අපි ජීවත්වන්නෝ -335 මහජන කැමැත්ත දුවන අවදානම් රටාව Sinhala story Blog දවස් කිහිපයකට පසු, අන්ද්රෙ ටැගනොව්ගේ ප්‍රධානියා ඔහුව කාර්යාලය වෙත කැඳවීය. ප්‍රාධානියා සිහින් උස සිරුරකින් යුතු වූ, හීනියට දිගු වූ යටි රැවුලකින් යුතු වූ, ඉහළින් තිබි සිහින් නැහැයේ අඬු නැති රත්තරන් පැහැති කණ්ණාඩි යුගලක් පැළඳ සිටියෙකි. ඔහු හැඳ සිටියේ මිල අධික බ්ලොන්ඩ්-දුඹුරු පැහැයෙන් වූ විදේශීය සංචාරකයෙක් වෙතින් දැකිය හැකි සූට් කට්ටලයකි. ඇට සැකිල්ලක දැකිය හැකි සිහින් දිගු වූ ඇඟිලි වල ...
අපි ජීවත්වන්නෝ -302 මම කිසිදාක උදව්වක් ඉල්ලලා නැහැ Sinhala story Blog එය වසිලි ඉවානොවිච්ගේ අන්තිම සටන විය. රහස් පොලීසියේ දඬුවමක් වෙනුවෙන් අභියාචනයක් කරන්නට කිසිවෙකුටත් අවසර නැත. එහෙත් ඔහුට සුදුසු බලපෑමක් කළ හැකි අයෙක් සොයා ගන්නට හැකි නම්, යම් බලවතෙක් සොයා ගත හැකි නම්, හිර කඳවුර වෙනස් කරගන්නට හැකිය … වසිලි ඉවානොවිච් ඉර පායන්නට පෙර උදෑසනින් නැඟිට්ටේ ය. ඔහු පිටත් වී යද්දී දොර අසල, රාත්‍රී නිදන ඇඳුමින් වෙව්ලමින් මරීෂා ඔහුව නවතා ...
අපි ජීවත්වන්නෝ -317 පිස්සු සිහි විකල් කරගත්තු කෙල්ල! Sinhala story Blog ඔවුන් තම කාමරයට අවුත් තනි වූ විට, “ඔයාගෙන් හරි වෙන කාගෙන් වත් හරි කිසිම විවේචනයක් මම බාර ගන්නෙ නැහැ. ඉතින්, විශේෂයෙන් ම ඔයාට කරන්න කිසිම පැමිණිල්ලක් නැහැ. මම වෙන කිසිම ගැහැණියක් එක්ක නිදාගත්තෙ නැහැ, ඔයා හිත කරදර කරගන්නෙ ඒ ගැන නම්, එච්චරයි ඔයා දැන ගත යුත්තෙ,” යැයි ලියෝ ඉක්මණින් කියුවේය. “මම හිත කරදර කරගත්තෙ නැහැ, ලියෝ. මට කරන්න පැමිණිල්ලක් ...
තනිකම දුරලන්නට එන්නා Sinhala story Blog ඔහු නිවසෙන් පිටත් වන්නට පෙර, සූ මෙසේ ඇසුවාය: “ඔයා උදේ වෙන්න කළියෙන් එන්නෙ නෑ නේද, ප්‍රියාදරය?” ඔහු බලාපොරාත්තු සුන් වූ ලෙසකින් හිස වැනුවේ ය. මන්ද ඒ ප්රශ්නය ඔහුට බොහෝ වතාවක් ඇසී ඇත. ඇය තව දුරටත් එසේ අසන්නේ නැත්නම් යැයි සිතී ඇති වාර අනන්තය. ඇය කිසි විටෙකත් කිසිම දෙයක් ගැන පැමිණිල්ලක් නොකළා ය. ඇයගේ නිල් පැහැති ඇස් ඔහු දිහා නිහඬව ...
