ඉතින් කොහොම ද මේ මීයෝ සිංහයන් හීලෑ කරන්නෙ? Sinhala story Blog “මේ ප්රශ්නය උපන්‍යාසයක්,” ආචාර්ය කොකින්ට්ස් දෙවුර හකුලමින් කීවේය. “ඒ වගේ එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඉතින් ඔබටයි මටයි, මේ කැලෑවේ මෙතැන හිඳගෙන, ඒ වගේ එකඟතාවයක් ගෙනෙන්නටත් බැහැ.” “ඒක කිසිසේත් ම උපන්‍යාසයක් නෙමෙයි,” පියර්ස් කියා සිටියේ ය. “මොකද මම කියන්නම් ඔබට වැඩි කලක් යන්නට මත්තෙන් ඒ වගේ ජාත්‍යන්තර එකඟතාවයක් සිද්ධ වෙයි කියල. ඒක එන්නෙ ලොකු ආරවුල් ඇති දැවැන්ත රටවල් වලින් නෙමෙයි. ...
කිබිසිනි -ප්‍රංශ ගයානාවේ දණ්ඩන ගණවාසය Sinhala story Blog “ලෝ ..” ඝන අඳුරේ කිසිවක් නොපෙනේ. “ලෝ ..” හඬ එන්නේ කොයි පැත්තෙන් දැයි සොයන්නට ඉඩක් නොදී මදුරුවෙක් වේගයෙන් එහා මෙහා යමින් කන අසල බෙරිහන් දෙයි. “ලෝ ..” නුරුස්සුම් බවක් හිතේ මෝදු වෙද්දී ලීලා කන අත ගෑවේ මදුරුවා එළවන්නට. ඒත් අතේ පොඩි වී ගියේ මදුරු රොත්තකි. බෙරිහන් නාදය එක මදුරුවෙක් ගෙන් නොවේ. මුළු සිරුර වටකර ගෙන මදුරුවන් සිටිනා බව අවබෝධ ...
අඟහරු ලොවෙන් ආ මිනිස්සු මෑන්හැටන් වලට පහර දෙයි Sinhala story Blog ඩේලි නිව්ස් පත්තරයේ තමන් හඳුනන වැදගත් තනතුරක් දරනා අයෙක් ඉන්නවා යැයි කියද්දී ටොම් කියුවේ අතිශයෝක්තියකි. මාස හයක් හතක් පමණ කාලයක් කොමිස් ක්‍රමයට පත්තර මිල දී ගෙන විකුණද්දී ටොම් සේවය කළ පත්තර බෙදාහරින දිස්ත්‍රික් කළමනාකරුවා ගැනයි ටොම් එසේ කියුවේ. ඔහුව අල්ලා ගැනීම අසීරු විය. එහෙත් ටොම් උත්සාහය අත් නොහැරි පසු, ඔහුට කතාව කීමෙන් පසු, පත්තර බෙදාහරින දිස්ත්‍රික් කළමනාකරුවා එක ප්‍රශ්නයක් ...
සෑහෙන්න මහන්සි වෙනවා පොඩි විනෝදයක් ලබන්න Sinhala story Blog “අළුත් දෙයක් නැහැ,” පණිවුඩකරුවා පිළිතුරු දුන්නේ ය. “මාධ්‍ය කාර්යාලයේ ඉන්න කොල්ලො ටික පරණ පුරුදු විහිළු පටන් ගෙන. එච්චරයි.” ඔහු හිස වනා පිට වී ගියේය. චෙට් ලියුම්කවරය අතට ගති. එහි පැරණි ලාංඡනයක සීල් වැදී තිබිණ. එහි විශේෂිත බවක් ඇතැයි ඔහුට සිතිණ. ඒත් එය විවෘත කළ පසු ඔහු සිනහා වූයේය. පිටුවේ උඩ, එක හොටකින් “ඔව්” හා අනිත් හොටෙන් “නැහැ” කියනා ඔළු ...
කිබිසිනි -ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා Sinhala story Blog දිවා ආහාරයත් එපා කියා පොතත් රැගෙන නිදන කාමරයට වැදුණු ලීලා පොතේ පිටු දහයක් ඉක්මවා යන්නට පෙර කාමරේ දොර වසා දැමුවාය. ලැජ්ජාවෙන් වෙව්ලන ඇඟිලි වලින් ඇය පිටු පෙරලුවේ ලිංගික හැසිරීම් ගැන මෙතරම් විස්තරාත්මකව ලියන්නට එතරම් සුප්‍රසිද්ධ වූ කතුවරයාට ලැජ්ජාවක් තිබුනේ නැද්ද යැයි සිතමිනි. එදා යෙහෙළියන් පැමිණ සිටිය දී පොතේ නම ඇහෙද්දී තාත්තාගේ සිනාවේ ඇදුණු සිනාව යළි මතක් කරගන්නට ඇය ඇස් ...
