අපි ජීවත්වන්නෝ -363 ඔයා අනිත් අපි වගේ නම්! Sinhala story Blog XVI සිගරැට්ටුවක් බොමින් ලියෝ තනිවම උදුන අසල වාඩි වී සිටියේ ය. සිගරැට්ටුව ඔහුගේ අතේ අප්‍රාණිකව එල්ලී තිබී, ඇඟිලි වලින් ලිස්සා වැටිණ. ඔහු එය දුටුවේ නැත. ඔහු තවත් සිගරැට්ටුවක් රැගෙන එය නොදල්වා දිගු කාලයක් අල්ලා ගෙන සිටියේ ඒ ගැන වූ දැනීමක් නැතිව ය. අනතුරුව ඔහු වටපිට බැලුවේ ගිනිකූරක් සොයා ගන්නට ය. ඔහු වාඩි වී සිටි පුටුවේ ඇන්ද මත ගිනි පෙට්ටියක් ...
තනිකම දුරලන්නට එන්නා -2 Sinhala story Blog අනතුරුව ඇය ඔහු දිහා බලා සිනාසුනාය. ඇයගේ සතුට පිරි, තක්කඩි වැඩක් කළා යැයි පෙන්වන සිනාව, ඇයගේ දෑස් බබළවන්නටත්, එයින් ඇයගේ අහිංසක හා විවෘත බව දිස්කරන්නටත් සමත් විය. ඔහු පිටත් වී ගියේය. චාම්, පිළිවෙලකට හැඳි සිය අළු කබායේ කොලරය ඔසවා ගත් ඔහු සිහින් පොද වැස්සේ වීදියේ ගමන් ගති. ඔහු වරක් ආපසු හැරී බැලුවේය. ඒ පසුතැවිල්ලෙනි. දොර උඩින් වූ ලාම්පුව දිහා ...
අපි ජීවත්වන්නෝ -339 ඔබේ පදිංචිය මෙතැන ද? Sinhala story Blog අන්ද්රෙ පිළිතුරු දුන්නේ නැත. ඔහු ගවුම් සියල්ල එකින් එක හිමිහිට එළියට ඇද්දේ ය. සාක්කු හොයමින්, ප්‍රංශ විලවුන් සුවඳින් වූ රෙදි අතරින් ඇඟිලි යවා විපරම් කළේ ය. “මම කියන්නෙ ඔබට බැහැ කියල, පුරවැසියෙනි!” දොර මුර කරන සොල්දාදුවාගේ ගුගුලන කටහඬ දොරට පිටතින් හදිසියේ ඇසුණි. “ඔබට දැන් ඇතුලට යන්න බැහැ!” දොරට ඔබ්බෙන් අරගල කරන සද්දයක් ඇසිණ. හරියට අතකින් සිරුරක් පැත්තට තල්ලු කර ...
අපි ජීවත්වන්නෝ -325 ඔයා මා පිටිපස්සෙන් එන එකක් නැහැ Sinhala story Blog මොරසොව් පවෙල් සියරොව්ට මුදල් යැව්වේ නැත. ඔහු ආහාර පදනමේ වූ තම කාර්යාලයට ගියේ නැත. පසුදා මුළු උදෑසන ම සහ දහවල් කාලය ම ඔහු නිවසේ තම කාමරයට වී සිටියේ ය. ඔහු වොඩ්කා බිව්වේ ය. දුරකතනය නාද වෙද්දී හෝ දොරේ සීනුව නාද වෙද්දී ඔහු කුදු වී, ඔළුව උරහිස් වෙතට නවාගෙන, ඇඟිලි පුරුක් සපමින් සිටියේ ය. කිසිවක් සිදු වූයේ නැත. රාත්‍රී කෑම ...
අපි ජීවත්වන්නෝ -351 කවුද ඔයාගෙ නිදහස පිටුපස්සෙ ඉන්න කියා දැනගන්න Sinhala story Blog “ඇතුලට එන්න,” කීරා කීවා ය. අන්ද්රෙ ටැගනොව් ඇතුලට ආවේ ය. “සුබ සන්ධ්‍යාවක්, කීරා,” ලියෝ දැක ඔහු නැවතුණි. “සුබ සැන්දෑවක්, අන්ද්රෙ,” කීරා කීවා ය. ලියෝ ඉතා අපහසුවෙන් හිස එසවූයේ ය. ඔහුගේ දෑස් යාන්තමින් තිගැස්සුනු බවක් දැක්වීය. “සුබ සැන්දෑවක්,” ඔහු වෙත හැරුණු අන්ද්රෙ කීවේ ය. “මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් ඉක්මණින් ඔබ එළියට ආවා කියල.” “මම එළියෙ. මම හිතුවා ඒක ...
