පළා බබා- අවසන් කොටස යතාර්තවාදියා පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් වැඩම කළා මන්ත්‍රී බංගලාවට. ලොකුහාමුදුරුවෝය කිව්වට වයසක කෙනෙක් නෙවි, තරුණ පහේ හිමි නමක්. “මන්ත්‍රිතුමත් එක්ක පෞද්ගලිකව කතා කරන්න හිටියේ ටික දවසක ඉඳල. කොහෙද වේලාවක් නෑනෙ..” ” අපෙ හාංදුරුවනේ ඝංඨාර කුළුණ?” ” ඒව නං පස්සෙ බැරියැ.. ඊට වඩා වැදගත් දෙයක්..” “කිව්වනං හාංදුරුවනේ..” ” මට ඕව වැඩක් නෑ. ගිහියන්ගෙ පුද්ගලික දේ. දැන් අසෝබන කතා පැතිරෙනව . ඇත්ත නැත්ත ...
ලස්සන හින්දි සිතුවම් පටක්… යතාර්තවාදියා හින්දි චිත්‍රපට කොහොමටත් ලස්සනයිනේ.. ඊස්ට්මන් කලර්.. මල්ටි කලර්.. වෝටර් කලර්… මම හින්දි චිත්‍රපට බලන්න පුරුදු උනේ අපේ ගෙදර එක්කෙනා නිසයි. කලින් බලපු නැති එකක උනත් පටන් ගෙන විනාඩි පහකින් සේරම කතාව හිතා ගන්න පුළුවන්. මොකද හැම එකම එක අච්චුව නිසා. මම සබ් ටයිටල් කියවන්න මහන්සි වෙන්නෙ නෑ. ඒව කියවන්න කාලෙ ගත්තාම ලස්සන දසුන් මග හැරෙනව. ඇරත් අපේ එක්කෙනා හින්දි බස ...
අමුතු කතාවක් යතාර්තවාදියා රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්. සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා තිබුණු අතර ඒ දැලිපිහිය මුවාත් කිරීමටයි. පිට ලෑලි එකට පුරුද්දීමෙන් සෑදුනු හතර බිත්තිය නළු නිළි පිංතූර වලින් ආවරණය වී ...
ලොකු අයියා යතාර්තවාදියා ලොකු අයියාගේ තාත්තා, මගේ ලොකු මාමාය. එහෙමත් නැත්නම් මගේ අම්මාගේ ලොකු අයියාය. ඒ නිසාම ලොකු මාමාගේ එකම පුතා මට ලොකු අයියා විය.ලොකු මාමා අමුතු චරිතයකි. ඔහුට හරිහමන් රැකියාවක්, ස්තිර ආදායම් මාර්ගයක් තිබුණේ නැත. එහෙත් ඔහු අත යහමින් මුදල් ගැවසුනේය. ඒ නිසාම ඔහුට හැම තැනම ගෑණුය.වරෙක ඔහු කුඹුරු ගොවිතැන් කළේය. තවත් වරෙක හේන් ගොවිතැන් කළේය. කාලයක් අනුරාධපුර පැත්තේ තේ කඩයක් දමා ...
Singlish යතාර්තවාදියා Netflix එකේ හොඳ චිත්‍රපටියක් හම්බ උනා. Spanglish .. අවුරුදු 20 ක් විතර පරණයි. මට නම් අළුත්. ඇඩම් සැන්ඩ්ලර් රඟපාන. Comedy යටතේ තමා වර්ගීකරණය කර තිබුනේ. එහෙත් ඒකේ කොමඩියකට එහා ගිය දෙයක් මා නම් දුටුවා. ඇමරිකාව සහ මෙක්සිකෝව කියන්නේ එකම භුමියේ තිබෙන දේශසීමා වැටකින් වෙන්වුනු රටවල් දෙකක්.මෙක්සිකෝව කියන්නේ ලස්සන ඉපැරණි සංස්කෘතියක් ඇති අපමණ සම්පත් වලින් පිරුණු එහෙත් ලංකාව වාගේ දූෂිතයන්ගෙන් පිරි ...