අපි ජීවත්වන්නෝ -336 කෙනෙක්ට පැහෙන්න තියන කෙස් වලත් සීමාවක් තියනවා Sinhala story Blog රහස් පොලීසියේ ආර්ථික අංශයේ ප්‍රධානියා ඔහුගේ වීදුරු මස් විහදමින් පවෙල් සියරොව් වෙත සිනාවක් පෑය. ඔහුගේ වදන් සිත්පිත් නැති ලෙසකින් විය: “මීට පස්සෙ, සියරොව් සහෝදරයා, ඔබගේ සාහිත්‍ය උත්සාහයන් සීමා කරගන්න ඔබගේ දුම්රිය රැකියාවේ වැඩ කටයුතු වලට.” “ඔහ්, සහතිකයෙන් ම, මිතුරා,” පවෙල් සියරොව් කීය. “හිත කරදර කරගන්න එපා.” “මම නෙමෙයි මේ නඩුව ගැන හිත කරදර කරගත යුත්තේ, මම ඔයාට මතක් කරන්නම්.” ...
අපි ජීවත්වන්නෝ -364 ඇයි ඔයා ඔහු සිටිද්දී මාව තියාගත්තෙ Sinhala story Blog ඔහු මේසය අසලින් වාඩි වූයේ ය. ලාම්පුව යටින් වැටී තිබු රවුමක හැඩයෙන් වූ එළිය මත ඔහුගේ අතක් රැඳිණ. එය කොතරම් නිශ්චිත ද හා සුදු පැහැති ද යන්නත්, එහි වූ නිල් පැහැති නහර ප්‍රා ණයකින් තොර වූ ලෙසින් ඇය දැක්කා ය. ඇය හිටගෙන ඒ දෙස බලා සිටියා ය. ඇඟිල්ලක් සෙලවෙන තෙක් බලා සිටියා ය. අනතුරුව ඇය හිඳ ගත්තා ය. ඇයගේ ...
අපි ජීවත්වන්නෝ -306 එකම දේ ඔවුන් නොදන්නාකම Sinhala story Blog පිටත් වී යන දින සැන්දෑවේ කීරා රහස් පොලීසියට ගොස් අරීනා බැහැ දැක්කා ය. අරීනා සංසුන් ලෙසින් සිනාවක් පෑවා ය. ඇයගේ සිනහව මොළොක් විය. ඉටි මෙන් පෙනෙන මුහුණක ඇයගේ දෑස් කීරා වෙත කරුණාවෙන් ද, නිහඬ පුදුමයකින් ද, හඳුනාගත නොහැකි දෙයක් ගැන හිතන ලෙසකින් ද, ඈත එපිට තියන යමක් වටහා ගන්නට තැත් දරන ලෙසකින් ද එල්ල වී තිබිණ. හිනාවක් පාන්නට තැත් ...
අපි ජීවත්වන්නෝ -324 අහෝ මගේ දෙවියනි! Sinhala story Blog “ඔහ්! .. ඉතින්, මම හිතන්නෙ … ඉතින්, තාම එච්චර පරක්කු නැහැ …” “මම හිතුවේ දැන් ටිකකට කළින් ඔයාට යන්න ලොකු හදිසියක් තිබුණ කියල.” “මම .. ඉතින්, නැහැ, මට කියන්න බැහැ මට එහෙම ලොකු හදිසියක් තිබ්බ කියල, අනික, කොච්චර සුන්දර ද …” “මොකක් ද කාරණය, මොරසොව් සහෝදරයා? මේ හරියෙ ඔයාට දාලා යන්න බැරි මොකක් හරි තියෙනවා ද?” “කාට ද, මට ...
