අරාබිකාරයෝ - හරි විහිළු කාරයෝ ඩුබායි වට්ටක්කා 0ඇරබියෝ ස්වභාවෙන්ම හිනාවෙන ජාතියේ බුවාල නෙවෙයි.. බුවීලනම් හිනාවෙන ජාතියෙද අඬන ජාතියෙද කියලවත් හිතාගන්ට අමාරුයි පුතාට නම්... මොකද ඇරබි බුවීලා සර්වාංගෙම කවර් කරගෙනනෙ ඉන්නේ... ගොම්මන් වෙලාවක එහෙම ඇරබි බුවියෙක් දැක්කොත් නම් ඩෙෆා නූල් බඳින්ට වෙනවා.... අර සංගීත් වික්‍රමසිංහ සිංදුවකුත් කියන්නෙ "සඳ මුවා වෙලා" කියල ඔය ඇරබි බුවීලා ගැන... හැබැයි මට පොඩි සැකයක් තියෙනවා සංගීත් කොහොමද ඔය සඳ මුවා හරි ගෝණා හරි වුන ...
තම තම නැණ පමණින් දැන ගනු පිණිස... ඩුබායි වට්ටක්කා ඔහුද අප වැනිම සාමාන්‍ය මිනිසෙකි... අප මෙන් ඔහුද සියල්ල හැරදා යායුතු බැව් දැන සිටියේය.. නමුත් අප මෙන් නොව යන්නට සියල්ල සූදානමින් තබා වාරය එනතුරු මඟ බලා සිටියේය...ඔහු විසින්ම යන්නට පෙර මා වැනි සියක් දහසක් පුහුදුන් මිනිසුන් වෙනුවෙන් යා යුතු මඟ පෙන්නා අත්වැලක් තනා දෙන්නට ස්වයං අණක් පනවාගන්නට ඇත... මේ සටහන තබන්නේ මා නොඳුටු ඒ සැබෑ මිනිසාගේ ගුණ ගයන්නට නොව, ඔහු සන්තකව තිබූ දැනුම් සයුරෙන් ...
උඹට බය හිතෙන්නේ නැද්ද බං (කක්කි කතාවක්) ඩුබායි වට්ටක්කා ඕං කතන්දරකාරයා ඒ පාර කක්කා කතා කියන්ට පටන් අරං.... ඒ මදිවට කියනවා කට්ටිය කක්කා කතා ලියන්ට ගනීද දන්නෙ නෑ කියලා... අපි අහුවෙයි ඕවට... ආය ලියන්නම්කෝ කතා එකට දහයක්.... හිකිස්.... කක්කා කතා කියනකොටම පුතාට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ "කොළඹ සන්නිය" චිත්‍රපටිය... නියම ජෝක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්ට පුළුවං ඒක බැලුවනම්... බලපු නැති කෙනෙක් ඉන්නවනම් නිවාඩු තියෙන වෙලාවක මෙතෙන්ට කොටල ගිහින් ...
(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත් ඩුබායි වට්ටක්කා ඊයේ දාපු ටොයිලට් ප්‍රශ්නෙට සෑහෙන ප්‍රතිචාර තිබුනා... පුතා දන්න කියන ගොඩාක් දෙනෙක් කැමතිම තැන තමා ඔතන... නිදහසෙ වැඩක් කරන්ට තියෙන එකම තැන ඔතනනෙ නේද?දුමීගෙන් බරපතල චෝදනාවක් එල්ලවෙලත් තිබුනා උත්තරය ගැන... ඕං ඒ පිලිබඳ සම්පූර්ණ වගකීම පුතා බාරගන්නවා.... (ඒකත් මරු නේ... වගකීම බාරගන්නවා කිව්වම කේස් එක ඉවරයිනෙ... ඔය කැම්පස් වල එහෙම අරගල අරව මෙව්වා කරන්නෙ වගකීම බාර ගන්ට කියලනෙ... පුතා එහෙම ඔය ...
