මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
රුබික් කැටය හදමු - 2 පාඩම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රායිට් !!එහෙනම් හා හා පුරා කියලා කැටය හදන්න පටං ගම්මු.කැටය හදන හැටි පියවරවල් 6කට වෙන් කරන්න පුලුවන්. ඒ පියවරවල් ටික මම පහලින් සදහන් කරන්නම්. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මම කැටය හදන්න පටන් ගන්නේ සුදු පාට පැත්තේ ඉදලා. වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් තමන් කැමති පාටකින් පටන් ගන්නත් පුලුවන්. ඒකේ තහනමක් නෑ. ඒත් මාත් එක්ක ඉස්ස ඉස්සෙල්ලාම කැටය දහන කෙනෙක් ...
රුබික් කැටය හදමු - 1 පාඩම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හරි එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.මුලින්ම හොඳ රුබික් කැටයක් තොර ගන්න. නැත්නම් ඕක හදන්න ගියහම කටය කැරකෙන්නේ නැති උනහම මල පනිනවා. රුබික් කැට වලත් තියෙනවා හොඳ එක නෝමල් එක කියලා ජාති දෙකක්. හොඳ එක ටිකක් විතර මිලයි. නෝමල් එක නම් ඕන තැනකින් ගන්නත් පුලුවන්. ඒක මිලෙන් අඩුයි.පල්ලිහායින් තියෙන්නේ හොඳ කැටයක පින්තූරයක්. මේ කැටය ලේසියෙන් කරකවන්න පුලුවන්. ඒ කියන්නේ හරියටම කොටුවකටම ...
රුබික් කැටය හදමු - පෙරවදන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නිදහස් දවසේ නිදහසේ ඉන්න ගමන් මම අද කියලා දෙන්න යන්නේ අපි පොඩි කාලේ විසදන්න සෑහෙන්න උත්සහ කරපු දෙයක් ගැන. ඒ තමා රූබික් කැටය !!!මම මුලින්ම රූබික් කැටයක් අර ගත්තේ ජනවාරි මාසයේ පල්ලියේ මංගල්ලයේ තිබ්බ මංගල්ල පොළෙන්. ඒක ඒ වෙනකොට රුපියක් 50ක් විතර මුදලක් උනේ.ඒක අරගෙන මම මුලින්ම එහාට මෙහාට පෙරලලා පොඩ්ඩක් කලවං කරලා ගත්තා. පොඩ්ඩක් කලවං කරපු නිසා මම හිතුවේ ...
නිදහස් වන දා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද පෙබරවාරි 4 වෙනිදා.1948 අවුරුද්දේ අද වැනි දවසක ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබපු දිනයක්. ඒ නිදහස ලැබිලා අදට අවුරුදු 71ක් වෙනවා.මේ 71ක් අවුරුදු නිදහස් කාළය ඇතුලත අපි කොච්චර නිදහසක් භුක්ති විඳලා තියෙනවද කියලා ආපස්සට හිතලා බලන්න ඕන. මේ අවුරුදු 71ක කාළයේදි එක එක පක්ශ එක එක ජනාධිපතිවරු යටතේ ලංකාව පාලනය කරලා තියෙනවා.ඒ කාළය තුලදි ලංකාව වෙනුවෙන් තම ජාතිය ...
නන්පේරියල් - බලංගොඩ බස් ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නන්පේරියල් කියලා කියන්නේ ලෝකාන්තය පාමුල පිහිටලා තියෙන තරමක දුශ්කර ඒ වගේම ස්වබාව සෞන්දර්යෙන් අනූන ගම්මානයක්. මේ ගමේ වැඩි හරියක් ඊවත් වෙන්නේ දෙමල ජනතාව. මේ අයගේ එදිනෙදා ඕනෑ එපාකම් ඉටු කරගන්න නගරයට යන්න එන්න බලංගොඩ ඩිපෝවෙන් බස් රථයක් ලබාදීලා තියෙනවා.ඒ බස් එකේ පළවෙනි ගමන් වාරය පටන් ගන්නේ සබරගමු සරසවිය නැවතුමෙන්. තව විදිහකට කියනවා නං පඹහින්න ඔර්ලෝසු කණුව හන්දියෙන්. එතැන ඉදලා සෙනග ...