මොඩර්න් චතුරාර්ය සත්‍යය යතාර්තවාදියා 1 ඩොලර්2 ඩොලර් ඇති වන හැටි3 ඩොලර් නැතිවීමට හේතු4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය 1 ඩොලර්මගේ මව් පස හෝ පිය පස කිසිවෙක් උපන් රටින් පිටට අඩියක් තබා නැත. අඩුතරමින් දඹදිව වන්දනා කිරීමටවත් , සාරි බිස්නස් කිරීමට මැඩ්රාසයටවත්. තරුණයෙකු වන තුරුම කිසිම විදේශීය මුදලක් අත ගා නැත. For a few dollars more . කව් බෝයි චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී සිටි කාලයේ ...
ගමනක අවසානය. යතාර්තවාදියා මගේ ශරීරයේ අවයවවලින් 50% ක් – ඒ කියන්නේ හරි අඩක්ම මට අවනත නොවේ. ඒවා කාටවත්ම අවනත නොවේ. ඇඳ සුව පහසුය.එහෙත් එකම ඉරියව්වෙන් දිගු වේලාවක් සිටින්නට වීම නිසා කටු යහනාවක් මෙන් දැනේ. ඇඳ ඉදිරි පස රූපවාහීනියෙන් විවිධ දේ පෙන්වයි ඒ එකක්වත් මට නොතේරේ. වම් අත සිදුරු කර බටයක් සවි කර ඇත. සේලයින්ලු. බඩ මැද සිදුරු කර සවි කර ඇති ප්ලාස්ටික් බටයකින් ...
කළු පූසා යතාර්තවාදියා කළු පූසාගෙ නම “ඇබී” ය. ඇත්තටම ඒ පූසියෙකි. කට්ට කළු පාටය. හරියට Black Panther කෙනෙකුගේ මල්ලී – නංගී කෙනෙක් වගේය. ඇබීගේ අම්මා තාත්තා කවුද කියා මා නොදනී. ඇබී අපේ ගෙදරට ආ දවස අද ඊයේ වගේ මතකය. එදා වැසි දවසක්. සතුන්ට ආදරේ කරන මගේ දියණිය එවකට සේවය කළේ National Guard එකේ.දවසක් මහ වැස්සේ ගෙට ගොඩ උනු ඇය තම නිල ඇඳුමේ ...
ආවර්ජනා යතාර්තවාදියා බස් එකේ හැතැම්මක් දුර සත පහට ගිය කාලෙහිස් සිගරට් පෙට්ටි තීරු කපල පැදුරු වියාපු කාලෙබයිසිකළේ පැඩ්ල් එකේ නැගල පල්ලමේ ගිය කාලෙපස් මහ බැලුම් බලල ඉපදෙන්න තිබ්බෙ ඒ කාලේ මැද ඇඟිල්ල හංගගෙන ඒක හොයන්න කියාපු කාලෙරබර් ඇට වලින් පෙති බඹර කරකවපු කාලෙමඤ්ඤොක්කා නටු වලින් මාල වළලු හදාපු කාලෙඅනේ එහෙම කාලයක් ? ආයෙ කවදා එයිද රාළේ ? තාත්තගෙ කරේ නැගල නුවර පෙරහැර ...
සාමණේර කතා වස්තුව -2 යතාර්තවාදියා සෝරතහිමියන් පුස්තකාලයේ යම් වැඩක නිරත වෙමින් ඉන්නා විට, අවුරුදු 16 ක 17 ක විතර ගැටිස්සියක් පොතක් ගැන විමසුවා. උරහිස දක්වා වැඩී තිබුණු ඇගේ වරලස සෝරතහිමියන්ගේ දකුණතේ වැළමිට හරියේ ස්පර්ශ උනා.කුඩා විදුලි සැරයක් වැදුනා වාගේ උන්වහන්සේට දැනුනා.” ජීවයක් නැති කෙස් ගසකට මේ සා විශාල වෙනසක් කරන්න පුළුවන්ද ?”මුන් ඉපදිල තියෙන්නෙම අපි මරන්න.සෝරතහිමියන්ගේ කාමරය තිබුණේ උඩුමහළේ. උඩුමහළට නගින්නට ලී තරප්පු පෙළක් ...
