මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
සීගිරියේ අලි මඟ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාළයකට කලින් අපි සීගිරියේ ගියා. අපි ප්ලෑන් කරල තිබ්බේ උදෙම්ම සීගිරිය බලලා ඊට පස්සේ එහෙම්මම හවස මින්නේරියේ අලි බලන්න සෆාරි ටුවර් එකක් යන්ඩ. අපි ඒ හන්දා උදෙම්ම කොළඹට ආවා. මෙදාපාර ට්‍රිප් එක යන්ඩ බවලත් උදවිය කිහිප දෙනෙක් සූදානම් වෙච්ච නිසා උදෙම්ම යන ගමන ටිකක් ප්‍රමාද වෙලා උදේ හය විතර වෙද්දි තමා කොළඹින් පිටත් උනේ. බස් එක වරකාපොල ට්‍රැෆික් එකත් කාලා ...
හෙරලි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක් තියෙන එක හොදයි කියලා. නමුත් කොස් ගහකට වඩා ගේ ඉස්සරහා බෙලි ගහක් තියෙන එක ගොඩක් හොඳයි ලූ. බෙලි ගහක් තියෙනකොට ගෙට සිරියාකාන්තාව වඩිනවා ලූ. (එක ගෑනු කෙනෙක් ඇති. තව කෙනෙක් නං ඕන නෑ.)ඒත් බෙලි ගහක් ...
මේ වසරේ වෙසක් උත්සවය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ටිකේ ලංකාවේ ආරක්ෂාව ගැන අහන්න දකින්න හම්බ වෙන්නේ ඒ තරම් සුබදායක දේවල් නෙමේ. මේ සේරම දේවල් පටන් ගත්තේ අප්‍රේල් 21 වනදා ලංකාවේ ස්ථාන හයකට එල්ල වෙච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්. එතැන ඉදලා ලංකාවේ ආරක්ෂාව තර කරලා දිවයින පුරාම එක එක සෝදිසි මෙහෙයුම් දියත් කරලා තියෙනවා.ඒ වගේම බෝම්බ පතුරම් වගේ එක එක දේවල් විවිධ පලාත් වලින් ලැබුණයි කියලා ආරංචි වෙනවා. ...
නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුලට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේකත් මේ සෑහෙන කාළයක් යන්න හිතේ තියාගෙන ඉදලා ගියපු ගමනක්. මේ ගමනත් ටිකක් විතර දුශ්කර ගමනක්. දුශ්කරයි කිව්වේ මේ ගමන පුරාවට කිලෝමීටර් 25කට වඩා පයින් යන්න තියෙන ගමනක්.කට්ට කගෙන පයින් ගියාට සෑහෙන සුන්දර ගමනක්. හරි ඒවයින් කාරි නෑ. වැල්වටාරම් ඕන නෑ. අපි ගියේ නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුල තියෙන නැග්රක් බංගලාව බලන්න.සුපුරුදු විදිහට අපි සිකුරාදාවක රෑ කොළඹින් බදුල්ල බලා යන බස් ...
පහන්තුඩාව ඇල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ...
උඩ දියළුම ඇල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ ...
රෙමූණ වැව හා ආඳ දොළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.මම සුපුරුදු පරිදි ගියේ,අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණකියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් ...
බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත. අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය ...
කුඩා අරුග්ගොඩ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මා කුඩා කළ හැදී වැඩුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තලට නුදුරු එඩේරමුල්ල නම් ගම් පියසේ ය.පාසල් ගියේ ද එඩේරමුල්ල ශා. සෙබස්තියන් විද්‍යාලය ට ය. එසේම එදිනෙදා ඕනෑ එපාකම් වලට ආවේද එඩේරමුල්ල ට ය. එහෙත් මා විරාශා හා සමග විවහා වූවාට පසුව මා උපන් දා සිටම ජීවත් වූ පරිසරයෙන් ඈත් වී කැළණි ගඟත් පැන බොල්ගොඩ ගඟින් එහා පැත්තේ වූ පානදුරේ නම් වූ නගරයට ...
දියගම සෙල්ලිපිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා සෙනසුරාදා දවසක්. උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.ඒක සෙල්ලිපියක්.මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ ...
බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ ...
සුබ නව වසරක් වේවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !! ...
පාළම් පාරුව අද නැත මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය. ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර ...
ඒක කන්දෝ මේක කන්දෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් ලිපියේදී රොටි ගැන කියලා මේ කතාව කියන්න අමතක උනා නෙව. ඔන්න එහෙනම් මේ ජන කතාව අහ ගම්මු.මේක මං පොඩි කාලේ අපේ අම්මා මට කියලා දීපු කතාවක්.සමහර ඈයෝ දන්නවත් ඇති. නොදන්න පිරිසක් ඇති ය කියලා හිතලාමයි මේ කතාව ලියලා දාන්නේ.එහෙනං තුන් හතර පොලකින්ම වාඩි උනා නං.ඔන්න එකෝමත් එක රටක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් උනා. මේ අම්මයි පුතයි හරි දුප්පත්. ...
