කිබිසිනි -ඔවුනට වඩා යමක් දන්න මම ඇයි ඔවුනට අවනත විය යුත්තේ Sinhala story Blog “මම … මම ඔබෙන් ක්ෂමාව යදිනවා, මිස්ටර් ගාල්ට්,” අල්ලපු කාමරයෙන් ඔවුනට ඇසිණ. “ඔබ නිවැරදියි. මම පිළිගන්නම් ඔබ නිවැරදියි කියල. ඉතින් මම ඉල්ලා සිටින්නෙ ඔබේ අනුකම්පාව. මගෙ හද පතුලෙන් මට විශ්වාස කරන්නට බැහැ ඔබ මේ ජනතාව ගැන කණගාටුවක් නැති ස්වාර්ථකාමියෙක් කියල. “බලන්න මේ.. මේක පාසැල් දරැවන් දහ දාහක් අත්සන් කරපු කන්නලව්වක් ඔයාට අපි එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා දෙන්න ...
කිබිසිනි -දැන් මොකද කරන්නෙ? Sinhala story Blog ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් ආවේ නැත. “දැන් මොකද කරන්නෙ?” ලීලා වැඩිහිටියන් වෙතින් අසයි. “අපිට කතාබහ කරගන්න වෙන්නැති මෙතැන්ට එන්න ඇත්තෙ,” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් සැකයෙන් පවසයි. “ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ කළින් දැනගන්න හැකියාවක් .. අබරණ වලට නැත්නම් ඉස්තෝප්පු කාමරයට තියෙනවා කියලා ද?” ඒ ලීලා. “අපිව මෙතෙන්ට එව්වෙ කතාබහ කරගන්න නම් .. අපිව මෙහෙයවන වෙන බලයක්?” “නෑ නෑ,” ...
කිබිසිනි -හවුල් වෙලා කරන වැඩක් හරියාවි Sinhala story Blog ලීලාත්, තාත්තාත්, මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බැලූහ. “අපි ඇවිල්ලා තියෙන්නෙ මේ කතාවේ හොඳ හරියකට නෙමෙයි,” ලීලා පහත් ස්වරයෙන් කීවේ තාත්තා නිශ්ශබ්දව ඉන්නැයි කියූ බව නොසලකා හරිමින්. “වැඩි කාලයක් නැති වෙයි වගේ අපටත්,” මිස් සුරම්‍යා කිව්වෙත් හෙමින්. “මිස් ආවේ අපිත් එක්ක ද?” තාත්තා ඇසුවේ ඔවුන් දෙදෙනාටත් වඩා අඩු හඬකින්. “ඔව්, මම ලීලා පොත් අරන් යන්න එන පුස්තකාලේ වැඩ කරන්නෙ.” “අපේ ...
කිබිසිනි -මෙහෙම වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද? Sinhala story Blog ඔවුන් තිදෙන ඉන්නේ සිරකාමරයක යැයි හඳුනාගන්නට අපහසු නොවිණ. තමන් තවත් අපූරු ගමනක පැමිණ ඇතැයි වටහා ගත් තාත්තාගේ මුහුණේ සිනාවක් පැතිර ගියත් ලීලා සමඟ සිටින මිස් සුරම්‍යා දැක තාත්තාගේ දෑස් විසල් විය. ඔහු යමක් කියන්නට යද්දී අහල කාමරයක දොරක් හැරී වැසෙන හඬ ඔවුනට ඇසිණ. “මම ඔබට එව්ව රහසිගත වාර්තා ඔබ කියෙව්ව ද?” පිරිමි කටහඬක් කෙඳිරිගාන ස්වරයකින් අසයි. අහල කාමරයේ කතාබහට ...
කිබිසිනි -පරණ වුනාට මේවයෙ අමුතු ලස්සනක් තියෙනවා Sinhala story Blog ලීලාත් මිස් සුරම්‍යාත් අබරණ පෙට්ටිය හැරගෙන ඒ දිහා බලා සිටිති. තාත්තා බොකු ගැසුණ පුටුවේ හිර වී සිටියි. දිවා ආහාරය ගත් සැනින් වෙනදා නින්දට වැටුනත් අද ඔහු අවදියෙන්. එහෙත් තමන් ඉන්නා ස්ථානය ගැන හෝ එහි සිටින අය ගැන ඔහු කිසිත් අවධානයක් නොදැක්වීය. ඔහුගේ හිස් බැල්ම අරමුණක් නැති ඉලක්කයක් වෙත යොමුව ඇත. “පරණ වුනාට මේවායෙ අමුතු ලස්සනක් තියෙනවා,” මිස් සුරම්‍යා කිසිවක් ...
