Friday, March 9, 2012

රැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවනවා - බිමල් රත්නායක


lankahotnews.org
රැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවා  ආණ්ඩුව එයින් ගැලවීම නින්දා සහගත බව සමාජවාදී තරණ සංගමයේ ජාතික සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ 07දින කුරුණෑගල විශ්ව පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයේ 3වන ශිෂ්‍ය කණ්ඩායම විසිරයෑම සහ සහතිකපත් ප්‍රධානෝත්සවයේදීය.


මෙම උත්සව සභාව ඇමතූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ තරුණයින්ගේ රැකියා විරහිත බව තුල පැන නගින විරෝධතාවන් මැඩලීම නිසා තරුණ ප්‍රජාවගේ ආත්ම විශ්වාසය බිද වැටී ඇති බවයි. ආණ්ඩුවේ ඇතැම් මැති ඇමති වරුන් පවසන ආකාරයට තරුණයින්ගේ රැකියා විරහිත භාවයට හේතුව පරිගණක හා ඉංග්‍රීසි දැනුම නොමැති කමයි. මෙලෙස රැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවා
 ආණ්ඩුව එයින් ගැලවීම නින්දා සහගත බවත් පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය විනාශකර අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීම තුළ, රැකියා විරහිත භාවය තවත් උග්‍ර වන නමුත් මෙම ගැටළුවලට පිළිතුරු මේ සමාජ ක්‍රමය තුළ කිසිදාක නොලැබෙන බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment