අද ක්‍රිකට් පිටිය (මාර්තු 06) cowkorner සුනිල් ගවස්කාර් අද දවසත් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට ගියපු දවසක්. ඒ 1996 ලෝක කුසලානයේ කෙන්යාවට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයෙදි කඩුළු 5කට ලකුණු 398ක් වාර්තා කළ නිසයි. 2006දි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව විසින් බිඳාහෙලන තුරු කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළ මෙම තරගයේ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 20) cowkorner මාර්තු 20 වෙනිද නම් ක්‍රිකට් ඉතිහාසයේ එතරම් වැදගත් සුදුවීම් සිදුවී නැහැ. 2003 ලෝක කුසලානයේදී නොසිතූ ලෙස පෙරළියක් කළ කෙන්යානුවන් (ලංකාවත් මේ තරගාවලියෙදි කෙන්යාව අතින් පරාජයට පත්වුණා කාටත් මතක ඇතිනෙ.) එහි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව අතින් පරාජයට පත්වුණේ අද වගේ දවසක. ඉන්දීය නායක සව්රව් ගැන්ගුලි මෙම තරගයේදී නොදැවී ලකුණු 111ක් රැස් කළා. බටහිර ඉන්දීය දූපත් නියෝජනය කළ විශිෂ්ඨ පිතිකරුවෙකු වූ රිචී ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 03) cowkorner ඔන්න අද හයවෙනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 20-20 තරගාවලිය ආරම්භ වුණා. ඒ ඇරෙන්න අප්‍රේල් 03 වෙනිද ගැන කියන්න එතරම් දෙයක් නැහැ. හැබැයි අද දවසෙ පොඩි විශේෂත්වයකුත් නැතුවම නොවෙයි. මොකද කඩුළු ත්‍රිත්වයන් (hat-tricks) ලබාගත් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ උපන්දින අදට යෙදී තිබෙන නිසා.ඒ අතරින් එක්කෙනෙක් තමයි පකිස්ථානයට එරෙහිව 2012 දී පැවති එක්දින තරගයකදී කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා. තිසර අද සමරන්නෙ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 29) cowkorner අරවින්ද ද සිල්වා ක්‍රීඩකයෙකු ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීම එහෙමත් නැත්නම් twin centuries කියන්නෙ සුවිශේෂී සිදුවීමක්. මේ ගැන “අද ක්‍රිකට් පිටිය” තුළින් අවස්ථා කිහිපයකදීම කතා කරල තියෙනවා. දන්නවද ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම නොදැවී ශතක (unbeaten twin centuries) වාර්තා කිරීමට සමත්වී ඇත්තේ එකම එක පිතිකරුවෙකු පමණයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ශ්‍රී ලංකාවෙ අරවින්ද ද සිල්වා. ඔහු මේ දස්කම කළේ 1997 ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 04) cowkorner ටෙස්ත් ඉනිමකදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ගැන මාර්තු 28 වෙනිද කතා කළා මතකද? 1899 අද වගේ දවසක කේප් ටවුන් වලදි එංගලන්ත පන්දු යවන්නන් සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 35 කට දවා ගන්නට සමත් වුණා. මෙය ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය 4වෙනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. ටෙස්ට් තරගයකදී වාර්තා වූ ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට එංගලන්තයේ ඇන්ඩෲ සැන්ඩම් සමත් වුනේ 1930 අද ...
කවුද හොඳ? අශ්රෆුල් ද? ලාරා ද? cowkorner බංග්ලාදේශයේ මොහොමඩ් අශ්රෆුල් අද ලංකාවට එරෙහිව ශතකයක් ලබා ගත්තනෙ. අශ්රෆුල් කියන්නෙ ටෙස්ට් තරගවලදි ලංකාවට එරෙහිව ගොඩක් සාර්ථක වෙච්ච ක්‍රීඩකයෙක්. ඉතින් මම මේ ලෑස්ති වෙන්නෙ ටෙස්ට් තරග වලදී ලංකාවට එරෙහිව හොඳින්ම ලකුණු රැස්කළ පිතිකරුවන් පස්දෙනා කවුද කියල හොයල බලන්න. හැබැයි මෙහිදී සලකා බැලෙන්නෙ තමන් ක්‍රීඩා කළ අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම් වලට වඩා ලංකාවට එරෙහිව සුවිශේෂී ලෙස දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පමණයි. උදාහරණයක් විදිහට ලංකාවට ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 14) cowkorner සුපිරි පිතිකරු සිදත් වෙත්තමුණි ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වුණ පළමු ටෙස්ට් ශතකය වාර්තාකිරීමට ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි සමත් වුණේ 1982 අද වගේ දවසක පකිස්ථානයේ ෆයිසලාබාද් වලදි. සිදත් මෙහිදී පන්දු 330 කට මුහුණ දෙමින් ලකුණු 157ක් රැස් කළා. ඊට අවුරුද්දකට කලින් ඒ කියන්නෙ 1981 බාබඩෝස් වල කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එහි එංගලන්ත ඉනිමේ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 23) cowkorner රිකී පොන්ටිං 2003 ලෝක කුසලාන අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වුණේ අද වගේ දවසක. තරගාවලිය පුරාම ප්‍රභලතම කණ්ඩායම ලෙස සිටි ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදෙමින් කඩුළු 2කට ලකුණු 359ක් රැස් කළා. මෙහිදී ඩේමියන් මාර්ටින් සමග තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 234ක නොබිඳුනු සබඳතාවක් පවත්වමින් නායක රිකී පොන්ටිං ලකුණු 140ක් රැස් කළා. මෙය ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු ...
