ප්‍රංශයේ සැම කාන්තාවන් අට දෙනෙකුගෙන්ම එක් කෙනෙක් ස්ත්‍රී දුෂණයට ලක් වේ.One French woman in eight has been raped, study says CHITRANGI\'S WEBLOG ප්‍රංශයේ මිලියන 04 ක කාන්තා ජනගහනයක් සිටිති. එයින් 12ක ප්‍රතිශතයක් ජිවිතයේ කවර හෝ එක් අවස්ථාවක ස්ත්‍රී දුෂණයට ලක් වන බව සමීක්ෂණයකින් හෙලිදරවූ තිබේ. තවද 43% ක් කැමැත්තෙන් තොරව ලිංගික පර්ෂයට ගොදුරුව ඇත. ප්‍රංශ කාන්තාවන් මෑත කාලයේ මෙම අතවර සමාජ මාද්‍ය හරහා ප්‍රසිද්ද කිරීමේ නැබුරුවක් ඇති බව ප්‍රකාශ කෙරේ. ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිළිබද සමානාත්මතාවය ගැන කටයුතු කරන ප්‍රංශ ඇමතිනිය ...
“ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි” – ඩයලොග් සමාගම. CHITRANGI\'S WEBLOG ඔහු උපතින්ම අබාදිතය. පොලිසිය සහ ඩයලොග් සමාගම දිගින් දිගටම පිඩාවට පත් කරනු ලබන්නේ එවැනි පුද්ගලයෙකි. මිට හේතුව ඔහුගේ ජාතික හැදුනුම් පත උපයෝගී කරගෙන සිම් කාඩ් ලබා ගන්නා පුද්ගලයින් ඔහුගේ නම උපයෝගී කරගෙන නොයෙකුත් වංචාවන් සහ අපරාද සිදු කිරීමයි. රටක් දිනන්නේ බලවතුන්ට සලකන ආකාරයෙන් නොව අසරණයින්ට සලකන ආකාරයෙනි. 01. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ. 02. ...
පෝලන්තයේ ප්‍රථම වරට කතෝලික පල්ලියට එරෙහිව ලිංගික අතවර නඩුවක්. CHITRANGI\'S WEBLOG මෙම නඩුව පැවරෙන්නේ පෝලන්තයේ කතෝලික පල්ලියකට එරෙහිවය. එය පැවරුවේ 25 හැවිරිදි මාචින් කේය. මෙම ලිංගික අතවරය සිදුකල පුජකයා දැනටමත් වසර දෙකක සිරදඩුවමක් බුක්ති විදිමින් සිටි. ඔහු මෙම අපරාදයට පල්ලියද පාර්ශවකරුවකු කරමින් නඩුව පවරා තිබේ. මෙවැන්නක් සිදුවුයේ පෝලන්තයේ ප්‍රථම වරටයි. එනම් වින්දිතයා අපරාදකරුට පමණක් නොව ආයතනය වූ පල්ලියද පාර්ශවකරුවකු කරමින් නඩු පැවරීමයි. ගිය වසරේ අතවරයට ලක්වූ සියලු වින්දිතයින්ගෙන් පොලිෂ් පල්ලියේ ...
ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ සමාජ බාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය. (Gender violence in India: ‘Daughters are not a burden’) CHITRANGI\'S WEBLOG ඉන්දියාවේ ගැහැණු ළමුන්ගේ උපත කරදරයක්ද? පර්වින් කාන් 33 හැවිරිදිය. 2009 මාර්තු 29 ඇය ඉතා බිහිසුණු සිද්දියකට මුහුණ දුන්නාය. එනම් ඇගේ සැමියා ඇගේ නාසය සම්පුර්ණයෙන්ම ඉවත් වන ලෙස සපා කැවාය. මිට පෙර ඔහුගේ බල කිරීම මත තෙවරක් ගබ්සා කිරීමට පෙළබිනි. ඒ දරු උපත් 03 නම ස්ත්‍රී කළල වීම නිසාය. මේ තත්වය වෙනස් කිරීමට ප්‍රවීන නළු අමීර් කාන් ද පෙරට පැමිණ ...
