අපි එයාලට බය නැහැ, එහෙම නෙමෙයි ද? Sinhala story Blog ඇමෙරිකා එක්සත් ජනපදයේ කැබිනට් රැස්වීම ඒ තරම් චාරිත්‍රානුකූල නොවූවත් දැඩි බැරෑරුම් ගතියකින් වූවකි. ජනාධිපතිවරයා හැඳ සිටියේ අලුත් ම කෘතිම ද්රව්ය්යකින් මැසූ බරින් අඩු සූට් කට්ටලයකිනි. මන්ද වසන්තයේ අග භාගයේ වොෂිංටනයේ පැවති රස්නය කිසි අනුකම්පාවක් දැක්වූයේ නැති නිසා ය. ආරක්ෂක ලේකම්වරයා සර්ජ් වලින් මහන ලද නිල් පැහැති චාරිත්‍රානුකූල සූට් කට්ටලයක් හැඳ සිටියේ ය. ඔහු රවුම් තිත් වලින් පිරි ටයි පටියක් ...
කිබිසිනි -තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි Sinhala story Blog තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි යැයි දොස්තරවරු කියන ලදි. රෝගය කුමක් දැයි සොයන්නට පරීක්ෂණ ගණනාවක් පැවැත් වු නමුත් එය කුමක් දැයි ඔවුනට සොයාගත නොහැකි විය. ඉස්පිරිතාලයට සති දෙක තුනක් පුරා උදේ හවා දිව්වේ අම්මා ය. ඇයගේ තනියට මෙහෙකාරියත් ලීලාත් වරින් වර ගියහ. තාත්තාට ගෙනගිය කෑම පැකට් වලින් කටවල් කිහිපයක් ඔහුට ගිලින්නට හැකි වූයේ මීට දවස් දෙක තුනකට පෙර සිහිලත් පසු ...
සමාවෙන්න: වෙන පිරිවිතරයකින් Sinhala story Blog රොස් රොක්ලින් (Rocklynne) (1913 පෙබරවාරි 21 – 1988 ඔක්තෝබර් 29) රොස් ලුවිස් රොක්ලින් (Rocklin) නැමැත්තා යොදාගත් අන්වර්ථ නාමයයි. ඔහු ඇමෙරිකන් විද්‍යා ප්රබන්ධයන්හි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අවධියේ රචකයෙකි. එවක ප්රකාශනය වූ, පුදුම කතන්දර -Astounding Stories, අපූරු වික්‍රමාන්ත -Fantastic Adventures, ග්‍රහලෝක කතන්දර -Planet Stories වැනි ජනප්‍රිය (පල්ප්) විද්‍යා ප්‍රබන්ධ සඟරා කිහිපයකට ලියන ලද්දෙකි. 1939 පැවති ලෝක පළමු විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණයේ දී ...
ගර්ජනය කළ මීයා Sinhala story Blog කුඩා රටක් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට යුද ප්‍රකාශ කළ සම්භාවනීය නවකතාවක් කියවන්න මෙහි එන්න. ඇමෙරිකාවේ නීච ව්‍යාපාරික පිළිවෙත් ගැන කුඩා රටක් ඉතා කෝපාවිෂ්ට වෙති. ඒ නිසා ඔවුන් නිව් යෝර්ක් නගරයට එහෙන් මෙහෙන් එකතු කර හදාගත් හමුදාවක් එවති. ඔවුන් පහර දෙන්නේ නිව් යෝර්ක් නගරයටයි, අල්ලා ගන්නේ මුළු ලෝකයමයි … පොත පිළිගැන්වීම: ශතකයන් පුරා තම නිදහස ලබාගන්නත් එය රැකගන්නත් කරත හැකි ...
සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 4 Sinhala story Blog හරි හරියට පොර අල්ලන්නට යෑම නොකළ යුතු යැයි මම දැන සිටියෙමි. ඉතින් මම ඔහුගේ අත දිහා පහතට බැල්මක් එල්ල කළෙමි. ඔහු අත ඉවත්කර ගන්නා තෙක් එක එල්ලේ අත දිහා බලා සිටියෙමි. ඔහු දත් විලිස්සා පෑ සිනාව බොහෝ දුරට මැකී ගියේය. “ඉතින් කොහෙද ඒකා?” ඔහු කීය, ඔහුගේ වදන් රළු සහ අප්‍රසන්න ස්වරයකට හැරිණ. “ඒකා ගැන කරදර වෙන්න එපා,” මම කීවෙමි. “දැන් ...
