Tuesday, March 6, 2012

මහින්ද චින්තනය මුරුංගා අත්තේ


lankahotnews.org
මේ වන විට රට පුරා ඵලවළු මිල පහල බැස ඇත.  උඩරට හා පහත රට ඵලවළු මෙසේ මිල අඩු වුනේ රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේය. මේ වන විට රටපුරා ඵලවළු ගොවියන් ඵලදාව ලබන කාලයයි. මේ නිසාම ඵලවළු කිලෝවක් රුපියල් 10 සිට රුපියල් 60 දක්වා පහත වැටි තිබේ. උපරිම මිලකට අලෙවිවන ඵලවළුව වන්නේ මුරුංගායි. එය කිලෝවක් රුපියල් 300 වශයෙනි. ඊ‍ට හේතුව වශයෙන් රජයේ මාධ්‍ය පවසන්නේ මේ මුරුංගා අවාරය බවයි.


මුරුංගා වාරය පැමිණ මුරුංගා මිලද පහත බසින බවයි ඵලවළු ගොවිමහතකු අපහා පුකාශ කළේය. එවිට මුරුංගා වෙළද පොලේ ඉතා අඩු මිලකට ලබා ගත හැකිවූයේ මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම නිසා බව ප්‍රකාශ කල හැකි බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

No comments:

Post a Comment