කිබිසිනි -මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම Sinhala story Blog රත්තරන් වළල්ල රන් අබරණ පෙට්ටියේ දිළිසෙමින් හිනාවෙයි. පිඟන් හෝදන සුවිසල් වතුර කල්දේරමේ සබන් පෙණ අස්සේ ලීලාගේ රත්තරන් වළල්ල ගැල වී ගියෙන් ලීලා නැවතත් ඉස්තෝප්පු කාමරයේ සිටගෙන සිටියේ කුමක් දැයි කියාගත නොහැකි තරම් දැඩි ආවේගයකින් පිරිල. එය වළලුකරයෙන් ගිලි හී යද්දී තමා ආපහු ඉස්තෝප්පු කාමරයට ක්ෂණයෙන් යන බව නිසැකව දත් ඇයට සබන් වතුර කල්දේරමේ එය සොයන්නට තත්පරයක් හෝ ඉඩක් ලැබුණේ ...
කිබිසිනි -ඔය ළමයට මොකක් ද දැනගන්න ඕනෑ? Sinhala story Blog පුස්තකාලයට ඇතුල්වෙන ලීලාව මුලින්ම දැක්කේ මිස් ප්‍රියදර්ශනී. “මේ අර කලන්තෙ දාලා වැටිච්ච ළමයා නේද? තනියෙම ද ආවේ?” ඇය ලීලා දෙස රකුසු බැල්මක් හෙළා ඇසුවේ අහළ පහළ හැමෝටම ඇහෙන්න. ඉක්මන් ගමණින් ගිය ලීලා එය ඇසී තිගැස්සී නැවතුනේ හැමෝම ඇය දිහා හැරී බලද්දී. පුස්කාලයේ දී වැඩි සද්ද බද්ද එපා යැයි අනුන්ට කියනා අයම මෙසේ මහ හඬින් කතා කරන්නේ ඇයි? ප්‍රියදර්ශනී මිස් ...
අපි නැවක් කුලියට ගන්න ඕන Sinhala story Blog ඇමෙරිකාවට යන්නේ කෙසේදැයි කියා කිසිවෙක්, ආදිපාදවරිය ද ඇතුළුව, සොයා බලා තිබුනේ නැත. ආණ්ඩුවේ දේශපාලන නායකයන්ට ඒ ගැන කටයුතු පිළියෙල කරන්නට ග්ලෝරියානා අවස්ථාව දී තිබි අතර ඔවුන් ඉහළ කොස්තාපල් වූ ටලී ට එහි වගකීම දී තිබිණ. ඉතින් ටලී යුද්ධය පටන් ගන්නට සූදානම් යැයි වාර්තා කරන්නට ගිය කළ පරෙවි මඬුල්ලට ලැජ්ජා සිතුණි. යුද්ධ ප්‍රකාශ කිරීම නිසා ඇමෙරිකාව තරහ නොවේවි යැයි යටිහිතෙන් ...
කිබිසිනි -කතන්දරයක් ඇතුලෙ කතන්දරයක් Sinhala story Blog “කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?” “එහෙම එව්වා තියෙනවා ද බේබි?” “අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?” “ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.” “ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි ...
කිබිසිනි -මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම් Sinhala story Blog “බේබි, බේබි, අනේ පොඩ්ඩක් ඉන්න මාත් එනවා.” ගෙදරට අඳින කඩමාල්ලට වැඩි වෙනසක් නොවූ චීත්තයක් ඉනවටා පටලවා ගනිමින් මෙහෙකාරිය ලීලා පසුපසින් දිව එයි. “බස් එකට සල්ලි විතරයි මං ගෙනාවේ, කඩේ යන්න සල්ලි නෑ,” ලීලා කිව්වෙ ඇය එනතෙක් නතර නොවී. ඇය හතිලමින් ලීලා සමඟ ගමනට එක්වූයේ කිසිත් නොකියා. ඇයගේ අතේ වූ පන්කොළ මල්ලේ බරින් ඇය පැත්තකට ඇළ වී අඩි තබන හැටි ...