බයිලන්තය යතාර්තවාදියා අතීතයේ මෙය විවිධ නම් වලින් හඳුන්වා ඇත. සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය ඉන් කිහිපයකි. බයිලන්තයේ වැසියන් බයියන් ලෙස හැඳින්වේ.මා මුලින් හිතාගෙන හිටියේ බයියා යනු නූගත්, අපිරිසිදු, කෙස්ස සහ රැවුල් වවා ගත් , ඉදිරිපස උඩු දත් ඇන්ද ඉස්සරහට නෙරූ , නිතරම බුලත් සපන , කනේ බීඩි කොටයක් ගසා ගත් , කෙසඟ අත් පා සහ ඉදිරියට නෙරූ බඩ ගෙඩියක් ඇති ...
බොරු ගොඩක් යතාර්තවාදියා බොරු කියන අයගේ දත් පණුවො කනවා… කට ගඳ ගහනවා. අන්තිමට අපායේ යනවා.. යයි කියා දුන් අපේ අත්තම්මා කවදාවත් ඉස්කෝලෙකට ගොඩ වී නැත. ඒත් උන්දෑ දැනුම් සාගරයකි. උපහාස- උපහැරණ කතා කීමට දස්සියකි.මගේ අත්තම්මා ඇතුළු බොහෝ අයගේ අත්තම්මලා බොරුවේ උපතයි.කැලේ කපටි රජා නරියා යැයි කියා දුන්නේ මගේ අත්තම්මාය. ඒ අර කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටාගේ හොටේ තිබුණු කේජු කෑල්ල කපටි ...
හිල යතාර්තවාදියා යකඩ මල්ල ගුල්ලො විදපුවාම හාල් මල්ල බලන්නෙවත් නැතිව විසි කරන්න කියල ගැමි කතාවක් තියෙනව. මින් අදහස් කෙරෙන්නේ ගුල්ලන් හිල් කරන්නට සමර්තයන් බව, නොව වෙනත් කතාවකි. ගුල්ලන්ට ඕනෑම දෙයක් හිල් කිරීමට පුළුවන.වඩුවන්ද හිල් කිරීමට දක්ෂයින්ය. ඒ සඳහා වඩුවන් බුරුමය , අවගාරය වැනි මෙවලම් යොදා ගනී. ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. දැන් ඕනෑම දෙයක් සුටුස් ගා හිල් කිරීමට නවීන උපකරණ ...
ගීත කතන්දරය සහ යුග දෙකක වෙනස යතාර්තවාදියා ගීතයක් යනු කුමක්ද ? යම් පදවැලකට සංගීතය මුසු කළ විට එයට ගීතයකැයි කියා කියත්.අප ගීත සාහිත්‍යයේ එන බොහොමයක් ගීත උත්තර භාරත රාග ස්පර්ශ කල ඒවායි. එවන් රාග 83 ක් යැයි මා කියවා ඇත.රාගයක් යනු කුමක්ද ?.. කාලය-වේලාව-අවස්තාව අනුව යම් කෙනෙකුගේ භාවයන් වෙනස් කරන ශබ්ද ඛණ්ඩයක් රාගයක් ලෙස හැඳින්වේ. මෙම රාග දවසේ විවිධ වේලාවන්ට අනුරූපිතය.උදා: හිරු බැස කිය කල මිහිරි ලෙස ...
