අද ක්‍රිකට් පිටිය (ජූනි 18) cowkorner ඒ අතරින් මුලින්ම කියන්න තියෙන්නෙ කිසිවෙකු නොසිතූ පරිදි 2005 දි බංග්ලාදේශය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළ තරගය ගැන විස්තරයි. මෑත කාලයේ සිදුවූ අනපේක්ෂිතම ජයග්‍රහණයක් ලෙස හැඳින්වෙන මේ තරගය බොහෝ ඕස්ට්‍රේලියානුවන් හැඳින්වූයේ ඕස්ට්‍රේලියාව බෙහෙවින් ලැජ්ජාවට පත්වූ තරගයක් (most embarrassing defeat) ලෙසයි. වේල්සයේ කාර්ඩිෆ් කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහරදෙමින් කඩුළු 5 කට ලකුණු 249ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුළු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 09) cowkorner සිම්බාබ්වේ පිළේ පළමු එක්දින ජයග්‍රහණය තුන්වන ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයේදී ආරම්භ වුණේ 1983 අද වගේ දවසක. මෙහිදී තමයි ක්‍රිකට් ක්‍රීඩාවට කෝඩුකාරයන් වූ සිම්බාබ්වේ කණ්ඩායම මුල්වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ. නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් තම මංගල එක්දින තරගයෙන්ම ප්‍රභල ඕස්ට්‍රේලියාව ලකුණු 13කින් පරාජය කරන්නට ඔවුන්ට හැකිවුණා. නොටිංහැම් හිදී පැවති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 60 ...
අද ක්‍රිකට් පිටිය (මැයි 21) cowkorner සයිඩ් අන්වර් – ලකුණු 194 මෑතක් වනතුරුම එක්දින ලෝක වාර්තාව ලෙස පැවති පකිස්ථානයේ සයිඩ් අන්වර්ගේ ලකුණු 194 වාර්තා වුණේ 1997 අද වගේ දවසක. ඉන්දියාවට එරෙහිව චෙන්නායි හිදී වාර්තා වූ අන්වර්ගේ ඉනිමට හතරේ පහර 22ක් හා හයේ පහර 5ක් ඇතුළත්. අන්වර් මෙහිදී බිඳහෙළුවේ ඊට වසර 13 කට පෙර විව් රිචර්ඩ්ස් තබා තිබූ වාර්තාවයි. මෑත කාලයේ චාල්ස් කොවෙන්ට්‍රි, සචින් ටෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 10) cowkorner “Yeah Viv, Talk nah…” නොම්බර 11 ස්ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමකදී ලබා ගෙන ඇති වැඩිම ලකුණු ගණන කීයද කියල දන්නවද? කොදෙව් ක්‍රීඩක ටීනෝ බෙස්ට් එංගලන්තයට එරෙහිව ලකුණු 95ක් රැස් කරමින් වාර්තාවක් තැබුවේ ගිය අවුරුද්දෙ අද වගේ දවසක. ඔහු විසින් බිඳ හෙළන ලද්දේ ඉන්දියාවේ සහීර් ඛාන් විසින් බංග්ලාදේශයට එරෙහිව 2004 දී රැස්කළ ලකුණු 75 වාර්තාවයි. පන්දු 112 කදී වාර්තා වූ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 04) cowkorner සියවසේ පන්දුව හෙවත් ball of the century 20 වන සියවසේ යවනු ලැබූ හොඳම පන්දුව ගැන අහල තියෙනවද? 1993 අළු බඳුන වෙනුවෙන් මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති තරගයේදී නවක ඕස්ට්‍රේලියානු පාදඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් සියවසේ පන්දුව හෙවත් ball of the century යවනු ලැබුවේ මීට හරියටම වසර 20 කට පෙර, ඒ කියන්නෙ 1993 ජූනි 4 වෙනිද. ෂේන් වෝන් විසින් ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 26) cowkorner රූඩි කර්ට්සන් සහ කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවෙ නිව්ලන්ඩ්ස් පිටියෙ පැවති පළමු ටෙස්ට් තරගය ගැන ඊයෙ කිව්වනෙ. මේ තරගයේ දෙවන දිනයේදිත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවෙලා තියෙනවා. එංගලන්තය ලබාගත් ලකුණු 292 ට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාවට ලබාගත හැකිවූයේ පළමු ඉනිමේදී ලකුණු 47 ක් හා දෙවන ඉනිමේදී ලකුණු 43 ක් පමණයි. මෙහිදී එංගලන්තයේ ජොනී බ්‍රිග්ස් පළමු ඉනිමේදී කඩුළු 7 ක් හා දෙවන ඉනිමේදී ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 19) cowkorner එංගලන්තයේ ඉයන් බොතම් දිනය 1978 ජූනි 19 වෙනිදා. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ එංගලන්තය සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය. දිනය ආරම්භ වනවිට පකිස්ථානය දෙවන ඉනිම සඳහා කඩුළු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඔවුන්ට තවත් ලකුණු 163ක් අවශ්‍ය වුණා. බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන්ට කෙසේ හෝ එදා දවස කඩුල්ලේ රැඳී සිටිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න ...
