cowkorner වෙතින් ක්‍රිකට් wallpapers පෙළක් cowkorner ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් ක්‍රිකට් ලෝලීන් සිටියත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අන්තර්ජාලය තුළ ඇති ගණන ඉතා සීමිතයි. ඉතින් මේ අඩුපාඩුව මගහරවන්න cowkorner එකෙන් පුංචි උත්සාහයක් ගන්නයි මේ ලෑස්තිය. මුල්ම උත්සාහය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒව හදාගන්න ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ...
සනත් ජයසූරිය – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. සනත් ජයසූරිය wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 14) cowkorner 1984 ආසියානු කුසලාන අවසන් තරගය ගැන ඊයෙ කිව්ව මතකයිනෙ. 1995 අවුරුද්දෙ ආසියානු කුසලානයේ අවසන් තරගය පැවැත්වුණෙත් අද වගේ දවසක සාජා හිදී. මුල්ම ආසියානු කුසලානයේ ක්‍රීඩා කළ කණ්ඩායම් තුනට අමතරව බංග්ලාදේශයත් මේ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් ඔවුන්ට කිසිම තරගයක් ජය ගැනීමට හැකි වුණේ නම් නැහැ. ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තුනම තරග 2 බැගින් ජයගෙන තිබුණත් දළ ලකුණු වේගය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 15) cowkorner සර් විවියන් රිචර්ඩ්ස් විව් රිචර්ඩ්ස් වගේම ඔහු රැස්කළ වේගවත්ම ටෙස්ට් ශතකය ගැනත් මීට කලින් ‘අද ක්‍රිකට් පිටිය’ තුළින් කතා කරල තියෙනවා. විව් මේ ලෝක වාර්තාව තැබුවේ 1986 අද වගේ දවසක එංගලන්තයට එරෙහිව තම මවුබිම වූ ඇන්ටිගුවා හිදී. ශතකය වාර්තා කිරීමට විව් ට ගතවුණේ පන්දු 56ක් පමණක් වන අතර පන්දු 58 කදී ඔහු නොදැවී ලබාගත් ලකුණු 110 ට හයේ පහර හා ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 19) cowkorner බ්‍රෙන්ඩන් කුරුප්පු ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු සහ කඩුළු රකින්නෙකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පු තම මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කළේ 1987 අද වගේ දවසක. ඔහු මේ දස්කම කළ ලොව තුන්වැන්නායි. එසේම මෙය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි. ඒ විතරක් නෙවෙයි, රිචඩ් හැඩ්ලි ප්රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව කොළඹ CCC පිටියේදී මිනිත්තු 777 ක් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 14) cowkorner තනි අතින් පිතිකරණයේ යෙදෙන මැල්කම් මාර්ෂල් මේ කියන්න යන්නෙ ක්‍රිකට් පිටියේ සිදුවූ අමතක නොවන සිදුවීමක් ගැන කතාවක්. මේ කතාවේ කතා නායකයා තමයි සුපිරි කොදෙව් වේග පන්දු යවන්නෙකු වූ මැල්කම් මාර්ෂල්. මේ තරගය පැවැත්වුණේ හෙඩිංලි හිදී එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 1984 අද වගේ දවසක. මුල් ඉනිමේ පන්දු රකිමින් සිටියදී තම වම් අතේ සිදුවූ අස්ථි බිඳී යාමක් නිසා මාර්ෂල් හට තරගයෙන් ...