රොටී රොටී මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ මේ මොරටුවේ.මම උදෙන්ම නැගිටලා නිදි ඇඳේම ඔලුව පොඩ්ඩක් උස්සලා එක ඇහැක් ඇරලා බැළුවා එළිය වැටිලද කියලා. ම්හු... එළිය වැටිලා නෑ. ආයෙම ටික වෙලාවක් නිදා ගන්නෙමියි කියන තිර අධිෂ්ඨානයෙන්ම නින්දට වැටුනා. ඒ පාර ඇහැරුනේ අටත් පහු ...
කොග්ගල, හියාරේ හා ගාළු කොටුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රුම්මස්සල වෙරලේ ඉදලා ත්‍රී රෝද රථයකින් ම අපි ආයෙම ගාළු පාරට ආවා. ගාලු පාරේ ඉදලා අපි මාතර දිහාවට යන බස් එකකට ගොඩ උනා. අපි මීළඟට බලන්න යන්න හිතාගෙන හිටියේ කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් ළමා හේවගේ දොන් මාර්ටීන් වික්‍රමසිංහ මහත්මයා උපන් ස්ථානය දැක බලා ගන්න. අද වෙනකොට ඒ ස්ථානය ජන කෞතුකාගරයක් වෙලා තියෙන්නේ.අපි බස් එකෙන් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ හෝල්ට් ...
රුම්මස්සල ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ලිපිය අද ලිව්වට මේ ගමන අපි ගියේ අදක ඊයේක නෙමේ. දින වකවානු හරියටම කියනවා නම් 2017 අවුරුද්දේ ජූලි මාසේ 29 වෙනිදා. මේකත් අපේ කන්තෝරුවේ කට්ටිය ලැහැස්ති කරපු ගමනක්. කොයි ගමන සූදානම් කලත් ගමන යන දින ලං වෙනකොට කලින් උන්නයින් බාගයක්වත් ගමන යන්න නැති වෙන එක කවුරු කවුරුත් අත්දැකලා ඇති නෙව. මේකටත් එහෙම උනා.අන්තිමේදී මේ ට්‍රිප් එක යන්ඩ ඉතුරු උනේ ...
පානදුරේ බාහිර රෝගී අංශය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සතියේ දින පහෙන්ම මා වැඩට ගියේ දින දෙකක් පමණි. එයට හේතුව වූයේ මා හට වෛරස් උනක් වැළඳීම නිසා ය. මා දින දෙක තුනක් වැඩට නො එන බව කාර්යාලයට දන්වා ගෙදරට වී සිටියෙමි.උන ගැනුනේ සඳුදා දින රාත්‍රියේ නිසා මා පසුදා උදෙන්ම බෙහෙත් ගැනීමට පානදුරේ මූලික රෝහලට ගියෙමි. එහිදී මා දුටු අත් විඳි අත්දැකීම් සියල්ල බෙදා හදා ගැනීම සදහා මේ ලිපිය ලියා ...
රුබික් කැටය හදමු - 4 පාඩම (අවසාන කොටස) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ වෙනකොට ඔයාලා ලේයර් දෙකක් හදලා ඉවර ඇති කියලා හිතනවා. එහෙම ඉවර කර ගන්න බැරි උනා නම් මගේ පරණ පෝස්ට් ටික බලලා එන්න. පළවෙනි පාඩම | දෙවෙනි පාඩම | තුන්වෙනි පාඩම දැන් තියෙන්නේ අන්තිම ලේයර් එක හදන එක. ඒ පියවර මම කොටස් තුනකට වෙන් කරන්නම්. ඒක හදන්න ලේසියි.1. කහපාට පැත්තේ කුරුසය නිර්මාණය කිරීම.කහපාට කුරුසය නිර්මාණය කරන්න පල්ලෙහා තියෙන සූත්‍රය පාවිච්චි ...
රුබික් කැටය හදමු - 3 පාඩම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හරි ඔන්න එහෙනම් අපි දැන් පළවෙනි පැත්ත හදාගෙන ඉවරයි නේ. එහෙනම් දැන් කරන්න තියෙන්නෙ ඊළඟ පැති ටික හදාගන්න එක. ඔන්න මේ පියවර ඉඳලා ටිකක් පරිස්සමෙන් තමයි කොටු එහා මෙහා කරන්න ඕන මොකද අපි හරියටම එක පැත්තක් හදාගෙන ඉවරයි. තව විදිහකට කියනවනම් අපි පළවෙනි ලේයර් එක හදාගෙන ඉවරයි.ඔයා හරියටම වැඩේ කලා නම් ඔයාලගේ කැටය පල්ලෙහා තියෙන පින්තූරේ විදිහට දිස් වෙන්න ඕන. ...