ලසිත් මාලිංග – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. ලසිත් මාලිංග wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (මැයි 12) cowkorner සනත් ජයසූරිය පන්දු 24 කදී ලකුණු 41 ( 7×4 , 1×6 ) හරියටම මීට අවුරුද්දකට කලින් මාර්ක් බවුචර් ගේ නායකත්වයෙන් යුත් International XI කණ්ඩායම සහ සනත් ජයසූරිය ගේ නායකත්වයෙන් යුත් Asian XI කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වුණේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී. සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන තරගයක් කැනඩාවේදී පැවැත්වෙන්නේ ඉතා කලාතුරකින් නිසා මේ තරගය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා. තරගය ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 13) cowkorner ගිබ්ස්ගේ අතින් ගිලිහුණු ලෝක කුසලානය “Catches win matches” කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය කියමනක්. ඉතින් අද මම කියන්න යන්නෙ මේ ගැන කතාවක්. ජොන්ටි රෝඩ්ස් ගෙන් පසුව දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුපිරි පන්දු රකින්නෙකු වූ හර්ෂල් ගිබ්ස් අතින් 1999 ලෝක කුසලානයේ අද වැනි දිනක ගිලිහී ගිය උඩපන්දුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම උඩපන්දුව ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. හෙඩිංලි හිදී පැවති මෙම තරගයේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 20) cowkorner ටෙඩී ඇලස්ටන් වේගවත් පිතිහරඹයක අද මුලින්ම කියන්න යන්නෙ එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැන. 1911 අද වගේ දවසක නොටින්හැම්ෂයර් සහ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවති තුන්දින තරගයේදී නොටින්හැම්ෂයර් පිළේ ටෙඩී ඇලස්ටන් දියත් කළ වේගවත් පිති ප්‍රහාරය එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ දුටු හොඳම ඉනිම් වලින් එකක් සේ සැලකෙනවා. අංක 9 ස්ථානයේ පිටියට පිවිසි ටෙඩී විනාඩි 90ක් වැනි කෙටි ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 05) cowkorner එංගලන්තයේ ඉයන් බොතම් අද දිනය ගැන නම් කියන්න සුවිශේෂී සිදුවීම් එතරම් නැහැ. මතකද 1992 ලෝක කුසලානය. එය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී. ඇලන් බෝඩර්ගේ ඕස්ට්‍රේලියානු පිළ සිඩ්නිහිදී ග්රැහැම් ගුච්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිළ හමුවේ කඩුළු 8ක පරාජයක් ලැබුවේ අද වගේ දවසක. තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඉයන් බොතම් කඩුළු 4ක් හා අර්ධ ශතකයක් ලබා ගත්තා. 1987 ලෝක කුසලානය දිනා සිටි සත්කාරක ඕස්ට්‍රේලියාවට අවසන් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 10) cowkorner කර්ට්ලි ඇම්බ්‍රෝස් 1990 අද වගේ දවසක බාබඩෝස් හිදී අවසන් වූ ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රෝස් තම හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරන්නට සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිව පන්දු වාර 22.4 කදී ලකුණු 45 කට කඩුළු 8ක් දවාගනිමින්. ඇම්බ්‍රෝස්ගේ මෙම දස්කම නිසා එම ටෙස්ට් තරගාවලිය පරාජයෙන් බේරා ගැනීමට කොදෙව්වන්ට හැකි වුණා. 1882/83 පළමු අළු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 4) cowkorner වසීම් අක්රම් සාජා හි පැවති 1990 ඔස්ට්රලේශියා කුසලානයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් ගැන පහුගිය දවස් කිහිපයේම කිව්වනෙ. ඉතින් මේ තරගාවලිය අවසන් වෙන්නෙත් තවත් එවැනිම සිදුවීමකින්. මෙහිදී සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්රම් ඕස්ට්‍රේලියනු ඉනිම අවසන් කරන්නේ කඩුළු ත්‍රිත්වයක් (hat-trick) සමගින්. මෙය ඔහු ලබාගත් දෙවන එක්දින කඩුළු ත්‍රිත්වයයි. මෙම කඩුළු තුනම කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලබාගත් ඒවා වීමත් විශේෂයි. තරගය ...
