ලෝක වෙළද පොලේ තේ මිල වැඩිවුනත් රටට ලාභයක් නෑ Lanka hot news lankahotnews.org ගිය වසරට සාපේක්ෂව 2011 මෙවර තේ මිල ඉහල යමින් පවතී. නමුත් ඩොලරයේ බිද වැටීම නිසා තේ වල මිල ගිය වසරටත් වඩා පහල මිලක පවතී. ඒ නිසා තේ කර්මාන්තයේ මේ දිනවල ලැබිය යුතු ලාභය රටට ගලා එන්නේ නැත. මේ සතියේ තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 396.54 ක් පමණ වූ අතර එය ඩොලර් වටිනාකම අනුව ගත්විට ඩොලර් 3.06 කි. 2011 අදාළ ...
ජනතාව කුකුල් මස් නිශ්පාදනයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක Lanka hot news 2016 වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 08 ක් වැනි අගයක් දක්වා වැඩිවුවත් කුකුළු පාලන කර්මාන්තයේ ලාභ පරාස තවදුරටත් අඩුවනු ඇතැයි අනාවරණය වේ. අධික සැපයුම මෙම කුකුල් මස් මිල අඩු වීම කෙරෙහි බලපා ඇත. මෙම කර්මාන්තයේ සිටින ප්‍රධාන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම නිසා, ඉදිරියේදී ලාභ පරාස අඩුවන බවට අනුමාන කළ හැකියි. ධනවාදී වෙළද පොලේ ඉල්ලුම ...
ඉන්දීය විපක්ෂ නායිකා ජනාධිපතිතුමා හමුවේ Lanka hot news ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අද (20) හමුවූවාය. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය සමඟින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අසෝක් කේ. කාන්තා මහත්වරුන් ද ස්වරාජ් මහත්මියගේ දියණිය බන්සූරි ස්වරාජ් මෙනවිය ද මේ අවස්ථාවට එක් වූහ. ...
ජවිපෙ චීන සබදතා පළුදු වී නැතැයි වාර්ථා වේ Lanka hot news ජනතා විමුක්ති පෙරමුණ හා ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරිය යැංග් ෂියු පිං මහත්මිය අතර විශේෂ හමුවක් (19)දින පෙ.ව. 10.00 ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා සෝමවංශ අමරසිංහ මහතා සහ විජිත හේරත් මහතා සහභාගී වූ බව පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.තානාපතිතුමිය තමන්ගේ ධූර කාලය අවසන් කර රටින් පිටත්වයෑමට නියමිත අතර ඒ බව දැනුම්දීම මෙම හමුවේ අරමුණ වී තිබිණ.එම ...
මහින්ද චින්තනය ඵල දරයි - කොරියා පැටවීමේ මුල් තැන ශ්‍රී ලංකාවට Lanka hot news රටවල් 17ක් අභිභවමින් කොරියාවට ශ්‍රමිකයින් සැපයීම පිළිබඳ පළමු තැන හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.ලොව කිසිදු රටක් මෙවැනි උනන්දුවකින් තම පුරවැසියන් කොරියා යැවීමට උත්සාහ කොට නොමැත.ඊට අදාළ සහතිකය කොරියානු තානාපති ජෝන් මූන් චෝයි මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ශ්‍රමිකයින් පුහුණු කිරීම , භාෂා දැනුම ලබාදීම සහ බඳවා ගැනීමේ ඇති විනිවිද ...
ඉන්දීය නියෝජිතයන්ට කොකු ගහන්න රජයේ මාධ්‍ය Lanka hot news ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා යුවරාජ් ඇතුළු මන්ත්‍රී පිරිස ලංකාවේ සංචාරයේ යෙදෙමින් ඉන්දීය රජයේ දේශපාලන මතය තහවුරු කිීමේ වැඩසටහන්වලට සහභාගී වූ රජයේ මාධ්‍යෙව්දීන් පවසන්නේ තමන් ඔවුන්ට කොකු ගසමින් සිටින බවයි. නමුත් ඔවුන්ගේ බලපෑම් හමුවේ ඔවුන් මුන ගැසුන පිරිස් බලතල බෙදීම සම්බන්ධයෙන් එකගත්වය පළකර සිටිමින් ඇති බව අනාවරණය වේ.ඉනිදීය මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ජවිපෙ හැර විපක්ෂයේ සේසු පක්ෂ හමුවීමෙන් ද තහවුරුකර ...