ක්‍රිකට් වාග් මාලාව -2 (D-G) cowkorner පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් Doosra – පිට දඟ පන්දු යවන්නෙකු විසින් තම සුපුරුදු දිශාවට විරුද්ධ අතට දඟ කැවෙන සේ යවන පන්දුව මෙලෙස හඳුන්වනවා. පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් විසින් මුල්වරට භාවිතා කළ මෙහි අරුත උර්දු බසින් “අනෙක් එක” යන්නයි. මුත්තයියා මුරලිදරන් සහ පකිස්ථානයේ සයිඩ් අජ්මාල් දුස්රා පන්දුව හොඳින් ප්‍රගුණ කළ පන්දු යවන්නන් දෙදෙනෙක්. Drift – දඟ පන්දු යවන්නෙකු යවන පන්දුව ගුවනේදී දඟ කැවීමට ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 08) cowkorner පරණ කතා වලට කලින් අද ඒ කියන්නෙ 2013 මාර්තු 08 වෙනිද ගැන කියලම පටන් ගන්නම්. අද දවසේ ලංකාවත් බංග්ලාදේශයත් අතර සහ එංගලන්තයත් නවසීලන්තයත් අතර පැවති ටෙස්ට් තරග දෙකේදිත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවුණා. ඒ අතරින් නවසීලන්තයේ ආරම්භක පිතිකරු හමීෂ් රදර්ෆර්ඩ් තම මංගල ටෙස්ට් ඉනිමේදීම ලකුණු 171ක් වර්තා කරන්නට සමත් වුණා. මෙය එදා මෙදා තුර ක්‍රීඩකයෙකු තම මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් 7වැනි ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 20) cowkorner 1994 ඔස්ට්රලේශියා කුසලානය සඳහා වූ දෙවන අවසන් පූර්ව තරගය සාජා හිදී පැවැත්වුණේ අද වගේ දවසක. ඒ පකිස්ථානය හා නවසීලන්තය අතර. මෙහිදී පකිස්ථානයේ අමීර් සොහේල් සහ ඉන්සමාම් උල් හක් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 263ක සබඳතාවක් පිහිටෙව්වා. ඒ වනවිට ඕනෑම කඩුල්ලක් සඳහා ලෝක වාර්තාව ලෙසද මෙය ඉතිහාසගත වුණා. මෙහිදී සොහේල් ලකුණු 134ක්ද ඉන්සමාම් නොදැවී ලකුණු 137ක්ද රැස් කළා. පකිස්ථානය කඩුළු 2 කට ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 11) cowkorner 2000 වසරෙ අප්‍රේල් 11 වෙනිද බොහෝ ක්‍රිකට් විචාරකයින් හඳුන්වන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම දිනයක් ලෙසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතළම තරග පාවාදීමේ සිද්ධියට වරදකරු වූ දකුණු අප්‍රිකානු නායක Hansi Cronje කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවේ එදායි. ඒ ඔහු විසින් සිදු කළ වරද පිළිගැනීමෙන් පසුවයි. මාස කිහිපයකට පසු Cronje ට ජීවිත කාලයටම බලපාන පරිදි තරග තහනමක් පැනවුණ අතර 2002 වසරේදී ඔහු අවාසනාවන්ත ලෙස ගුවන් අනතුරකින් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 09) cowkorner නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් සහ ටෙරී ජාර්විස් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 387 ක ආරම්භක සබඳතාවක් තැබුවේ 1972 අද වැනි දවසක. මෙය ටෙස්ට් තරගයක වාර්තා වූ හතරවන හොඳම ආරම්භක සබඳතාවයි. ඊට අමතරව 1995 අප්‍රේල් 9 වෙනිදා සාජා හි පැවති ආසියානු කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ඉන්දියාව අතින් කඩුළු 8ක පරාජයක් ලැබුවා. මෙහිදී නොදැවී ශතකයක් රැස් කළ සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලකුණු 3000 සීමාව ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 08) cowkorner 2000 වසරේ අප්‍රේල් 8 වෙනිදා වසීම් අක්රම් ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම සහ මාර්ක් වෝ ගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම අතර එක්දින තරගයක් පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා හිදී. ආසියානුවන් ලබාගත් ලකුණු 320 හඹා ගිය ලෝක පිළ එක් ලකුණක තියුණු පරාජයක් ලැබුවා. මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවේ මයිකල් බෙවන් නොදැවී ලකුණු 185ක් රැස්කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසූරිය, අරවින්ද ...