ටොයිලට් ප්‍රශ්ණයක් ඩුබායි වට්ටක්කා පුතා දහයෙ එකොලහෙ පන්තිවල ඉද්දි බොහෝම කැපවීමෙන් සමාජ සේවා කටයුතු වලට සහභාගි වුනා... කටයුතු වලට කිව්වට මල ගෙවල්වල රෑ නයිට් ගහන එක තමා පුතා බොහෝම ආසාවෙන් කරපු සමාජ සේවාව... (ඔව්.. ඔව් ඒ දවස්වල රෑ නයිට් ඩියුටි එක තමා කරන්නේ..) එහෙම කිව්වට ඉතින් පුතාගෙ යාලුවෙක්ගේ යාලුවෙක්ගෙ වඳ ආත්තම්මගෙ ලොකු පුතාගෙ නෝනගෙ අම්මගෙ මල ගේ වගෙ නොයාම බැරි මල ගෙවල්වල තමා පුතයි පුතාගේ ...
ඩුබායි කතා 01 - මලබාරි ඩුබායි වට්ටක්කා පුතා වැඩ කරන අච්චු කන්තෝරුවේ වැඩ කරන බුවාලගෙන් සියයට අනූවක්ම අල්ලපු රටෙ එවුන්ය... ඒ කියන්නේ ඉන්දියන් කාරයෝය.... එයිනුත් වැඩි ප්‍රමාණයක් කෙරලෙන් ආ එවුන්ය... මලබාරි,මලයාලි එහෙමත් නැත්නම් මල්ලූ කියන්නේ ඔවුන්ටය... පුතා දන්න කියන විදිහට ඩුබායි ලෝකල් ඇරබියන්ට වඩා ඩුබායිවල ඉන්න මලයාලි ජනගහණය වැඩිය..... මෙහෙ ඉන්න කැරපොත්තන් ජාතියකට පුතාගෙ යාලුවන් කියන්නේ මලබාරි කියලයි... මොන බෙහෙත් ගැහුවත් මේ කැරපොත්තො ආපහු කොහෙන් හරි මතුවෙනවාමය... ...
ඩෙංගු මාරයා පරද්දමු.... ඩුබායි වට්ටක්කා ඩෙංගු හැදුනු කෙනෙකුට ගෙදරදිම කරන්ට පුලුවන් ප්‍රතිකාරයක් ගැන දුමීගේ බ්ලොග් එකේ තියෙනවා.. මෙතෙන්ට කොටල ගිහින් බලන්ට...
තවත් ඇවරි කතාවක් ඩුබායි වට්ටක්කා කතන්දරගෙ ඇවරි කතාව කියෙව්වම පුතාට මතක් වුනා කතාවක්....මේ කතාව පුතාට කිව්ව යාලුවා ගැන යමක් නොකිව්වොත් ඒක සෑහෙන අඩුවක් වෙනවා... මොකද බොහෝ දුරට ඉදිරියට ලියන්ට හිතාගෙන ඉන්න කථා බොහෝමයක ප්‍රධාන චරිතයක් වෙන්ට පුලුවන් චරිතයක් තමයි මේ යාලුවා... චන්දිබූත් කියන නමින් මේ යාලුවා සිංහල බ්ලොග් අවකාෂයෙ භෞතිස්ම කරන්ට කියලා පුතා හිතා ගත්තා.. බුවාගෙ ඇත්ත නම මේක නෙවෙයි...චන්දිබූත් ඇවිල්ලා ලංකාවේ සුවිශේෂ චරිත බොහෝමයක් බිහි ...
ගුලි තුනේ කථා වස්තුව ඩුබායි වට්ටක්කා ගුත්තිල මූසිල කතාන්දරය ඉස්කෝලෙ ගිය හැමෝම වගෙ දන්න කතාවක් කියා පුතා උපකල්පනය කරනවා... පුතා දන්න විදිහට ඔය උපකල්පනය කරනවා කියන වචනය හරිම ෂෝක් වචනයකි... පුතා උසස් පෙළට ගණිතය ඉගෙන ගන්නට ගියා ගාමිණි පෙරේරා කියන ගුරුතුමා ගාවට.. ඔහු හරි අපූරු ගුරුවරයෙකි.. හැම දේශනයක් අවසානයෙදිම ඔහු කියනවා... "මා උපකල්පනය කරනවා මේ පාඩම හැමෝටම තේරුනා කියලා... ඔන්න ඉතින් අතරින් පතර අත් ඉස්සෙන්ට ගන්න ...