අපි ජීවත්වන්නෝ -342 ඇයි එක රදළයෙකුට මැරෙන්න බැරි එක්සත් සෝවියට් රුසියන් ජනරජයන් වෙනුවෙන්? Sinhala story Blog ඇය ඉස්සහරට නැඹුරු වූවා ය. ඇයගේ හඬ මුදු විය. රහසක් බෙදා ගන්නා වැනි විය. ඇය දෑත් විහිදුවා ය, පැහැදිලි කරනු පිණිස හදිසියේ ම කාරුණික හා වැඩක් කියා දෙන විලසකින්, දරුවෙක් මෙන් පෙරැත්තයෙන්, ඇයගේ තොල් මුදු හා මුව වික්ෂිප්තයෙන් ද, ඇයගේ ඇස් පමණක් එක එල්ලේ රඳවා ගෙන, ඇයගේ ඇස් වලින්, ඉන් පමණක්, මෘත ශරීරාගාරයකට අයත් විය යුතු මිනිස් වාසයට සුදුසු ...
අපි ජීවත්වන්නෝ -334 ඒක අවවාදයක් නම් මට ඒක අවශ්‍ය නැහැ Sinhala story Blog XII රහස් පොලීසියේ ආර්ථික අංශයේ නිලධාරියා අන්ද්රෙ ටැගනොව් ව තම කාර්යාලයට කැඳවීය. රහස් පොලිස් මූලස්ථාන ගොඩනැඟිල්ලක වූ ඒ කාර්යාලය කිසිම අමුත්තෙක් කිසි විටෙක නොගිය, සේවකයන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණකට ඇතුල් වන්නට අවසර ලැබි තැනකි. ඇතුල් වන්නට අවසර ලද්දෝ කතාබහ කළේ පහත් වූ, ගෞරවය මුසු වූ වදන් වලිනි. කිසිවෙක් එහි දී කිසිම සුව පහසුවකින් නොසිටිය හ. නිලධාරියා තම මේසය අසල ...
අපි ජීවත්වන්නෝ -376 දුර්වල කෙල්ලක් ඉදිරියටම ඇවිද ගියාය Sinhala story Blog ඇයට උණුසුම දැඩි ව දැනිණ. හුස්ම ගන්නට අපහසු බවක් දැනිණ. ඇය කබාය ගලවා හිම මත වැටෙන්නට හැරියා ය. ආපහු හැරී නොබලා දිගට ම ඉදිරියට ඇවිද්දා ය. අහසේ වළාකුළු නිල්, අළු හා තද කොළ පාටින් කැරලි ගැසෙමින් ඈතට පාවී යති. ඇයට ඉදිරියෙන් හිම මත යාන්තම් දැකිය හැකි වූ ඉරක්, විනිවිද පෙනෙන සුදු පැහැයෙන් වූවක් පෙනුණි. ඒත් ඊට උඩින් වූ හිම ...
අපි ජීවත්වන්නෝ -310 ප්‍රහේලිකාවක් විසඳන්නට ගන්නා උත්සාහයක් Sinhala story Blog IX අපේ ඉතාමත් ලාබාළ වයසේ ඉන්නා හා වඩාත් ම දක්ෂ ඉංජිනේරුවන් අතරින් අයෙක් වන වික්ටර් ඩුනේව් සහෝදරයාව, එක්සත් සෝවියට් හි ශ්‍රේෂ්ඨතම විදුලිබලාගාර ව්‍යාපෘතිය වන වොල්කොහොව්ට්රොවයි රස්සාව සඳහා පත් කර ඇත. එය වගකීමෙන් පිරි තනතුරකි. ඔහුගේ වයසේ වූවෙක් වෙන කිසි දවසක ලබා නැති පත්වීමකි. වික්ටර්ගේ දිළිසෙන අළුත් ගමන් මල්ලේ ඒ ප්‍රවෘත්තිය රැගත් ප්රාව්ඩා පත්තර කෑල්ල සමඟ ක්රායස්නයා ගැසෙට් හි ඊට ...
