අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 09)

නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් සහ ටෙරී ජාර්විස් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 387 ක ආරම්භක සබඳතාවක් තැබුවේ 1972 අද වැනි දවසක. මෙය ටෙස්ට් තරගයක වාර්තා වූ හතරවන හොඳම ආරම්භක සබඳතාවයි.

ඊට අමතරව 1995 අප්‍රේල් 9 වෙනිදා සාජා හි පැවති ආසියානු කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ඉන්දියාව අතින් කඩුළු 8ක පරාජයක් ලැබුවා. මෙහිදී නොදැවී ශතකයක් රැස් කළ සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලකුණු 3000 සීමාව පසුකළ ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එකතු වුණා. ඒ වන විට ඔහු 21 වැනි වියේ පසුවුණා.

එදා මෙදා තුර පහළ වූ හොඳම කඩුළු රකින්නන් කිහිප දෙනා අතරින් එක් අයෙකු වන එංගලන්තයේ ඇලන් නොට් උපත ලබා ඇත්තේ 1946 අද වගේ දවසක. 1967 සිට 1981 දක්වා ක්‍රීඩා කළ නොට් ඩෙරික් අන්ඩර්වුඩ් ගේ දඟ පන්දු යැවීම ඉදිරියේ කඩුළු රකිමින් කළ දස්කම් අදටත් කතාබහට ලක්වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න