අපි ජීවත්වන්නෝ -365 මිලියන එකසිය පනහකට එරෙහි සටන පැරදුනා Sinhala story Blog ඇය නැඟිට්ටා ය. හැකි තරම් කෙලින් සිටගෙන නොසෙල් වී සිට මෙසේ ඇසුවා ය. “ලියෝ, ඔයා ඇය සමඟ යන බව ඇයට කීවේ කවදා ද?” “දවස් තුනකට කළින්.” “ඔයා අන්ද්රෙ සහ මම ගැන දැනගන්න කළින්?” “ඔව්.” “මම ඔයාට ආදරෙයි කියලා ඔයා හිතාගෙන සිටිය දී?” “ඔව්.” “ඒක ඔයාගේ තීරණයට කිසිත් වෙනසක් කළේ නැහැ?” “නැහැ.” “ඉතින් සියරොව් අද මෙහෙ ආවේ නැත්නම්, ඔයා ඒත් ...
අප ජීවත්වන්නෝ -371 මුරකරුවෙක් දැක්කාම බඩගාන්න Sinhala story Blog සූට්කේසය අතින් අල්ලා ගත් ඇය හිම මත වූ රෝද සලකුණු පසු පසින් වෙනතක ඇවිද ගියා ය. සිහින් කළු රුවක්, පිටුපස්සට ඇල වී, බැස යන හිරු එළියෙන් මළකඩ පැහැයෙන් ඈතට ඈතට දිස්වන පිට්ටනියක් දිහාට තනිවම ඇය ඇවිද්දා ය. පොළවට වැඩි උසකින් නොයුතු වූ ජනේල පඩිවල කහ පැහැති තිත් මෙන් දිස් වූ ඉටිපන්දම් එළි වූ ගම්බද නිවාස ඇය ඉදිරියේ දකිද්දී අඳුර ...
අපි ජීවත්වන්නෝ -303 ඔයාට පක්ෂයේ යහළුවෝ ගොඩක් නැහැ Sinhala story Blog “මට මුළු කතාවම අහන්න ලැබුණ,” කීරා ඒ ගැන කියද්දී අන්ද්රෙක ඇයට කියුවේ ය. “ඔයා දන්නවා ද කවුද අරීනාව පාවා දුන්නේ කියලා?” “නැහැ,” කීරා කීවා ය, ඇය වෙනතක හැරුනා ය, “මම සැක කරනවා කවුදැයි කියා. ඒත් මට කියන්න එපා. මට ඒක අහන්න ඕන නැහැ,” යැයි ඇය තව දුරටත් කියුවා ය. “මම කියන්නෙ නැහැ.” “මට ඔයාගෙ උදව් ඉල්ලන්න ඕන වුනේ නැහැ, ...
අපි ජීවත්වන්නෝ -333 ඔහුව අල්ලස් දීලා ගන්න බැහැ Sinhala story Blog පැයකට පසු, අඳුරෙන් වැසී තිබි ‘ලෙව් කොවැලෙන්ස්කි – ආහාර නිෂ්පාදන” යැයි නාම පුවරුව රැගත් කඩයේ පසුපස දොර අසලට සද්දයක් නොමැතිව ගමන් ගත් හිම වාහනයක් ළඟා විය. පුරුෂයන් දෙදෙනෙක් එයින් බැස විදුලි එළියක් නොතිබි හිමෙන් මිදුණ තරප්පු පෙල නිහඬව බැස බිම් මහලට ගියහ. ලියෝ සහ කඩේ සේවකයා වැඩි එළියක් විදහන්නේ නැති පරණ ලාම්පුවක් අතැතිව ඔවුන් එනතෙක් බලා සිටියහ. ආපු අමුත්තෝ ...
අපි ජීවත්වන්නෝ -377 ඇය සිනාවූයේ කරන්නට හැකි වූ දේවල් බොහොමයක් ගැනයි Sinhala story Blog හිමිදිරියේ දී ඇය බෑවුමක ගැට්ටක් මත ඇද වැටුනා ය. ඈතට යන තෙක් පෙනෙන හිම මිටියාවතක අගිස්සේ නැඟ එන හිරු දක්වා විසිර තිබිණ. හිරු පායා නැත. රෝස පැහැති පටියක්, ලා පැහැති වූ, තුරුණු, හරියට පාටක හුස්මක් සේ, හරියට පාටක උපතක් සේ, හිම මතින් නැඟී දිස්නය පතුරුවයි. වෙව්ලමින් ලා පැහැති නිල් පැහැයෙන් වූ ඉහළට මුසු වී යයි. තුනී වේල් පටක් යටින් ...
