මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
නයනතාරාවත - 4 කොටස - විවාහයට දින නියම වේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම ඔහු කොළොම්තොට අහස යට ජීවත් වීමට හුරු වී පෝය දෙක තුනක් ගෙවී ගොසිනි.ඒ ගත වූ හැම පෝය දිනකම නයනතාරා සිටියේ සිය නැන්දනියගේ නිවසේ ය. නැන්දනියත් නයනතාරා මෙන් අත්භූත එකියකි. ඈට වත්තේ ඕනම ගසකට නැගිය හැක. ඈ වඩාත්ම ප්‍රිය කරන්නේ කොස් ගසට හෝ දෙල් ගසට නැගීමට ය.ගසට නගින නැන්දනිය ගසින් බසින්නේ කොස් හෝ ...
නයනතාරාවත - 3 කොටස - කොළොම්තොටින් සියනෑවට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම | දෙවන දිගහැරුම උත්සහයන් යුග්මයක පරාජයෙන් උමතු වූ නයනතාරා මෙවර ගැඹුරින් කල්පනා කොට තම සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙවූ වා ය.ඒශාන් කුඩා කළ පටන් ගුරු ගෝල සබඳතාවයන් දේවත්වයෙන් සැලකූවෙකි. ගුරුවරයෙකු යමක් කියන්නේ ද, ඔහු ඒ හා විවාද කරන්නේ නැත. ගුරුවරයෙක් යමක් කියන්නේ තම ගෝලයින්ගේ අභිවෘද්ධිය උදෙසා බව ඔහු නිරන්තරයෙන්ම සිතයි.මේ නිසා මෙවර නයනතාරාගේ සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙව්වේ සිය ගුරු දෙමාපියන් ය.ඈ ...
නයනතාරාවත - 2 කොටස - ඒශාන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළමු දිගහැරුම මේ කාළයේ කැලණි ගඟින් ගවු ගණනක් එතෙර ගම් පහක් එක්කොට සැදුම් ලද ගම්පහ නම් වූ ගමක අප්රකටව ජීවත් වූ තරුණයෙක් කොළොම්තොටට ආහ. ඔහු නමින් ඒශාන් නම් විය. දෙමාපියන් ඔහුට නම් තැබුවේ ශාන් කියා ය. එහෙත් පුද්ගල නාම ලේඛනගත කරන කරන නිළධාරී තැන, ඈතින් පියා සමඟ හුරතල් වන දරුවා දැක "අර කවුදැ යි ?" විචාලේ ය.ඔහුගේ මව විසින් "ඒ ...
නයනතාරාවත - 1 කොටස - උත්පත්තිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදින් වසර ගණනාවකට පෙර අතීතයේ ලඞකාද්වීපය පාළනය කළේ සතුරු උවදුරකින් එක් ඇසක් අහිමි වූ පාතරට රදල කුළ කාන්තාවක් විසින් ය. ඈ එවකට සියනෑ කෝරලය නම් වූ පාළන ප්‍රදේශයක වූ හොරගොල්ල නම් වලව්වක ජීවත් උනා ය. මා පාඨක ඔබව ඒ එකැස් රැජිනගේ පාළන කාළය දක්වා කාළයේ ආපස්සට ගෙන යාමට කැමැත්තෙමි. මා ඔබට පෙන්වන්නට යන කතාන්තරය සිදු වූයේ මේ එකැස් රැජිනගේ පාලන ...
නයනතාරාවත පූර්වාරම්භය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නයනතාරාවත යනු හුදෙක් ආදර අන්දරයක්ම නොවේ. මේ කතාන්තරය තුලින් ලාංකීය යුවතියකගේ ජීවිතයේ හරස්කඩක් විද්‍යාමාන වන කතා පුවතකි. ඇඟේ ජීවිතය තුල විඳි දුක් ගැහැට හා ඒවාට ඈ ගන්නා ලද උපායමාර්ග යනාදිය මේ කතාව තුලින් පාඨකයාට විද්‍යාමාන කරවයි.එකල ඇසතු බෝ මුල හිඳගත් සිද්ධාර්ථ ගෞතමයෝ, "බුදු වූවොත් මිස නොනැගිටිමියි" යන පරිද්දෙන් අධිශ්ඨාන කලාක් මෙන් නයනතාරා ද කෙසේ කෝ ආල දිනා ගනිමියි යන්න අධිශ්ඨාන ...