සුබ නව වසරක් වේවා !!! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාළය සෑහෙන ඉක්මනින්ම ගත වෙනවා. ලබපු අළුත් අවුරුද්දේ එක දවසකුත් ඉවර වේගෙන යන්නේ. ඒ නිසා අපි ගතවෙන සෑම තත්පරේකදීම වැඩදයි දෙයක් කරන්න හිතාගන්න ඕන.ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩ අධික අවුරුද්දක් වේවි. ඒකට ලොකුම හේතුව වෙන්නේ මල ලැබෙන්න යන ප්‍රොමෝශන් එක නිසා. ඒ ප්‍රොමෝශන් එක ලැබුනහම මම බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්.මගෙත් එක්ක අවුරුද්ද පුරාම හිටපු සියළු දෙනාටම සුබම සුබ නව ...
අසනීප වූ සති අන්තය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පසුගිය සති අන්තයේ අපේ ගම් පලාතට කඩින් කඩ වැසි ඇද හැළුණි. විටෙක මල් වැහි සීතල මල් වැසිද තවත් විටෙක නා කපනා වැහි වැටෙන වෙලාවල් ද නැතුවාම නොවේ. මොන වැස්ස තිබුණත් අපේ උන්දෑට පශ්චාත් උපාධි දේශන වලට යාමට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ පුදුමාකාර උනන්දුවකි. නමුත් මේ උනන්දුව මට හෙන හිසරදයකි. කොටින්ම සති අන්තයේ දවස් දෙකම උදේට ගෙදර ඉදන් ස්ටේශමටත්, ...
මහා වැස්සේ 'අප්පච්චි ඇවිත්' මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද උදේ ඉදන් මේ වෙනකන් නොකඩවාම වහිනවා. එලියටවත් යන්න හිතෙන්නේ නැති තරම් කම්මැලිකමක් හිතෙනවා. මේ වෙලාවට ඉතින් පොතක් කියවන්න තියෙනවා නම් ආයේ ඉතින් වෙන මොනවද නෙහ්... ?ඔන්න ඔය හන්දා මම පහුගිය මාසේ ගත්තු පොත් දෙක තුනකින් එක පොතක් තෝරගත්තා කියවන්න කියලා. පහුගිය මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනයට නම් යන්න බැරි උනා.යන්න බැරි උනාමත් නෙමේ. යන්න ඒ හැටි උනන්දුවක් තිබ්බේ නෑ. මොකද ...
පිදූ රං ගල පිදුරන්ගල වීය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට උඩදි අපි සීගිරියෙයි පිදුරංගලයි ගියා. පිදුරංගල විහාරය වැඳලා කන්ද නගින කොට මැදකදී මගේ දනිහ පැන්න. ඒ නිසා මට ගල මුදුනටම යා ගන්න බැරි උනා. පිදුරංගලින් පහලට බැස්සෙත් අපේ දෙන්නෙක්ගේ වාරුවෙන් වත්තම් වෙවී. ඒ නිසා මට හරියාකාරව පිදුරංගල බලාගන්ඩ බැරි උනා. ආයෙම දවසක නම් අනිවාර්යෙන්ම යන එක යනවාමයි.පිදුරංගල වැඳලා සීගිරියට එනකොට සීගිරිය ගල නගින පඩිපෙල කිට්ටුවම වගේ ඉන්නවා අමරේ මාමා ...
තුඩුගල ඇල්ලේ සුන්දරත්වය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පොසොන් පෝය දවසට කලින් දා ඉදලා මම කල්පනා කර කර උන්නේ පොසොන් පෝය දවසේ දන්සල් වඳින්න කොහේද යන්නේ කියලා. මුලින්ම හිතුවේ වරකාගොඩ පන්සල් යනවයි කියලා. නමුත් පන්සලක් හොඳටම වැඳපුදාගෙන එන්න නම් පෝය දාක යන එක හරි නෑ කියලා හිතුනා. පෝය දාට පන්සලේ සීල් ගන්න එන දායකයන්ගෙන් පිරිලා යන නිසා මම පෝය දවස්වල පන්සල් යන්න කැමති නෑ.ඒ නිසා මම වෙන කොහේ ...