අපි ජීවත්වන්නෝ -314 බීලා වෙරිවෙලා හිටියෙ Sinhala story Blog ඇය ගෙදර පැමිණියේ මැදියම් රෑ පසු වී බොහෝ කාලයක් ගෙවී ගිය පසුව ය. ඇයගේ කාමරය අඳුරේ ය. හිස් ය. ලියෝ එනතෙක් බලා සිටින්නට ඇය විඩාවෙන් ඇඳ මත වාඩි වූවා ය. විඩාව උහුලා ගත නොහැකිව ඇය නින්දට වැටුණා ය. ඇයගේ කෙස් කලාපය ඇඳ පහළින් එල්ලා වැටුණි. ඇයගේ වත තැලී පොඩි වී ගිය රතු ගවුමට ගුලී වී තිබිණි. දුරකතනය ඇය අවදි ...
කිසිම ආක්රමණිකයෙකුට කිසිම වටිනාකමක් නැති රටක් Sinhala story Blog මුල් වසර ඉතා අවුල් සහගත වූ බව ඇත්තකි. චාල්ස් විසින් දෙවතාවක් හමුදා ප්‍රහාරකයන් එවන ලදි. එහෙත් දෙවතාවක්ම ප්‍රංශ හමුදා පරදවන්නට හැකිවුයේ ඉංග්‍රීසි දිග දුනුවල ශක්තිය ඉගෙන ගන්නට ප්‍රංශකාරයන්ට නොහැකි වූ හෙයිනි. චාල්ස්ට පසුව බලයට ආ රජදරුවන් ද උත්සාහයන් ගත්ත ද ඒවා කිසිවක් සාර්ථක නොවුණි. අවසානයේ දී වසර ගෙවී යද්දී ෆෙන්වික් උරුමය දැඩි ලෙස තහවුරු වී, රාජකීය අයිතිය දුර්වල වී ...
කිබිසිනි -ඔබේ කෝපයේ බැමි ලිහා දමන්න! Sinhala story Blog “මම උඹලාට අණ කරනවා … මම කියනවා වෙනතක යන්න කියලා .. ආපහු ඔබලා ආපු මැදිරිවලට නඟින්න කියලා,” ලුතිනන්වරයා හඬ ගෑය. “කට වහපන් නාකියා!” යැයි සොල්දාදුවෙක් පරුෂ ලෙසින් බැන වැදිණ. “අපි උඹවත් මේ ගොඩට දාලා මිලිටරි අධිකරණයක් තියනවා,” යැයි තවකෙක් කෑ ගැසීය. ලුතිනන්වරයා පසු බැස්සේ ය. ඔහු සෙමෙන් පදිකවේදිකාවෙන් ඉවත් වී ගියේය. “එයා ද මහේශාක්‍ය ෂටෝනි?” ලීලා විමසුවේ මුවේ දත් ...
හැරිසන් බර්ජරොන් -4 Sinhala story Blog “දැන් මම මගේ අගරුජින තෝරන්නම්!” ඔහු කීවේ බයෙන් වකුටු වී සිටි පිරිස දිහා පහතට බැල්මක් හෙළමිනි. “පළමුවෙන් ම නැඟිටලා හිටගන්න සමත් වෙන කාන්තාව ඇයගේ සහකරුවාව සහ රාජාසනය අයිති කරගන්න!” මොහොතක් ගෙවී ගියේය. අනතුරුව බැලේ නාට්‍යාංගනාවක් විලෝ ගහක සිහින් අත්තක් සේ පැද්දෙමින් නැඟිට්ටාය. හැරිසන් ඇයගේ කනේ රැඳී තිබි මානසික ප්රතිබන්ධනය ඉවත් කළේය. සිත්ගන්නා සුකුමල වූ ලෙසකින් ඇයගේ ශාරීරික ප්‍රතිබන්ධන ගලවා ...
අපි ජීවත්වන්නෝ -355 පක්ෂ සහෝදරයෙක්? Sinhala story Blog සෙනසුරාදා සැන්දෑවක, ඔහු දිස්ත්‍රික් සමුපාකාරයේ සිය ආහාර සලාක ගන්නට පෝලිමක හිටගෙන හිටියේ ය. සමූපාකාරය නරක් වූ ළූණු සහ භූමිතෙල් ගන්ධයෙන් යුතු විය. අච්චාරු දැමූ ගෝවා බැරලයක්, වියළි එළවළු ගෝනියක්, ලයිනෝරු තෙල් ටින් එකක් සහ නිල් පැහැති ජුකොව් සබන් කෑලි කවුන්ටරය මත විය. භූමිතෙල් ලාම්පුවක් කවුන්ටරය මත දැල්වෙයි. වෙනත් බඩු නැති කාමරය මැදින් දිගු පෝලිමකි. එහි වූයේ එක සේවකයෙකි. එක ...
