අද ක්‍රිකට් පිටිය (මාර්තු 24)

අද දවස ගැන කියද්දි මුලින්ම කියන්න වෙන්නෙ ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ 4-0 ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ගැන. ඕස්ට්‍රේලියාව තරග 4ක් හෝ ඊට වැඩි තරග ගණනකින් සමන්විත තරගාවලියක් whitewash වුණේ 1970න් පසුවයි. තවත් විශේෂත්වයක් වන්නේ මෙහිදී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි තරග 4දීම කාසියේ වාසිය පරාජයට පත්වීමයි.

1885 අද වැනි දවසක මෙල්බර්න් හිදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයේදී විශේෂ සිදුවීමක් සිදුවුණා. විනිසුරු Jack Hodges විසින් ලබාදුන් තීරණ කිහිපයකටම එංගලන්ත ක්‍රීඩකයින් විරෝධය පළකිරීම නිසා විනිසුරුවරයා එදින තේ පානයෙන් පසුව තරගය විනිශ්චය කිරීම ප්‍රතික්ෂේප කළා. එම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Tom Garrett ට තරගය විනිශ්චය කිරීමට සිදුවුණා. ඒ විතරක් නෙවෙයි සංචාරක එංගලන්ත පිළේ අතිරේක පන්දු රකින්නෙකු ලෙසත් ඕස්ට්‍රේලියානුවෙක් ක්‍රීඩා කිරීමත් විශේෂ සිදුවීමක්.

පිට පිට සිව් වතාවක් (1996, 1999, 2003 හා 2007 වසරවල ) ලෝක කුසලාන අවසන් තරගවලට සහභාගි වූ ඕස්ට්‍රේලියාවට 2011 තරගාවලියේදී එම අවස්ථාව මගහැරුණේ අද වගේ දවසක. ඒ සත්කාරක ඉන්දියාව හමුවේ අහ්මදාබාද් හි පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී (quarter final) පරාජයට පත්වීමෙන්.

හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු (සහ දැනට ක්‍රිකට් විචාරකයෙකු ලෙස කටයුතු කරන ) ඩීන් ජෝන්ස්, එංගලන්ත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් සහ බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන් අද උපන්දින සමරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න