කිබිසිනි -ඇයත් නොදත් තනිකමකින් Sinhala story Blog “අපි හිතේ තියන දේවල් ගැන දොඩවනවා වැඩි නේද?” ඒ ලීලා. “අපි කිව්වෙ ගෑණු අය ද?” මිස් සුරම්‍යා අසන්නීය. ලීලා කිසිවක් නොකියා හිසෙන් එසේ යැයි හැඟෙව්වාය. මිස් සුරම්‍යා ද සිනාවක් පාමින් ඔළුව දෙපැත්තට වනමින් එහෙම නැහැයි කියද්දී ලීලාට සිනා ගියේ ඔවුන් දොඩවන්නේ නැතිව අදහස් හුවමාරු කරගන්නට සමත් වූ නිසයි. මිස් සුරම්‍යා ඇස් බැමි නටවමින් ඔවුන් අතර වූ නිහඬ හුවමාරුව අගයන ...
කිබිසිනි -ගොඩක් පවුල් මෙහෙම තමයි Sinhala story Blog “වැස්සට පස්සෙ අහුලගන්න දෙයක් ඒ ඉඩමෙ නැතුවා වෙන්නැති.” එහෙම කියූ මෙහෙකාරියට පහදන්නට “ඉස්තෝප්පු කාමරෙන් යන්න එහෙම එකක් ඕනෑ වුනාට …” යැයි මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය. “අර සී.එස්. ලුවිස් ලියපු නාර්නියාවේ වංශකතා වලින් එකක අල්මාරියක දොරක් ඇරගෙන නේද හතරදෙනාම පිටවෙන්නෙ?” “අන්න හරි, මම මේ උදාහරණයක් කල්පනා කළේ.” “ඉඩමෙන් මහතුන්ගෙ පුතා වෙන ...
කිබිසිනි -වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්ම තමයි Sinhala story Blog “එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය. “මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය. “නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි. අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය. “නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල ...
කිබිසිනි -කතන්දරයක් ඇතුලෙ කතන්දරයක් Sinhala story Blog “කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?” “එහෙම එව්වා තියෙනවා ද බේබි?” “අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?” “ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.” “ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි ...
අපි ජීවත්වන්නෝ -298 ඔයා ඔයිට වඩා ප්‍රවේසම් වෙන්න ඕන Sinhala story Blog “මේ කැඳ,” වික්ටර් කීවේය, “පිච්චිලා.” “සමාවෙන්න මට,” අරීනා මැතිරුවා ය, “මම ඒක එච්චර ළඟින් ඉඳන් බලාගත්තෙ නැහැ, මම ..” “දවල් ට කන්න වෙන මොකවත් නැද්ද?” “නැහැ, වික්ටර්, මට සමාවෙන්න. ගෙදර මුකුත් නැහැ. අනික ..” “මේ ගෙදර මුකුත් නෑ කිසිම වෙලාවක! හරි අමුතුයි, මේ පහුගිය දවස් වල කෑම අතුරුදහන් වෙන හැටි.” “වෙන දවසකට වඩා වෙනසක් නැහැ,” මරීෂා කීවා ය, “අනික ...
අපි ජීවත්වන්නෝ -293 සියරොව් සහෝදරයා එක්ක තවත් පුංචි මගඩියක් විතරයි Sinhala story Blog ගලීනා පෙට්රොව්නා ආවේ කිහිල්ලේ ගසා ගත් පොට්ටනියක් රැගෙන ය. “සුබ සැන්දෑවක්, කීරා … මගෙ දෙයියෝ, කීරා, මේ කාමරයේ තියන ගඳ!” කීරා ගණනක් නොගෙන නැඟිට්ටා ය. පොතක් බිමට වැටුණි. “සුබ සැන්දෑවක් අම්මේ. ඒ අල්ලපු ගෙදර ඉන්න ලැව්රෝවා පවුල. එයාල ඇඹුල් ගෝවා හදනවා. “මගෙ දෙයියෝ! එහෙනම් ඒකයි එයා අර ලොකු බැරල් එකක කළවම් කරන්නෙ. කිසිම හැදියාවක් නැහැ, අර වයසක ලැව්රොව්ට. ඔහු ...
