සාමණේර කතා වස්තුව – 3


ලොකු හාමුදුරුවෝ සෑහෙන කාලයකට පස්සෙ සෝරත හිමියන්ට කතා කලා.
උන්නාන්සෙත් එක්ක ටිකක් කතා කළොත් හොඳයි කියල හිතුව. උන්නාන්සේ හැම වෙලාවෙම කාර්ය බහුලයි. කැම්පස් එකේ වැඩයි. සමාජෙ වැඩයි.

අපෙ හාමුදුරුවනේ..

මට ගෝලයෝ 24 නමක් හිටියා. දැන් ඉන්නේ උන්නාන්සෙත් එක්ක 8 නමයි. ඔක්කොම සිවුරු ඇරියා.
ඔය මෙහාට දානෙ ගේන ඉස්කෝළෙ මහත්තයත් මගේ ගෝලයෙක්. උපැවිදි උනා. විවාහයක් කර ගත්තා. දැන් ඔය සැපක්ද විඳින්නේ. මැෂිම වාගෙ වැඩ. ආණ්ඩුවෙ රාජකාරියක් කරනවා. සති අන්තයේ ටියුෂන් පන්ති කරනවා. දරුවෝ 4 දෙනෙක්.

ඔය අංගුත්තර නිකායෙ තියෙනවා (අංගුත්තර පඤ්චක නීවරණ වග්ග)
“මහණෙනි ස්ත්‍රී රූපය තරම් පුරුෂයන් ගේ සිත් ඇලුම් කරන බැඳෙන මත් කරවන ගොඩ එනු නො හැකි ලෙස එරෙන අනිකක් මම නොදනිමි. මහණෙනි, ස්ත්‍රීරූපයට වසඟ වූ එහි ඇලුණා වූ බැඳුණා වූ එරුණා වූ සත්ත්වයෝ දීර්ඝ කාලයක් ශෝක කරන්නාහ.”
බුදු බණ එදාටත් වඩා අදටයි ගැලපෙන්නේ
ඔය කසාද බැඳල ඉන්න 100 දෙනෙක්ගෙන් අහල බලන්න උන් ඉන්නෙ සතුටින්ද කියල. 99 ක ගෙම උත්තරේ මා දන්නවා.
මහණකම ඇර තවත් සැපක් කොහෙන්ද?
ඔය සාරිපුත්ත සුත්ත නිද්දෙසෙ තියෙනවා මෙහෙම.. ඉධෙකච්ඡෝ වේසියාගෝචරෝ වා හෝති…පණ්ඩක ගෝචරෝ වා හෝති…
අයං වුච්චති අගෝචරෝ. ඒ කියන්නේ ගණිකාවන් සහ සෙස්සන්ට වඩා උත්සන්න කාමරාගය ඇති අය ආශ්‍රයට නුදුසුය කියල. ඔය මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතකත් තියෙනවා ගෑණු කියන්නෙ අපායට විවෘත කල දොරටු වගේ කියල..

එළඹ සිටි නුවණින් කටයුතු කරන්න.
එහෙමයි. අපෙ හාමුදුරුවනේ..

ජයන්ති පන්සල් ළිඳට නාන්ට යනව කිරිබණ්ඩ දැක්කා. ඈ බං.. සුමාන දෙක තුනක් එක දිගටම වැස්ස නේද ? උඹලෑ ළිං තාම හිඳිලද. මේක එච්චර ලස්සන වැඩක් නෙවෙයි. මීට පස්සෙ මෙහෙ එනව නෙවෙයි.

සෝරත හිමියන් හවස දේශනයට සහභාගි වී ආපසු පන්සල වෙත පා ගමනින් එමින් සිටියා. කඩේ ළඟ හුන් දෙතුන් දෙනෙක් කතාව නවතා කඩේ ඇතුළට ගියා.
තව එකෙක් ගාතාවක් වගේ එකක් කියනවා ඇහුනා. සෝරත හිමියන් ගමන ටිකක් බාල කොට ඒ කුමක්දැයි සවන් දුන්නා.

සොළ්දරේ උඩ පැදුර එළලා
ජයන්ති ඒ මත බාවලා
ධාතු කරඬුව වැඩමවාලා
පොත් ගුලට ඒ ඔබාලා

සෝරත හිමියන් ගමන ඉක්මන් කලා. ඊ ළඟට ලොකු හූවක් ඇහුනා.
එහෙනම් වැඩේ පත්තු වෙලා.

ඔයාගෙ ඇඟ හරි සනීපයි. ගෑනුන්ගෙ වගේ. පිං බත් කාල. කොට්ට ගෙඩි වගේ. මං ඔයාට පිට්ටුවා කියල කියන්නද ? ජයන්ති සෝරත හිමියන්ගේ එක් පියයුරක් දෙතොලින් සෙමෙන් හැපුවා.
අපි පැනල යමු. පදවියේ. අපේ නැන්දලගෙ ගෙදර. එයාලට ළමයි නෑ. සරුයි. ගොවිතැනුත් කරනවා. කඩේකුත් කරනවා. ඔයා කැමති නම් අපි හේන් ගොවිතැන් කරමු. එතකොට අපි දෙන්නට පුළුවන් රෑට පැල් රකින්න.
මොනව කරන්නත් තව මාස 6 ක් ඉන්න වෙනව. ගිහියන්ට වගේ නෙවි, උපාධිය තිබුණත් අපිට රස්සාවල් ගන්න ටිකක් කල් යනව.
ඊට පස්සෙ සිවුරු ඇරල වෙන කාව හරි එහෙම බැන්දොත් මම මේ පොඩි පිට්ටු ගෙඩිය කපනව

ලොකු හාමුදුරුවෝ ආයෙමත් සෝරත හිමියන්ට කතා කලා.