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක් Lanka hot news වෙන් කර ඇති ප්‍රතිපාදන වසරින් වසර කපා හරිමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමේ උත්සාහයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.මේදක්වා විශ්වවිද්‍යාල මගින් පාලනය වූ ඇතැමි අරමුදල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම එම දියකර හැරීමේ ප්‍රබල පියවරක් යැයිද එම ලිපියෙන් පෙන්වා දී ඇත. මෙම තත්වයට විරෝධය පළ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය යහපත් අයුරින් පවත්වාගෙන යාමට ක්‍රියාකරන මෙන් ...
ලෝක බැංකු සභාපති නම් කරයි Lanka hot news ලෝක බැංකුවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ සාමාජික රටවල ඡන්දවිමසීමේදී ඇමරිකාව නියෝජනය කළ ජිම් යොන් කිම් මහතා ජයගත්තේය. ලෝක බැංකුවේ කොටස් ප්‍රමාණයක් හිමි ඇමරිකාණු නියෝජිතයෙකු හෝ ඔවුන්ගේ අභිලාශයන් නියෝජනය කරන පුද්ගලයෙකු සාමාන්‍යයෙන් මෙම තනතුරට පත්වේ.මෙවර තේරීපත්වූ ජිම් යොන් කිම් ඇමරිකාව නියෝජනය කළ කොරියාණු සම්භවයක් සහිත 52වැනි වියේ පසුවන වෛද්‍යවරයෙකි. නයිජීරියානු මුදල් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු මොහු සමග සභාපතිධූරයට තරග කළේය.නව ...
ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට Lanka hot news ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ. (16) රාත්‍රී 10.45 ට පමණ ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට ළඟාවූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ලබන 21 වැනිදින දක්වා මෙරටට රැදීසිටීමට නියමිතය.දිවයිනට පැමිණි ඉන්දීය නියෝජිත පිරිස අද(17) දිනයේ රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ...
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඉන්දු ශ්‍රී ලංකා සබදතා බිදදමනවා Lanka hot news පරමාණු බලශක්ති අධිකාරිය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය අප්‍රේල් 10 දා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත, ශ්‍රී ලංකාවේ ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය නිසා ජපානයේ ෆුකුෂිමා අනතුරක් වැන්නකින් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන බවට ප්‍රකාශ කළ බව වාර්ථා කොට ඇති අතර ගරු ඇමතිතුමා විසින් ඉදිරි සැප්තැම්බර් මාසයේදී මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ...
LLRC වාර්ථාව දකුණු අප්‍රිකාවේ Truth Commissionහි කොපියක් Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ඉදිරිපත් කරීමට නියමිත බව කියන යෝජනාවලියට එරෙහිව අප්‍රිකානු රටවල සහය මෙරටට ලබාගැනීමේ අපේක්ෂාවෙන් අමාත්‍ය ජී.එල්. පීරිස් මේ දිනවල අප්‍රිකා මහාද්වීපයේ සංචාරයක නිරතව සිටී. මෙහිදී උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති සැලසුම් පිළිබඳව දකුණු අප්‍රිකානු රජය දැනුවත් කර තිබේ.අප්‍රිකාවේ සංචාරයක නිරත විදේශ ...
රැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවනවා - බිමල් රත්නායක Lanka hot news lankahotnews.orgරැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවා ආණ්ඩුව එයින් ගැලවීම නින්දා සහගත බව සමාජවාදී තරණ සංගමයේ ජාතික සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ 07දින කුරුණෑගල විශ්ව පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයේ 3වන ශිෂ්‍ය කණ්ඩායම විසිරයෑම සහ සහතිකපත් ප්රධානෝත්සවයේදීය.මෙම උත්සව සභාව ඇමතූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ තරුණයින්ගේ රැකියා විරහිත බව තුල පැන නගින ...
චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාතනයවේ Lanka hot news lankahotnews.orgයාපනය - චාවකච්චේරි මුරුගන් කෝවිලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු වෙඩි වැදීමෙන් 08 රාත්‍රී මියගොස් සිටියා. මරණයට පත්වූ සෙබළුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද උදෑසන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු මියයාම ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ සිදුවීමක් නොවන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. ...
මහමෝදර රෝහලේ බිළිදු මරණ සිදුවීම වාර්ථා පොත් වලට එක් වීමක් විතරයි Lanka hot news lankahotnews.orgමහමෝදර රෝහලේ බිළිදු මරණ සිදුවීම වාර්ථා පොත් වලට එක් වෙමින් තිබෙන අතර මහ මෝදර රෝහල තුල රට නොදන්න රුපියල් කෝටි 300කට අධික මූල්‍ය වංචා සිදුවී ඇති බවට තොරතුරු ඇති බව පවසන්නේමහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් පවත්වන ලද මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතායි. නිදහස් සෞඛ්‍ය සේවාව දිනෙන් දින අහිමි වන තත්වයකට අදාල සිදුවීම් දිනපතා වාර්ථා වෙමින් තිබෙන ...
ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්වීමෙන් සියදිවි නසාගැනීමට ගිය යුවළක් යහ මගට Lanka hot news www.lankahotnews.org සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අඹුසැමි යුවළකගේ දිවි බේරා ගැනීමට මඩකළපුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සමත්ව ඇත.මඩකලපුව, කොට්ටමුන පාලමින් සිය දිවි හානි කර ගැනීම සඳහා මෙම යුවළ කලපුවට පැන ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදු කර ගැනීමට පෙලඹී ඇති බව මඩකළපුව පොලිසිය පවසයි.මොවුන් වයස අවුරුදු 24ක් සහ 22ක් වූ යුවලක් වන අතර ...
මහින්ද රාජපක්ෂයි රටයි කියන්නේ එකක් නෙවෙයි දෙකක් Lanka hot news lankahotnews.orgජනතාවට දැරිය නොහැකි ජීවන බරක් පටවා තිබියදී තෙල් මිල, බස් ගාස්තු, විදුලි ගාස්තු ඉහළ දමා නාස්තිකාර වියදම් ජනතාව මත පටවන ආණ්ඩුව වහාම තෙල් මිල අඩුකර ජීවන වියදම් අඩුකිරීමට බල කරණබව බහුජන සංවිධාන ගණනාවක ඒකාබද්ධ විරෝධතාවයකදී අවධාරණය කෙරින. අද සවස කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවති මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානයකර තිබුනේ ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තීයසමිති මධ්යස්ත්යානයේ සභාපති කේඩී ලාල්කාන්ත මහතාරටේ ...
පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් කරනයට බන්දුල ගුණවර්ධන මහතා Lanka hot news lankahotnews.orgපිරිවෙන් අධ්‍යාපනය ද නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සබරගමුව පළාතේ පිරිවෙන් විද්‍යායතන සඳහා පියානෝ, ග්‍රීන් බෝඩ් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් ඇහැලියගොඩ ශ්‍රී සුමන විද්‍යායතන පිරිවෙනේ පැවැති උත්සවයකට එක් වෙමිනි.දේශීය සංස්කෘතිය, සදාචාරය නිර්මාණය කිරීමේ දී හා අනාගත පරපුරට පවරා දීමේ දී පිරිවෙන සුවිශේෂි දායකත්වයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා වර්තමාන ලෝකය සමඟ ...
මහින්ද චින්තනය මුරුංගා අත්තේ Lanka hot news lankahotnews.orgමේ වන විට රට පුරා ඵලවළු මිල පහල බැස ඇත. උඩරට හා පහත රට ඵලවළු මෙසේ මිල අඩු වුනේ රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේය. මේ වන විට රටපුරා ඵලවළු ගොවියන් ඵලදාව ලබන කාලයයි. මේ නිසාම ඵලවළු කිලෝවක් රුපියල් 10 සිට රුපියල් 60 දක්වා පහත වැටි තිබේ. උපරිම මිලකට අලෙවිවන ඵලවළුව වන්නේ මුරුංගායි. එය කිලෝවක් ...
මහපොළ වාරිකය රු5000 දක්වා ඉහළ දමන ලෙස ජවිපෙ ශිෂ්‍ය සංගමය කියයි Lanka hot news lankahotnews.orgඉහළ යන තෙල් මිල ද ඇතුලූ ජීවන වියදම පදනම් කරගනිමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.5000 දක්වා වැඩි කරන ලෙසටත්, ශිෂ්‍යත්ව ලාභීන් ප්‍රමාණය වැඩි කරන ලෙසටත් ආණ්ඩුවට බලකර සිටින බව සදහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් එවනලදී. එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වන්නේ "පෙබරවාරි ...
ආණ්ඩුවේ ජිනීවා පුස් වෙඩිල්ල Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු යෝජනාවලියක් ජිතීවාහිදී ඉදිරිපත් නොකෙරුන අතර අමෙරිකාව උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මානව හිමිකම් කවුන්සිල සැසි වාර්යේදී ඇගයීමට ලක් කළේය. උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ප්රකාශනය පිළිබඳව ද මෙහිදී නවනීදම් පිල්ලෙයි මහත්මිය සිය ප්‍රසාදය පළකල අතර උගත් පාඩම් කොමිසම මගින් ඉදිරිපත් ...