මුත්තයියා මුරලිදරන් – wallpaper cowkorner මේ wallpaper එක අද 41 වෙනි උපන්දින සමරන මුරලි වෙනුවෙන්. Original size එක සඳහා පින්තූරය මත click කරන්න. මුත්තයියා මුරලිදරන් wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (මැයි 6) cowkorner එංගලන්ත පිතිකරු ග්රැහැම් හික් Jennings Tune නමැති පන්දු යවන්නා එංගලන්තයේ යෝක්ෂයර් හි දිස්ත්‍රික් තරගයකදී කිසිදු ලකුණක් ලබා නොදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුළු 10 ම දවාගැනීමට සමත් වී තිබෙනවා. පුදුමයි නේද? හැබැයි මෙම දස්කම සිදුකිරීමට ඔහු ඇතුළුව ක්‍රීඩකයින් 24 දෙනෙක් සමත් වී තිබෙන බව ඇහුවොත් ඔබ ඊටත් වඩා පුදුම වේවි. (සැ.යු. මේ එකක්වත් පළමු පෙළ තරගවලදී නොවේ.) නමුත් Jennings Tune කළ මේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 3) cowkorner තරගාවලියේ වීරයා ස්ටීව් වෝ 1978 අද වැනි දිනක ජැමෙයිකාවේ පැවති ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය දූපත් අතර ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ගේ කළහකාරී හැසිරීම නිසා නවතා දමන්නට සිදුවුණා. ඒ විනිසුරුවරයෙකු ලබාදුන් තීරණයකට විරෝධය පාමින්. තරගයේ අවසන් දවස වූ එදා ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය සඳහා දවාගත යුතුව තිබුණේ එක් කඩුල්ලක් පමණයි. හිටපු ඕස්ට්‍රේලියානු නායක බොබ් සිම්සන් ක්‍රීඩා කළ අවසන් තරගයත් මෙයයි. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය දූපත් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 12) cowkorner බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 400 යි. ඔබ ටෙස්ට් ක්‍රිකට් ලෝලියෙක් නම් ඔබට 2004 අප්‍රේල් 12 වෙනිද අමතක කරන්නම බැහැ. මොකද එදා තමයි බ්‍රයන් ලාරා එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 400ක් ලබාගත්තෙ. ඒ ඇන්ටිගුවා හිදී. ටෙස්ට් ඉනිමක් තුළදී ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව වන මෙය බොහෝ දුරට කවදාවත්ම බිඳෙන එකක් නැහැ. පන්දු 582 කදී හතරේ පහර 43ක් හා හයේ පහර ...
ICC එක Big3 යටතට…? cowkorner සැ.යු. හුදෙක් හාස්‍ය සඳහා පමණයි. ICC ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඇතිනේ. ශ්‍රී ලංකා සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල වල විරෝධය මධ්‍යයේ අද මේ යෝජනා සම්මත වුණා. මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිගමනට ඇතිවන බලපෑම ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා. ...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ටෙස්ට් පිතිකරුවා කවුද ? cowkorner ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරුවා කවුද කියල හොයල බලන්න මට හිතුණෙ සෑහෙන කාලෙකට උඩදි. මේ ගැන අපි එකිනෙකා අතර විවිධ මත තියෙන්න පුළුවන්. “Cowkorner මත විමසුම” තුළින් ඔබ ඒ ගැන දැක්වූ ප්‍රතිචාර ගැන පස්සෙ කියන්නම්. මේ ලෑස්ති වෙන්නෙ ඇසුරින් ලබාගත් සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් මේ පිළිබඳ සරල ගණිතමය විශ්ලේෂණයක් කරල බලන්න. ක්‍රීඩකයන් සැසඳීමේදී වඩා නිවැරදි අදහසක් ලබාගැනීම සඳහා මෙහිදී සලකා බැලෙන්නේ ...
අර්ජුන රණතුංග – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අර්ජුන රණතුංග wallpaper (1366×768)
Bodyline ගැන මොනවද දන්නෙ ? – I කොටස cowkorner කාලෙකට පස්සේ cowkorner එකෙන් ඔයාලා හමුවෙන්න එන්නෙ ඉතිහාස පාඩමකුත් අරන්. අද මම කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ගැන. ඒ තමයි 1932-33 අළු බඳුන තරගාවලිය හෙවත් Bodyline තරගාවලිය. ඇතැමුන් මේක හඳුන්වන්නෙ ක්‍රීඩා ඉතිහාසයේ අඳුරු සිදුවීමක් විදිහට. මේ කතාව බොහොම දිග එකක්, පුළුවන් තරම් කෙටියෙන් එහෙත් රසවත් බවේ අඩුවක් නොවෙන්න ඒ කතාව කියන්න උත්සාහ කරන්නම්. බ්‍රැඩ්මන්ගෙන් ත්‍රිත්ව ශතකයක් Bodyline තරගාවලියට ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 20) cowkorner 1999 ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1999 ලෝක කුසලාන අවසන් තරගය ගැන. තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතරයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන අවසන් තරගයක් කියන්නෙ බොහොම තරගකාරී සමබර තරගයක්නෙ, හැබැයි 1999 අවසන් තරගය නම් එහෙම වුණේ නැහැ. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පකිස්ථානයට සියල්ලන්ම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 132ක් පමණයි. මෙහිදී ශේන් වෝන් ...