කිබිසිනි -අහිමි වූ මෝහයන් Sinhala story Blog ලීලා ආපහු එද්දී තාත්තා ඉස්තෝප්පු කාමරයේ සිටියේ නැහැ. අත කරට ගියත් මකර තැල්ල ද ඇයගේ කරේ නොවීය. ගිය තැනක කොතරම් කාලයක් ගෙව්වත් ගිය වේලාවට ම ආපහු එන්න හැකියාව මෙවර අහිමි වී ඇත් ද? ඇය දොර හරිද්දී තාත්තා දොර ළඟ එහා පැත්තේ හිටගෙන තව පොඩ්ඩෙන් දොර වැදී ඔහු ඇදවැටෙන්නට ඉඩ තිබුණි. ඔහු තිගැස්සුන හැටි දුටු අම්මා හුන් අසුනෙන් නැඟිට තාත්තා ...
මම කොහොම ද මම ඉපදුන ස්ථානයේ යුද සිරකරුවෙක් වෙන්නෙ? Sinhala story Blog 10 මිනිස් යුධ ඉතිහාසයේ ම සතුරු ආක්‍රමණිකයන් විසින් සිරකරුවෙක් ලෙසින් අල්ලා ගත්තා යැයි තේරුම් කරදෙන්නට ආචාර්ය කොකින්ට්ස් තරම් දුෂ්කර වූවෙක් වෙන සිටියේ නැත. ටලී බැස්කොම්බ් විසින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ නාමයෙන් අල්ලා ගත්තා යැයි කියද්දී ආචාර්ය කොකින්ට්ස් එය කිසිසේත් විශ්වාස නොකළේය. ඔහුට එය විශ්වාස නොකරන්ට හොඳ හේතු තිබිණ. එකක් නම්, ඔහු අපේක්ෂාවෙන් සිටියේ තමනට එවනවා යැයි කියූ සැන්ඩ්විච් ලැබෙන තෙක් ...
පොරොන්දු වෙන්නම් මම කොහේවත් යන්නෙ නැහැ කියලා Sinhala story Blog “ඩිකී,” ඔහු අසල කූඩුවක සිටි කැනරි කුරුල්ලාට කතා කළේය. ඒ කැනරි ඔහුගේ විද්‍යාගාරයේ සිටි එකම හිතවතා ය. “අපි දෙන්නම ගොඩක් පරිස්සම් වෙමු. දැන් මොනවා හරි කන්න ඕන වේලාව. මම ඔයාට ඩිංගක් එහා මෙහා පියාඹන්න කූඩුව ඇරලා දෙන්නම්. ඒත් මට පොරොන්දු වෙන්න අර පෙට්ටියෙ හැප්පිලා ඒක පොළවට වැටෙන්න හරින්නෙ නැහැ කියල. මොකද ඔයා එහෙම කළොත් මුළු නිව් යෝර්ක් නගරය ම ...
පටන් ගත්ත ගමන් පැරදෙන යුද්ධයක් Sinhala story Blog “අපොයි ආයෙ කියන්න කිසිම උවමනාවක් නැහැ,” ආදිපාදවරිය ප්‍රසන්න ලෙසකින් එකඟ වූවාය. “මට හොඳටම දන්නවා අපි යුද්ධය පැරදෙනවා කියල.” “එහෙම නම් අහවල් අරමුණකට ද අපි සටන් වදින්නෙ?” බෙන්ටර් විමසීය. ආදිපාදවරිය තම පුටුවේ පිටුපස්සට දිග ඇදුනා ය. ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි දේශපාලන පක්ෂ දෙකේම නායකයන් දෙදෙනාවම සම්පූර්ණයෙන් වික්ෂිප්තයට පත් කරන්නට හැකියාව ලැබුනේ යැයි ඇය තුල පැතිර ගියේ තමා ඔවුන්ට වඩා ඉහළ යැයි ...
කිබිසිනි -ලීලාව නරක් කරන්න හදන්නෙ මේ වනචර කෙල්ලො Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ ඇති පොත් බොහොමයක් කියවන්නට ලීලා සමත් වූවාය. තම පාඩම් පොත්වලින් දැනුම වෙනදාට වඩා හොඳින් උකහා ගන්නට තමන් සමත් වූයේ කෙසේදැයි හදිසියේ ම ඇයට පසක් විය. ඒ වෙනදා කිසි අරමුණක් නැතිව ඉබගාතේ දුවන සිතුවිලි වලින් දවස ගෙවන ඇය දැන් පාඩම් කටයුතු වලට හැම දිනක ම කාලයක් නිශ්චිතව ම වෙන් කරන නිසා ය. එසේම තාත්තාගේ ලෙඩේ සනීප කරන්නට හැකි ...
