Saturday, May 18, 2024

General line - 0115112241

රෝහල් 37ක් වෛද්‍යවරුන් නැතුව වහලා




වෛද්‍යවරුන් නොමැතිව රෝහල් 37ක් වැසී ගොස් ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පුරප්පාඩු ඇති රෝහල්වලට වෛද්‍යවරුන් යොමු කෙරෙන අයුරින් සකස් කළ ලැයිස්තුව වෙනස් කිරීමට සිදුවූයේ ඇතැම් වෛද්‍ය සංගම්වල බලපෑම් නිසා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඇතැම් වෛද්‍ය සංගම් රෝගී ජීවිත බිල්ලට ගනිමින් වැඩවර්ජන කර එම තීන්දු වෙනස් කරවන බව කී අමාත්‍යවරයා මාධ්‍ය පවා සහය දෙන්නේ එම වෛද්‍ය සංගම්වලට බව පැවසුවා.