේ පුපුරණද්‍රව්‍ය පැට වූ ලොරි රථයක් උත්සව භූමියට කඩා වැදී ඇති බවයි. අදාළ ලොරි රථයේ ගිනි අවි සහ බෝම්බ පටවා තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙය ...
පෞද්ගලික රෝහල්වලින් VAT ඉවතට! Neth FM Off-Air පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පනවා තිබූ සියයට 15 වැට් බද්ද මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලූම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත ඊට අදාළ නියෝගය ඊයේ (14) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව පෞද්ගලික රෝහල් ගාස්තු , වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් අය කළ සියයට 15 වැට් බද්ද සම්පූර්ණයේ අහෝසි වනු ඇති. දුරකතන ගාස්තු අඩුකර ගැනීම සඳහා ...
ඩයස්පෝරා සමුළුවකින් අගමැතිට ඇරයුම්! Neth FM Off-Air අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා , එරට ජනාධිපති ටෝනි ටැං සහ අග්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලූන්ග් යන මහත්වරුන් සමග සාකච්ඡා කරනු ඇති. ලබන 17 සහ 18 යන දෙදින සිංගප්පූරුවේ පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස් පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයටද රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වනවා. එහ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේද ...
සමහර බඩු පාලන මිලට දෙන්න බැහැ Neth FM Off-Air රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද පාලන මිල යටතේ ඇතැම් භාණ්ඩ අළෙවි කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නිහාල් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ සීනි සහ කඩල එලෙස පාලන මිලට අළෙවි කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙවැනි පාලන මිලක් පැනවීම තුළින් ඇතැම් ප්‍රදේශවල සිටින සිල්ලර වෙළෙන්දන් අපහසුතාවට පත්විය හැකි බවද නිහාල් සෙනෙවිරත්න මහතා පෙන්වා ...
සූර් වී කාර් පදින චීවරධාරියා හොට පටලා ගනී Neth FM Off-Air වැලිපැන්න මූණමල්වත්ත පාලම අසළදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන තිබෙනු දුටු ගම්වාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු කළ සොයා බැලීමේදී, රිය පදවා ඇත්තේ අධික ලෙස බීමත්ව සිටි භික්ෂු වේෂධාරියෙක් බව හෙළිව තිබෙනවා. වැලිපැන්න ප්‍රදේශයේම විහාරස්ථානයක වසන මෙම භික්ෂු වේෂධාරියා ආගමික කටයුත්තකට බැහැරට ගොස් මෙලෙස බීමත්ව අධිවේගී මාර්ගයෙන් පැමිණ වැලිපැන්න පිවිසුමෙන් පිටව ඇතිබවයි හෙළිව ඇත්තේ. අත්ඩංගුවට පත් මෙම තැනැත්තා පොලිස් ඇප මත මුදාහැර ...
මාධ්‍යවේදියාට පහරදීම ගැන විධිමත් පරීක්ෂණ අවශ්‍යයි Neth FM Off-Air පරිසරවේදියකු සහ මාධ්‍යවේදියෙකු වන දයා නෙත්තසිංහ මහතාට මැරයන් පිරිසක් විසින් කරන ලද පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ශ්ව රැසක් පවසනවා. ඔවුන් රජයට බල කර සිටින්නේ එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බවයි. අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමය ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගාල්ල ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර ඇති කුඩා ජල විදුලි ...
දුරකථන සහ පෞද්ගලික රෝහල් ගාස්තු සංශෝධනයක් Neth FM Off-Air දුරකථන ගාස්තු සහ පෞද්ගලික රෝහල්වල දී සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කෙරෙන චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව රජය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගම අදාළ ගාස්තු ද සංශෝධනය විය යුතු බවයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ...
හසලක ගාමිණී සැමරේ Neth FM Off-Air හසලක ගාමිණී කුලරත්ණ රණ විරුවා දැයෙන් සමුගෙන වසර 25 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමින් ඔහුගේ පිළිරුව අභියස උපහාර වැඩසටහනක් පැවැත්වුණා. මෙම අවස්ථාවට හසලක ගාමිණී සෙබළාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට් මහත්මිය සහ පවුලේ සාමාජිකයන් ද හමුදාවේ සාමාජිකයන් ද එක්ව සිටියා. The post හසලක ගාමිණී සැමරේ appeared first on Neth News. ...
අම්පාරෙන් කල්මුණේ වෙන් කළ යුතුයි – කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා දැඩි තීරණයක Neth FM Off-Air අම්පාර දිස්ත්‍රික්කයෙන් කල්මුණ වෙරළබඩ දිස්ත්‍රික්කය වෙනම දිස්ත්‍රික්කයක් ලෙස නොපිළිගන්නේ නම් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එච්.එම්.එම්.හරීස් මහතා පවසනවා. නගරාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එසේ නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයේදී විරුද්ධව තම ඡන්දය භාවිතා කරන බවයි. මෙම ඉල්ලීම අම්පාර දිස්ත්‍රික් මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වන බව පෙන්වා දෙන ඔහු ...
සිසුවකුගේ ගෙළ කැපූ ‘සිසුන් පහක්’ පොලිස් දැළේ Neth FM Off-Air පාසැල් බස් රථයක ගමන් කළ සිසුවෙකුගේ ගෙල හා දෑත් පේපර් කටරයකින් කපා දැමූ සිසුවන් පස් දෙනෙකු අද (14) මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිසුන් පස්දෙනා 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි පොලිසිය සඳහන් කළේ. කලක් පැවැති ආරවුලක් මුල්කර ගනිමින් පසුගිය දා (12) මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇතිබවයි වාර්තා වන්නේ. The post සිසුවකුගේ ගෙළ කැපූ ‘සිසුන් පහක්’ පොලිස් දැළේ ...
පුද්ගලික බස් රථ සේවකයන්ට ස්ථිර මාසික වැටුප් Neth FM Off-Air පුද්ගලික බස් රථ සේවකයන්ට ස්ථිර මාසික වැටුප් ලබා දීමේ ක්‍රමයක් සකසන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන මහතා පවසනවා. අද (14) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ඒ අනුව අර්ථසාධක වරප්‍රසාදය ඔවුන්ට හිමිවන බවයි. පුද්ගලික අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට මේ වන විටත් නිශ්චිත වැටුප් ක්‍රමයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. The post පුද්ගලික බස් රථ ...
දුප්පතුන්ට සහ කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයක් Neth FM Off-Air දුප්පත් ජනතාවගේ වැඩි පිරිසකට සහ කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය 2016 ජූලි 11වන දින ගැසට් පත්‍රය අනුව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී පාලන තන්ත්රයකට යටත් වන පළමු අවස්ථාව මෙය බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ. මීට පෙර නෛතික රාමුවක් නැති වීම නිසා ක්ෂුද්‍ර ණය මුවාවෙන් දඬුවම් මුදලාලි සහ සක්විති වැන්නවුන් බිහිවූ බව ...