සැබෑ බන්ධනාගාර;- “ගොඨාගේ වැලිකඩ සංහාරය.” CHITRANGI\'S WEBLOG දිනය 2012 නොවැම්බර් 09 වැනිදාය. ලංකාදීප පුවත් පතේ මේ සදහන් විය. පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාරයේ 09 සවස සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකට විරෝදය දක්වමින් සිරකරුවන් කැරලි ගැසීම නිසා ඇතිවූ දරුණු ගැටුමකින් බන්ධනාගාර බුමිය එකම යුද පිටියක් බවට පත් විය. බන්ධනාගාර සිර මැදිරිවලින් පිටතට පැමිණි සිරකරුවන් පිරිසක් ගිනි අවි රැගෙන බන්ධනාගාර වහලය මතට නැග වෙඩි තැබීම නිසා පොලිස් විශේෂ ...
ජනතා අධිකරණය (53) ;- ලොතරැයිය මරු කැදවයි. CHITRANGI\'S WEBLOG මේ අංක 429/2003 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. පෙත්සම්කරුවන් වුයේ මැරුණු අයගේ ඥාතීන් එනම් මිසිලින් නෝනා සහ සොහොයුරිය ජයලතාය. වගඋත්තරකරුවන් වුයේ මොරගහහේන පොලිසියේ ස්ථානාදිපති ඇතුළු නිළදාරීන් පොලිස්පති සහ නිතිපතිය. මෙය විනිසුරු තිලකවර්දන විනිසුරු ශ්රීපවන් සහ විනිසුරු ඉමාම් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2010.08.06 වැනිදාය. 2003 ජුලි 26 දින තිසේරා සුනිල් හේමචන්ද්‍ර මිය ගියේය. ...
පොලිසියට එරෙහිව පොලිසිය CHITRANGI\'S WEBLOG ඔහු නමින් සිවසංකර මුදියන්සේලාගේ නන්දප්රිය බණ්ඩාරය . වුරතියෙන් පොලිස් නිලදාරියෙකි. අංක 15/4, සුසන්ත මාවත, පානදුරේ පදිංචිව සිටි. හෙතෙම පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේය. ඒ තමාට ලැබිය යුතු ස්ථාන මාරුව ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඔහුට වයස අවුරුදු 52 කි . තව වසර 03 කින් විශ්‍රාම යාමට නියමිතය. හෙතෙම සිය අසනීප තත්වයට මාසිකව ...
No Fire Zone CHITRANGI\'S WEBLOG මෙම චිත්‍රපටිය නේපාලයේ කත්මන්දු හි පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු සිනමා උළෙලේ තිරගත්විම වැළැක්වීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත සිදු වුවද එය නේපාලයේ වෙනත් ස්ථානයක තිරගත කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ 26 වසරක නිමා වූ යුද්දයේ අවසාන මාස කිහිපය චිත්‍රපටිය සදහා වස්තු විෂය වී ඇත. එහිදී යුද අපරාද සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද වලට මුල් තැන දි ඇති බව ...
මුස්ලිම් විදුහල්පති මැරයෙක් වෙයි. CHITRANGI\'S WEBLOG මොහොමඩ් රිපාස් 15 හැවිරිදි ශිෂ්යෙකි. ඔහු කළුතර මුස්ලිම් මද්‍ය මහා විද්‍යාලයේ 10 බි වසර පන්තියේ ඉගෙනුම ලබයි. 2013 ජුනි 24 ඔහු පාසල් ගොස් ගෙදර පැමිණීමෙන් පසු වෙනදාට වඩා වෙනස් ලෙස හැසිරී ඇත. ඔහු පසුව ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පති එම් බි එම් මුසම්මිල් ඔහුට පහරදුන් බවයි. මුසම්මිල් ඔහුට අවජාතකයයි කියමින් සපත්තු දැමු කකුල් වලින් සහ අත් වලින් අමානුෂික ලෙස පහරදී ...
හරක් නොමරන අලින්ට දෙතිස් වද දෙන අපේ සංස්කෘතිය. CHITRANGI\'S WEBLOG මේ ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහගේ අපුර්ව ගායනයකි. ශ්‍රී ලාංකිකයාට තමන් ගැන අලුතින් සිතන්න පුරුදු කරන අපුර්ව පද රචනයකි. මේ අබියෝග කරන්නේ ප්‍රශ්න කරන්නේ කාවද ? බොදු බලයයි . රාවනා බලයයි. එබැවින් මෙම ගීතය එදාට වඩා අදට වටින්නේය. හරක් නොමරන්නයයි කියන, ගවයා අපිට අපි ගවයට කියන සියල්ලන් පන්සලේ දුක් විදින අලියා ගැන සිතන්නට සත්ව කොට්ටාශ දෙකකට වෙනස් කොට සලකන සංස්කෘතිය ...