අරගලයේ පළමු වෙඩි මුරය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද 2022 අවුරුද්දේ මර්තු 31 වන බ්‍රහස්පතින්දා.. !මෑත ඉතිහාසය තුල නොමැකෙන අයුරුන් සටහනක් තැබුන දිනයක් වේවි. ඊට මූලිකවම හේතුව වන්නේ රට තුල නොයෙක් අර්බුද ඇති කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ශ ඇතුලු රාජපක්ශ රෙජීමයට විරුද්දව මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට මහා ජනකායක් විරෝදය පෑ දිනය අදයි.දිනෙන් දින ඉහල යන බඩු මිල හා පැය 13ක දෛනික විදුලි කප්පාදුවකට එරෙහිව ජනතාව ජනාධිපති නිසව අභියසම ...
ගැලනිගම අම්බලම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගැලනිගම අම්බලම කියන්නේ රයිගම් රාජධානියේ පුරාවස්තූ අතර තවත් එක ස්ථානයක්. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය කිට්ටුවම තමයි මේ අම්බලම පිහිටා තියෙන්නේ.දැනට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක් . ! එහෙනං පින්තූරයක් බලලා ඉම්මුකෝ. ඉතිහාස කරුණු නම් හොයාගන්න හම්බ උනේ නෑ. ඒවත් හොයාගත්තොත් පෝස්ට් එක අප්ඩේට කරන්නම්.එහෙනම් මම ගියාවේ ! ...
බණ්ඩාගරම උයන්වත්ත වැව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ යාළුවෙක්ගේ අදහසක් තියෙනවා යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ. ලංකාවේ වෙහෙර විහාර ටික ඉලක්ක කරලා තමයි ඒ චැනල් එක කරන්න ඉන්නේ. ඒ වෙහෙර විහාර වල ඉතිහාස පසුබිම, වර්තමාන තත්වය වගේ දේවල් තමයි ඒ චැනල් එකෙන් පෙන්වන්ඩ ඉන්නේ. දවසක් මේකා මගෙන් ඇහුවා අපේ පැත්තේ ඓතිහාසික විහාර එහෙම නැද්ද කියලා. ආයේ ඉතින් රයිගම් රාජධානියේ එහෙම තන් නැති උනොත්නේ පුදුමේ. ආරම්භයක් වශයෙන් ...
අප්‍රේල් 21 වන දා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හුඟ දවසකට පස්සේ බ්ලොග් එකට ගොඩ වැදුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ලියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉස්සර නම් මම ලියන්න ඕන කරන ඒවා මාතෘකා දාගෙන පොඩි සටහනක් දාගෙන තියාගන්නවා.ඒත් කාලයත් එක්කම එහෙම සටහන් දාගෙන ඉන්න එකත් අමතකම වෙලා ගිහින්. ඒත් කමන් නෑ. ආයෙම ඒ පුරුද්ද පටන් ගන්ඩ බැරි යෑ. ...
කඩුක්කම් පැළඳි ආඳා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට ඇද්දා.මගේ යාළුවෙක් අළුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ යන්නේ. ඒ චැනල් එකෙන් කරන්න ඉන්නේ ලංකාවේ තියෙන අප්‍රකට රජමහා විහාර ගැන හා ඒවායේ තියෙන ඒතිහාසික පසුබිම ගැන.ඒ චැනල් එකට මගේ දායකත්වය වෙන්නේ ඒතිහාසික කරුණු ...
සුබ නව වසරක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලැබුවා වූ 2021 නව වසර තුල නිරෝගිකම රජයන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබම සුබ නව වසරක් වේවා !!මේ අවුරුද්දේවත් කොරෝනා වසංගතය නැති වෙලා යනවා නම් දාහෙන් සම්පතකි !
ඇල්ල ගමන - 3 කොටස (අවසානය) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ ...
ඇල්ල ගමන - 2 කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.අපි හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්‍රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.අපි ත්‍රීවීල් එකෙන් පුංචි සිරීපාදේ ...
බෝධිනාගල ආරණ්‍ය සෙනසුන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් අපේ කන්තෝරුවේ යාළුවෙක්ට බෝධිනාගල යන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඒත් ඒකාට තනියම යන්න කම්මැලියි කියපු නිසා මටත් මේ ගමන එන්න කතා කළා. මාත් ඉතින් එළියට අඩිය තියාගෙන උන්නු නිසා එකපයින්ම හා කියලා කිව්වා.එදා සෙනසුරාදා දවසක් . ඒකා කියපු විදිහට ගැලනිගම අධිවේගි පිවිසුම් දොරටුව ගාවට ආවා. මාත් ඊට කලින්ම අළුබෝමුල්ලේ ඉදලා හොරණ බස් එකෙන් ගැලනිගමට අවිත් හිටියා. අපි දෙන්නා හොරණ ...