අපි ජීවත්වන්නෝ -354 ඔව් මේක හරි හොඳ පොතක්! Sinhala story Blog රහස් පොලීසියේ රස්සාවෙන් අන්ද්රෙ ටැගනොව් ව මාරු කර යවනු ලැබීය. ඔහුව ලෙස්නෝ නගරාශ්‍රිතව වූ කාන්තා ගෘහ සේවිකා සමාජයේ ලෙනින් කොනේ පුස්තකාලයේ පුස්තකාලාධිපති බවට පත් විය. සමාජය පිහිටියේ ඉහත කලක දී පල්ලියක් ව තිබි ස්ථානයක ය. පැරණි ලී බිත්ති වලින් ඇතුලට සුළං හමා ආවේ ය. ඇතුලත වූ දීප්තිමත් පෝස්ටරයන් සුළඟට සර සර ගා සෙලවුනි. බිත්ති ඔසවා ගෙන සිටියේ කුමන මොහොතක ...
සමාවෙන්න: වෙන පිරිවිතරයකින් 3 Sinhala story Blog මේබල් ගැස්සුනාය. “හා හොඳයි,” ඇය කීවාය. “ඒත්, රෑ කෑම උදුනට දාන එක ගැන මම තාම කණගාටු වෙනව. බිල් කියාවි …” “ආන්න, ඔන්න ඔයා දැන් සැක කරන්න යනව,” සද්ගුණය පැත්තකට දා මම කීවෙමි. “කණගාටු වෙන එක නතර කරන්න. මම ආයෙමත් හැරීට කතා කරන්න යනව.” මෙවර මම ගොඩක් සංසුන් වීමි. විශ්වය වැඩියෙන් විශ්වාස කරන්නට මම තීරණය කළෙමි. හැරීගේ අංකය මම කරකැව්වෙමි. තැනින් ...
අපි ජීවත්වන්නෝ -343 මා ජීවත් වෙන්නේ ඇයි කියා දන්නවා ද? Sinhala story Blog ඇයගේ දෑත් විහිදී ඇත. ඇයගේ පරණ ගවුම යටින් ඇයගේ පියයුරු ඉදිරියට දිස් වේ. ඇය හති දමන්නී ය. ඇයගේ සිරුරේ හැම මාංශ පේශියක් ම තමනට දැකිය හැකි යැයි ඔහු සිතුවේ ය. කෝපාවිෂ්ටයෙන් අන්තිම වෙව්ලීමක් ඉදිරිපත් කරන කාන්තාවකගේ සිරුරකි. ඇය කෑ ගැසුවා ය: “ඉතින් මා දිහා බලන්න! හොඳට බලන්න! මම උපන්නා. මම දැන සිටියා මම ජීවතුන් අතර ඉන්න බව. මම දැන ...
අපි ජීවත්වන්නෝ -375 ඇය පැනගත යුතුයි Sinhala story Blog ඇය අමාරුවෙන් ඉදිරියට ඇදුනා ය. තම දණහිස් වලට දැනෙන දුර්වලතාවය කුමක් දැයි කල්පනා කළා ය. නිල් පැහැ ගැන්වෙන තොල් අස්සෙන් තමන් වෙත රහසින් කියා ගත්තේ: “ඔව් ඔයා දැන් තුවාල වෙලා තමයි. ටිකක් දුර්වල තමයි. ඒක ඉතින් බලාපොරොත්තු වෙච්ච දෙයක්. සිත කරදර කරගන්න අවශ්‍ය නැහැ,” කියා ය. උරහිස් ඉස්සරහට නෙරා යද්දී, අතක් ඇලයට හිර වී තිබිය දී, හිම මතින්, කකුල් ...
අපි ජීවත්වන්නෝ -307 අනේ මොකට ද නිර්භීත වෙන්නෙ Sinhala story Blog දේශපාලන වරදකරුවන් ගමන් කළේ වෙනම මැදිරියක ය. බයිනේත්තු රැගත් පිරිමි දොරවල් අසල හිටගෙන සිටියහ. දැඩි ලී බංකු මත සාෂා හා අරීනා එකිනෙකා දිහා බලාගෙන හිඳගෙන සිටියහ. ඔවුන් ගමනේ කොටසක් එකට ආහ. ඉස්සරහක දී එන හංදියක දී අරීනාව වෙනත් දුම්රියකට මාරු කෙරෙයි. මැදිරියේ වූ ජනේල කළු පැහැති ය. ජනේල වීදුරු වල පිටතින් දුහුවිල්ලෙන් බැඳි හම් තීරු අලවා ඇති ලෙසින් හැඩ ...
