වදන්... Words by Boyzone Sinhavalokana අද මම සටහන් කරන්නම් කලකට ඉහත මා විසින් සිංහලට අනුවර්තනය කල ඉංග්‍රීසි ගීතයක පද වැලක්. මෙය ඔබ කවුරුන් හෝ කොහේ හෝ කියවා ඇති. එහෙමනම් මට කියන්න. තවත් මේ වගේ සිංහලට හරවපු ගීත කීපයක් තියනවා. ඔබ කැමතිනම් ඉදිරියේදී ඒවාත් පල කරන්නම්. ඔබ වඩා කැමති කාගේ කුමන ගීත වලටද කියා කිව්වොත් මට තෝරාගන්න ලේසියි... මට පෞද්ගලිකව ලියනවා නම් sinhavalokana@gmail.com----------------------------------------------වදන්...කිසි දිනෙක නොවියැකෙනමදහසක් පුබුදන්නමදහසට ...
කුරුටු ගී පොතෙන්... Sinhavalokana ස්තුතිය...!මා අසලම සිටින ඔබටමට පණ නල පිඹින ඔබටමා පෙරටම යවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...?කාත් කවුරුවත් නොමැතිවමා තනිවී සිටින විටකමගෙ තනිකම නිවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...?යා යුතු හසරක් නොමදැනවල්මත්වී සිටින විටකමා නිසිමග යවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...? ...
ඔබත් සංවේදීද...? Sinhavalokana "මම හරිම සංවේදී..." මේ වචන තුන අද දවසට මට දෙවතාවක් අහන්න ලැබුනා. සරල සිංහලෙන් කියනවනම් සංවේදී පුද්ගලයෙක් කියන්නෙ ඉතාම පොඩි දෙයකින් පවා සැලෙන දුකට, වේදනාවට පත්වෙන කෙනෙකුට. අපි අතරෙ එහෙම අය ඉන්නවා. "අධි සංවේදී පුද්ගලයා" (Highly Sensitive Person - HSP) යන යෙදුම 1996 දී මුලින්ම හඳුන්වා දුන් මනෝ විද්‍යාඥ එලේන් . එන්. ආරොන් (Elaine N. Aron) කියන විදිහට සමාජයෙන් සියයට ...
නමක ඇත්තේ කිම What's in a name Sinhavalokana මගෙ බ්ලොග් එකට මම දාල තියන නම ගැන පොඩි පැහැදිලි කිරීමක්, නිදහසට කරුනු කීමක් නැතහොත් පාපොච්චාරණයක් කරන්න ඕන කියල මට නිකමට හිතුන. What's in a name,That which we call a rose;By any other nameWould smell as sweet..(නමක ඇත්තේ කිමඅප රෝසය කියන මලඅන් කවර නමකින් වුවමිහිරි සුවඳම පතුරයි...)ශේක්ස්පියර් උන්නැහැ එහෙම කියල තියනව. ඒ වගේම අපේ සිංහල උන්නැහැ කෙනෙක් කියල තියනව මෙන්න ...
නිමා කරනු මිස වැඩ ඇති තමා අත... Sinhavalokana බොහොම දවසකින්, ඒ කියන්නෙ මාසෙකින් විතර, බ්ලොග් එකට කිසි දෙයක් ලියන්න බැරිඋනා. නිදහසට කියන්න කරුනුනම් ඕනතරම් තියනවා. ඒත් ඒව කියල වැඩක් නෑ..."නිමා කරනු මිස වැඩ ඇති තමා අත,පමාවට කරුනු මට උවමනා නැත"මොනවා හරි වැඩ අතපසු වීමක් උනහම අපි හැමෝම නිතරම ඉදිරිපත් කරන නිදහසට කාරනය තමයි "වැඩ වැඩියි" කියන එක. ඒත් ඒ කියමන කොයි තරම් දුරට ඇත්තද? ඔය ගැන කියන කොට ...