අපි ජීවත්වන්නෝ -261 සමහර අය දන්නෑ ඔයාව හරියට අගය කරන්න Sinhala story Blog කවුදෝ දොරට තට්ටු කළේය. “එන්න ඇතුලට!” සියරොව් ගුගුලේ ය. කිසිවෙක් ඇතුල් වුනේ නැත. නැවතත් තට්ටු කරන හඬ ඇසුණි. “යකාට ගියාවේ! මොකක් ද ඕනා?” ඔහු වැනි වැනී ගොස් දොර හැරියේය. ඔහුගේ අසල්වැසියා, තරබාරු සුදුමැලි කාන්තාවක්, ෆ්ලැනල් වලින් නිමැවූ දිගු රාත්‍රී ඇඳුමකින් සැරසී වෙව්ලමින් කොරිඩෝවේ සිටගෙන සිටින්නී ය. ඇයගේ දෙවුර මත පරණ සාළුව ඇය අත් දෙකින් ම [...] ...
අපි ජීවත්වන්නෝ -262 මම ගිහින් අණ දෙන්නෙ ලෙනින් සහෝදරයාටත් Sinhala story Blog “අන්න හරි. ඒක තමයි කරදරය. මාව අගය කරන්නෙ නැහැ. මම වැදගත් මිනිහෙක්. මම ගොඩක් වැදගත් මිනිහෙක් වෙන්න යන කෙනෙක්. ඒත් ඒක එයාලා දන්නෙ නැහැ. කවුරුත් දන්නෙ නැහැ … මම ගොඩක්, ගොඩක් ප්‍රබල මනුස්සයෙක් වෙන්නයි යන්නෙ. විදේශ ධනපතියෝ මී පැටව් වගේ පේන්න වැඩ කරන්නයි මම යන්නෙ … අන්න ඒක: මී පැටව් … මම ගිහින් අණ දෙන්නෙ [...] ...
අපි ජීවත්වන්නෝ -260 පවෙල් සියරොව්ට දැන් ඕන දෙයක් ගන්න පුළුවන්! Sinhala story Blog පවෙල් සියරොව් තම කාමරයේ ජනෙල් තිර තුන පහතට හෙළා ඇත. කවුදෝ කෙල්ලක් ලාම්පු කවරය උඩින් තැඹිලි පැහැති සාටකයක් එළා ඇත. ඒ නිසා ඇතුලත අඳුරු ය. අමුත්තන්ගේ මුහුණු පුටු උඩින්, දිවාන් උඩින් හා පොළවට උඩින් පෙනෙන්නේ සුදු පැල්ලම් ලෙසිනි. ‘අනගි ආහාර’ කඩෙන් ගෙනා චොකලට් කේක් බන්දේසියක් පොළව මැද ය. කවුදෝ කේක් ගෙඩිය උඩින් පයක් තබා ඇත. [...] ...
අපි ජීවත්වන්නෝ -259 වික්ටර් පොඩි පණුවෙක් කවදා හරි ලොකු තඩියෙක් වෙන Sinhala story Blog දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති මූලස්ථානයේ සිට තව නිවහන කරා පවෙල් සියරොව් ඇවිද්දේ පක්ෂ හිතවතෙකු සමඟ ය. සියරොව් සිටියේ සතුටිනි. ඔහු ප්‍රීතියෙන් උරුවන් බා අසලින් ගිය කෙල්ලන් පිරිසට ඇසක් ගැසුවේ ය. “අද රෑට මම සාදයක් දාන්න හිතනවා. සති තුනකින් කිසිම සතුටක් ලැබුවේ නැහැ. සැහැල්ලු වෙන්න කැමැතියි. මොකද කියන්නෙ?” “නියමයි,” යහළුවා කීය. “පොඩි කණ්ඩායමක්, අපේ කට්ටිය විතරක්. [...] ...
අපි ජීවත්වන්නෝ -258 දුම්රිය මාර්ග කම්කරු රාජ්‍යක රුධිර නාල වෙති Sinhala story Blog දුම්රිය ස්ථානයේ වූ කාර්යාලය තුල ලේකම්වරියක් මේසයක් අසල වාඩි වී සිටියාය. කෙටි ලී පටි වලින් තැනූ අත්වැලක් පිටුපසකින් තිබි ටයිප් රයිටරයක ඇඟිලි දුවවයි. ඇයගේ ඉහළ තොල ඇතුලට ඇදගෙන පහත තොල විකමින් ඇය තම කාර්යයට මුළු අවධානය යොමු කරමින් සිටින්නී ය. ලී අත්වැලට පිටතින් අතු නොගෑ පොළවක් හා පුටු දෙකකි. අමුත්තන් හය දෙනෙක් සංසුන්ව බලාගෙන සිටිති. [...] ...
අපි ජීවත්වන්නෝ -257 එයා තමයි වැරැද්ද පටවන්න පුළුවන් නියම කෙනා, ජනතා ද්‍රෝහී රදළයෙක් Sinhala story Blog කාර්ප් මොරොසොව් පුරවැසියා පවෙල් සියරොව් පුරවැසියා අවන්හලක දී හමුවූයේය. ඔවුන් අඳුරු කොනක මේසයක වාඩි වූහ. මොරසොව් පුරවැසියා ගෝවා සුප් ඇණවුම් කළේය. සියරොව් පුරවැසියා ප්‍රංශ පස්තෑල සහ තේ ඇණවුම් කළේය. සුප් හුමාලය මැදින් මොරසොව් පුරවැසියා රහසින් කෙඳුරුවේය. “ඔක්කොම හරි, පවුලූෂා. මම මිනිහා අල්ල ගත්ත. ඊයේ එයාව හමුවුනා.” පවෙල් සියරොව් තේ කෝප්පය තම තොල් අසලට ළං කළේය. [...] ...
අපි ජීවත්වන්නෝ -256 මම හිතුවා ඔයා කෘතඥ වෙයි කියල Sinhala story Blog “ලෙව් සර්ගියෙවිච්, මගේ ආත්මය,” මොරසොව් සුසුම් හෙලුවේ ප්‍රශංසා කරමිනි, “ඔබට හොඳින් කතා කරත හැකියි!” “ඔබ දෙදෙනාට දැන් යන්න පුළුවන්,” ලියෝ අණ දුන්නේ ය. “මම හෙට හමුවෙන්නම් ඔබව මොරසොව්, එතකොට අපි ගිහින් කඩේ බලමු.” “ඇත්තෙන්ම, ලියෝ, මම පුදුමයට පත්වෙනවා,” ඇන්ටෝනියා පැව්ලොව්නා කියුවේ මහන්තත්ව ලෙසින් නැඟිටිමිනි. “අනුන් කියන කතා අහලා ඒවයින් වෙනස් වෙලා, ඔයා අවස්ථාවක් ලබා දීම [...] ...
අපි ජීවත්වන්නෝ -255 මම ඒ තරම් දෙයක් පරදුවට තියලා නැහැ Sinhala story Blog ලියෝ මඳක් පිටුපස්සට හේත්තු වූයේ ඇය දිහා කෙළින් බලාගෙන ය. “ඔය විදියට මට කතා කරන්න කවදා ද ඔයා පටන් ගත්තෙ?” “ලියෝ! මේ සියදිවිනසා ගන්නා නව ක්‍රමයක් නම් ඊට වඩා සරල ක්‍රම බොහොමයක් තියනවා!” “ඇත්තටම, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, ඔයා අනවශ්‍ය විදියට ඒ ගැන ශෝක වෙනවා.” ඇන්ටෝනියා පැව්ලොව්නා කියා සිටියේ ගණනකට නොගෙන ය. “අනේ, අනේ, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, මගේ [...] ...
අපි ජීවත්වන්නෝ -254 ඔයාගෙ සිහිය සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින් ද? Sinhala story Blog “අනික එයාට ඒක එච්චර අපහසු දෙයකුත් නෙමෙයි.” මොරොසොව් කියුවේ ඇහෙන නොඇහෙන තරම් හඬ බාල කර රහසිනි. “දුම්රිය මාර්ග වල මොකක් දෝ ඉංජිනේරු තනතුරකුත් එයාට තියනවා. අතු ගලා යන ගංඟාවක වගේ හැම පැත්තකටම විහිදුන බලය තියනවා. ආහාර ගබඩාවක් පොඩ්ඩක් නරක් කරන්න විතරයි ඔහුට තියෙන්නෙ -බිමට වැටිලා, ටිකක් තෙත් වෙලා වගේ මොකක් හරි- එහෙම වෙලා ඒක නුසුදුසු [...] ...