සැබෑ බන්දනාගාර ;- “අමරේ මමයි ඇවිත් ඉන්නේ “- මහින්ද රාජපක්ෂ.

Untitled-1

” අමරේ මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එලියට එන්න. “එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තංගල්ල හිරගෙදර දොරටුව ලගට ගොස් කියයි. දිනය 2002 ජුනි 30 සවස 4.30 ට පමණය. බන්දනාගාරයේ සිටි සැකකරුවන් කණ්ඩායමක් නියාමකයින් 10 දෙනෙකු අල්ලා සිරමැදිරියක රදවා ඔවුන්ගෙන් අවි ගබඩාවේ යතුරු බලහත්කාරයෙන් ලබා ගත්හ. පසුව අවි ගබඩාවෙන් අවි ආයුද ගෙන දිගට හරහට වෙඩි තැබීම නිසා බන්දනාගාරයේ ඉමහත් කලබලයක් ඇති විය. සිරකරුවන් පැන යාම වැළැක්වීමට පොලිසිය හා හමුදාව බන්දනාගාරය වට කරන ලදී.

මෙහි සිරකරුවන් 400 ක් පමණ සිටියහ. මෙම කැරැල්ලේදී මුලිකත්වය ගෙන කටයුතු කලේ සැකකරුවන් ලෙස සිටි හමුදාවෙන් පලා ගිය සෙබළුන් කණ්ඩායමකි. ඔවුන් බන්දනාගාරයේ තැන් තැන් වල සිට වරින් වර වෙඩි ප්‍රහාර දියත් කළහ. ඒ නිසා ආරක්ෂක අංශ වෙත ඇතුලට යා නොහැකි විය. කැරැල්ල මැඩපැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලැබිය. පොලිසියට අමතරව ගුවන් හා නාවික හමුදා බට කණ්ඩායම් කැදවනු ලැබිණි.

යුද හමුදාවේ විශේෂ බලකායෙන් පලා ගොස් දකුණේ පාතාල කල්ලියක් මෙහෙයවන ලද බව කියන ලන්දෙවත්තේ බාලයා නැමැත්තා බන්දනාගාර කැරැල්ල මෙහෙයවා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

සැකකරුවන් අතර හමුදාවෙන් පැන ගිය සෙබළුන් 20 දෙනෙකු පමණද සිටිති. සැකකාරියන්ද සිටිති. ඔවුන්ව මුලින්ම මුදා ගැනීමට කටයුතු කෙරිණි. පැය 24 ක කාලයක් නිලදාරීන් 10 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ. ඒ කැරලිකරුවන් 18 දෙනෙකු විසිනි.

ඔවුන් අබ්යන්තර කටයුතු ඇමති ජෝන් අමරතුංග සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්තුරු සමග ඊයේ උදේ පැවැත්වූ සාකච්චාවකින් පසුව ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අවසන් කළහ. ඔවුන් 2002 ජුලි 01 පස්වරු  2 ට පමණ ප්‍රාණ ඇපකරුවන් මුදා හළහ. අවි ගබඩාවෙන් පැහැර ගත් සියලු අවි ආයුද බන්දනාගාර නිලදරින්ට හා උසස් පොලිස් නිලදරින්ට බාර දෙන ලදී.

ඔවුන් ඇමතිගෙන් සහ විපක්ෂ නායකගෙන් ඉල්ලා සිටියේ තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් හැකි ඉක්මනින් නඩු පවරන ලෙසත් කාලයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ රදවනු ලැබ සිටින සැකකරුවන් ඇප පිට මුදා හරින ලෙසත් තංගල්ල බන්දනාගාරයේ පවතින අඩුපාඩු ඉක්මනින් සපුරා දෙන ලෙසත්ය.

කැරලිකරුවන් 18 දෙනාගේ ඉල්ලීම පිට ඔවුන්ව ඒ මොහොතේම වෙනත් බන්දනගරයකට යැවීමට පියවර ගැනිණි. (කැමැත්ත අනුව)

ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් බන්දනාගාර නිලදාරීන් 10 දෙනාගේ දෑත් වලට මාංචු දමා ප්‍රදාන දොරටුව අසල මුනින් අතට බිම දිගා කරනු ලැබ සිටියහ. ඒ පොලිස් හා හමුදා කණ්ඩායම් කඩා වැදී ප්‍රහාරයක් දියත් කොට ඔවුන් මුදා ගැනීම වැළැක්වීමට බව පසුව හෙළි විය.

පොලිස් කණ්ඩායම් බන්දනාගාරය තුලට කදුළු ගැස් ප්‍රහාරයක් සහ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලද එයින් කැරැල්ල මැඩ පැවැත්වීමට හැකි වුයේ නැත. වෙඩි හුවමාරුවේදී බන්දනාගාර නිලදාරියෙක් සහ රදවියෝ පස් දෙනෙක් තුවාල ලැබුහ. බන්දනාගාර නිලදාරීන් 10 සහ රැදවියන් 437 දෙනා මුදා ගැනීමට බට කණ්ඩායම් යෙදවීම නොකෙරුනේ සිදුවිය හැකි ජිවත හානිය සලකා ගෙනය.

කැරලි කණ්ඩායමේ නායක ජි ජි අමරසිරි හෙවත් අමරේ නැමැත්තා සාකච්චාවට එක්වන්නේ මහින්ද රාජපක්ෂගේ මුහුණ දැකීමෙන් පසුව බව පැවසීම නිසා රාජපක්ෂ බන්දනාගාර ප්‍රදාන දොරටුව ලගට ගොස් ඉහත ප්‍රකාශය කිරීමට සිදු විය.

තංගල්ල බන්දනාගාර කැරැල්ල අවසන් කිරීමේ සුවිශාල මෙහෙවර සිදු කලේ හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂය. එහි ගවුරවය ඔහුට හිමි විය යුතුය. ඔහු කැරලිකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන බව පැවසීමෙන් පසුව ආයුද බාර කෙරිණි. ඔහුගේ ඉල්ලීම පරිදිම කැරලිකරුවන් 18 දෙනා තංගල්ල රෝහලට රැගෙන ගොස් වයිද්ය පරීක්ෂණයකට බාජනය කෙරිණි. ඒ ඔවුන්ව ගාල්ල සහ කුරුවිට බන්දනාගාරයට රැගෙන යාමට පෙරය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ ලන්දේසි යුගයේ අරම්බ කල මෙහි රැදවිය හැක්කේ 55 දෙනෙකු වුවද 437 ක් සිටින බවය. ඒ නිසා ඔහු එයට පිළියම් යොදන බවද කියා සිටියේය. ඔහු වැඩි දුරටත් කැරලිකරුවන් 18 දෙනා ගේ ජිවිත ආරක්ෂාව සහතික කළේය.

මහින්ද රටේ ජනාදිපති වීමෙන් පසුව තංගල්ල බන්දනාගාරයට කියූ සේවය ඉටු කලේද? දැන් ඔහු නැත. මයිත්රි යුගයෙදිවත් මේ තත්වය වෙනස් විය යුතුය.

ස්තුතිය – ලංකාදීප පුවත් පත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