දැන් අපිට ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා ද? Sinhala story Blog 14 මවුන්ට්ජෝයි සිටුවරයාට ඒක ආපහු යවන්නට උවමනා කළේය. ඔහු කුවේඩියම් බෝම්බය දැක්කේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට කවුදෝ ගෙනැවිත් එහි මැද්දේ වූ සශ්‍රීක පොළව මැද්දේ දැවැන්ත හා දැඩි සේ ක්‍රියාශීලී වූ ගිනි කන්දක් තබා එය පුපුරා යන තෙක් බලා සිටිනා ලෙසකිනි. “ආදිපාදවරියෙනි,” ආචාර්ය කොකින්ට්ස්, බෝම්බය, ජනරාල් ස්නිපෙට්, නිව් යෝර්ක් පොලිස් නිලධාරීන් හතරදෙනා අවුත් වැඩි දිනක් නොයන්නට මත්තෙන් පුද්ගලික හමුවක් ඉල්ලා ගත් ...
කිබිසිනි -ආයෙත් කොහේ යාවි ද? Sinhala story Blog හිමිදිරියේ ඉස්තෝප්පු කාමරයට රිංගා ගත් ලීලා එංගලන්තයේ ගොඩනැඟිලි ගැන වූ පොත අකුරක් නෑර කියැවූවාය. මුද්ද දා ගත් විට තමන් ගිය ස්ථානය කවෙන්ට් ගාඩන්ස් රඟහල යැයි හඳුනාගත්තා ය. තමන් ගියේ අතීතයට බව එදා දැකි ඇඳුම් පැළඳුම් වලින් ලීලා දැනගෙන සිටියත්, පොතේ විස්තර වලින් ඒ 1700 ගණන් තරම් පැරණි කාලයකට යැයි දැක ඇය විස්මිත වූවාය. එහෙත් දෙවැනි වතාවට මුද්ද දා ගත් ...
කිබිසිනි -මගෙ උදව්වට වත් ආව ද? Sinhala story Blog ඉස්තෝප්පු කාමරයෙන් පිටතින් තියා ගන්නා කොපි පොතක ද සටහන් ලියන්නට ලීලා පටන් ගත්තා ය. ‘මේ පොත ඇතුලට ගෙනියන්න එපා’ යැයි ලොකු අකුරින් එහි කවරයේ ඇය ලිව්වා ය. එදා සොයාගත් එංගලන්තයේ ඵෛතිහාසික ගොඩනැඟිලි ගැන වූ පොතේ තිබි රඟහල් ඇතුලත පින්තූර වලින් ඇයට තවත් කොණක් අල්ලා ගන්නට ලැබුණා යැයි ඇයට දැන් පැහැදිලි ය. රාජකීය ඔපෙරා නිවස නොහොත් කවෙන්ට් ගාඩන් නමින් හැඳින්වෙන්න ...
කිබිසිනි -එහෙදි මට කතා කරන්නත් බැරි ද? Sinhala story Blog විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය. පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය. “කෝපි ටිකක් රත් කළා .. හපන්න දෙයක් නම් නෑ,” ඇය මුහුණ සඟවා ගනිමින් කීවාය. තරබාරු කාන්තාව ඇයගේ සැමියාට ඉඟි කළාය. ඔහු කරවටේ ඔතාගෙන තිබි සාටකයක් ගැලවූයේය. එහි කොණක වූයේ ලොකු ගුලියකි. ගැට ලිහා ...
කිබිසිනි -නිදිමත කඩන්න බෙහෙත් අනෝදා Sinhala story Blog “තේකට මොනා ද දැම්මෙ?” කට බෙරි කරමින් ලීලා විමසුවාය. “බේබිලැයි තාත්ත තමයි ගෙනැත් දුන්නෙ මේ බෙහෙත් අනෝදා,” මෙහෙකාරිය හිස් කිරිපිටි ටින් එකක් ඇර එහි ඇතුලත වූ වියළි කොළ පෙන්වයි. “නිදිමත කඩන්න හොඳයි කියලා ඉඳ හිටලා මට කියලා මේකෙන් ටිකක් දාලා තේකක් හදලා ඉල්ලනවා .. ඉස්සර.” ලීලා මෙහෙකාරිය දිහා බලාගෙන සිටියේ ඇය වැදගත් යමක් කියූ බව වැටහී ගිය නිසයි. තාත්තා ...
