ජනතා අධිකරණය (53) ;- ලොතරැයිය මරු කැදවයි.

Sunil Hemachandra - Moragahahena Police

මේ අංක 429/2003 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. පෙත්සම්කරුවන් වුයේ මැරුණු අයගේ ඥාතීන් එනම් මිසිලින් නෝනා සහ සොහොයුරිය ජයලතාය. වගඋත්තරකරුවන් වුයේ මොරගහහේන පොලිසියේ ස්ථානාදිපති ඇතුළු නිළදාරීන් පොලිස්පති සහ නිතිපතිය. මෙය විනිසුරු තිලකවර්දන විනිසුරු ශ්‍රීපවන් සහ විනිසුරු ඉමාම් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2010.08.06 වැනිදාය.

2003 ජුලි 26 දින තිසේරා සුනිල් හේමචන්ද්‍ර මිය ගියේය. ඒ පොලිස් අත්අඩංගුවේ සිටියදීය. මියයන විට වයස අවුරුදු 32 කි. ඔහු 2003.06.28 දින සංවර්දන වාසනා ලොතරැයියක් ජයග්‍රහණය කළේය. ජයග්‍රාහී මුදල රුපියල් 3,003,100 ක් විය. එය ලබා දීම ලොතරැයි ඒජන්සිකරුවා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුව සුනිල් ටිකට් එක පියවතිට දුන්නේය.

මෙයට මොරගහහේන පොලිසියේ ඇගිලි ගැසීම් බදුන් විය. පොලිසිය කිවේ ඔවුන්ට සතුටින් ජීවත්වීමට ඉඩ දෙන කාලය දිගු නොවන බවය.

2003.07.21 දින රාත්‍රී 11.15 ට පමණ මියගිය සුනිල්ව සහ චානකව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ජීප් රථය තුලදී සුනිල්ට පොලිසිය විසින් පහර දෙන ලදී. මෙම දෙදෙනාව තවත් කිහිපදෙනෙකු සමග පොලිස් කුඩුවට දමනු ලැබිණි. සුනිල්ගේ නාසයෙන් ලේ ආවේය. ඔහු චානකට කිවේ තමනට වමනය යාමට එන බවයි. පසුව පොලිස් නිලදාරීන්ගේ උපදෙස් පරිදි ඔහුව සෝදනු ලැබිණි. සුනිල්ව බැලීමට පැමිණි පියවතී ඔහුගේ තත්වය දැක කැගැසුවාය.

2003.07.24 දින පියවතී මානව හිමිකම් කොමිෂන් සබාවට පැමිණිලි කළාය. ඒ අවස්ථාවේ හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සුනිල්ව කොලබ ජාතික රෝහලට මාරු කරනු ලැබිණි. 2003.07.26 දින ඔහු මියගිය බව රෝහල විසින් පියවතිට දැනුම් දෙන ලදී.

පොලිස් වගඋත්තරකරුවන් කියා සිටියේ මියගිය අය අපස්මාර රෝගයෙන් පෙලෙන බවය. අපස්මාරය සැදීම නිසා පොලිස් කුඩුව තුල බිම වැටී තුවාල වූ බවය. වගයුත්තරකරුවන් විරෝදතාවන් ඉදිරිපත් කල කරුණු අතර පලමු පෙත්සම්කාරිය මානසික ආබාදයකින් පෙලෙන බව ඇගේ දිවුරුම් ප්‍රකාශය බොරුවක් විය හැකි බව දෙවන පෙත්සම්කාරිය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකිරීම පෙත්සම මාසයක් ඇතුලත ශේෂ්ට්‍රදිකරණයට ඉදිරිපත් නොකිරීම සහ මානව හිමිකම් කොමිසම එහි1996 අංක 21 දරන පනතේ 13(1) වගන්තියට අනුව පරීක්ෂණයක් පවත්වා නොමැත යන කරුණු වේ.

මේ අනුව පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංගනය වූ බවට අධිකරණය සැහීමකට පත් නොවේ. පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ගාස්තු ගෙවීමක්ද සිදුනොවිණි. තිලකවර්දන විනිසුරුතුමිය නඩු තීන්දුව ලියු අතර එයට විනිසුරු ශ්‍රීපවන් සහ විනිසුරු ඉමාම් යන විනිසුරු දෙපලගේ එකගතාවය හිමිවිය.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා සම්බන්ද වන්න.

Click to access SCFRNo.429-2003.06.08.2010.pdf

2 thoughts on “ජනතා අධිකරණය (53) ;- ලොතරැයිය මරු කැදවයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