සිත නිවන කළුගල ආරණ්‍යය සෙනසුන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාකෙළි ඇල්ල බලන්න ගිහින් සතියකට දෙකකට විතර පස්සේ මම වැඩ කරන තැන යාළුවෝ කිහිප දෙනෙක් සෙට් කරගෙන කළුගල ආරණ්‍යය බලන්ඩ යමු කියලා කතා උනා. කළුගල ආරණ්‍යය විතරක්ම ගිහින් එන එක අපරාදේ නිසා මාකෙළි ඇල්ලත් බලාගෙනම යමුයි කියලා තමයි පස්සේ අපේ සැට් එක තීරණය කලේ.මුලින් මුලින් අපේ කන්තෝරුවේ වැඩ කරපු අයගෙන් සීමිත කොටසක් තෝරා බේරාගෙන ආරාධනා කරන්නයි අපි හිතන් හිටියේ. මොකද ...
මාකෙළි ඇල්ලට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගිය මාසේම හැම සති අන්තයකම මම කළුතර දිස්ත්‍රික්කයේ එකේක පැති වල ඇවිද්දා. කොළඹට ගොඩක්ම ළඟින් කැලෑවක් හරි දිය ඇල්ලක් හරි බලන්න යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකට කළුතර දිස්ත්‍රික්කය කියාපුම පැත්තක්. ඒ තරමටම සුන්දර පරිසරයක් තමයි කළුතර තියෙන්නේ. කළුතර කියන්නේ මතුගම බදුරලිය පැලවත්ත අගලවත්ත වගේ පැති. ඒ පැති වලට කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. මං පාහියංගල ගිය දවසේම මාකෙළි ඇල්ල ...
දන්සල් වැඳීමේ කළාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙන අවුරුදු වල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වෙසක් පෝය තිබ්බේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මිනිස්සු සිංහල අවුරුද්ද සමරලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙසක් පෝයත් ඇවිල්ලා. ඔන්න ඔය සීන් එක නිසා මෙදාපාර මිනිස්සුන්ට හරියට වෙසක් සමරගන්නත් බැරි උනා. ඒ හින්දමද කොහෙද වෙසක් එකට දන්සල් වල අඩුවක් එහෙමත් මං දැක්කා. අවුරුදු වියදම් වලින් හතේ හත වැදිලා උන්නු මිනිස්සුන්ට දන්සලකට කියලා ...
පහ සමත් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ලිපි සැට් එකම ලිව්වේ මම සංචාරය කරපු එක එක ස්ථාන ගන නිසා මේ ලිපියෙන් වෙන දෙයක් ලියන්ඩ ඕන ය කියලා හිතුනා. අද ලියන්ඩ යන්නේ මම ලඟදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන. අවුරුද්දකට සිංහල චිත්‍රපටි පහ හයක් එලි දක්වනවා නෙව. ඒවයිනුත් ගොඩක් චිත්‍රපටි, 'වාණිජ චිත්‍රපටි' ලේබලයෙන් එලි දක්වන එව්වා. ඒ ඇරෙන්න හොඳ කතා තේමාවක් ඔස්සේ එන චිත්‍රපටි එන්නේ කලාතුරකින්. යම්කිසි කතා ...
මගේ ගමන් සගයා පානදුරේට ආ හැටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය අවුරුදු කිහිපයම මම මහන්සි උනේ ගෙයි වැඩ කටයුතු ටික එකලාසයක් කරගන්න. ඒක යාන්තන් එකලාසයක් කර ගන්න පුලුවන් උනා. සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න නම් තාම හම්බ උනේ නෑ. ඒත් පදිංචි වෙලා ඉන්න පුලුවන් විදිහේ වැඩ ටිකක් ඉවර කරගන්න පුලුවන් උනා. ඒ දවස්වල මට එක එක වැඩ වලට හාඩ්වෙයාර් එකට දුවන්නයි පානදුරේට ගිහින් එන්නයි සිද්ධ උනා. ඒ හැම දේටම බස් හෝල්ට් ...