අපි ජීවත්වන්නෝ -304 “බියගුල්ලා!” Sinhala story Blog “නරකාදිය!” ලියෝ තම හිස සීතල වතුර භාජනයකට ඔබමින් කීවේ ය. ඊයේ රාත්‍රියේ ද ඔහු පැමිණියේ ඉතා රෑ බෝ වී ය. “අර සියරොව් ඌරුලෑවා බලන්න මම යනවා. ඔහුට රහස් පොලීසියෙ ලොකු යාළුවෙක් ඉන්නවා. මම කිව්වොත් එයා ලවා මොකක් හරි කරගන්න ලැබේවි.” “ඔයා උත්සාහයක් කරලා බලනවාට මාත් කැමති,” කීරා කීවා ය. “මේ පව්කාර පරපීඩාවෙන් සතුට ලබන මිනිස්සු! උන්ගෙ නරකාදි හිර ගෙවල් ...
අපි ජීවත්වන්නෝ -340 මට නැතිවෙන්න කිසිවක් නැහැ Sinhala story Blog XIII රහස් පොලීසියේ සිර කූඩුවක ලියෝව අගුල් ලා ඇත. අන්ද්රෙ තම නිවසට පැමිණ ඇත. මාලිගා උද්‍යානයේ දී පක්ෂ සහෝදරයෙක්, සමාජයට ඉක්මනින් යන ගමන්, අන්ද්රෙ ව ගේට්ටුව අසල දී නැවත්තුවේ ය. “ඔබ අද රෑට අපිට කෘෂිකාර්මික තත්වය ගැන වාර්තාවක් දෙනවා, ටැගනොව් සහෝදරයා, එහෙම නේද?” “ඔව්,” අන්ද්රෙ පිළිතුරු දුන්නේ ය. “නවයට, නේද? අපි හැමෝම බලාගෙන ඉන්නෙ, ටැගනොව් සහෝදරයා. නවයට හමුවෙමු.” “ඔව්,” ...
අපි ජීවත්වන්නෝ -322 රතු බැනරයක් අරගෙන ඒකෙන් පස්ස පැත්ත පිසදා ගත් අය වෙනුවෙන් බීපන් Sinhala story Blog “සහෝදරයා!” මොරසොව් ගුගුලන්නට විය. ඔහු වෙත නැවතත් හිස් හැරිණ. මෙවර ඔහු ඒවා ගැන තැකීමක් නොකළේ ය. “ඔබ .. ඔබ … ඔබට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ! මට සියරොව් සහෝදරයා සමඟ කිසි ගණුදෙනුවක් නැහැ! මම ..” “කියන්න,” ටිමොෂෙන්කෝ හෙමිහිට කීය, “මම කිව්වෙ නැහැ ඔයාට එහෙම තියනවා කියල, මොකද මේ කලබල වෙලා?” “ඉතින්, මම හිතුවා … මම .. ඔබ …” “මම ...
අපි ජීවත්වන්නෝ -323 කමකට නැති කඩදාසි කෑල්ලක් Sinhala story Blog අනතුරුව ඔහු තම පොකැට්ටුවට අත දමා ලේන්සුවක් එළියට ගෙන එයින් නළල පිස දා ගත්තේ ය. පොඩි වූ කොළ කැබැල්ලක් බිමට වැටිණ. ක්ෂණික හා දැඩි උවමනාවෙන් ගැස්සී ඒ වෙත දිව ගිය මොරසොව්ගේ අත නිසා ටිමොෂෙන්කෝ අත දුව ගොස් මොරසොව්ගෙ අත වටා රැඳින. “ඒ මොකක් ද, යාළුවා?” ටිමොෂෙන්කෝ විමසීය. ටිමොෂෙන්කෝට අහුලා ගත නොහැකි දුරකට මොරසොව් ඊට පයින් ගැසුවේ ය. එය පෙරළී ...
අපි ජීවත්වන්නෝ -319 මගේ ප්‍රියාදර යාළුවෙක්! Sinhala story Blog කාටවත් නොපෙනෙන සේ ඔහුගේ මේසය අසලට ගිය සේවකයෙක් කැඩුණු වීදුරුවේ කැබලි කුණු එකතු කරන භාජනයකට දා ගත්තේ ය. තවත් සේවකයෙක් දිළිසෙන සේ පිරිසිදු වූ වීදුරුවක් ගෙනැවිත් “ඔබට මුකුත් අවශ්‍ය ද, පුරවැසියෙනි?” යැයි අසමින් බෝතලය උඩින් ඔහුගේ ඇඟිලි හෙමිහිට ඉවත් කරන්නට උත්සාහ කළේ ය. “පලයන් නරකාදියට!” කියූ ටිමොෂෙන්කෝ වීදුරුව අතේ පිටි අල්ලෙන් තල්ලු කළේ ය. එය මේස ඇන්දේ එහාට මෙහාට ...