අද ක්‍රිකට් පිටිය (මාර්තු 18) cowkorner බොබ් වුල්මර් මාර්තු 18 වෙනිද නම් ක්‍රිකට් පිටියේ එතරම් වැදගත් සිදුවීම් සිදුවෙලා නැහැ. නමුත් 2007 මාර්තු 18 වෙනිද අහන්න ලැබුණු ආරංචියකින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් කම්පාවට පත්වුණා. ඒ එවකට පකිස්ථානයේ පුහුණුකරු ඉංග්‍රීසි ජාතික බොබ් වුල්මර් ගේ අභාවය ගැන පුවතයි. 2007 ලෝක කුසලානයේදී පකිස්ථානය අනපේක්ෂිත ලෙස අයර්ලන්තය හමුවේ පරාජය වී දිනකට පසු සිදුවූ මෙම මරණය පිළිබඳ විවිධ මත පළවුණා. Hansi Cronje ...
අද ක්‍රිකට් පිටිය (මැයි 19) cowkorner ස්ටුවට් බ්‍රෝඩ් – 7/44 එංගලන්තය සහ නවසීලන්තය අතර ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවති ටෙස්ට් තරගය අද නිමාවට පත්වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව හොඳින්ම කියාපාමින්. ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා යෑමට නවසීලන්ත පිතිකරුවන් පිටියට පිවිසෙන විට බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වුණේ මෙය ඉතා තියුණු තරගයක් වනු ඇති බවයි. නමුත් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ඒ සියළු බලාපොරොත්තු බිඳ හෙළමින් නවසීලන්තය ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 06) cowkorner බ්‍රයන් ලාරාගෙන් තවත් සුපිරි ඉනිමක් 501* වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව පිහිටුවා සති කිහිපයකට පසු බ්‍රයන් ලාරා නැවතත් තමන්ගේ නම වාර්තා පොත් අතරට එක් කළේ වැඩිම පළමු පෙළ ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවද සියතට ගනිමින්. ඒ 1994 අද වැනි දිනක බර්මිංහැම් හිදී වොරික්ෂයර් ප්‍රාන්ත පිළ වෙනුවෙන් ඩරම් පිළට එරෙහිව නොදැවී ලකුණු 501ක් රැස් කරමින්. (ලාරා බිඳ හෙළුවේ පකිස්ථානයේ හනීෆ් මොහොමඩ් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 27) cowkorner ජයග්‍රාහී කල්කටා නයිට් රයිඩර්ස් පිළ 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඊයේ අවසන් වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරයන් බවට පත්කරමින්. හැබැයි මේ කියන්න යන්නෙ පසුගිය 2012 IPL තරගාවලිය ගැන. එහි අවසන් තරගය චෙන්නායි හිදී පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී ගෞතම් ගාම්භීර් නායකත්වය දැරූ කල්කටා නයිට් රයිඩර්ස් පිළ ශූරතාවය ලබාගත්තා. මෙවර තරගාවලියේ වගේම අනුශූරයන් බවට පත්වුණේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි. මීළඟට ...
අද ක්‍රිකට් පිටිය (මැයි 29) cowkorner සිම්බාබ්වේ පිළෙන් අනපේක්ෂිත දස්කම්… එදා මෙදා තුර ඉතිහාසයේ ටෙස්ට් තරග 2000 කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇතත් ඒ අතරින් එක් කඩුල්ලකින් ජයගත් අවස්ථා වාර්තා වී ඇත්තේ අවස්ථා 12 කදී පමණයි. 2000 වසරේ අද වැනි දිනක මෙවැනි විරල සිදුවීමක් වාර්තා වුණේ ඇන්ටිගුවා හි පැවති කොදෙව්වන් සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී. මෙහිදී තරගයේ සහ තරගාවලියේ ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හඹා යමින් සිටි ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 02) cowkorner දෙවසරකට පෙර… හරියටම මීට අවුරුදු 2 කට කලින් ඒ කියන්නෙ 2011 අප්‍රේල් දෙවෙනිදා කියන්නෙ සියළුම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු කඩවුණු දවසක්. ඒ පිට පිට දෙවන වතාවටත් ලංකාව ලෝක කුසලාන අවසන් තරගයකින් පරාජයට පත්වුණු නිසා. මේ ගැන බොහෝ දෙනා විවිධ කතා කිව්වත් අවසන් තරගය දක්වා පැමිණීම ගැන අපි ආඩම්බර විය යුතුයි. තරගය ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනෙ, මොකද ගොඩක් දෙනෙකුට ...