ඇල්ල ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගිය අවුරුද්දේ අපේ කන්තෝරුවේ කට්ටිය ගියපු චාරිකාවක් ගැනයි අද ලියන්න යන්නේ. ගිය අවුරුද්දේම මේ ලිපිය ලියලා දානවා කියලා හිතාගෙන හිටියට ලියන්න උනේ නෑ. ඒකටත් එක්ක හරියන්න කියලා මේ නොරෝධායන කාළය ඇතුලේම ලියලා දානවා.අපේ කන්තෝරුවේ වාර්ශික චාරිකාව යන්න මටත් පොට්ට චෑන්ස් එකක් වැදුනා. "පොට්ට චෑන්ස්" එකක් ය කියලා කිව්වේ. යන්න පුලුවන් වේද ? බැරිවේ ද ? කියලා දෙගිඩියාවෙන් හිටපු කාළයක් ඒක.ඒ ...
කොරෝනා කාටූන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ටිකේම මුහුණු පොතේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ කෝරෝනා හා ඒ සම්බන්ධ නානාප්‍රකාර දේවල් ගැන. ඒ වගේම තමා කොරෝනා ගැන විවිධ කාටූන් ශිල්පීන් විව්ධාකාරයේ චිත්‍ර ඇදලා තියෙනවා. අද පෝස්ට් එකෙන් ගෙනෙන්නේ විවිධ කාටූන් ශිල්පීන් ඇඳපු කාටූන් කිහිපයක්.පළවෙනි කාටූනයකොරෝනා කියන්නේ දොස්තර හා මාරයා අතර සිදුවන චෙස් ක්‍රීඩාවක් බවයි මේ කාටූන් ශිල්පියා විස්තර කරන්නේ.දෙවෙනි කාටූනයනිවසින් එළියට බහින්නේ නැතුව නිවස තුළම රැදී සිටිය යුතු ...
නිකවැව නාගල රජමහා විහාර වන්දනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පළවෙනි බ්ලොග් ලිපිය තමයි මේ. මේක මම අපේ කන්තෝරුවේ කිහිපදෙනෙක් එක්ක හදිසියේ ගියපු වන්දනා චාරිකාවක්. මේ චාරිකාව ගියේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදා.මේ චාරිකාව යන්නට මූලිකම හේතුව උනේ ඒ දවස්වල මුහුණු පොතේ හුවමාරු වෙච්ච පින්තූර කිහිපයක් නිසා. ඒ පින්තූර සෙට් එකෙන් එක පින්තූරයක් පහලින් දාන්නම්.මහාමේරූ පර්වතය වාගේ තියෙන සද්දන්ත ...
නිරෝධායන සිංහල අළුත් අවුරුද්ද මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කළින් අප විසින් සැමරූ සිංහල හින්දු අළුත් අවුරුදු වලට වඩා මෙවර අප සමරන්නට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම මුහුණුවරක් ගනී. එයට මූලිකම හේතුව වන්නේ මේ වන විට රටේ පවතින වාතාවරණයයි. අපේ රටේ අපේම සහෝදර සහෝදරියන් පිරිසක් මේ වන විට COVID-19 නම් වූ වෛරසයකට විරුද්ධව ලොකු සටනක යෙදෙන නිසා ය.තව පෑ කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වනවිටත් ...
පැටි පස් පරාණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ. කොටින්ම සතියේ දින හතම වැඩ කළා. (අතිකාළ දීමනා එහෙම ගෙව්වා ඉතිං) උදේ 8 වෙද්දි වැඩට ගියහම ආයේ ගෙදර එන්නේ රෑ 10-11 වගේ වෙලාවට.ඔහොම රා වෙලා ගෙදර ආපු ගමන් ඇඟපත සෝදගෙන තේකක් කාරිය හදාගෙන රේඩියෝ එකත් ...
මගේ දිය රොටි හැදිල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මෙ කොරෝනා කේස් එක නිසා අපි දැන් සති තුනක් තිස්සේම ගෙදර ඉදන් වැඩ කරන්නේ. එක අතකට මේක ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒකට හේතු කිහිපයක්ම බලපානවා. එකක් තමා කාර්යාලීය පරිසරය ගෙදර නැතිකම. අනිත් එක තමා පොඩි එක්කෙනාත් එක්ක වැඩ කරගෙන යන්න අමාරු වීම.මේ දේවල් අස්සේ කොහොමින් කොහොමහරි වැඩ ටික කරගෙන යනවා.දවසක් හැන්දෑවරුවක මම මූණුපොතේ තිබ්බ එක පෝස්ට් එකක් දැක්කා. මේක ...