පෝදා පාහියංගල වන්දනාව - 2 කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අළුබෝමුල්ලේ ඉදලා පැයක විතර කාළයකින් අපි පාහියංගලට ලඟා උනා. පෝය දවසක් නිසා වන්දනාකරුවෝ ටිකක් වැඩියෙන් පාහියංගලට ඇවිල්ලා තිබුණා. අපි බයිසිකලේ පාර්ක් එකෙ නවත්තලා පන්සල පැත්තට ආවා. පන්සලට යන පාර පටන් ගන්න තැනම පොඩි තොරණක් ගහලා තියෙනවා.ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසේ ලංකාවට පැමිණි චීන ජාතික දේශ සංචාරක පාහියන් හිමියන් නවාතැන් ගත්තු ලෙන නිසා මේ ලෙන් විහාරයට පාහියන්ගල කියල ප්‍රසිද්ධ උනාලු. ...
පෝදා පාහියංගල වන්දනාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ අවුරුද්දේ වෙසක් පෝය දවසයි පොසොන් පෝය දවසයි යෙදිලා තිබුණේ හරි අපූරු විදිහකටයි. වෙසක් පෝය බක් මාසයේත් පොසොන් පෝය වෙසක් මාසයේත් යෙදිලා තිබුණා. ඒ උනාට සමහර දින දර්ශන වල නම් මේ පෝය 'අධි පොසොන්' පෝය විදිහට නම් කරලා තිබුණා. මේ හින්දමද කොහෙද වෙනදට පොසොන් පෝයට තියෙන පෝදා දහම් කාරණා වල අඩුවක් දකින්න පුලුවන්. අපේ පන්සලේ එහෙම මිහිදු පෙරහැර පැවැත්තුනේ නෑ.හැබැයි ...
රයිගම් රාජධානියේ අසිරිය සොයා - 2 : පතහවත්ත රජමහා විහාරය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රයිගම් රාජධානිය මතක් උනහම ඊට පස්සේ මතක් වෙන්නේ අපි ඉතිහාස පොතෙන් ඉගෙන ගත්තු රයිගම් බණ්ඩාර කියන නාමය. කෝට්ටේ රජකම් කරපු හත්වන විජයබාහු පිය රජතුමාට එරෙහිව තම පුතුන් තිදෙනා කැරැල්ලක් මෙහෙය වූ බව ඉතිහාසයේ සදහන් වෙන කාරණාවක්. පියාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානිය පුතුන් තිදෙනා අතරේ වෙන් කරගත් බව විජය බා කොල්ලය නම් වූ සිදුවීමේදි ඔබ අසා ඇති බවට සැකයක් නැත.සීතාවක රාජධානිය ...
රයිගම් රාජධානියේ අසිරිය සොයා - 1 මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ඉරිදා දවසේ ගෙදර කම්මැලිකමේ ඉන්නැද්දි නිකමට වගේ හිතුනා ළඟපාත කොහේ හරි ගිහින් එන්න තිබ්බා නම් හොඳයි කියලා. ඉස්සර වගේ නෙමේ අපේ මලයට පින් සිද්ධ වෙන්ඩ උගේ බයිසිකලේ මට දීලා ගිය නිසා හිතෙන හිතෙන ඕනම තැනකට ගිහින් එන්න ලේසියි. නැත්නම් ඉතිං බස් එනකන් ඉන්නයි බස් හෝල්ට් ගානේ පයින් බඩගාන්නයි එපා වෙනවා. කොහෙද යන්නේ කියලා හිත හිතා ඉන්නැද්දි මතක් උනා බොල්ගොඩ ...
සඳගලතැන්නෙන් සිරිපා කරුණා කළෙමු. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තියෙනවා කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. මේ වෙනකොට මම රත්නපුර පලාබද්දල පාරයි හැටන් නල්ලතන්නිය පාරෙයි සිරිපා කරුණා කරලා තියෙනවා. තාම නම් එරත්න පාරෙන් යන්න බැරි උනා. ඒකත් මතු දවසක යන්න හිතාගෙන ඉන්නවා.මේ අවුරුද්දේ සිරිපා වාරේට අපි සිරිපා කරුණා කරන්න තෝරගෙන තිබුනේ ඉතාම කෙටි පාරක්. ඒ පාරේ නම තමයි සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය. ...