ණය යතාර්තවාදියා ශ්‍රී ලංකාවේ ජාතික ගීතය මුලින්ම ලියා තිබුණේ “නමෝ නමෝ මාතා- අප ශ්‍රී ලංකා” කියා පටන් ගන්නටය. එහෙත් කවුදෝ බක පණ්ඩිතයෙක් “න” අපායාක්ෂරයක් යැයිද, ඒ විදියට ජාතික ගීය පටන් ගැනීම රටට සුබදායක නොවන බවද කියා එය වෙනස් කළේය.හැබැයි රටට ඇතිවූ සුගතියක් නැත. හැඳිගෑවිලාම ගියාය.ඇත්තටම අපායාක්ෂරය විය යුත්තේ “න” නොව “ණ” යි. ඒ මන්ද කියනවා නම් “ණ’ යන්නෙන් පටන් ගන්නා වචන ...
ගූ කතා ගොඩක් යතාර්තවාදියා අද ගූ කතා ලියන්න හිතුනේ මාධ්‍යවේදී චමුදිතට ගූ ගැසූ නිසාම නොව , මගේ නිවස අසල නිවසට අලුතින් ආ කෙනෙකුගේ නාම පුවරුව දැකීම නිසාය.Julio Gu ඔහුගේ නමයි.ගු ගේ නම දුටු විට මගේ සිත ඈත අතීතයට ඇදී ගිහින් නතර විය. මට සිංහළ ඉගැන්වූ මඩදෙණිය ගුරුතුමා නියම ගුරු පියෙකි. මල – මළ වෙනස ඉගැන්වීමට ඔහු පීරියඩ් එකෙන් අඩක්ම වැය කළේය.සද්දෙ එක වගේ ...
ස්වෙත්ලානා යතාර්තවාදියා මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස හෝ තද ශීතල නැති හෑම හැන්දෑවකම ඇවිද ගියේ මේ මාර්ගය ඔස්සේය. සුදු තීන්ත ගෑ ලී වැටක් ඇති කුඩා එහෙත් දැකුම්කළු ...
මගේ ලංකා ගමන – ඉතිරිය- ආ – ගිය කතා යතාර්තවාදියා අපේ එවුං හදන්ටම බැරිය. ආයෙම ලොකු සුනාමියක් ඇවිත් අවුරුදු 10 න් පහල උන් විතරක් ඉතුරු වෙලා අනික් උන් හැම එකාම හැඳි ගෑවිලා ගියොත් , ආන්න එදාට අලුතින් හිතන්න පුළුවන් කට්ටියක් හදන්ට පුළුවන් කියා මට හිතෙනවාය.” රනිල් වික්‍රමසිංහට එක්ස්පීරියන්ස් තියෙනවා.. අනුර කුමාරට එහෙම එකක් නෑ” මේ අපේ නෑයෙකුගේ දේශපාලනයයිඔය කොළේ අවුරුදු 75 ක් ම..එක්ස්පීරියන්ස් තියෙන උන් එකතු වෙලා.මට එහෙම කියන්ට කට ...
සාමණේර කතා වස්තුව – 3 යතාර්තවාදියා ලොකු හාමුදුරුවෝ සෑහෙන කාලයකට පස්සෙ සෝරත හිමියන්ට කතා කලා.උන්නාන්සෙත් එක්ක ටිකක් කතා කළොත් හොඳයි කියල හිතුව. උන්නාන්සේ හැම වෙලාවෙම කාර්ය බහුලයි. කැම්පස් එකේ වැඩයි. සමාජෙ වැඩයි. අපෙ හාමුදුරුවනේ.. මට ගෝලයෝ 24 නමක් හිටියා. දැන් ඉන්නේ උන්නාන්සෙත් එක්ක 8 නමයි. ඔක්කොම සිවුරු ඇරියා.ඔය මෙහාට දානෙ ගේන ඉස්කෝළෙ මහත්තයත් මගේ ගෝලයෙක්. උපැවිදි උනා. විවාහයක් කර ගත්තා. දැන් ඔය සැපක්ද විඳින්නේ. මැෂිම ...
සාමණේර කතා වස්තුව යතාර්තවාදියා කවුරුන් හරි පැවිදි ජීවිතයට එන විට එතෙක් භාවිතා කළ ගිහි නම වෙනුවට බෞද්ධාගමික නමක් ලැබෙනව. මුලට එන්නේ තමන් පදිංචිව සිටි ගමේ නම.තොටගමුවේ රාහුලගංගොඩවිල සෝම… වගේ එහෙත් ඔබ අහල තියෙනවද රටේ ප්‍රධාන නගර වලින් පැවිදි වූ අය.කොළඹ 7 පියනන්දමහනුවර රාහුලගාල්ලේ අරියධම්ම ….වගේ.බොහෝ විට මෙලෙස සසුන්ගත වන්නේ ඈත හද්දා පිටිසර ගම්වල පවුල් වලින් පැවිදි වූ අය.වලහ හැංගුන වැවේ අරියසෝබනඊතල වැටුන වැවේ ...
