වදන්... Words by Boyzone

අද මම සටහන් කරන්නම් කලකට ඉහත මා විසින් සිංහලට අනුවර්තනය කල ඉංග්‍රීසි ගීතයක පද වැලක්. මෙය ඔබ කවුරුන් හෝ කොහේ හෝ කියවා ඇති. එහෙමනම් මට කියන්න. තවත් මේ වගේ සිංහලට හරවපු ගීත කීපයක් තියනවා. ඔබ කැමතිනම් ඉදිරියේදී ඒවාත් පල කරන්නම්. ඔබ වඩා කැමති කාගේ කුමන ගීත වලටද කියා කිව්වොත් මට ‍තෝරාගන්න ලේසියි...

මට පෞද්ගලිකව ලියනවා නම් sinhavalokana@gmail.com

----------------------------------------------

වදන්...

කිසි දිනෙක නොවියැකෙන
මදහසක් පුබුදන්න
මදහසට හැකිය ඔබ
මා වෙතට ගෙන එන්න

ඔබ මෙමා හැර දමා
ගිය බවක් කිසි දිනෙක
එපා මට කිසි ලෙසක
දැනෙන්නට ඉඩ දෙන්න
එසේ වුවහොත් හැකිය
මගේ නෙත් කෙවෙනි අග
කඳුලු බිඳු මතුවන්න

මැකී ගොස් ඇත මෙලොව සොඳුරු බව
මුල පුරමු අපි අලුත් කතාවක්
දැන් මගේ ආදරිය...

මගෙ මුවින් නැගෙන හැම වදනක්ම
හුදු වදන් පමනකැයි
හදවතින් නොනැගෙතැයි සිතයි ඔබ

එහෙත් ඔබ හද දිනා ගනු පිණිස
මවෙත ඇත්තේ වදන් පමණක්ය

කිසි දිනෙක නිම නොවෙන
මුදු වදන් වැල් වලින්
අමතන්න මා ඉතින්
ඒ සියලු වදන් වැල්
පුද දෙන්න මා නමින්

පිරි නමමි මගෙ දිවිය මම තුටින්
තිළිණ කර ඔබ වෙතට මුලු හදින්
ඇමතුමක් ලද විගස ඔබ වෙතින්
සිටිමි මෙහි, වහා දුව එන සිතින්...

----------------------------------------------

(Words... by Boyzone

Smile an everlasting smile
A smile can bring you near to me
Don't ever let me find you gone
'Cos that would bring a tear to me

This world has lost its glory
Let's start a brand new story
Now my love
You think that I don't even mean
A single word I say

It's only words
And words are all I have
To take your heart away

Talk in everlasting words
And dedicate them all to me
And I will give you all my life
I'm here if you should call to me

6 comments:

  1. අනුවර්තනයනම් නියමට කරලා තියනවා. ඉතුරු ටිකත් පල කරන්න.

    ReplyDelete
  2. @Prarthana
    @garuka

    Thanks for the encouragement. I will post the rest one by one...

    ReplyDelete
  3. සදාකාලික වදන් මුමුණන්න
    එ'සියල්ල මා වෙතම පුද දෙන්න
    කැප කරන්නම් මගෙත් දිවි ඔබට
    රැඳී ඉන්නම් මෙතැන ඔබ අමතනා තුරුම

    'Boy Zone' මගෙත් ආසම ගායක කණ්ඩායමක්. ගීතයට ඇති ආසාව නිසාම අවසන් පදය මටත් මෙලෙසින් අනුවර්තනය කරන්නට සිතුණා. ඔබේ හැකියාවන්ට පැසසුම්!

    ReplyDelete
  4. I think this sOng was originally sung by BeeGees. http://www.lyricsfreak.com/b/bee+gees/words_20015661.html

    But I too fell in love with BoyZone version which I found in a non stop party mix.

    Good stuff chum.

    ReplyDelete