අපි ජීවත්වන්නෝ -330 ඔයාගෙ නම එයාගෙ නමත් එක්ක ගෑවෙනවාට අකමැතියි Sinhala story Blog “ඔයා මොකක් ද කියන්න හදන්නෙ?” “ලියෝ කොවැලෙන්ස්කි ගෙන් ඈත් වෙලා ඉන්න.” ඇයගේ මුව විවර විය. ඇයගේ අත ඉස්සී ගියේ ය. ඇය දිගු මොහොතකට සෙලවුනේ නැත. ඉක්බිතිව ඇය මෙතෙක් කිසිදාක කියාගත නොහැකි තරම් දුෂ්කර වූ වදන් දෙඩුවා ය: “අන්ද්රෙ – ඔයා -මොකක් ද- කියන්නෙ?” “ඔයාට ඕන නැහැ වැරදි මිනිස්සු එක්ක යාළුයි කියල සැලකෙන කෙනෙකුගේ යාළුවෙක් විදියට සැලකිල්ලට ලක් වෙන්න.” “මොන ...
අපි ජීවත්වන්නෝ -344 කෙල්ලොන්ට ජීවිතයටත් වඩා ආදරේ අය Sinhala story Blog “ … ඒ හැරෙන්නට ඔයාලා අපිව හුස්ම ගන්න හුළං නොලැබෙන විදියට හිර කළා. අපේ ලේ නහර වල දුවන ජවය පුපුරා යන තරම් තදින් හිර කළා! ඉතිහාසයේ කෙදිනක හෝ උසුලා නොගත් බරක් ඔබලාගේ උරහිස් වලින් උසුලා ගෙන ඉන්නට ඔබලා බාරගෙන! ප්‍රතිඵලය ඔබ කරන ක්‍රියාවන් යුක්ති සහගත කරනවා යැයි ඔබ කීවා. ඒත් ඔබලාගේ ප්‍රතිඵලය, සහෝදරවරුනි? කුමක් ද ඔබේ ප්‍රතිඵලය?” සමාජයේ සභාපතිවරයා ...
අපි ජීවත්වන්නෝ -362 ඔහුව මැරුවේ අරගලය ද නැත්නම් තමන් ද Sinhala story Blog කීරා ආර්ගුනෝවා නොසෙල් වී සිටගෙන සිටියා ය. ඇය උනන්දුවෙන් හැම වචනයකට ම සවන් දුන්නා ය. ඇයගේ දෑස් වල ප්‍රශ්නයක් රැඳී තිබුණි. ඒ වදන් වලින් ඊට උත්තරයක් ලැබේ යැයි ඇය අපේක්ෂා කළා ය. ඈතට විහිදී ගිය පිට්ටනිය උඩින් අහස අඳුරු පැහැය ගනියි. කිළිටි අළු නිල් පැහැයකට හැරෙයි. ඈත දිස් වූ ජනේලයකින්, හේමන්තය කළින් කැඳවා පිළිගන්නා ලෙසකින්, මුල් ම කුඩා කහ ...
හැරිසන් බර්ජරොන් Sinhala story Blog කර්ට් වොනගට් (Kurt Vonnegut, Jr.) නැමති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා අතින් 1961 දී ලියැවුනු කෙටි කතාවකි මෙය. කොටස් කිහිපයකින් පළ කරන්නෙමි. හැරිසන් බර්ජරොන් ගෙවී යන්නේ 2081 වසර ය. පරිසමාප්තියෙන් සියල්ලෝම සමානාත්මතාවය අත් කරගෙන ඇත. දෙවියන් හා නීතිය ඉදිරියේ පමණක් ඔවුන් සමානාත්මතාවය ලබා නැත. ඔවුන් සැලකිය හැකි සෑම සියළු විදියකින් ම සමානාත්මතාවය ලබා ඇත. කිසිවෙක් වෙන අයෙකුට වඩා හපනෙක් නොවේ. ...
කිබිසිනි -මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද? Sinhala story Blog මෙහෙකාරිය ඉස්තොප්පුවේ සිට බෙරිහන් දෙන හඬ නිවස ඇතුලත දෝංකාරය දෙයි. අම්මා කලබල වෙන්නට පෙර මෙහෙකාරිය නිහඬ කළ යුතුයි. තාත්තා බොකු වේවැල් පුටුවේ හිර වී තද නින්දක පසුවෙයි. මෙහෙකාරියගේ කෑ ගැසිල්ලෙන් ඔහු අවදි වූයේ නැත. ඉස්තෝප්පුවට ඔළුව හොබන්නට ගත් වෑයම අසාර්ථක විය. ඇය පිටුපසින් දොර ඉබේම වැසිණ. එහෙත් ඉස්තෝප්පු කාමරයෙන් එළියට ආ ලීලාව දුටු මෙහෙකාරිය තැති ගත්තේ නැත. “බේබිට ඇතුලට ...
