නමක ඇත්තේ කිම What's in a name

මගෙ බ්ලොග් එකට මම දාල තියන නම ගැන පොඩි පැහැදිලි කිරීමක්, නිදහසට කරුනු කීමක් නැතහොත් පාපොච්චාරණයක් කරන්න ඕන කියල මට නිකමට හිතුන.

What's in a name,
That which we call a rose;
By any other name
Would smell as sweet..

(නමක ඇත්තේ කිම
අප රෝසය කියන මල
අන් කවර නමකින් වුව
මිහිරි සුවඳම පතුරයි...)

ශේක්ස්පියර් උන්නැහැ එහෙම කියල තියනව. ඒ වගේම අපේ සිංහල උන්නැහැ කෙනෙක් කියල තියනව මෙන්න මෙහෙම...

නමින් කපුරුහාමි වුනත් බඩ දඟලයි කටේ ගඳට...

ඔය කොයි එකෙනුත් කියවෙන්නෙ නමෙයි කෙරුවාවෙයි කිසිම සම්බන්දයක් නැති බවනෙ... නමුත් මෙතනදි මම හිතා මතාම තෝරගත්තු නම නිසා ඒකෙයි මගෙ කෙරුවාවෙයි යම්කිසි විදිහක සම්බන්දකමක් තියෙනවා හෝ මම එහෙම හිතාන ඉන්නවා කියල කාට හරි හිතෙන්න පුලුවන්නෙ. සිංහය කියන්නෙ සත්තු අතර රජා කියල බොහෝ රටවල ජනකතාවල එහෙම කියවෙන නිසා මමත් නිකම් රජ සංකල්පයක් හිතෙන් මවාගෙන "පොර" වෙන්න මෙහෙම නමක් දාගත්තා කියල වැටහෙන්න බැරිකමක් නැහැ නවැ.

කවුරු කොහොම හිතුවත් මෙන්න මෙහෙමයි ඔය නම මට වැදුනෙ... මම දැන් වල පයයි ගොඩ පයයි තියන මනුස්සයා නිසා මට මේ බ්ලොග් එකේ අලුත් අත්දැකීම් ලියවෙන්න තියන ඉඩකඩ අඩුයි. ඉතින් මගෙ පරණ පුරසාරම්, කයිවාරු සහ කොලු කාලෙ ලියපු කවි කෑලි එහෙම තමයි බ්ලොග් එකට දාන්න වෙන්නෙ. ඒක නිසා මට වුවමණා වුණා "ආපසු හැරී බලන" කියන තේරුම දෙන ලස්සන සිංහල වචනයක්. මට මුලින්ම හිතට ආවෙ "ප්‍රත්‍යාවලෝකන" කියන වචනෙ. ඒකට සමාන තේරුම් තියන තවත් වචන ගැන විමසිලිමත් වෙද්දි මට හමුවුණා මේ "සිංහාවලෝකන" කියන වචනය. අහම්බෙන් වගේ මගෙ ලග්නෙත් සිංහ වුණ නිසා මට ඒක හිතට වැදුණා. (මම ලග්න පලාපල ආදිය විශ්වාස කරන්නෙ නෑ. ඒ හින්ද මගෙ ලග්නෙ වෙන එකක් වුනානම් මේ බ්ලොග් එක "වෘශභාවලෝකන" වෙන්න ඉඩ තිබුණා කියල හෙම හිතන්න එපා බැරි වෙලාවත්...)

හරි, දැන් විස්තරේ කිව්වනෙ... ඉතින් මොකද කියන්නෙ...? නම හොඳද...?

6 comments:

  1. එල එල මචං. නම වගේම පරණ කතාත් එලටම තියෙයි කියලා හිතනවා. :)

    ReplyDelete
  2. @ප්‍රාර්ථන
    තැන්කූ දුන්න හයියට. බලමු පරණ කතා අල්ලල යයිද කියල...

    ReplyDelete
  3. shakespere ge natye kella nam maru,,Issara magen nama ahana ayata man kiyanneth okamai :D

    (mata mathaka eka "by any other name" kiyalai)
    blog ekata suba pethum..

    ReplyDelete
  4. @සු...
    ස්තුතියි ප්‍රතිචාරයට සහ මගේ අතපසු වීම පෙන්වා දුන්නට... ඔවු, ඒක By any other name... තමයි... මම ඔහේ මතකයට ආව විදිහට ලිව්වෙ... ශේක්ස්පියර් උන්නැහැ මට සමාව දෙයිනෙ නේද...?

    ReplyDelete
  5. මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අතීතයක් තියෙන එක ලොකු ආශ්වාදයක් නේද. දිගටම ලියන්න අපිත් බලන් ඉන්නවා

    ReplyDelete
  6. @sereneworld

    සමාවෙන්න කලින් ප්‍රතිචර නොදැක්වුවාට... මගෙ අතීතයෙ වැඩියක්ම තියෙන්නෙ මතක් කරලා දුක් වෙන්න දේවල් මිසක් සතු‍ටු වෙන්න දේවල් නෙවෙයි... ඒත් දැන් ඒ සමහර දේවල් මතක් වෙනකොට ඉස්සර තරම් දුක හිතෙන්නෙ නෑ... ඒක නිසා ලියන්න් පුලුවන් වෙයි... ඒත් මට දැන් හිතෙනවා මගෙ ජීවිතේ පරණ කුණු කන්දල් වෙනුවට වෙන ලියන්න කොයි තරම් දේවල් තියනවද කියලා...

    ReplyDelete