කිබිසිනි – එහෙම නෙමෙයි ද සාමාන්‍යයෙන් වෙන්නෙත් Sinhala story Blog “ලීලගෙ තාත්තාව ඉස්තෝප්පුවේ තනියම දාලා?” “කමක් නෑ. අපි ඉස්සෙල්ලා ඉස්තෝප්පු කාමරේ ඇතුලට යන්න පුළුවනි ද බලමු.” මිස් සුරම්‍යා ඇඳුම් පිළිවලක් කරගනිමින් නැඟිට සිටියේ අවිනිශ්චිත බවකින්. ලීලා ගේ ඇතුලට ඔළුව දැමුවේ අම්මා පෙනෙන හරියක ඉන්නවාදැයි බලන්න. මිස් සුරම්‍යාගේ පැමිණීමත් සහ ඇයගේ කතාබහත් ගැන යම් සතුටකින් ඉන්නා අම්මාව නැවත නොසන්සුන් කරවන්නට ලීලා අකැමති වූවාය. අම්මා පෙනෙන පළාතක නැත. “ඇදගෙන වැටෙන්න බලාගෙන ...
වෘත්තීය පුද්ගලයා මනුෂ්‍යයාට වඩා පුහුණු කාලයක් ලබා තිබුණි Sinhala story Blog 9 ආචාර්ය කොකින්ට්ස් හිටියේ කිසිත් සද්දයක් ඇතුලට ඇහෙන්නේ නැති වෙන්නට නිම කරන ලද ඔහුගේ විද්‍යාගාරයේ ය. තනිවම ය. එය පිහිටියේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ ය. හතුරු ප්‍රහාරයකට මුහුණ දෙනු සඳහා වූ පුහුණු ගැන රට පුරා පැතිර ගිය ආන්දෝලනයට ඔහු සවන් දුන්නේ නැත. තනිකඩයෙක් වූ ඔහුට සිය රැකියාව වෙනුවෙන් කැමති තැනක කැමති කාලයක් ගෙවන්නට ...
වෙළඹක් පැටව් ගහන්න සූදානම් කරන ආකාරයට Sinhala story Blog ඔහු ඇයගේ කැමැත්ත ඉටු කළේය. ඔහු කොතරම් ඇයගේ කැමැත්ත කරන්නට උත්සාහ ගත්තා දැයි කිවහොත් රතු මිණිකැට මෙන් වූ දෙළුම් ඇට එකින් එක මහපැටඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් ගලවමින් දෙළුම් ගෙඩියකින් බාගයක් කන්නට පවා ඉදිරිපත් විය. ඔහු එය මිනිත්තු දෙක තුනක් කර අනතුරුව එහි ලෙල්ල රීදි බන්දේසියේ තැබුවේය. ඔහු තම තනි කාච ඇස් කණ්ණාඩිය ඇසේ නිසි සේ රැඳ වී ඇත්දැයි අත ගා ...
ඇමෙරිකාවේ ඒවා විකුණන්න සම්පූර්ණ අලෙවිකරණ අයිතිය ඉල්ලනවා Sinhala story Blog “ඔයා හිතනවා ද ඔවුන් ඇත්තට ම බෝම්බය පුපුරුවා හරියි කියල?” ජනාධිපතිවරයා ඇසීය. “ජනාධිපති මහත්තයා,” ලේකම්වරයා පටන් ගති, ”ඔයා විශ්වාස කරනවා ද ඔවුන් දිගු දුනුවායන් විස්සක් එක්ක නැවක් කුලියට ගෙන ඇවිත් මෑන්හැටන් දූපතේ බැහැලා ඇමෙරිකාව ආක්‍රමණය කරයි කියල?” “මට වැටහෙනවා ඔබ කියන දේ,” ජනාධිපතිවරයා උත්තර දුනි. “ඉතින් සෙනෙට් සභාව සම්මත කරන්න තියෙද්දී, අපි මේ සොයා බැලීම් කරන වැඩේ එක්ක එකඟ වෙමු. ...
කිබිසිනි -ෆැරන්හයිට් 451 Sinhala story Blog “එහෙනම් ඉතින් මහත්තයා කොහෙ හරි ගිහින් තාම ඇවිල්ලා නැතෙයි?” තාත්තා දිහා බලාගත් ගැහැණුන් තිදෙනාම වදනින් නඟන්නට පසුබට වූව තේ කෝප්පය දිහා බලා සිටින මෙහෙකාර ගැහැණියගේ මුවින් පිටවිණ. “එහෙම නම්?” ඒ අම්මා. ඇය බියගත් දෑසින් මිස් සුරම්‍යා ගෙන් විමසන්නීය. “මෙතන අපිත් එක්ක ඉන්න ගමන්ම අන්කල් එහෙම ගමනක් ගිහින් එහෙත් නැවතිලා ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ ඇන්ටි,” මිස් සුරම්‍යා යටි තොල ...
