පෝලන්තයේ ප්‍රථම වරට කතෝලික පල්ලියට එරෙහිව ලිංගික අතවර නඩුවක්.

Image

මෙම නඩුව පැවරෙන්නේ පෝලන්තයේ කතෝලික පල්ලියකට එරෙහිවය. එය පැවරුවේ 25 හැවිරිදි මාචින් කේය. මෙම ලිංගික අතවරය සිදුකල පුජකයා දැනටමත් වසර දෙකක සිරදඩුවමක් බුක්ති විදිමින් සිටි. ඔහු මෙම අපරාදයට පල්ලියද පාර්ශවකරුවකු කරමින් නඩුව පවරා තිබේ. මෙවැන්නක් සිදුවුයේ පෝලන්තයේ ප්‍රථම වරටයි. එනම් වින්දිතයා අපරාදකරුට පමණක් නොව ආයතනය වූ පල්ලියද පාර්ශවකරුවකු කරමින් නඩු පැවරීමයි. ගිය වසරේ අතවරයට ලක්වූ සියලු වින්දිතයින්ගෙන් පොලිෂ් පල්ලියේ ඉහළ තැන් සමාව ගත් නමුත් මුල්‍යම වන්දි පිරිනැමීම ප්‍රතික්ෂේප කළහ. එක්සත් ජාතීන්ද වතිකානුවට කියා සිටියේ ළමා ලිංගික අතවර වලට සැක කරන සියලු පුජකයින් කඩිනමින් ඉවත් කල යුතු බවකි. නමුත් පල්ලිය කිවේ එයට පල්ලිය වග නොකියන බවත් පුජකයා පමණක් සුවාදිනව කටයුතු කර ඇති බවත්ය. මාටින් කේ අලාබ ලෙස පවුම් 64,500 ක්ද ජාතික පුවත්පතක පල කරන ලැබූ සමාවක්ද ඉල්ලා සිටි. මෙම පැමිණිලිකරුට සිය නඩුව සදහා උදවු කරන්නේ හෙල්සින්කි පදනම නම්වූ මානව හිමිකම් කණ්ඩායමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