සාමණේර කතා වස්තුව- අවසන් කොටස යතාර්තවාදියා මහණෙනි, පුරෝකථනයක් කළ නොහැකි වූද , කලින් දැනුම් දීමකින් තොරව ඉතා වේගයෙන් වෙනස් වන ප්රපඤයන් දෙකකි.එනම් ස්ත්‍රිය සහ කාලගුණයයි.-බුදුන් වහන්සේ- ජයන්ති කීවේ මුසාවක් විය නොහැකිද ? ඇත්තටම ඇය තමා නිසා ගැබ් ගෙන ඇද්ද ?ඒක එහෙම නම් ඇය එලෙස කරන්නේ තමා අයිති කර ගැනීමේ චේතනාවෙන්ම පමණක් විය නොහැකිද ?කොහොම හරි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ ඇයට කණ් දී ඈත් ...
පාපොච්චාරණය යතාර්තවාදියා “පහසුවෙන් ඉඳගන්න. මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….” මානසික රෝහලේ විශේෂඥ ...
පළා බබා යතාර්තවාදියා උතුරේ දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා. එහෙත් LTTE නායකයා – ප්රභාකරන් කෙළින්ම ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයක්. JR ජයවර්ධන ඉන්දියාව සතුටු කිරීමට පළාත් සභා අච්චාරුව ඇති කළේය. රට පුරාම උද්ඝෝෂණ පටන් ගැනින. පාසැල් වල පවා. පාසැල් වලින් එළියට ආ සිසු සිසුවියන් “පළාත් සභා- අපට එපා” කියල කෑ ගැසුවා. මෙලෝ හසරක් නොදන්නා පොඩි පංති වල උනුත් කෑ ගැහුවා තමන්ගේ කන් වලට ඇහුනු ...
පෙට්ටි. යතාර්තවාදියා “අපගේ ගමන් මග වැටී ඇත්තේ පෙට්ටි දෙකක් අතරය”. මේ වාක්‍යය තේරුම් ගැනීමට එතරම ලොකු ඥානයක් අවශ්‍ය නැත. මා කුඩා කළ ප්‍රිය කළ විෂයයන් ගෙන් එකක් වූයේ අත්වැඩය. කිරි මැටි ගුලි කර කුරුල්ලෙකු සාදා උගේ ඇස් වලට ඔළිඳ ඇට දෙකක් තැබීමටත්; මැටි ගුලියක් කර , අසළ දෙහි ගසකින් කොළ ඉත්තක් ඒ මත ඔබා දොඩම් ගෙඩියක් සෑදීමටත් වඩා මා ආසා කළේ හිස් ...
වන්දනාවේ යමු. යතාර්තවාදියා ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය. අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ. ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ ...
අපරාධය සහ දඬුවම. යතාර්තවාදියා කාළගුණයත් හරියට ගෑණු වගේ. නිතරම වෙනස් වෙනව. මගේ නිවස මුහුදට ටිකක් කිට්ටුව පිහිටා තිබුණත් , සමුදුර පිස ගෙන ආ සිහිල් වා රැළි යටපත් කර ගෙන උණුසුම් වායු දහරා හමා ගියා. වෙනසකට තිබුනේ ලංකාවෙ වගේ දහදිය නොදමන එක විතරමයි. ” අද ටිකක් කලින් නිදා ගම්මු” කලින් නිදා ගත්තොත් උදේට ප්‍රබෝදයකින් නැගිටින්න පුළුවන්. දුරකතනය නාද උනා. ” ගන්න එපා” මගේ අත ඇදල ...
ප්‍රශ්නයක්ද ? යතාර්තවාදියා ප්‍රශ්න නැත්තෙ කාටද ? එහෙම කෙනෙක් ඉන්නවා නං ඒකත් ප්‍රශ්නයක්. එකක් ඉවර වෙන කොට එකක්. එකක් ඉවර වෙන කොට එකක්. ලංකාවෙ අයට නම් එච්චර ගානක් නෑ. ප්‍රශ්නත් එක්කම ජීවත් වෙල පුරුදු වෙලා. ඉස්සර බෝම්බ පිපිරෙන කාලෙ.. මම අපෙ අම්මට කතා කරනව. ” අම්මේ.. අදත් සෑහෙන ගානක් මැරිල නේද ?” ” අනේ අපිට නං ආරංචියක් නෑ.. කොහෙද පුතේ ?” හැතැප්ම ...