“ඉගිල්ලෙන මාළුවෝ” අපට අහිමියිද ? CHITRANGI\'S WEBLOG ජගත් චමිල ජයග්‍රහණය මදකට අමතක කරමින් ඉගිල්ලෙන මාළුවෝ සමගින් සංජිව පුෂ්පකුමාර ඉහලට පැමිණ ඇත. මෙම චිත්‍රපටිය රාජපක්ෂ ආණ්ඩුවට හිසරදයක් වී තිබේ. ඒ හිසරදය ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ට තවත් හොද චිත්‍රපටියක් නැරබිමේ අවකාශය අහිමි කරනු ඇත. ඉගිල්ලෙන මාළුවෝ නැරබුවේ නැත. නමුත් නැරබිමේ කුතුහලය, උද්වේගය සහ ආවේගය එයට කෙනෙහිලිකම් කරන්නන් විසින් මේ වනවිට තියුණු කර හමාරය. ආරංචි වන අන්දමට චිත්‍රපටියෙන් මෙරට ...
The Burmese Harp ;- ” පඹයා සහ රජා “ CHITRANGI\'S WEBLOG කන්ද උඩරට පුරවැසියාට පඹයෙක් නොව රජෙක් අවශ්‍ය වී ඇති බව පෙනේ. එම පුරවැසියා අනිවාර්යෙන් The Burmese Harp චිත්‍රපටිය නැරබිය යුතුය. එය තරම් යුද්දයේ ම්ලේච්චත්වය පෙන්වන වෙනත් චිත්‍රපටියක් නොමැති තරම්ය. අපි පඹයා හදුනමු. අපි හිටපු රාජාද හදුනමු. එනම් දැන් ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය. මෛත්‍රිපාලට පඹයායි කියන්නේ මෙරට අති ජාතිවාදී අන්තවාදී සහ සොරකම ප්‍රිය කරන කොටස්ය. මහින්දට ...
සැබෑ බන්දනාගාර ;- “අමරේ මමයි ඇවිත් ඉන්නේ “- මහින්ද රාජපක්ෂ. CHITRANGI\'S WEBLOG ” අමරේ මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එලියට එන්න. “එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තංගල්ල හිරගෙදර දොරටුව ලගට ගොස් කියයි. දිනය 2002 ජුනි 30 සවස 4.30 ට පමණය. බන්දනාගාරයේ සිටි සැකකරුවන් කණ්ඩායමක් නියාමකයින් 10 දෙනෙකු අල්ලා සිරමැදිරියක රදවා ඔවුන්ගෙන් අවි ගබඩාවේ යතුරු බලහත්කාරයෙන් ලබා ගත්හ. පසුව අවි ගබඩාවෙන් අවි ආයුද ගෙන දිගට හරහට වෙඩි තැබීම නිසා බන්දනාගාරයේ ඉමහත් කලබලයක් ...
ජනතා අදිකරණය (33) ;- අමල් සුදත් සිල්වා නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 186/86 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. අගවිනිසුරු ශර්වානන්ද, අතුකෝරාල සහ එල් එච් ඩි අල්විස් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු අමල් සුදත් සිල්වාය. වගෞත්තරකරු පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු සහ තවත් අය වේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය එනම් වදහින්සාවට කෘර අමානුෂික හෝ පහත් කොට සැලකීමට ලක් නොවී සිටීමේ අයිතිය සාකච්චා කෙරිණි. පොලිසිය රජයේ කොටසකි. එමනිසා ...
TORTURE දිවි මාසිකය. CHITRANGI\'S WEBLOG තවත් වැදගත් සඟරාවක්. ඉංග්‍රීසි බසින් පල වේ. වදහිංසාව කොතරම් වියාප්තව ඇත්ද ? එයට ජාති ආගම් කුල බේද නොමැත. ලොව සෑම රටකම අඩු වැඩි වශයෙන් ඇත. ඒ නිසාම එය ඒ පිළිබද වූ සගරාවක් වදහිංසාව යන හිසින් යුතුවම පල වේ. මෙහි කතෘ මණ්ඩලය නිලන්ත ඉලන්ගමුව ප්‍රමුක එරික් බේලි, ශිව කරන් සිං, ජෙසිකා ප්‍රනාන්දු සහ අන්සර් සියනට්ගෙන් සැදුම් ලද්දකි. මෙවර කලාපය ආරම්බ ...
