TORTURE දිවි මාසිකය.

තවත් වැදගත් සඟරාවක්. ඉංග්‍රීසි බසින් පල වේ. වදහිංසාව කොතරම් වියාප්තව ඇත්ද ? එයට ජාති ආගම් කුල බේද නොමැත. ලොව සෑම රටකම අඩු වැඩි වශයෙන් ඇත. ඒ නිසාම එය ඒ පිළිබද වූ සගරාවක්  වදහිංසාව යන හිසින් යුතුවම පල වේ. මෙහි කතෘ මණ්ඩලය නිලන්ත ඉලන්ගමුව ප්‍රමුක එරික් බේලි, ශිව කරන් සිං, ජෙසිකා ප්‍රනාන්දු සහ අන්සර් සියනට්ගෙන් සැදුම් ලද්දකි. 
 
මෙවර කලාපය ආරම්බ වන්නේ ආචාර්ය ඉන්ගර් ඇගර් මහත්මිය, ප්‍රකාශන තෙරපිය පිලිබදව ලබා දෙන සම්මුක සකච්චාවකිනි. ප්‍රකාශන තෙරපිය වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයින්ට මානසික සුවය ලබා දීම සදහා සිදුකෙරෙන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයකි. ඇය ප්‍රකාශ කරන ආකාරයට මානව හිමිකම් ගැන කතා කරන විට මානසික සවුක්ය අමතක කල නොහැක. වදහින්සාවට පාත්‍ර වූ  වින්දිතයා තම පවුද්ගලික අත්දැකීම ප්‍රසිද්දියේ බෙදා ගැනීමේදී එය දේශපාලනමය වේ. 
 
 
මෙවර කලාපයට රංග ජයසුරිය ලියු මාතලේ සමුහ මිනීවල පිළිබද ලිපියක්ද ඇතුලත්ය. ඒ පිළිබදව ජනාදිපති කොමිසන් සබාවක් හදිස්සියේ පත් කිරීම ගැනද සදහන් වේ. එහි එවකට ගජබා හමුදාවේ නිලදාරියෙකු වූ වත්මන් ආරක්ෂක ලේකම් ගොටාබය රාජපක්ෂ ගැනද කියවේ. ඒ හරහා ශ්‍රී ලංකාවේ පවතින අපරාද සිදුකර දඩුවම් නොලබා සිටීමේ වාතාවරණය සහ ප්‍රත්පත්ති අතර ගැටුමද ලිපිය මගින් පාටක අවදානයට යොමු කරයි. 
 
මේ සගරාව හොන්කොන් හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසමේ සහ ඩේන්මාකයේ ඩ්ග්නිටි ඉන්ටනැෂනල් හි තවත් සත් කාර්යක් වේ. මෙය දැන් අන්තර්ජාලය ඔස්සේද කියවිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