කිබිසිනි -එහෙම ගියාම අපි එහෙයි මෙහෙයි දෙකේම ඉන්නවා ද? Sinhala story Blog ලීලා සිය නිවසේ ඉස්තෝප්පු කාමරයට පිවිස සිටියාය. මිස් සුරම්‍යා ඉස්තෝප්පු කාමරයේ දොරට ඉස්තෝප්පුවේ සිට සෙමෙන් තට්ටු කරයි. “ලීලා, ලීලා .. ඔයා ඇතුලෙ ද? ඔයා ආපහු ආව ද?” ඇය රහසින් අසයි. ලීලා කාමරයේ දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවේ ගේ ඇතුලතට ඇස් යොමු කරමින්. අම්මා හෝ මෙහෙකාරිය පෙනෙන මානයක නැත. ගස් කොළන් සියල්ල අඳුරින් නැහැවී තද කොළ පැහැයකින් පෙනෙයි. හිරු එළිය සම්පූර්ණයෙන්ම ...
ඉතා කුතුහලය දනවන දේවල් ගොඩක් තියෙනවා Sinhala story Blog “ඔබ විශ්වාස කරන්නෙ අනිත් අයට පාවිච්චි කරන්න තරම් මේ වර්ගයේ කුවේඩියම් නිෂ්පාදනය කරන්න වසර දෙකකටත් පහකටත් අතර කාලයක් යයි කියලා එහෙනම්?” ජනාධිපතිවරයා අකමැත්ත දක්වන ලීලාවකින් කීය. “මම විශ්වාස කරන්නෙ එහෙම,” කොකින්ට්ස් කීවේය. “මුලින් ම අවශ්ය්යි න්‍යෂ්ටියේ නිවැරදි සැලැස්ම හොයාගන්න. ඒකට හදන ගණන් හරි අමාරුයි. මට, ඉතින් මට තිබ්බානේ අර නාවුක ගණන් කරන මැෂිම. ඊ ළඟට විජට්ටුව නිර්මාණය කිරීම සහ ...
කිබිසිනි -මහේශාක්‍ය ෂටෝනි Sinhala story Blog දුම්රියක් එන හඬක් ඇසුනෙන් තමන් ඉන්නේ රඟහලක නොව දුම්රිය තොටුපොළක බව ලීලාට වැටහිණ. ඇය වහාම මහපටැඟිල්ල දිහා බැලුවාය. අත වැසී තිබි හම් අත්වැසුම් අස්සෙන් එහි මුද්ද රැඳී ඇත්දැයි අත ගා සැක පහන් කරගත්තා ය. ඇය තුල චකිතයක් හෝ බියක් නොවීය. රඟහලට නැවත ගියේ නැතැයි පසුතැවිල්ලක් ද නොවීය. දුම්රිය නැවතුම් පල වූයේ සීතල පරිසරයක. ඇයගේ වත වැසෙන්නට දිගු රැළි අත් ...
පහළ ඉඳලා උඩට නඟින එක තරම් වෙන කිසිවක වටිනාකමක් නැහැ Sinhala story Blog 4 ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ* ප්‍රධාන යුරෝපීය අංශයේ ලිපි හුවමාරු බාර සිටිනා ලිපිකරු චෙට් බෙස්ටන් තමන්ට නැවතත් ව්‍යායාම කිරීම පටන්ගත යුතු කාලය පැමිණ ඇතැයි තීරණය කළේය. තිස්ගණන් වල මැද භාගයේ සිටි ඔහු අවධානයට ලක් වූ හා ක්‍රියාශීලී වූ සේවා කාලයකට උරුම කම් කියා තිබුණි. දෙවැනි ලෝක යුද්ධය පටන් ගනිද්දී ඔහු කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව ප්‍රධාන විෂයය හැටියට හා උප ...
බාල වයින් හදා ඒ වයින් බී ජීවත්වෙන කිසිත් ජාතික ආඩම්බරයක් නැති Sinhala story Blog අර්බූදය පැන නැඟියේ බහුතර ජන මතය පෙන්වන පැත්තක් නොතිබි නිසා ය. ඒ නිසා හරියටම දෙකඩ වූ පැති දෙකෙන් නායකයෙකුට සභාව අමතන්නට අවසර දීමට හැමෝම එකඟ වූහ. අනතුරුව තීරණයක් ගැනීම බාර වූයේ ආදිපාදවරියටයි. විවිධ පාට වලින් යුතු කකුල් ආවරණ වලින් ද, කබායකින් ද, දිගු අත් විහිදෙන්නා වූ තුඩාවකින් ද උත්කර්ශවත් ලෙසින් සැරසී සිටි මවුන්ට්ජෝයි සිටුවරයා මුලින් ම තම දියාරුවිරෝධවාදීන් පැත්ත ...