අපි ජීවත්වන්නෝ -350 ඔයා මේ මහපොළවට කවදා ද එන්නෙ? Sinhala story Blog “කිසිත් නැහැ.” “ඔවුන් .. ඔවුන් … මම අහලා තියනවා සමහර අවස්ථා වල …” “නැහැ, ඔවුන් මට වදහිංසා දුන්නෙ නැහැ. ඒකට කාමරයක් තියන බව කිව්වා. ඒත් මට ඒ වරප්‍රසාදය ලැබුනෙ නැහැ … මට තනියම ඉන්න ලස්සන සිරකාමරයක් ලැබුණ. ආහාර වේල් තුනක් දවසට ලැබුණ. ඒත් සුප් එක නම් නරක් වෙලයි තිබ්බෙ. මම දවස් දෙකක් එතන වාඩි වෙලා වෙඩි තියන හමුදාව ඉස්සරහා ...
අපි ජීවත්වන්නෝ -313 මට වෙන මුකුත් ඉතිරි වෙලා නැහැ Sinhala story Blog “කීරා, මගේ දයාබරිය, ඔයාට පේන්නෙ නැද්ද අපි කරන්නේ කුමක් දැයි කියා? ඇයි අපිට හැංගිලා ඉඳිමින් බොරු කියන්න සිද්ධ වෙන්නෙ? ඇයි මට මේ ආපහු අපි හමුවෙන්නෙ කවදාද කියල පැය, දින, සති ගණන් කරමින් වේදනාව උහුලගන්න බැරිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ? ඔයාව දැක්කෙ නැත්නම් සිහි විකල් වෙයි කියලා හිතෙන වෙලාවට ඇයි මට ඔයාව අමතන්න කිසිම අයිතියක් නැතිවෙලා තියෙන්නෙ? ඇයි මම ...
අපි ජීවත්වන්නෝ -360 ජනතාව නැඟිටිනු ඇත Sinhala story Blog “කහන්න එපා, සහෝදරයා.” “ඔබේ නම්-බුව, ඔබේජීවි-තය, ඔබේ නි-ද-හ-ස …” “සහෝදරයා, සූර්යකාන්ත මල් ඇට හපන එක නවත්වන්න. ඒක අගෞරවයක් …” “ඒක මෙන්න මෙහෙමයි, ප්‍රස්කෝවියා: ඔයා ළූණු සිවිය ගලවනවා. පිටි පොඩ්ඩක් එකතු කරනවා. අතට අහුවෙන ඕනෑම පිටි වර්ගයක්. ඊට පස්සෙ ලයිනෝරු තෙල් බිංදුවක් දාලා …” “එයාලට සියදිවිනසා ගන්න වෙන්නෙ අහවල් කාරියකට ද?” රතු බැනරයක් මෙසේ කීවේ ය: මනුෂ්යනත්වයේ නිදහස වෙනුවෙන් කොමියුනිස්ට් ...
අපි ජීවත්වන්නෝ -359 දුෂ්ට පාලකයන් ඇද වැටෙනු ඇත Sinhala story Blog ලෙනින්ග්‍රෑඩයේ වැඩ කරන ජනතාව විවෘත රතු මිනීපෙට්ටිය පිටුපසින් ගමන් කරමින්, සිංදුව සංවේදනීය ආකාරයෙන් ගැයූහ. ඔබ බිල්ලක් සේ ඇද වැටුණා අපේ ඉරණම තීරණය කරන සටනේ නිමාවක් නොමැති කැපවීමක් කළා ඔබේ නම්බුව, ඔබේ ජීවිතය, ඔබේ නිදහස, ඔබ ආදරය කරන ජනතාවටයි ඔබ සතු සියල්ල දුන්නේ” බලාපොරොත්තුව නැමති අවශ්‍යතාවයට ඔබ්බෙන් වූ බලාපොරොත්තු සුන් වී ගිය මහේශාක්‍ය ලීලාවකින් සංගීතය වාදනය වුණි. එය ප්රහර්ෂයකින් වූ ...