තිලාන්ගේ ක්‍රිකට් මතක සටහන් cowkorner තිලාන් සමරවීර පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන්නා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරින් එක්කෙනෙක් විදිහට තිලාන්ව අවිවාදයෙන්ම නම්කරන්න පුළුවන්. ටෙස්ට් තරග 81කදී ලකුණු 5462ක් රැස්කළ තිලාන් ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 6 වැනියා. එම ලැයිස්තුවේ ඔහුට ඉහළින් සිටින්නේ මහේල, සංගා, සනත්, අරවින්ද සහ මාවන්. ඒ වගේම 48.76ක් වන ඔහුගේ ටෙස්ට් ලකුණු සමාන්‍යය දෙවැනි වන්නේ සංගාටත් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 17) cowkorner දන්නවද අද තමයි මුරලිගෙ උපන්දිනය. ඔහු උපන්නෙ 1972 අප්‍රේල් 17 වැනිදා මහනුවරදී. අද 41 වෙනි උපන්දිනය සමරන මුරලි ටෙස්ට් වරම් ලබා ගත්තෙ වයස 20 දි ඕස්ට්‍රේලියාවට එරෙහිව. 2011 දි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් මුරලි ටෙස්ට් තරගවලදී කඩුළු 800 කුත් එක්දින තරග වලදී කඩුළු 534 කුත් දවාගෙන තිබෙනවා. මේ දෙකම ලෝක වාර්තාවන්. ඊට අමතරව තවත් වාර්තාවන් ගණනාවක් මුරලි සතුයි. ඉතින් එදා ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 07) cowkorner සර් විවියන් රිචර්ඩ්ස් දන්නවද විව් රිචර්ඩ්ස් ව? ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවූ හොඳම ප්‍රහාරාත්මක පිතිකරුවා (Master Blaster) වූ Isaac Vivian Alexander Richards හෙවත් King Viv අද තමන්ගෙ 61වන උපන්දිනය සමරනවා. ඕනෑම භයානක වේග පන්දු යවන්නෙක් හමුවේ කිසිදාක හෙල්මටයක් නොපැළඳි නිතරම චුවින්ගම් හපමින් සිටි විව් රිචර්ඩ්ස් දුටු පමණින් පන්දු යවන්නන් භීතියෙන් ඇළලී ගියා. ඔහු සතු hard hitting හැකියාව නිසා ඔහු ප්‍රචලිත වුණත් විව්ගේ විශේෂත්වය ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 24) cowkorner අද දවස ගැන කියද්දි මුලින්ම කියන්න වෙන්නෙ ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ 4-0 ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ගැන. ඕස්ට්‍රේලියාව තරග 4ක් හෝ ඊට වැඩි තරග ගණනකින් සමන්විත තරගාවලියක් whitewash වුණේ 1970න් පසුවයි. තවත් විශේෂත්වයක් වන්නේ මෙහිදී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි තරග 4දීම කාසියේ වාසිය පරාජයට පත්වීමයි. 1885 අද වැනි දවසක මෙල්බර්න් හිදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයේදී විශේෂ සිදුවීමක් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 2) cowkorner රවී රත්නායක (Photo : Getty Images) අද තමයි බ්‍රයන් ලාරාගේ උපන්දිනය. ටෙස්ට් හා එක්දින තරගවලදී ලකුණු 10000 සීමාව පසුකළ ලාරා එදා මෙදා තුර බිහිවූ හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරින් එක් අයෙකු ලෙස සැලකෙනවා. ලාරා පිත්තෙන් දැක්වූ දස්කම් ගැන කිහිප වතාවක්ම “අද ක්‍රිකට් පිටිය” තුළින් කතා කරල තියනවනෙ. ඒ විතරක් නෙවෙයි, 1980 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම වේගපන්දු යවන්නෙක් වන රවී ...
අද ක්‍රිකට් පිටිය (මැයි 1) cowkorner ස්ටීව් වෝ ගෝර්ඩන් ග්‍රිනිජ් ගැන මම ඔබට කිව්වෙ ඊයෙ දවසෙ. මේ සුපිරි පිතිකරුවා ගැන අදත් කතාකරන්න දෙයක් තියෙනවා. මොකද අද තමයි ඔහුගෙ 62 වෙනි උපන්දිනය. ටෙස්ට් තරග 108 කදී ශතක 19ක් ඇතුළුව ලකුණු 7500 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් සහ එක්දින ලකුණු 5000 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ග්‍රිනිජ් ටෙස්ට් සහ එක්දින තරග වල 45 කට ආසන්න ලකුණු සාමාන්‍යයක් පවත්වාගන්නට සමත් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 5) cowkorner කොදෙව් ක්‍රීඩිකා ඩියැන්ඩ්‍රා ඩොටින් කාන්තා ක්‍රිකට් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ පසුගිය ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් නිසයි. අද මුලින්ම කියන්නෙත් කාන්තා ක්‍රිකට් ගැන කතාවක්. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩියැන්ඩ්‍රා ඩොටින් කාන්තා 20-20 තරගයකදී වාර්තා වූ ප්‍රථම ශතකය වාර්තා කළේ අද වැනි දවසක. ඒ 2010 ලෝක කුසලානය සඳහා ශාන්ත කිට්ස් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව. ඇයට ශතකය වාර්තා ...
අද ක්‍රිකට් පිටිය (මැයි 9) cowkorner ක්‍රිකට් ලොව පෙරළිකාර සොයාගැනීම World Series Cricket World Series Cricket (WSC) ගැන අහල තියනවද? වර්ණ ඇඳුම්, දිවා රාත්‍රී තරග ආදී බොහෝ විප්ලවකාරී සොයාගැනීම් ගණනාවක් WSC නිසා ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වුණා. 1970 දශකයේ අග භාගයේ ඕස්ට්‍රේලියාවේ පැවති මෙම තුන්කොන් තරගාවලියට ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ලෝක කණ්ඩායමක් සහභාගි වුණා. කෙසේ වුවත් එතෙක් පැවති සම්ප්‍රදායික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවිය හැකි බලපෑම නිසා ...