කිබිසිනි -ඇතුලට ගේන එකක් වත් ආයේ අරන් යන්න බැරි ද? Sinhala story Blog ඉඩක් ලැබුණු සැනින් ඉස්තෝප්පු කාමරයට දුවන්නට ලීලා යුහුසුළු වූවාය. අම්මා වත්ත පහළ ගස කපා දර ගොඩ ගැසූ සේනට වියදම් පියවනු පිණිස මුදල් රැගෙන එන්නට බැංකුවට ගිය දිනය ඇයට ලැබි ප්‍රථම අවස්ථාවයි. තනිවම දිවා ආහාරය පිළියෙල කරන්නට සිද්ධ වූ මෙහෙකාරිය ඉස්තෝප්පුව පැත්තේ කරක් ගහන්නට නොඑන බව ලීලා දනියි. තාත්තා ඇඳි පුටුවේ සුපුරුදු නින්දේ වැටී සිටියි. තාත්තා අසලින් හිඳගෙන සිටිය දී ...
සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 2 Sinhala story Blog දත් එන නිසා හපන රවුම් කෑල්ල බබා අතින් ගිලිහිණ. බබා උඩු බැලි අතට වැටිණ. රවුම් කෑල්ල මඳ වේලාවක් හිස් අවකාශයේ ඉහළින් රැඳී සිට බබාගේ වැනෙන අත් දෙසට ගමන් කර ඔහුට එය අල්ලාගන්නට ඉඩ දුනි. මේබල් කට විවෘත නොකර අත් අතරින් කෑ ගැසුවාය, “බබා අල්ල ගත්ත, රකුසා අල්ල ගත්ත, දැන් බබා අල්ල ගත්ත!” ඇය බිමට පාත්වෙන්නට පටන් ගත්තාය. “කලන්තෙ දාන්න ...
කිබිසිනි -මට මේක තනියම විසඳන්න බැහැ Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ කොපමණ කාලයක් තමා නිදි වැදුනා දැයි කියන්නට ලීලා නොදත්තීය. නිදිමතෙන් පියැවී ඉන්නට කැමති දෙනෙත් අසීරුවෙන් විවර කරද්දී තමා වැතිර සිටින්නේ තාත්තාගේ කකුල් දෙක ළඟ සීතල සිමෙන්ති පොළවේ බව ලීලාට දැනුණි. තාත්තා අවදියෙන්. හරි බැරි ගැසී වාඩි වී ඉන්නා පුටුවෙන් නැඟිටින්නට කිසිම උත්සාහයක් ගත් බවක් ඔහු තුලින් පෙනෙන්නට නැත. “ඇයි එහෙම ගමනක් ගිහින් ආවට පස්සෙ අපිට හොඳටම නිදිමත ...
කොබ්ලි දිනය Sinhala story Blog මාලිගාවේ පඩි අසලින් ආදිපාදවරිය සිටගෙන සිටියා ය. ඇය දෙපැත්තෙන් දියාරුවිරෝධවාදීන් නියෝජනය කරමින් මවුන්ට්ජෝයි සිටුවරයා ද, දියාරුවාදීන් නියෝජනය කරමින් ඩේවිඩ් බෙන්ටර් මහත්තයා ද සිටගෙන සිටියහ. මවුන්ට්ජෝයි සිටුවරයාට දකුණු පසින් විශේෂ ගෞරවයක් ලැබ ටලීගේ පියා වූ පියර්ස් බැස්කොම් ද සිටගෙන සිටියේ ය. සැවොම උද්‍යානයේ රැස් වූ පසු විල් විසින් ෆෙන්වික් කොඩිය ආදිපාදවරියට ආචාරයක් වශයෙන් එය පහළට ගෙනැවිත් එහි මුදුන ඇය අසල ...
ඔයාගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔයාට බැහැ Sinhala story Blog සෝවියට් විදේශ කොමිස්සාර්ට ග්ලෝරියානා හමුවූයේ නැත. ටලීට ඔහු හමු වී කතාබස් කිරීම පැවරුණි. ග්ලෝරියානා තමනට සුවය මඳ යැයි කියා ගැලවුනාය. ඇත්තෙන්ම ඇය සිතුවේ නැහැ විදේශ කොමිස්සාර් හා කතාබස් කරන්නට ඇයට හැකියාවක් ඇතැයි කියා. ඒ නිසයි ඇය ඒ වැඩේ ටලීට පැවරුවේ. ටලී මෙහෙය ඉටු කළේය. මූලික ආචාර සමාචාර අවසන් කළ පසු, සෝවියට් දේශය සිහින මවන්නට ශතක ගණනාවකට පෙර ෆෙන්වික් දනව්ව ...