අපි ජීවත්වන්නෝ -341 එයාගෙ ජීවිතය ගන්න ඔයා ඒකට ගෙවලා තියෙන්නෙ Sinhala story Blog “ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක ඵලක් නැති වැඩක් කියල? ඇයි මුකුත් කියන්නෙ? ඔයාට සමාවට හේතු තියනවා නම් …” ඔහු කීවේ ය. ඇය සිනාසුනා ය. මිනිස් ස්වභාවයකින් නොවූ මිනිස් හිනාවකි. එහෙත් එය හිනාවක් සේ ඇසුනේ නැත. “මෝඩයා! මේ ඇහුණ ද? මම තැවෙන්නෙ නැහැ! මම ඒ ගැන ආඩම්බරයි! ඉතින් ඔයා හිතුවෙ මම ඔයාට ආදරය කළා කියල, එහෙම නේද? මම ඔයාට ආදරය කළා, ...
අපි ජීවත්වන්නෝ -327 වාඩිවෙලා ඉඳගෙන මීයෝ එළවන එක මිසක් Sinhala story Blog මහපට ඇඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් සේවකයා ඔහුගේ නාසය පිස දැම්මේ ය. ලයිනෝරු තෙල් බෝතලයේ කට ඔහු ඇඳුමට උඩින් හැඳ සිටි උඩ වැස්මෙන් පිහි දැම්මේ ය. “අදට එච්චරයි ද, පුරවැසියෙනි?” “එච්චරයි,” අන්ද්රෙ ටැගනොව් කීවේ ය. සේවකයා පත්තරයකින් කෑල්ලක් ඉරාගෙන ඉන් බෝතලය එතුවේ ය. එය මතුපිටින් තෙල් පැල්ලම් මතු විණ. “බිස්නස් හොඳයි ද?” අන්ද්රෙ විමසීය. “වැඩකට නැහැ,” සේවකයා කීවේ ය. පරණ නිල් ...
අපි ජීවත්වන්නෝ -322 රතු බැනරයක් අරගෙන ඒකෙන් පස්ස පැත්ත පිසදා ගත් අය වෙනුවෙන් බීපන් Sinhala story Blog “සහෝදරයා!” මොරසොව් ගුගුලන්නට විය. ඔහු වෙත නැවතත් හිස් හැරිණ. මෙවර ඔහු ඒවා ගැන තැකීමක් නොකළේ ය. “ඔබ .. ඔබ … ඔබට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ! මට සියරොව් සහෝදරයා සමඟ කිසි ගණුදෙනුවක් නැහැ! මම ..” “කියන්න,” ටිමොෂෙන්කෝ හෙමිහිට කීය, “මම කිව්වෙ නැහැ ඔයාට එහෙම තියනවා කියල, මොකද මේ කලබල වෙලා?” “ඉතින්, මම හිතුවා … මම .. ඔබ …” “මම ...
අපි ජීවත්වන්නෝ -328 සියළු ම කලා අතුරින්, රුසියාවට වඩාත් ම වැදගත් වනුයේ සිනමාවයි! Sinhala story Blog මැරින්ස්කි නත්යාගාරයේ අළුත් ම බැලේ නැටුම් සංදර්ශනය සඳහා අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නා සතු විය. ඒ වෘත්තීය සමිති සඳහා වූ සංදර්ශනයයි. ආහාර පදනමේ දී මොරසොව්ට ඒ අවසර පත් ලැබී තිබුණි. එහෙත් බැලේ නැටුම් ගැන උවමනාවක් මොරසොව්ට නොතිබිණ. ඔහුට පාසැල් රැස්වීමක් සඳහා යන්නට තිබිණ. ඔහුට එහි දී “කම්කරුවන් බෙදාහරින ආහාර නිෂ්පාදන” මැයෙන් කතාවක් පවත්වන්නට යෙදී තිබිණ. ඉතින් ඔහු අවසර පත් ඇන්ටෝනියා ...