සර් රෝජර් ෆෙන්වික් Sinhala story Blog ඔක්ස්ෆර්ඩ් හැරදමා යන රොජර් තම පියාගේ නිවස බලා නොයයි. තමන්ගේ ජීවතුන් අතර සිටිනා සහෝදරයන්ගේ පිහිට ද නොසොයයි. දිග දුන්නක් හසුරුවන්නට මනාව දන්නා ඔහු තුන්වැනි එඩ්වර්ඩ් රජුගේ හමුදාවට එකතු වෙයි. දවසකට සිලිම් පහකුත් එදා කොල්ල කන දේවල් ද ලැබෙන වේතනයක් ඔහුට ලැබේ. වැඩි කලක් නොගොසින් ඔහුට පා ගමනින් යන දුනුවායාගේ තත්වයෙන් ඉහළට ගොස් අසුපිටින් යන දුනුවායාගේ තනතුරක් හිමිවෙයි. ඊ ළඟට ...
අපි ජීවත්වන්නෝ -356 ඇමෙරිකන් පදිංචිකාරයා Sinhala story Blog ඔහු හෙමිහිට ඇවිද්දේ ය. වීදි ඝනට වැටී මිදී ගිය හිම ඔප දැමූ ලෙසකින් අයිස් වී ඇත. කීරි ගාමින් පිරිමි අයගේ සපත්තු අයිස් මත වැදිණ. ලාම්පු කණු අසල සුදු රවුම් වල ලුණු කැට මෙන් හිම කැට දිළිසුණි. කඩ ජනේල වලින් වැටි හතරැස් එළියෙන් පිටි කරන ලද වීදුරු ගිනි දැල් මෙන් හිම දිළිසුණි. පෝස්ටරයකින් ශක්තිමත් බාහු රාජකීය විලසකින්, ජයග්‍රාහී ලෙසින් ඔසවා ...
අපි ජීවත්වන්නෝ -312 මම හරියට නිරුවත් වෙලා වගේ Sinhala story Blog ඉක්බිතිව ඔහු නිහඬව හැරී, දිගු පටු පෙට්ටියක් රැගෙන එය ඇයගේ ඔඩොක්කුව මතට දමා හිටගෙන සිනාවෙමින් ඇය දිහා බලාගෙන සිටියේ ය. “මේ මොකක් ද, අන්ද්රෙ?” ඇය ඇසුවා ය. “පිටරටින් යමක්.” ඇය කඩදාසිය ඉරා එළියට ගත් පෙට්ටිය හැරියා ය. ඇයගේ මුව සද්දයකින් තොරව විවර විය. කළු ෂිෆොන් වලින් නිමැ වූ නිදන ඇඳුමක් එහි තිබිණ. එය කොතරම් විනිවිද පෙනෙන ලෙසකින් නිමා වී ...
ඒකෙ ඇත්තෙ වැලි සහ පස් විතරක් වෙන්නැති Sinhala story Blog “මේ බලන්න,” ටලී කීවේ ගෙවී යන මිනිත්තු ගැන අවධානයෙන් හටගත් දොම්නස් බවිනි. “මේක මායාවක් නෙමෙයි. මේක සෑහෙන බරපතල කාරණයක්. දැන් මාස දෙකක් වෙනවා ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරලා. අපි නිව් යෝර්ක් නරගය ආක්‍රමණය කළා. ඔබ අපේ සිරකරුවා. අපි ඔබව අරගෙන යනවා අපිත් එක්ක ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට.” “ඒත් ඇයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් ඇමෙරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ?” ...
අපි ජීවත්වන්නෝ -305 අපි මේ ජීවත්වෙන්නෙ අබුද්දස්ස කාලයක Sinhala story Blog වික්ටර් දෙස නොබලන්නට තැත් දරමින් මරීෂා පසුබාමින් කීවේ “මේ අහන්න, මම කාව හරි හමුවෙලා ඇහුවොත් … මොකද හිතන්නේ .. ඔයා දන්නවා … දෙන්නවාම එකම හිරගෙදරට යවන්න කියලා … ඒක කාටවත් වෙනසක් වෙන්නෙ නැහැනෙ .. ඉතින් ..” වික්ටර් ඇයගේ මැණික් කටුව අල්ලා ගෙන ඇයට රිද්දවමින් ඇයව තදින් තමන් වෙත හැරුවේ ඇයගෙන් වේදනා හඬක් පිට වෙද්දී ය. “අහන්න,” ඔහු දත් කූරු ...