උන්නාන්සේ මොකද මේ කර ගෙන තියෙන්නෙ. මට කවුදෝ ලියුමක් එවල තියෙනවා. වැඩේ බරපතලයි. උන්නාන්සේ දක්ෂයා. උගතා. මම හිතන් හිටියේ මේ පන්සල්වල භාරකාරත්වය උන්නාන්සේට පවරන්න.
මේක මාර්ගපලයක් ලබන්න පුළුවන් කාලයක් නෙවෙයි. අපි හැමෝටම එක කාලයකදි විවිධ හැඟිම් ඇති වෙනව. සාසනේට ආව නං ඒ හැඟිම් වලින් තමන්ට සුදුසු ඒවා විතරක් තෝරා ගන්න ඕන. දැන් පරක්කු වැඩියි. ගෙරි මස් කරේ එල්ල ගෙන කන සිරිතක් නෑ නොවැ උන්නාන්සේ..
හොඳම දේ ගමේ දායකයන් කැළඹෙන්න කලින් මෙහෙන් පිට වෙන එක. සිවුර ඇතිව හෝ නැතිව. මම තමුන්ගේ මවුපියන්ට එන්න කියල පණිවිඩයක් ඇරියා.

මගේ විභාගේ තව මාස් 6 යි. මට එතෙක් ඉන්න පුළුවන්ද?
තව එක දවසක්වත් බෑ. හෙටම පලයන් යන්ට මක බෑවිලා.

සෝරත හිමියන්ගේ තාත්තා කතා බතා අඩු නිහඬ අයෙක්.
සෝරත හිමියන්ගේ මව සුදු පාට කුඩා ලේන්සුව සෝරත හිමියන්ගේ දෙපා ඉස්සරහ එළල දණ ගසා නමස්කාර කළා.
මොකද මේ පොඩි හාමුදුරුවනේ කර ගත්තේ. හැමෝටම යහ මඟ යන්ට උපදෙස් දෙන එක්කෙනා.

එදා හවස ජයන්ති සෝරත හිමියන් හමුවීමට ආවා.
මට දරුවෙක් ලැබෙන්න.
ඉතින් ?
ඉතින් කියන්නේ මං ඔයත් එක්ක ඇර වෙන කා එක්කවත් හිටියේ නෑ
දැන් කරන්න දෙයක් නෑ. අපි දොස්තර කෙනෙක් හම්බ වෙමු.
දෙයි හාමුදුරුවනේ.. කර ගත්තු අකුසල් මදිවටද ප්‍රාණගාතයකුත් කරන්න හදන්නේ. මං නරක ගෑනියෙක්. ඒත් මට මේ දරුවා නැති කරන්න බෑ.

මට මේ වෙලාවෙ මොනවත් තීරනයක් ගන්න බෑ. මගෙ විබාගෙ ඉවරවෙනකල්.
විබාගෙ යකාට ගියාවෙ. අපි යමු පදවියෙ.
මගෙත් එක්ක සෙල්ලම් බෑ. මං දන්න ආමිකාරයෙක් ඉන්නව. මගේ කලින් මනුස්සයගෙ යාළුවෙක්. කියන පරක්කුව විතරයි. සිවුර ගලවල අමුඩ ගහයි.

මම සුමානයක් කල් දෙනවා. නැත්තං එනවා පදිංචියට පන්සලට. මේ කාමරේටම.
පදවියේ ගිහින් මට කුඹුරු කොටන්නද කියලද කියන්නේ.
ඔයාට උගත්කම තියෙනව . ටියුෂන් පන්තියක් පටන් ගමු. සල්ලි අතපත ගෑවෙන කොට සේරම හරියයි.

මතු සම්බන්ධයි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to සාමණේර කතා වස්තුව – 3

  1. Jagath Pathirana පවසයි:

    දෙමළු සහ භික්ෂූක් කියන්නෙක්
    සිංහල ගිහියෝ වගේ සාමාන්‍ය අයම තමයි.
    අපිට වඩා උසස් අය නෙමෙයි.
    දෙමළ මිනිහෙක් ගැනත් ඔයවගේ කතාවක් ලියන්න බලන්න.
    දෙමළු කියන්නෙත් භික්ෂූන් වගේමයි.
    ඒ වුනාට හාමුදුරු කෙනෙක් විවේචනය කරන්න එඩිතර අය හිටියට දෙමලෙක් විවේචනය කරන්න එඩිතර අය නෑ.

    • මෙතන විවේචනයක් නෑ. කීණපැලැස්සේ සෝරත තවම ජීවත් වෙනවා. සිවුරු ඇරලා. අන්ත දුක් ගොඩක් විඳ දැන් නම් සාමාන්‍ය ජීවිත්යක් ගෙවනවා. අන්තිම කොටසින් ඒ ගැන.
      දෙමළු … ඒ වචනයට මම කැමති නෑ. උතුරේ උන්ට තියෙන ප්‍රශ්නයම තමයි දකුණේ අපිටත් තියෙන්නේ. ස්තූතියි ප්‍රතිචාර වලට

  2. Sarath Perera පවසයි:

    Kathawe mula kotas deka wagema hondai.Anith kotasuth ikmanata danna Sorathata mokada wenne balanna.

  3. නිර්නාමික පවසයි:

    Some people don’t know the real lives. Take it easy Nihal.

  4. අජිත් ධර්ම පවසයි:

    සෝරත ඉල්ලන් කෑව වගේ. කතාව හොඳයි. පදවියටත් යනවද කතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න