අරවින්ද ද සිල්වා – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අරවින්ද ද සිල්වා wallpaper (1366×768)
කුමාර් සංගක්කාර – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. කුමාර් සංගක්කාර wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (ජූලි 21) cowkorner එංගලන්තයේ බොබ් විලිස් ටෙස්ට් තරගයක් follow on එකකින් පස්සෙ ජයගන්නව කියන්නෙ ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. හරියටම කියනවනම් වසර සියයකට අධික ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ තුන් වරක් පමණයි. මේ කියන්න යන්නෙ 1981 හෙඩිංලි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය ලැබූ එවැනි ජයක් ගැන තොරතුරු. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 227 ක ඉලක්කයක් අතැතිව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිළේ හත්වන කඩුල්ල ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 21) cowkorner ඉන්සමාම් උල් හක් 1992 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් සත්කාරක නවසීලන්තය හා පකිස්ථානය අතර ඕක්ලන්ඩ් හිදී පැවැත්වුණේ අද වගේ දවසක. ජයග්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹා යමින් පන්දු 37 කදී ඉන්සමාම් උල් හක් රැස් කළ වේගවත් ලකුණු 60 නිසා පකිස්ථානයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමටත් (පසුව ලෝක ශූරයන් බවට පත්වීමටත්) හැකි වුණා. පසුකාලයක ලෝක ප්‍රසිද්ධ වූ ඉන්සමාම් ගේ නම මුලින්ම ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 28) cowkorner මතභේදාත්මක තරගයක්… අප්‍රේල් 28 වෙනිද ගැන මුලින්ම කියන්න තියෙන්නෙ නම් ශ්‍රී ලාංකික අපට එතරම මිහිරි මතකයක් නෙවෙයි. මීට අවුරුදු 6 කට කලින් ඒ කියන්නෙ 2007 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බාබඩෝස් හිදී පැවැත්වුණා. 1996 ලෝක කුසලානයෙන් පසුව පළමු වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබීම නිසත් 96 මෙන්ම මෙහිදීත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව තරග කරන්නට සිදුවීම නිසාත් ඉතිහාසය නැවත ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 23) cowkorner ක්‍රිස් ගේල්ගෙන් සුපිරි ඉනිමක් 20-20 තරග බිමේ වාර්තා පිට වාර්තා බිහිවූ දවසක් අද. ඒ IPL තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ක්‍රිස් ගේල් පූනේ වොරියර්ස් පිළට එරෙහිව නොදැවී පන්දු 66 කදී දැවැන්ත ලකුණු 175ක් රැස් කිරීම නිසයි. ගේල් මෙහිදී 20-20 වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා බ්‍රෙන්ඩන් මැකලම් සතුවූ ලකුණු 158* වාර්තාව බිඳ හෙළුවා. ඒ වගේම ඔහු පන්දු 30 කින් රැස් කළ ශතකය ...
මාවන් අතපත්තු – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. මාවන් අතපත්තු wallpaper (1366×768) Tagged: ක්‍රිකට්, ක්‍රිකට් wallpapers, මාවන් අතපත්තු
අද ක්‍රිකට් පිටිය (මාර්තු 13) cowkorner කලහකාරී ඉන්දීය ප්‍රේක්ෂකයින් 1996 මාර්තු 13 වෙනිද කියන්නෙ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවෙන දවසක්. ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරදා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සිංහ පෝතකයින්ට හැකියාව ලැබුණේ අද වගේ දවසක. කාසියේ වාසිය ජයග්‍රහණය කළත් ලංකාවට මුලින්ම පන්දුවට පහරදෙන්න අරාධනා කරන්නට ඉන්දීය නායක මොහොමඩ් අසරුඩීන්ට සිදු වුණේ මූලික වටයේ ලංකාව අතින් ලැබූ දරුණු පරාජය නිසයි. එහිදී ශ්‍රී ලංකාව ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 22) cowkorner දකුණු අප්‍රිකාවට අපහසු ඉලක්කයක්… 1992 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ගැන ඊයෙ කිව්වනෙ. එහි දෙවන අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර. දකුණු අප්‍රිකාව ලකුණු 253ක ඉලක්කයක් හඹා යමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ වනවිට ඔවුන්ට පන්දු 13කදී ලකුණු 22ක් ලබා ගත යුතුව තිබුණා. විනාඩි 10ක විතර ප්‍රමාදයකින් පසුව තරගය නැවත ආරම්භ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 8) cowkorner මයිකල් බෙවන් අද මුලින්ම කියන්න යන්නෙ එංගලන්ත ප්‍රාන්ත තරගයක සිදුවූ සිදුවීමක් ගැනයි. 1908 දි නොතැම්ටන්ෂයර් පිළ සහ යෝක්ෂයර් පිළ අතර පැවති මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් නොතැම්ටන් පිළ ලබාගත් ලකුණු 356 ට පිළිතුරු වශයෙන් යෝක්ෂයර් පිළට ලබාගත හැකි වූයේ පළමු ඉනිමේදී ලකුණු 27 කුත් දෙවන ඉනිමේදී ලකුණු 15 කුත් පමණයි. ඒ තරගයේදි යෝක්ෂයර් පිළ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 23) cowkorner ජොයෙල් ගානර් අද දවසෙ මුලින්ම කියන්න තියෙන්නෙ 1979 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැනයි. ලෝඩ්ස් හි පැවති මේ තරගයට සහභාගි වූයේ එවකට ලෝක ශූරයන් වූ කොදෙව්වන් සහ සත්කාරක එංගලන්තයයි. මුලින් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 60 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 286ක් රැස්කරන්නට සමත්වුණා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ විව් රිචර්ඩ්ස් නොදැවී ලකුණු 138ක් රැස්කළා. විව් තම අන්තය ආරක්ෂා කරගනිද්දී අනෙක් ...