මටත් පුතෙක් හිටියනං ! යතාර්තවාදියා බොහොමයක් බිරින්දෑවරු කැමති තම කුළුඳුල් දරුවා පිරිමි ළමයෙක් වෙනවනම්.. ඒ වගේමයි සමහර සැමියන් කැමති ඉස් ඉසෙල්ලම දුවෙකුට. ඒක මානසික තත්වයක් කියලයි සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ. ” මම කැමතියි ඔයා වගේ ලස්සන දුවෙකුට” ” ඔව් අනේ.. ලස්සනට අන්දවන්න පුළුවන්. එක එක විදියට ගවුම් මෝස්තර.. වළලු.. කොණ්ඩ පටි..” ” ඊ ළඟට පුතෙක් හොඳද ?” ” කොහොමද එයත් දුවෙක් උනොත් ?” ” කමක් නෑ.. ...
අපේ කාලෙ අමුතු සිංදු……… යතාර්තවාදියා දේශානුරාගය , මමත්වය වැනි හැඟීම් මගේ බ්ලොගයේ හැම තැනකම පාහේ විසිරී ඇති බව ඔබට පෙනෙනු ඇත. ඒවා මවා ගත් ඒවා නොව , උපන් රටින් බැහැරව මාස හය හතක් වෙනත් නුහුරු රටක ජීවත්වන විට නිරායාසයෙන්ම සිතට ඇතුළු වන සිතුවිලිය. මා ලෝකයේ රටවල් කිහිපයකම සරා ඇති අතර විවිධ ජාතීන් ඇසුරු කොට ඇත. විවිධ භාෂාවන් අතරින් මගේ කණේ යවුල් අනින්නාක් වැනි බස නම් ...
සන්නිවේදනය. යතාර්තවාදියා මොකක්ද මේ සන්නිවේදනය කියන්නේ ? සද්දේ හැටියට නම් මහ බැරෑරුම් දෙයක් වගේ. ඒකනේ ඒකට වෙනම ඇමතිවරු එහෙමත් පත් කෙරෙන්නේ. හැබැයි බැරෑරුම් කම තියෙන්නෙ සද්දේ විතරයි. අපි සන්නිවේදනය කරන්න පටන් ගත්තේ ගල් ගෙවල ඉන්න කාලෙ ඉඳල. සන්නිවේදනය යනු අදහස් හුවමාරුවයි. සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන අදහස් හුවමාරුවයි. සන්නිවේදනය යනු අඩුම ගණනේ දෙදෙනෙකු අතර සිදුවන සපලදායී අදහස් හුවමාරුවයි. අදහස් වාචිකම ...
හැපි වැලන්ටයින්ස් ඩේ යතාර්තවාදියා හැපි වැලන්ටයින්ස් ඩේ අද 2018 පෙබරවාරි 14. මේක ලියන්න පටන් ගන්න කොට වෙලාව උදේ 7.30 යි.එයා උදේ වැඩට යන්න ලෑස්තිය.මට තව වෙලාව තියෙනව. මම යන්නෙ ටිකක් පරක්කු වෙලා. ” අද වැලන්ටයින්ස් ඩේ.. මොනවද ඕන? එළියට යනවද රෑ කෑමට?” ” මට මොනවත් ඕන නෑ. ඉක්මණට එන්න. අපි උයමු” ” ගිය පාර මතකද ?” අපි පැයකටත් වඩා එහා මෙහාට ගියා වාහනය ...
පළා බබා – 3 යතාර්තවාදියා රත්නපාල මහත්තයලගෙ ගෙදරට කිට්ටුම නගරයට හැතැක්ම එක හමාරක් විතර ඇති. නගරයේ ඉඳල රත්නපාල මහත්තයලගෙ ගෙදරට එන කෙනෙක් ඒ ගේ පහු කරල ගියාම පාරේ වම් පැත්තේ කුඩා උප තැපැල් කාර්යාලයක් තියෙනවා. වැඩ කළේ මැදිවියේ කාන්තාවක් තැපැල් ස්තානාධිපතිනිය විදියට. මනි ඕඩර්-ටැලිග්රෑම්-පිං පඩි- මුද්දර වගේ සේවාවන් එතැනින් සැපයුනා. ලොකුම අඩුවකට තිබුණේ ටෙලිපෝන් එකක් නැතිකම. හිටි හැටියේ ටෙලිකොම් එකෙන් ඇවිල්ල නගරයේ ඉඳල කොන්ක්‍රීට් කණු ...