Friday, March 9, 2012

චාවකච්චේරි ප‍්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාතනයවේ

lankahotnews.org
යාපනය - චාවකච්චේරි මුරුගන් කෝවිලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු වෙඩි වැදීමෙන් 08 රාත්‍රී මියගොස් සිටියා. මරණයට පත්වූ සෙබළුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද උදෑසන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.  යාපනය - චාවකච්චේරි ප‍්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු මියයාම ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක්
හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ
සිදුවීමක් නොවන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසන්නේ චාවකච්චේරි මුරුගන් කෝවිල අසල රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයන් තිදෙනා වෙඩි තබාගැනීමෙන් ජීවිතක්‍ෂයට පත්වීම පුද්ගලික ආරවුලක් මත සිදුවූ එකක් බවයි. දෙදෙනකුට වෙඩි තබා තමනුත් වෙඩිතබා ගෙන එම සෙබලාත් මිය ගොස් ඇත.

No comments:

Post a Comment