අපි ජීවත්වන්නෝ -357 ප්‍රයෝජනවත් හඬක් නඟන්නට හොඳ අවස්ථාවක් Sinhala story Blog XV ප්රාව්ඩා හි මුල් පිටුවල, පළල් කළු රාමුවකින් වට වූ හතරැස් කොටුවක මේ වදන් සටහන් විය: සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කමිටුව, අරගලයේ වීර සෙබලෙක් වූ, හිටපු රතු හමුදා සාමාජික, 1915 සිට පක්ෂ සාමාජිකයෙකු වූවකුගේ මරණය ගැන තම බලවත් සංවේගය ප්‍රකාශ කරයි. අන්ද්රෙ ටැගනොව් සහෝදරයා ඊට යටින් තවත් කුඩා කොටුවක තද කළු රාමුවකින් වට වී මෙසේ ලියා තිබිණ: සියළු ...
අපි ජීවත්වන්නෝ -353 අපේ නිහඬ බව අපි දෙන්න ම වටහා ගත් බව Sinhala story Blog “මිනිත්තුවක් ඉන්න,” ලියෝ හදිසියෙන් කීවේ ය. “මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.” ඔහු අන්ද්රෙ වෙත ආවේ ය. තම අත් පොකැට්ටුවල බහාගෙන, හිටගෙන, වදන් තූ තූ ගා කෙළ ගහන ලෙසකින් පිට කරමින්, හෙමිහිට මෙසේ ඇසුවේ ය: “ඔයා මේ සේරම කරන්න වූ හේතුව මොකක් ද? ඔයාට කීරා කවුද?” අන්ද්රෙ කීරා දිහා බැලුවේ ය. ඇය නිහඬව, ඔවුන් දිහා බලාගෙන, කෙළින් සිටගෙන සිටියා ය. ...
අප ජීවත්වන්නෝ -373 ඉවාන් ඉවනොව් පුරවැසියා Sinhala story Blog ඇයට ඉදිරියෙන් නිල් හිම ඈතට විහිදෙමින් පැතිර බොඳ බවකින් අහසට හේත්තු වී තිබිණ. රැලි මෙන් විහිද යන හිම ඇය ළං වෙද්දී වෙනස් නොවිණ. තියුණු බවින්, දැඩි බවින්, කුඩා කඳු බෑවුම් මතින් අඳුරට දිව යමින් තිබිණ. සුදු ශංකුවන් අහසට උසට දික් ව පැවතියේ අතු අග වූ කළු පැහැයන් සමඟිනි. එවිට ඇය කළු රුවක් දැක්කා ය. ඒ රුව සෙලවෙන්නකි. ඒ රුව ...
අපි ජීවත්වන්නෝ -366 ඔයා ජීවතුන් අතර සිටියොත් -අනික ඔයාට අමතක නොවුනොත් Sinhala story Blog පසුවදා උදෑසන, කීරා ආර්ගුනෝවා පුරවැසිනිය, විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා ඇයදුම් කළා ය. පිළිතුරක් ලැබෙන තුරු ඇයට සති කිහිපයක් බලා ඉන්නට තිබුණි. ගලීනා පෙට්රොව්නා කෙඳිරි ගෑවා ය: “ඒක පිස්සුවක්, කීරා! හරිම පිස්සුවක්! පළමුවෙන් ම, ඔවුන් ඔයාට ඒක දෙන්නෙ නැහැ. ඔයා ඇයි පිටරට යන්නෙ කියලා හේතු දක්වන්න ඔයාට කිසිවක් නැහැ. ඔයාගෙ තාත්තගේ සමාජ පසුබිම එක්ක .. අනික ඔයාට ගමන් බලපත්‍රයක් ලැබුනත් ...
කිබිසිනි -මොකද කියන්නෙ, අපි කොහෙ හරි යමු ද? Sinhala story Blog “මේකක් දාගත්තම?” “ඔව්.” “ඔයා හිතන්නෙ කතන්දර පොතක තියෙන කතාවකට යන්නෙ?” “ඔව්.” “කොහාට ද? කොයි වසරකට ද? ඒවා නොදැන?” “ඔව්.” “එක එක ඒවා දාගත්තම වෙන වෙන තැන්වලට?” “ඔව්, එකම තැනට දෙවතාවක් ගිහින් නැහැ, ඒත් …” ලීලා අබරණ එහාට මෙහාට කරමින් වැඩි ඔපය නැති එහෙත් එහි කහ මැණික් ගලක් හොබවන ලද රත්තරන් මුද්දක් සොයාගත්තාය. “.. මේ තියන්නෙ මේක දාගෙන මුල් පාර ...