කිබිසිනි -අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන හමාර ය Sinhala story Blog ඉස්පිරිතාලයෙන් ගෙදර ආ තාත්තා සතියකට පසුවත් කිසිත් කතාබහකින් තොර විය. අම්මා අතින් කවන ආහාරයක් ගිල දමන, මුවට ළං කරන වතුර වීදුරුවක් හෝ තේ කෝප්පයක් පානය කරන ඔහු ඉස්තෝප්පුවේ ඇඳි පුටුවේ දිගා වී කාලය ගෙවන්නේ වටපිටාව ගැන කිසිත් තැකීමකින් තොරව ය. ඥාතීන් වෙතින් හා දන්නා හඳුනන අයගෙන් මෙන් ම තාත්තාගේ කාර්යාලයේ හිත මිතුරන් වෙතින් ද අරහෙම කරලා බලන්න මෙහෙම කරලා ...
කිබිසිනි -වැලි තලප සුවඳ තාත්තාව අවදි කරාවි ද? Sinhala story Blog මුළුතැන්ගෙය පැත්තෙන් ගලා ආ හැඳිගාද්දී පැතිරෙන වැලි තලප සුවඳෙන් ලීලා අවදි වූවාය. මහත්තා කැමති දෙයක් කාලෙකින් හදා දෙන්න බැරි වුනා යැයි එදා ටවුමේ සිට ගෙදර එද්දී කියූ මෙහෙකාරිය ඔවුන්ගේ හංදිය අසල බස් රථයෙන් බහිද්දී සැනෙකින් දිව ගියේ සියදෝරිස්ගේ කඩේ ඇතුලට. එළියට ඇවිත් අල්ලේ වූ තලගුලි කැරලි දෙකක් ඇය සතුටින් පිරී ගිය සිනාවකින් ලීලා වෙත පෑවාය. “මේවට සල්ලි ඉතුරු කරගත්තා ...
කිබිසිනි -බේබි කුඩ හොරාව දැක්කද? Sinhala story Blog ඉස්තෝප්පු පඩියක හිඳගත් මෙහෙකාරිය උණු තේ කෝප්පය බිම තබා ඔවුන් වෙත හැරුනේ නෝංජල් හිනාවකින්. “මම වැහි දවසක නිකමට ගියා ඔය කාමරේට. ඒකෙ තියනවා මාල වළලු දාලා තියෙන පෙට්ටියක්. ඒකක් දාගත්තම වෙන තැනකට යැවෙනවා. යන්නෙ කොහෙද කියලා යන්න කලින් කියන්න විදියක් නැහැ. ඒ වගේම ඔය කාමරේට ගෙනියන කිසි දෙයක් ආපහු එළියට ගේන්නත් බැහැ. තාත්තට අසනීප වෙන්න කළින් හොඳටෝම වැහපු දවසකට ...
කිබිසිනි -මහතුන් මාමා ඇවිත් Sinhala story Blog “බේබිලැයි මහතුන් මාමා ඇවිත් අන්න,” මෙහෙකාරිය ලීලාව තදින් සොලවයි. ඔළුව ඇතුලේ පැතිරෙන දෝංකාරයක් මෙන් ඇහෙන මෙහෙකාරියගේ කටහඬ ඇය අවදි කළත් නිදිමත කඩා ඇස් විවෘත කිරීම ලීලාට වෙහෙසකි. “අන්න නෝනට ඒවා මේවා කියනවා මොකක්ද ඉඩමක් ගැන,” මෙවර මෙහෙකාරිය ලීලාගේ කකුලෙන් අදියි. කකුල් දෙක ඇඳෙන් බිමට තබා නින්දේ සිටින ඇයව සිටුවා නැඟිටවන්නට අසාර්ථක උත්සාහයක නියැළෙයි. “ගිහින් පොඩ්ඩක් බැලුවා නම් බේබි,” ඇය ...
කිබිසිනි -එය ඇරී නොව වැසී ම ඉන්නට වෙර දරයි Sinhala story Blog නොදන්නා තොරතුරු බහුල නිසා පහසු නිගමනයකට එළඹෙන්නට ලීලාට නොහැකි විය. මෙහෙකාරිය මුළුතැන්ගෙයි හිර ව සිටිය දී, අම්මා කඩමණ්ඩියට ගොස් සිටිය දී, තාත්තා ඉස්තෝප්පුවේ ඇඳි පුටුවක නිදි කිරා වැටෙද්දී, ලීලා හැකි තරම් නිහඬ බව රකිමින් ඉස්තෝප්පු කාමරයට ඇතුළු වූවාය. සංසුන් බවක් වෙනුවට ඇය තුල පැවතියේ නොයෙකුත් සිතිවිලි ගලා ආ කාලගෝට්ටියකි. දොර අඩවන් කරන්නට පෙර ඇය තාත්තා දිහා බැලුවාය. දොර අඩවන් ...