අපි ජීවත්වන්නෝ -329 රතු සටන්කාමීන්ගේ දේශප්‍රේමීත්වය කම්කරු අරගලයටයි Sinhala story Blog තුන්වැනි හා ප්‍රමාණයෙන් කුඩා වූ සිනමා ශාලාව විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරයි. එය පරණ, කවුරුත් නම නොදන්නා, සිනමා තරු රඟ නොපාන, නළු නිළියන්ගේ නම් සඳහන් කර නැති වූවකි. සායම් දිය වී ගිය නිශ්චල රාමු ජනේලය අසල අලවා ඇත. වසර දහයකට පමණ පෙර ජනප්‍රිය වූ ගවුමකින් සැරසී ගත් වත්සුණු පමණට වඩා වැඩියෙන් ගා ගත් කාන්තාවක් පින්තූරයෙන් දිස් වෙයි. “අපි එහෙම නම් ...
ගර්ජනය කළ මීයා -පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් Sinhala story Blog ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව පිහිටියේ උතුරු ඇල්ප්ස් කඳුවැටියේ ප්රපාතයක් තුල ය. මිටියාවත් තුනකින් දිග හැරි උස් හා මිටි බෑවුම් තැනිතලා වලින් යුතු වූ භූමියත්, එක ගඟකුත්, අඩි දෙදහසක උසින් යුතු සම්පූර්ණ කන්දකුත්, එක රජමාලිගාවකුත් මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව තුරුල්ලේ වූහ. ආදිපාද දනව්වේ උතුරු භාගයේ එය වටා ඇති බෑවුම් වලින් ලැබුණු හිරු එළිය නිසාත්, සරු පස නිසාත් වැවෙනා අක්කර ...
අපි ජීවත්වන්නෝ -349 කොහොම ද ඒක සිද්ධ වුනේ? Sinhala story Blog කීරා බිම වාඩි වී ලියෝගේ යට ඇඳුම් නවමින් ඒවා ඇඳුම් පෙට්ටියේ නැවත තබමින් සිටියා ය. ඇයගේ ගවුම් සියල්ල ලොකු පොදියක් ලෙසින් විවෘත වූ ඇයගේ ඇඳුම් අල්මාරිය අසලින් ගොඩ ගැසී ඇත. ඇය එහා මෙහා යද්දී කාමරය පුරා කඩදාසි හැමතැන ම විසි වී ගියේ ය. ගෘහ භාණ්ඩ මතින් ඉරුණු කොට්ට වල තිබූ පාත්ත පිහාටු හිම වැටෙනා මෙන් විසිර යයි. ඇය නිවසින් ...
අපි ජීවත්වන්නෝ -348 ඒ යක්ෂ රදළයා ඔයාගෙ කවුද? Sinhala story Blog “ඉතින්, එහෙනම්, මොකද කියන්නෙ අපි කේවල් කළොත්? ඔයා මේ නඩුව අත්හැරලා දාන්න. මම බලාගන්නම් ඔයාට ඔයාගෙ පක්ෂ සාමාජික පත අහෝසි නොවී යෑම ගැන. ඒක විතරක් නෙමෙයි, ඔයාට රහස් පොලීසියේ ඔයාට කැමති ඕන රස්සාවක් ලබා ගන්න පුළුවන්. ඔයාගෙ පඩිය කීයක් දැයි කියලත් ඔයාට තීරණය කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ. කිසිම තරහක් හිතේ තියාගන්නෙ නැහැ. අපි හැමෝටම අපේ පාරවල් වල ...
අපි ජීවත්වන්නෝ -309 එක ඇසක් වසාගත් දඟකාරයා Sinhala story Blog දඟකාරයාගේ සිනාව දැක සාෂා හිනාවක් පෑවේ ය. හදිසියේ ම හිස පස්සට දමාගෙන, අත් ගුලි කරගෙන, ඔහු හඬන්නට විය. ජනේලය අසල සිටි සිසුවා ගැහෙමින් ඔහු දිහා බැලුවේ ය. “ඇයි එයාල උත්කෘෂ්ට ගැන, උදාර බව ගැන, තමන්ගෙ රටට කරන යුතුකම් ගැන කතා කරන්නෙ? ඇයි ඔවුන් අපිට කියා දෙන්නෙ …” “ඩාලිං, ඔච්චර හයියෙන් කියන්න එපා! වැඩකට නැති සිතුවිලි හිතන්න එපා. ලෝකයේ කොච්චර ...