අප ජීවත්වන්නෝ -372 දැන් අවශ්‍ය නික්ම යාම පමණි Sinhala story Blog හිම ඇයගේ දණහිස තරම් උසට වැටී තිබිණි. ඇය තැබූ හැම පියවරක් ම ඉදිරියට වැටෙන්නාක් වැනි ය. ඇය සාය ඉහළට ඔසවා ගෙන එය අතේ ගුලි කරගෙන පියවර තැබුවා ය. ඇය වටේ පැතිර තිබුනේ නිල් පාටක් යැයි නොපෙනෙන නිල් පාටකි. පාටක් යැයි කියත නොහැකි පාටකි. එය ඇය දන්නා ලෝකයේ පැවතියක් නොවේ. ඈත එපිටතට ඇදී යන එය පෙනෙන තෙක් මානයේ හැම අත ...
තනිකම දුරලන්නට එන්නා -3 Sinhala story Blog මේ බව සූ නොදන්නා එක වැදගති. ඇය කිසිදවසක මෙය දැනගනු නොමැත. තමන් රස්සාවට කරන්නේ මෙය යැයි ඇය දැන ගන්නවාට වඩා ඔහු මිය යන්නට වඩා කැමතියි. මෙය වැදගත් රස්සාවකි. ඔව්, ඉතා වැදගත් රස්සාවකි! මිස් වෑන් නස් ඒක වගබලා ගන්නීය. එහෙත් ඒක පිරිමියෙකුට සුදුසු රස්සාවක් නොවේ යැයි ලැරීට සිතේ. එහෙත් ඔහු ස්තූති පූර්වක විය යුතුය. මන්ද එය රස්සාවකි. එයින් ග්‍රාන්ට් වීදියේ ...
අපි ජීවත්වන්නෝ -294 ඔවුන් නම් කියන්නෙ පුද්ගලික කඩකාරයන්ට සල්ලි නැහැයි කියල Sinhala story Blog ඇය පිටත් වී ගිය පසු, කීරා මංගල ඇඳුම හැඳ බැලුවා ය. එය දිගු විය. මධ්‍යයතන යුගයක ගවුමක් සේ අරුමෝසම් බවින් තොර විය. එහි තදට ඇදි අත් ඇයගේ අත් වලට වඩා කෙටි විය. එහි තදට ඇදි කොලරය ඇයගේ නිකටට වඩා උස් විය. එය සම්පූර්ණයෙන් ම ලේස් වලින් යුතු වූවා මිසක වෙනත් කිසිම ආයිත්තමකින් සැරසී නොතිබිණ. ඇය දිගු කණ්ණාඩිය ඉදිරියෙන් හිටගෙන ...
අපි ජීවත්වන්නෝ -318 ස්ටීවන් ටිමොෂෙන්කෝ පක්ෂ සාමාජිකයෙකි Sinhala story Blog යුරෝපීය උද්‍යාන වහලේ වූ අවන්හලේ සිවිලිම නිමැ වී තිබුනේ වීදුරු වලිනි. අන්ධකාරය පෙනුනේ කළු ශුන්‍යයක් ලෙස ය. යකඩින් තැනූ බොකු වහලකට වඩා දැඩිව යටින් ඉන්නා අයව තද කර පාගා ඇති සේ ය. එතැන ලයිට් දල්වා තිබුණි. සිගරැට් දුමින් පිරි අවන්හලේ ඒ කහ ලයිට් යාන්තමින් එළියක් පැතිරී ය. ඇතුලත වූ උෂ්ණත්වයෙන් හා පිටතින් එන අන්ධකාරයෙන් පාගා දමන තද කිරීමෙන් මිරිකී ...
කිබිසිනි – නිමාව Sinhala story Blog ඔවුන් තිදෙන නිවසට පැමිණියහ. අම්මාගේ තනි රකිනු පිණිස දෙදෙනාටම තේ කෝප්ප හදාගෙන මෙහෙකාරිය ඉස්තෝප්පුව වෙත ගමන් කරමින් සිටියාය. ඉස්තෝප්පු කාමරයේ දොර හැරගෙන එළියට ආ ඔවුන් තිදෙන දකිද්දී මෙහෙකාරිය සිතුවිලි කිහිපයක හිරවෙන හැටි ලීලා දුටුවේ සිත සතුටින් පිරී යද්දී. “ඔව්, අපි ගිහිනුත් ආවා,” ඇසුවේ නැති ප්‍රශ්න වලට පිළිතුරැ දෙමින් ලීලා කීවාය. “ඔව්, අපිටත් තේ ඕනෑ,” ඇය මෙහෙකාරිය වෙතින් තේ කෝප්ප ...