කිබිසිනි -මස්කඩකාරයා මේ පවුල එක්ක තරහයි Sinhala story Blog තේ කෝප්පයට මොනවා දෝ එකතු කර ඇත. මේ පළාතේ ඇත්තේ සීනි වෙනුවට ගම්මිරිස් දාලා තේ හදන සිරිතක් දැයි ලීලා සිතුවාය. එහෙත් ඇය තිත්ත කහට කෝප්පය බිංදුවක් වත් ඉතිරි නොකර බී අවසන් කළාය. දැරිය ඉකිබිඳිල්ල නවතා ඇඟිල්ලක් උරමින් පැතලි කොට්ටය මත නින්දේ පසුවෙයි. මැහැල්ල මොනවා දෝ මතුරමින් ගේ පුරා එහා මෙහා ඇවිදියි. පාරේ සද්ද වලින් ඇහෙන්නේ දොරවල් ජනේල වසාගෙන හැංගිච්ච ...
කිබිසිනි -සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද? Sinhala story Blog මඩ වතුරේ දිළිසෙන්නේ නා නා වර්ණ ඇබිත්තන් මැණික් ගල් ඇල්ලූ රත්තරනින් නිම කළ නූපුරයකි. ගෙට ගොඩ වෙන්නට පෙර කකුල් හෝදන්නට තිබූ වතුර බාල්දියෙන් ලීලා එය සෝදා ගත්තාය. අල්ලේ තබාගෙන එය කෙසේ පළඳින්නක් දැයි ඇය කල්පනා කරන්නට වූවාය. “ලීලා තාත්තා එනවා ඔන්න පඩිය නඟිද්දී පොඩ්ඩක් බලන්න,” හති දමමින් තාත්තා පසුපස තවමත් දුවන අම්මා කියයි. එහෙත් තාත්තා ගෙට ගොඩවෙන්නට පඩිය නැඟ්ඟේ ...
සත්‍ය පැණි බනිස් එකක් Sinhala story Blog මුළු සැලැස්ම ඔහුගේ හිතට ආවේ නොසිතූ අවස්ථාවක දී ය. ඒ නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙක් හා කතාබහේ යෙදී සිටිනා විට දී ය. ඇමෙරිකාව හා ගිවිසුම අත්සන් කෙරුණු වහාම ජනරාල් ස්නිපෙට් ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනා ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවෙන් මායිමේ වූ වූ ඇමෙරිකන් තානාපති වෙතට ගෙන යන අවස්ථාවේ දී ය. ආපසු තම රට බලා යන උද්දාමයෙන් යුතු වූ එක් පොලිස් ...
එයාලා තමයි හැම තිස්සෙම හරස් වෙන්නෙ Sinhala story Blog ඔවුන් එකඟ වූයේ තම තමන්ගේ වාහන වල අසුන් ගන්නට ය. රියැදුරන් අත ඝාසය හුවමාරු කරගන්නා ලදි. විදේශ ලේකම් රහසෙන් වොඩ්කා ටික පාරට හැලුවේ ය. සෝවියට් කොමිස්සාර් සැන්ඩ්විච් ඉඹ බලා ඒවා තම රියැදුරා අත තබන ලදි. රියැදුරා ඒවා කෑවේ තරමක අවිශ්වාසයකිනි. ඔවුන්ගේ දිවා ආහාරය මැද දී ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැමිණියේය. ඔහුට ඉදිරියෙන් නවතා ඇති වාහන දෙක දිහා ඔහු නොසන්සුන් ව ...
මාත් එක්ක කරන වැඩක් Sinhala story Blog “ඇතුලට එන්න පුතේ,” පියර්ස් කීය. “ග්ලෝරියානා ඇවිත් ඉන්නෙ ඔයා මුණගැසෙන්න.” “ඔහ්,” ටලී කීවේය. ඔහු ඇතුල් වී ගිනි උදුන අසලට ගියේය. අතක් උදුනිස මත තබාගත් ඔහු එතැන හිටගත්තේ ය. ග්ලෝරියානාට හදිසියේ ම දැඩි බියක් දැනින. කුමක් කියන්න ද, කොහෙන් පටන් ගන්න ද, මොන ආකාරයෙන් මොන විෂයයන් ගැන කතාබහ කර තමන් එහි පැමිණි හේතුවේ මාතෘකාවට එන්න දැයි ඇයට සිතාගත නොහැකි විය. ...
කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ නැහැ Sinhala story Blog ලෝකයේ ඉහළ තනතුරු දරණ කොතරම් පිරිසක් උත්සවයට සහභාගී වන්නට කැමති වුවා ද යත්, ඔවුන් සියල්ල ම පාහේ ආරාධනා බාරගත් හෙයින්, මාලිගාවේ ප්‍රධාන ශාලාවේ එය පැවැත්වීම ගැන ටලී ගේ සිත මහත් කරදරයට පත් කළේය. මන්ද එහි පතුලේ තවමත් භයානක වූ ද, විනාශකාරී වූ ද කුවේඩියම් බෝම්බය තවමත් ඇති නිසා ය. “බෝම්බෙට මොකක් හරි වුනොත්,” ටලී කීවේය, ”කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ ...
සමහර කොල්ලො අවුරුදු හතර පහකින් ඇමෙරිකන් කෙල්ලෙක් දැකලා නැහැ Sinhala story Blog “නම හුරුයි මට. ඒ කතන්දරයට වඩා මෑතක වෙච්ච සිද්ධියක් හා සම්බන්ධයි,” ටලී කීවේය. ඔහු ආචාර්යවරයා දිහා බැලීය. වහලක් නොමැති වාහනයේ මුරකරුවන් දෙදෙනෙක් මැද්දේ ඔහු අසුන් ගෙන ය. ඔහුගේ ඔඩොක්කුවේ කැනරි කුරුල්ලා සිටි කුරුළු කූඩුවයි. ඔහු කුරුල්ලා හා කතාබහේ යෙදී සිටියේ ය. “අන්න ඒක,” හදිසියේ ම ටලී කීවේය. “කුරුල්ලෝ. කොකින්ට්ස් තමයි මගේ පියාට අභියෝග කරපු එක්කෙනා. පියා ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි ...
කිබිසිනි -කෝ අපිට පෙනෙන වෙනසක් තියේයැ Sinhala story Blog “සුදු නංගි, මොකද කියන්නෙ එතකොට?” දොරට හේත්තු වී සිටි ලීලාටත්, තාත්තාගේ අත අල්ලාගෙන ඔහු අසලින් වාඩි වී ඉන්නා අම්මාටත්, නෑදෑයින් ගෙනගිය කතාවේ අගක් මුලක් වැටහී නොතිබිණ. කටහඬවල් ඇසුනාට ඒවායෙන් කියූ වදන් ඔවුන් දෙදෙනාට ඇසුනේ නැත. අම්මා හිස ඔසවා ඔවුන් සියළු දෙනාගේ ම මුහුණු දෙස බැලුවේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ බැල්මකිනි. “සුදු නංගි ඔහොම පැත්තකට වෙලා ඉඳල හරියන්නෙ නැහැ. ...
ග්‍රෑන්ඩ් ෆෙන්වික් තමයි ලෝකයේ බලවත් ම ජාතිය වෙන්නෙ Sinhala story Blog “ග්‍රෑන්ඩ් ෆෙන්වික් ජනතාව වෙන මුකුත් කළා ද?” “ඔව්, ඔවුන් තවත් නිවේදනයක් එවලා තියෙනවා. ඒකත් අත්සන් කරලා තියෙන්නෙ දොලොස්වැනි ග්ලෝරියානා. මේක එවලා තියෙන්නෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ව්‍යාජ පිනෝ විකිණීම ගැන විරෝධතාවයක් දක්වලා. ඒක දෙපාර්තමේන්තුවේ වැඩ ගොඩ අස්සෙ හිරවෙලා තිබිල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදිපාදවරියට යවලා තියෙන්නෙ ප්‍රතිකාවක් විතරයි පිළිතුරු හැටියට. ඒ ප්‍රතිකාවේ සිරස්තලය තමයි “කැලිෆෝර්නියාවේ වයින් සෑදීම සහ මුද්දරප්පලම් සංස්කෘතිය.” ජනාධිපතිවරයා ඇස් පියාගති. ...
උත්සාහයේ ජයග්‍රහණය හා යුද්ධයේ අවසානය නිල නිවේදනය Sinhala story Blog “ඔබේ කැමැත්තක් කරන්න, ආදිපාදවරියෙනි,” මවුන්ට්ජෝයි සිටුවරයා කීවේ අමනාපයෙනි. “මගේ උත්සාහය සේවයක් කිරීම පමණයි.” “තරහා ගන්න එපා, බෝබෝ,” ආදිපාදවරිය පුද්ගලික වූ මඳ සිනාවකින් සංග්‍රහ කරමින් ඔහු සැනසුවා ය. “මම ඇත්තෙන් ම විශ්වාස කරනවා ටලී ඉටු කරලා තියෙන්නේ සෑහෙන වැදගත්කමකින් වූ මෙහෙයක් කියල. ඒත් අපි දන්නෙ නැහැ ඒකෙන් හොඳම විදියට වැඩ ගන්න හැටි. එයා කුතුහලය දනවන පුද්ගලයෙක් …. මහේශාක්‍ය පුද්ගලයෙක්. ඔබේ ...
