කුරු‍ටු ගී පොතෙන්...

ස්තුතිය...!

මා අසලම සිටින ඔබට
මට පණ නල පිඹින ඔබට
මා පෙරටම යවන ඔබට
මම තුති පිරිනමමි කෙලෙස...?

කාත් කවුරුවත් නොමැතිව
මා තනිවී සිටින විටක
මගෙ තනිකම නිවන ඔබට
මම තුති පිරිනමමි කෙලෙස...?

යා යුතු හසරක් නොමදැන
වල්මත්වී සිටින විටක
මා නිසිමග යවන ඔබට
මම තුති පිරිනමමි කෙලෙස...?

No comments:

Post a Comment