සැබෑ බන්ධනාගාර ;- 2012 වැලිකඩදී නික්ම ගිය දිලුක්ගේ ඥාතීන් කියන කතාව. CHITRANGI\'S WEBLOG ඔහු හෙවාවිතරනගේ දිලුක් සංජිව රාජපක්ෂය. 2014/08/11 සහ 12 යන දෙදින තුළ අපට ඔහුගේ ඥාතීන් හමු විය. මිය යන විට දිලුක් 32 හැවිරිදි වියේ පසු විය. ඔහු පදිංචිව සිටියේ අංක 31/14 A 1 සමුද්‍රාසන්න පෙදෙස ගල්කිස්ස යන ලිපිනයේය. 2012 නොවැම්බර් 09 වන දින මරා දමනු ලැබිණි. ඔහු ජීවිකාව උදෙසා කලේ පින්තාරු වැඩ සහ මේෂන් වැඩය. හෙතෙම එක් දරු පියෙකි. දැන් ...
ජනතා අධිකරණය (45) ;- මානව හිමිකම් කොමිෂම ගිනි තැබීමට අදාල නඩුව. CHITRANGI\'S WEBLOG මේ අංක 1803/01 දරන නඩුවේ සාරංංසයයි. එය කොළබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විබාග විය. පැමිණිලිකරු කොළබ 01, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 111හි ස්ථානදිපතිවරයාය. විත්තිකරුවන් 06 කි. ඔවුන් නම් වශයෙන් තුවාන් අජිස් තුවාන් ජමල්ඩින් ,විස්තා බදුගේ දයාරත්න, අබේසිංහ ආරච්චිගේ ලසිත ප්‍රසාද්, අමරසිංහ ආරච්චිගේ සිරිවර්දන, කනපති රෙගනාදන් සහ වෙල්ලසාමි සුරෙන්ද්රන්ය. මොවුන්ට එරෙහි චෝදනාව වුයේ මානව හිමිකම් කොමිෂන් සබාවට අයත්වූ ලිපිගොනුවලට ...
ජනතා අධිකරණය (50) ;- මහේස්ත්‍රාත්ට ඉදිරිපත් නොකර රිමාන්ඩ් කල නඩුව. CHITRANGI\'S WEBLOG අබේගුනවර්දන, බද්දේගම එරෙහිව දහනායක පොලිස් ස්ථානය බදුල්ල සහ තවත් අය. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 255/94 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු අබේගුනවර්දනය. වගඋත්තරකරුවන් වුයේ බදුල්ල පොලිසියේ නිළදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. ප්‍රනාන්දු විනිසුරු, අමරසිංහ විනිසුරු, සහ විජේතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ කිත්සිරි ජයසිංහ පෙනී සිටින ...
නෙල්සන් මැන්ඩෙලා CHITRANGI\'S WEBLOG මේ සදුදාට දකුණු අප්‍රිකාවේ හිටපු ජනාදිපති නෙල්සන් මැන්ඩෙලා රෝහල්ගතව දින 17ක් සපිරිණි. ආණ්ඩුව පවසන ආකාරයට ඔහු රෝහල්ගතව සිටින්නේ පෙනහළු අබාදයකට වන අතර දෙසැම්බර් මස සිට ඔහු රෝහල්ගතවූ 04 වන අවස්ථාව මෙයයි. වත්මන් ජනපති ජාකොබ් සුමා මැන්ඩෙලා වෙනුවෙන් යාඥා කරන්නයි දකුණු අප්‍රිකානු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු ප්‍රතිකාර ලබන්නේ අගනුවර වූ ප්‍රිටෝරියා හි රෝහලකය. මාද්‍ය සාකච්චාවකදී තමා වයිද්යවරයකු නොවන බැවින් මැන්ඩෙලා ...
ඉරානය 3700 ක් අත්අඩංගුවට පත් වේ. CHITRANGI\'S WEBLOG ඉරානය තුල දේශපාලන නොසන්සුන්තාවක් ඇත. ජනතාව විරෝදතා පවත්වමින් සිටිති. මේවන විට ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ බුද්දි අංශ අත්අඩංගුවට ගත් සන්කයාව 3700 ක් බව වාර්තා වේ. එක් පැත්තකින් ආණ්ඩුවට විරුද්දව ජනතාව විරෝදතා දක්වද්දී තවත් පැත්තකින් ඇතැම් ජනයා ආණ්ඩුවට පක්ෂපාති විරෝදතා වලද නිරත වේ. මේ ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න. http://www.aljazeera.com/news/2018/01/3700-arrested-protests-iran-mp-180109100528230.html ...