මගේ ලංකා ගමන ආශ්රිත කතා… යතාර්තවාදියා අවුරුදු 5 කට පසුව උපන් රටට යාමට සිත්වූයේ ටිකක් සාධාරණ අඩු මුදලකට ගුවන් ටිකට් එකක් ලැබුනු නිසාය.මොන ආකාරයෙන් ගියත් ලංකාවට යන ගුවන් ගමන ශරීරයට දුක් දෙවන්නකි. දුෂ්කර ක්‍රියාවකි. එහෙත් නොයා බැරිය.ඇමරිකන් ඩොලරය රුපියල් 308 කි. ඒ නිසා අත දිග හැර වියදම් කල හැකිවේ.කටුනායක ගුවන් තොටුපළේද , කොළඹ නගරයේද මා දුටුවේ වියැලුණු මුහුණුය. බල්ලන්ද කොල්ලන්ද මෙලෝ වගක් නැතිව පාර පනිති. ...
මෙහෙමත් මිනිස්සු ! යතාර්තවාදියා කොස්ගහලන්දේ රොසලින් නැන්දට බෑණ කෙනෙක් ලැබිලා.මද්දුම දෝණිට ගැලපෙන පන්නෙට බෑණ කෙනෙක් ලැබිලා… රොසලින් නැන්දට දූවරුම තුන්දෙනයි. තුන් දෙනාම ඉටි රූප වාගේ. ලොකුම දුව කසාදයක් කරගත්තා. ඈ විසින්ම හොයා ගත්තු එකක්.ඒක එච්චරම සරු විවාහයක් නෙවි. ඒකටත් එක්ක හරියන්න මද්දුම දෝණිට අපූරු විවාහයක් හරි ගියා. මනමාලයා හොඳ උස මහත හාදයා. ඒ විතරක් නෙවි, ගස් ගල් වාගෙ සහෝදරයොම පස් දෙනයි. හැමෝම බිස්නස් කාරයෝ.බිස්නස් ...
පොඩි හාමුදුරුවෝ යතාර්තවාදියා උඩුගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ”ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. උඩුගම කියන්නේ මාතලේට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළුදෙනාම පාහේ ...
පාපොච්චාරණය යතාර්තවාදියා “පහසුවෙන් ඉඳගන්න. මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….” මානසික රෝහලේ විශේෂඥ ...
ස්වෙත්ලානා-2 යතාර්තවාදියා ලානා පාසැල් ගේට්ටුවෙන් එළියට එනවා සැඟවී බලා සිටි දිමිත්‍රි ඈ පසු පස ගියා. වෙලාව 2.00 ට විතර ඇති. ලානගෙ යාළු කොලු කෙල්ලන් “බායි ලානා” කියා ගෙන ඔවුනොවුන් රැගෙන යාමට පැමිණි වාහන වල නැගී නොපෙනී ගියා. දිමිත්රිලාට වාහනයක් තිබුණේ නැහැ. හැතැම්මක් විතර අලස ගමනින් ඇවිද ගිය ලානා අවන්හලකට ගොඩ උනා. පවු. කෙල්ලට බඩගිනි ඇති. මේ හොඳට කන්න බොන්න ඕන කරන වයස. ...
Caputo යතාර්තවාදියා Caputo යනු ඉතාලියානු වාසගමකි. ලෝකයේ මේ වාසගම ඇති ජනප්‍රිය පුද්ගලයින් රාශියකි. අපේ ක්‍රමයට අනුව නම් ඒ පක්ෂියෙක්. අම්මලාට- තාත්තලාට- පෙම්වතුන්ට වෙන වෙනම දින නියම වී ඇති ලෝකයේ කපුටාටද දිනයක් ඇත. ඒ ජාතික කපුටු දිනය සැමරෙන්නේ අප්‍රේල් මස 27 දාය. කපුටාට ඉන්ගිරිසියෙන් crow , raven යන වචන පාවිච්චි කළද ; raven , crow ට වඩා පෙනුමෙන් ටිකක් විශාලය.කුණු ගොඩක් කොතනද කපුටා ...