අපි ජීවත්වන්නෝ -320 අරගලය පරාජය කළ මිනිහාට! Sinhala story Blog ඔවුන් වීදුරු එකිනෙකට ගැටූහ. කරකියා ගත නොහැකිව මොරසොව් හොරෙන් විපරම් කරමින් වටපිට බැලුවේ ය. එහෙත් ඔහුගේ උදව්වට කිසිවෙක් ආවේ නැත. ඔහු බීවේ ය, තොල් අද්දර දී ඔහුගේ වීදුරුව වෙව්ලී ය. හොඳහිත ඉල්ලන විලසින් ඔහු සිනාසුණි. “ඔබ මෙය කිරීම ලස්සනයි, සහෝදරයා,” ඔහු තොල් මතුරා අසුනින් නැඟිට්ටේ ය. “මම ඉතා අගය කරනවා එය සහෝදරයා. දැන් ඔයාට කමක් නැත්නම් මම යන්න ඕන ...
අපි ජීවත්වන්නෝ -321 මෙට්ටය මුදු නැති නිසා ඒකෙන් එයාගෙ බුරිය කසන්න ගත්ත නිසා Sinhala story Blog ටිමොෂෙන්කෝගේ හකු උඩින් මත්පැන් බිංදු බිංදු ඇද වැටේ. ඔහු වීදුරුවක් පිරවීය. එය ඔහුගේ මුව සොයමින් ඔහුගේ අතේ අවිනිශ්චිතව සෙලවුණි. මොනවා ද බොන්නේ යැයි නොදැන ඔහු එය බිව්වේ ය. ඔහුගේ දෑස් රැඳී තිබුණේ මොරසොව්ගේ දෑස් සමඟ ය. “1917 වසරේ දී අපි කළේ ඒක තමයි. දැන් මම කියන්නම් අපි ඒක කළේ මොකට දැයි කියල. අපි ඒක කළේ මොරසොව් පුරවැසියාට උදේ ට ...
හැරිසන් බර්ජරොන් -2 Sinhala story Blog “ඔයාට ළඟක දී ඉඳලා ගොඩක් මහන්සියි වගේ,” හේසල් කීවාය. “මල්ලෙ අග පොඩි හිලක් හදන්න අපිට මොනවා හරි ක්‍රමයක් තිබුණා නම්, ඒ ඊයම් බෝල ටිකක් ඉවත් කරන්න. ටිකක් විතරක්.” “වසර දෙකක් හිරගෙදර තපින්නයි සහ එළියට ගන්න හැම බෝලයකට ම ඩොලර් දෙදාහක දඩයක් ගෙවන්නයි,” ජෝර්ජ් කීවේය, “ඒක ලොකු වාසියක් කියල මම කියන්නෙ නැහැ.” “ඒත් ඔයාට වැඩ ඇරිලා ගෙදර ආවම විතරක් වත් ...
අපි ජීවත්වන්නෝ -367 අපි ගෙවන්නෙ අපි කරපු පව් වලට වන්දි Sinhala story Blog ඇයට සති කිහිපයක් බලා ඉන්නට සිදුවිය. සන්ධ්‍යා කාලයේ දී, ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් වැඩ නිමා කර ගෙදර ඇවිදින් ඔහුගේ හිම සපත්තු ඉස්තෝප්පුවේ ගසා දැමුවේ ය. ඒ සපත්තු පිස දමන්නට තිබූ විශේෂ රෙදි කැබැල්ලකින් ඒවා පිස දැමුවේ ය. මන්ද ඒ හිම සපත්තු අමතර සපත්තු ය. අධික වැයකින් මිල දී ගත්තකි. රාත්‍රී කෑම අහවර වූ විට ඔහුට යන්නට තිබි රැස්වීම් කිසිවක් නොවීය. පාට ...
අපි ජීවත්වන්නෝ -361 මම කියන වචනය භාෂාවෙන් නැතිවෙලා ගිහින් Sinhala story Blog නගරයේ ඈතක වූ නිවාස දක්වා, ගිම්හාන උද්‍යානයේ හිම වෙත, අත්පුඩි හඬ මොට හෙන හඬක් ලෙසින් පැතිර ගියේ ය. අළු අහසට එසැවී ඇති රතු බැනර අස්සෙන් වැදෙන අත් දැකිය හැකිවිය. අත් පහතට වැටුණු විට හිස් සහ ඇස් රතු ග්‍රැනයිට් කුට්ටිය දෙස යොමු විය. සියරොව් සහෝදරයා නික්ම ගොසිනි. එතැන අළු අහස පසුබිම් කරගෙන සිටගෙන සිටියේ සිහින් සිරුරකින් වූ, ආඩම්බර, දැඩි තීරණාත්මක ...