හිතවත් මේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙතටයි Sinhala story Blog “අපි එයාව හොයන්නම්,” ලිපිකරුවා උත්තර දුන්නේ ය, “දැනුම් දෙන්නම් අපි මොනවා ද හොයාගත්තෙ කියලා.” ලිපිකරුවා දුරකතන විසංන්ධි කර වාර්තාවක් සටහන් කළේය. කොකින්ට්ස් මහතා, තනිකඩයෙකි. වයස පනහක් පමණ වූයෙකි. දැඩි ඝනකම කාච ඇති ඇස් කණ්ණාඩි පළඳින්නෙකි. කුරුල්ලන් ප්‍රිය කරන්නෙකි. රෑට එළියේ ගත කරන්නට කැමැත්තෙකි. ඔහු සොයාගත නොහැකිය. මෙය ඔහු විසින් පසුගිය පැය තුල දී පමණක් පුරවන ලද එවැනි ම තොරතුරු ...
වාඩිවෙන්න මම වත්කරන්නම් ඔබට පිනෝ වීදුරුවක් Sinhala story Blog 21 ග්ලෝරියානා ආදිපාදවරිය තම බයිසිකලයේ නැඟ මාලිගාවේ කන්ද පල්ලමේ වේගයෙන් ඉගිල ගියාය. ඇය ගියේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වනාන්තරය හා එහි වූ ටලී බැස්කොම්බ්ගේ නිවස පැත්තට ය. කන්ද බැස වේගයෙන් යෑම ඇය කවදත් ප්‍රිය කරන ලද්දකි. එහෙත් දැන් ඒ තරම් වේගයෙන් යන්නේ නැත්නම් හොඳ යැයි ඇයට සිතිණ. ගොළුබෙල්ලෙකුගේ වේගයට බයිසිකලය ගෙනෙන්නට හැකි නම් හොඳ යැයි ඇය සිතුවා ය. ඇය එය කරන්නට ...
මිලියන ගණනාවකගේ ජීවිත අවදානමේ තැබූ මොහොතකි Sinhala story Blog ඊට ජෙනරාල් ස්නිපෙට් වෙතින් ලැබි උත්තරය කුණුහරුපයකි. කතාවට කිසි ලෙසකින් අදාල නොවූවකි. ඔහු තම වදන් අවසන් කළේ “මේ මෝඩ හැත්ත” වහාම ආරක්ෂිත කඳවුරු බලා නොගිය හොත් මේ මිනිත්තුවේ දී ම, තම හමුදාවට ඔවුන්ට වෙඩි තබන්නට යැයි අණ දෙනවා කියා ය. එයින් සාමය සඳහා වූ කතාබහ අවසන් බවත්, එය හතුරාගේ අවසන් ඉල්ලීම ලෙසත් සලකා ටලී තම දුනුවායන්ට ඊතල පහරක් යවන්නට ...
කිබිසිනි -හොඳ වේලාවට නෝනා කාමරයට දිව්වෙ Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ පොත් රාක්කයක් අසල ලීලා හිටගෙන. තමන් ආපහු ඇවිත් ඉන්නා බවත් තාත්තා එහි නැති බවත් දැකි ලීලාගේ හිතට දැනුනේ සහනයක්. ඒත් ගේ ඇතුලතින් ගලා ආ කලබල සද්ද රාශිය නිසා ඇය කාමරයෙන් එළියට යෑමට මඳක් පසුබට වූවාය. අල්ල දිග හැර මුද්ද එහි ඇතැයි දැකි ලීලා වහාම එය නැවතත් සිමෙන්ති පොළවේ කුහරයේ වූ ලී පෙට්ටියට මුද්ද දමා එහි පියන වසා ...
කිබිසිනි – ඒ දෙන්නට මොකද වුනේ? Sinhala story Blog තාත්තා ගෙන් පිළිතුරක් නොලැබුණි. නොසන්සුන් නිහඬතාවයක් පැතිරෙන්නට කළින් හනිකට මිස් සුරම්‍යා නැවතත් කතාව ඇදගෙන යන්නට වෑයමක් ගත්තාය. “ජින්සෙන් ගැන ලීලා කියෙව්ව පොතකින් ද?” “නැහැ ඒක මම .. ආ ඔව් ඔව් .. කොරියාවේ කතන්දරයකින්,” යැයි කියද්දී මිස් සුරම්‍යාගේ කිරි සුදු දත් වලට ඇයගේ තොල් කොනක ඇතුලත අහුවෙන හැටි ලීලා දැක්කාය. “ජපන් අය ඇවිත් කොරියාවේ යුද හමුදාවක් වෙච්ච කාලෙක. පොලීසි වලට ...