ඔල්මාදයක් තමයි ඒක Sinhala story Blog “මේකත් මේ පහුගිය අවුරුදු දහයේ දී මම දුවමින් සිටිය ලේන් කූඩුව ම තමයි,” ආචාර්ය කොකින්ට්ස් කීවේ මහත් ශෝකයෙනි. “අපි බෝම්බය හැදුවෙ නැත්නම්, රුසියානුවන් ඒක හදාවි. රුසියානුවන් ඒක හදාවි සහ අපි විශ්වාස කරනවා ඔවුන් ඒක පාවිච්චි කරාවිත් කියල. අපි මේක හදන්නෙ කිසිදාක ඒක පාවිච්චි කරන්න සිද්ධ වෙන්නෙ නැතිවේවි කියන බලාපොරොත්තුවෙන්. ඔල්මාදයක් තමයි ඒක, ඒත් අපි කොහොම ද නැවත හොඳ සිහියට ...
කිබිසිනි -අර ඉන්නෙ ඈන්ගේ හොඳම මිතුරිය Sinhala story Blog විදුලි බලයෙන් නැහැවුණු ශාලාවේ අමුතු දීප්තියක් ඇතැයි ලීලාට සිතිණ. කාන්තා පක්ෂය විසින් යහමින් තවරන ලද සුවඳ විලවුන් සුවඳ එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමට නොහැකි ලෙසකින් මිශ්‍ර වී තිබිණ. වැඩිහිටි අය ඉදිරියෙන් ද තරුණ කැළ පසුපස පුටු පේලිවල ද අසුන් ගෙන සිටිති. මුහුණට ඉදිරියෙන් අල්ලා ගත් ඈත බලන කුඩා ඇස් කණ්ණාඩි යුගලයකින් තරබාරු කාන්තාවක් ශාලාවේ අසුන් ගෙන ඉන්නා සියල්ලන්වම හොඳට පිරික්සා කර ...
කිබිසිනි -යන්නෙ කොහොම ද කියලා දැන ගන්න ඕනා නේද? Sinhala story Blog “මම කළින් ගිය තැනක …” ලීලා මිස් සුරම්‍යාගේ මුහුණ බැලුවේ ඇය තමා කියන්න විශ්වාස කරනවා දැයි බලන්නට. මිස් සුරම්‍යා කිසිත් නොකියා තමනට ඇහෙන්න එයාකාරයෙන් අහන්නම් යැයි කියන ඇස් වලින් ලීලාව දිරිමත් කළාය. “… කළින් ගිය තැනක දී මට අහන්න ලැබුන අපිට ලෝකය දෙන සාක්ෂි හඳුනාගන්න වෑයම් කරන්න ඕනා කියල නාකි මනුස්සයෙක්, මම හිතන්නෙ එයා පූජකවරයෙක් වගේ කෙනෙක් එයාගෙ යටතේ ...
කිබිසිනි -ආදරණීය මිස් සුරම්‍යා වෙත Sinhala story Blog මිගබස් ඉදිරියේ නොසැලී සිටි ලීලා දයාව හමුවේ හඬා වැටුනාය. හිංසාව ඉදිරියේ ආත්මානුකම්පාව යටපත් වී ඇතිවන්නේ ගල් හිතක් ද? කරුණාව ඉදිරියේ දැඩි සිතක් වුව ද චංචල වෙනවා ද? එහෙමත් නැත්නම් කෙමෙන් කෙමෙන් පොදි ගැසුන වේදනාව තව දුරටත් දරා සිටිනු බැරි තරමට විශාල වූ පසු කඩාගෙන එළියට පනිනවා ද? ඇයට රිසි සේ හඬන්නට හැර පුස්තකාලාධිපති හනිකට අවසන් කළ යුතු ලෙසකින් යම් ...
සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 5 Sinhala story Blog මම නැඟිටිද්දී, මට මුලින්ම දැනගත්තේ හැරී ජූනියර් බෙරිහන් දෙන හඬයි. වැනි වැනී හිටගත් මම කෙඳිරි ගාන්නට පටන් ගත් මේබල්ගේ සිරැර උඩින් පා තැබුවෙමි. දරුවාගේ කාමරයට ගොස් මම බබා ඔසවාගත්තෙමි. “අඬන්න එපා,” මම යාප්පු වීමි. “තරහා වෙන්න එපා. මම ඔයාගේ ඩ්‍රින්කෝ ආයෙ ගෙනැල්ල දෙන්නම්. උන් පල් හොරු, මම ඒක ආපහු ගන්නම්.” ඔහුව එක කිහිල්ලක් අස්සේ රඳවා ගත්තමි, ඔහුගේ කලිසමෙන් තෙත් බිංදු ...