තහනම් වචනය : මාලිංග cowkorner දිනුවත් පැරදුණත් සැමදා එකට… ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු පිළිබඳ ප්‍රශ්න වරින් වර කරළියට එනවා. බටහිර ඉන්දීය දූපත් වල නිතරමත් ලංකාවේ නම් විටින් විටත් මේ ගැටළුව මතුපිටට එන්වා. නව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ මැදිහත්වීමෙන් මෙවර උද්ගත වූ ගැටළුව ඊයේ විසඳුණේ මාධ්‍යය වලට පුවත් මවමින්. ඇතැමෙකුගේ සිත් තුළ මේ සිද්ධිය නිසා ඇතිවුණේ ක්‍රීඩකයන් ගැන අප්‍රසාදයක්. කොහොම වුණත් වරින් වර මතුවණ මෙවැනි ගැටළුවලට ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 10) cowkorner මුරලිගෙන් වේගවත් පහරක් – photo courtesy Cricinfo ඊයෙ වගේම අදත් ටෙස්ට් පිටියේ අලුත් වාර්තා කිහිපයක්ම බිහිවුණා. බංග්ලාදේශ වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරන්නට දිනය නිමා වන විට ලකුණු 189ක් ලබා නොදැවී සිටින මොහොමඩ් අශ්රෆුල් සමත් වුණා. ඊට අමතරව ඔහු සමග නායක මුෂ්ෆිකර් රහිම් 5වන කඩුල්ලට පවත්වාගෙන යන ලකුණු 261* ක සබඳතාව බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වාර්තා වුණ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 11) cowkorner අජන්ත මෙන්ඩිස් ආයුබෝවන්, මාර්තු 11 වෙනිදා ක්‍රිකට් පිටියෙ සිදුවුණ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන කියන්නයි ලෑස්තිය. සර් ජැක් හොබ්ස් ගැන මීට කලින් කියල තියෙනවනෙ. ඔහු තමන්ගෙ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේ 1910 අද වගේ දවසක. ඒ වගේම එහිදී ඔහු දැවී ගියේ hit wicket වෙලා වීමත් විශේෂ් සිදුවීමක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ හර්බජාන් සිං ටෙස්ට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්තෙත් 2001 මාර්තු ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 15) cowkorner දන්නවද 1877 මාර්තු 15 වෙනිද තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදුවුණේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී. හැබැයි ඔය තරගයට ටෙස්ට් තරගයක් කියන පිළිගැනීම ලබා දුන්නෙ පස්සෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේ තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර කියල වුණත් ඇත්තටම මේ කණ්ඩායම් නිල වශයෙන් ඒ රටවල් නියෝජනය කළ ඒවා නොවෙයි. ඒ වෙනකොට දොස්තර ඩබ්.ජී.ග්‍රේස් ගෙ (ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස පසුකාලීනව විරුදාවලිය ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 17) cowkorner ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත්තේ මීට හරියටම අවුරුදු 17 කට කියන එකනම් කාටවත් අමුතුවෙන් මතක් කරල දෙන්න ඕනෙ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ඒ දවස වෙනුවෙන්ම මාර්තු 17 වෙනිද අද ක්‍රිකට් පිටිය වෙන්වෙනවා. ඒ ජයග්‍රාහී මොහොත පකිස්ථානයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයට ශ්‍රී ලංකාව පිවිසුණේ කෝටි සංඛ්‍යාත ආසියාතිකයින්ගේ ආශීර්වාදය මැද. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවූ පරිදි කාසියේ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 28) cowkorner නවසීලන්ත පිතිකරු ජෙසී රයිඩර් අද උදේ පාන්දරම ක්‍රිකට් ලෝලීන්ට අසන්නට ලැබුණේ සිත් සසල කරවන පුවතක්. ඒ නවසීලන්ත ආරම්භක පිතිකරු ජෙසී රයිඩර් හට ක්‍රයිස්ට්චර්ච් හිදී සිදුවූ පහරදීමක් නිසා ඔහු රෝහල්ගත කළ ආරංචියයි. මුලින්ම “අද ක්‍රිකට් පිටිය” තුළින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇන්ටිගුවා වල පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ටිගුවා වලින් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා වන විව් රිචර්ඩ්ස් ශතකයක් වාර්තා ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 29) cowkorner ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ඇලන් බෝඩර් ටෙස්ට් පිටියේ දක්නට ලැබුණු අවසන් දිනය 1994 මාර්තු 29 වෙනිදායි. ඒ ඩර්බන් හි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී. ක්‍රීඩාවෙන් සමුගන්නා විට බෝඩර් වාර්තා ගණනාවකට හිමිකම් කිව්වා. වැඩිම ටෙස්ට් ලකුණු, වැඩිම ටෙස්ට් තරග සහභාගිත්වය, වැඩිම ටෙස්ට් තරග ගණනකට නායකත්වය සැපයීම ආදිය ඒ අතරින් ප්‍රධානයි. පකිස්ථානයට එරෙහිව මුල්ටාන් හිදී පැවති ටෙස්ට් තරගයකදී විරේන්ද්‍ර ශෙවාග් ත්‍රිත්ව ශතකයක් වාර්තා ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 12) cowkorner වාර්තා පිට වාර්තා බිහිකරමින් ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගය අද ගාල්ලෙදි නිමා වුණා. ටෙස්ට් තරගයකදී වාර්තා වුණ වැඩිම ශතක සංඛ්‍යාව වන ශතක 8ක් මේ තරගය පුරා වාර්තා වුණා. (ශ්‍රී ලංකාව 5ක් සහ බංග්ලාදේශය 3ක්) මීට කලින් ශතක 8ක් වාර්තා වූ එකම තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතර 2005 දී පැවැත්වුණු තරගයක්. ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 25) cowkorner කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනය 1992 අවුරුද්දෙ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තය පරදා ලෝක ශූරයන් වීමට ඉම්රාන් ඛාන් ප්රමුඛ පාකිස්ථාන කණ්ඩායමට හැකිවුණේ අද වගේ දවසක. පිත්තෙන් වේගවත් ලකුණු 33ක් හා පන්දුවෙන් කඩුළු 3ක් දවාගත් වසීම් අක්රම් අවසන් තරගයේ වීරයා බවට පත්වුණා. තරගයේ scorecard එක මෙතනින් බලන්න. වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා පළමු වරට ටෙස්ට් තරගයක අමතර දිනයක් ක්‍රීඩා කළේ ...
අසංක ගුරුසිංහ – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අසංක ගුරුසිංහ wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 18) cowkorner බ්‍රයන් ලාරා 2004 පැවති ටෙස්ට් තරගයකදී නොදැවී ලකුණු 400ක් රැස් කරමින් තැබූ ලෝක වාර්තාව ගැන මම ඔබට කිව්වෙ මීට දවස් 6කට උඩදි. හැබැයි ඒ ටෙස්ට් ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඊට කලිනුත් ලාරා සතුවයි තිබුණෙ. 1994 අද වගේ දවසක එංගලන්තයටම එරෙහිව ඇන්ටිගුවා හිදීම ලාරා වාර්තාගත ලකුණු 375ක් රැස්කළා. පන්දු 538කින් සමන්විත ලාරා ගේ ඉනිමට හතරේ පහර 45ක් ඇතුළත් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 27) cowkorner ෂොයිබ් අක්තාර් – Rawalpindi Express කලකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුකළ නොහැකි යැයි සිතූ බොහෝ දේ අද වනවිට යථාර්ථයක් බවට පත්වී තිබෙනවා. එක්දින තරගයකදී කණ්ඩායමක් ලකුණු 400 සීමාව පසුකිරීම, ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු ලකුණු 400ක් ලබාගැනීම, එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගැනීම, පිට පිට පන්දු 4 කදී කඩුළු 4ක් දවාගැනීම මීට උදාහරණ. වේග පන්දු යවන්නෙකු පැයට සැතපුම් 100 ක වේගය ඉක්මවීමත් මෙවැනි දෙයක්. ...