සහෝදරයා ! Monsoon Moon BY YURI SMITYUK පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක සුසුම්ලන හදවත හෙමින් පියමැන ගිහින් නවතියි ‘සැලුන් දොර’ අබියස උඹට දැනුණෙද නොදැනුණාවෙද අහස් ගව්වක දුර රහස් රැව් දෙන සුසුම් අතරෙහි දෑස් මඟ හැරුණිද? වලාකුළු මත හිස තියාගෙන වේදනා උහුලන කොහෙන් ඇවිදින් දෙතොල රැඳුණි ද ඇවිලෙනා මඳහස සැහැල්ලුව මත කඳු ගසන්නට පිරිත් හඬ මොකටද රහත් සුවයෙක දෑස් ඇරගමි රහත් කවි පදයෙක අලුත් මොකවත් ...
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී Monsoon Moon ඈ ආත්මය, ගලා එන හිරු රැසෙහි, රශ්මියෙහි දියැව ඇත. ඈ ස්ත්රීතුව, ගලා එන සිඳු රළෙහි, රිද්මයෙහි දියැව ඇත. ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මට පවසන්න… ශුන්‍යතාව පවා අවකාශයේ වර නැඟෙන විට ඈ ශුද්ධවර ස්නේහය වරනැඟෙන්නේ නැද්ද? ද්වයින්වෙන්, ජීවිතය නම් සිිපිරි ගෙදරින් ආදරය මුදාගත්තී ය. ඈ සදාකාලික ශුද්ධවර පෙම්වතී වන්නී එබැවිනි. විශ්වයේ තිතක්වන් පෘථීවියේ කොතැනක, කෙදිනක ආදරය සැමරෙනවා නම් කවුරුන් විසින් හෝ ...
ඔව්, ඉතින්, මේ ඒ මොහොත… Monsoon Moon © Miles Cleveland Goodwin නින්දගං අතැර යන මිනිසා ගෙන්දගං වලාකුළු නොතකයි නින්නාද නැඟුවාට තබන පියවර ලකුණු යන්තමින්වත් හැරී නො බලයි පෙබරවාරිය වගේ කොළ හැලෙන මතකයට දැන් ඉතින් මතකය ම විතරයි. මංජුල වෙඩිවර්ධන 2018 පෙබරවාරී 17 ...
වස්සානයේ හැන්දෑවක විලෝ ගසක් යට තෙමෙමින් Monsoon Moon විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට ඇයි බැරි? විලාපයකට හැකි නම් සැනසෙන්න ඔබට ඇයි බැරි? කදෝකිමියෙකු ඉගිලෙයි ඔබේ මැදුරේ දුගී කවියකු මියයයි මගේ පැදුරේ අනාගතයට නමක් දුටුවා කවියක මගේ උණ්ඩය මටම මානන අවියක විලෝ ගසකට හැකිනම් වැළපෙන්න ඔබට බැරි ඇයි? විළෝපියකුට හැකි නම් හිනැහෙන්න ඔබට බැරි ඇයි? බය නැතුව අරගන්න තීන්ත කැටිගැහුණ මේ පෑන ඔය අතට දැනෙනවද ඉන් තවම ගලන් ...
සැළසුම්සහගත අහම්බයකින් කැමිලියා මලක් හමුවෙන අකීකරු සුළං දහරකට කීකරුකම ගැන හිතෙන්නට බැරිද? Monsoon Moon සිත්තම © එළිසබෙත් බ්ලේලොක් ‘‘මල් සුවඳ නොවිමසයි සුළඟ යන මඟ !’’ -කැමිලියා කවෙකිනි සුළඟ යන මඟ දැන සුවඳ ළයෙහිම තදකර වේදනාවෙන් මිය යන මල් ඇස ගැසී නැතිවද…..! ඔව් ඇතැම් දවසක ඉන්ද්‍රජාලික මොහොතක සසල කර අතු ඉති පැතු සුළඟ එනු ඇති බැඳි ඇකුරෙක රැඳුණු ශ්රැද්ධාවෙහි බැඳුණු එවිට යට කී සුසුවඳ එ නිමල ළයෙන් නික්මෙන විකසිත මලෙක ...
අපේ තාත්තා Monsoon Moon මහා දුග්ගින්දරට පර්යාය වූ රුවක් හින්දා….. එ රුව එහි සෙවනැල්ල මූදු හතකට දුරින් ඇන්දා. ගණ අඳුර හිරුට දුන් නින්දා හදවතේ රුවාගෙන ඔබ කොහොම හිනැහුණි ද මංදා. ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව තාත්තේ අපි ඔබට වැන්දා. පැහුණු ඉහ ඉද්දරින් අතීතය රාමු කර තිබුණා. ආදරේ රාමු කළ නොහෙන සේ අවසාන වතාවට ජීවිතේ සෙවනැල්ල උරෙන් උර ගැටුණා. [...] ...
සීතා Monsoon Moon by Thomas Saliot කවුරු නුඹ රජරටින් පැහැරගෙන ආවාද සීතා මඟහැරුණු සිහිනයක දඬුමොණර වාහනේ සාදා රජරටින් නුඹ කවුරු පැහැරගෙන ආවාද සීතා? දැක ගන්න බැරි වෙච්ච හිනයක හිත පාර පාරා ගෙන්දගං අහස යට තිත්ත කවි හොයනවද සිතා කෝ කොහිද අනුරපුර ඒ පූජ නගරයෙද රාමා මේ කියන රාවණා කොළඹ නමු වෙන්න බෑ සීතා ලංකාපුරේ ඉතින් සංසාරෙ වගේ දුර ඈතා ඒ නමුදු මාදිවෙල සීත ...
එක්තරා නො එළඹුණු සිසිරයක Monsoon Moon Autumn to Winter by Simon Fairless ‘මං’ නමින් ඔබ දන්න ඒ සිහිනයට ඇස් පැළැන්දෙන දිනක් හමුවුණොත් හෙම පත් බරින් ගස් මුදන සිසිරෙ කෙළවර හිත් රිද්දගමු මතක, මතක නැති කර නන්නාඳුනන කෝපි පියස්සක් යට දුම් දමනසුළු කෝපි සිනහවන් මැද හිත රහත් වෙයි කියා හිතනවද ඔබ ඇස් පියන් නො සොල්ලන ඇස් කැළුම් ළඟ? සිසිරයට අවනතව හමන සුළඟද උණු කෝපි බඳුන ළඟ නතරවෙන ...
බ්ලුබෙල් Monsoon Moon ටිම් ගෞඩියොන්ගේ සිත්තමක් සංසාර පළසකි ය ගිම්හානයේ පත්‍ර අඹරාව. ඔබට අමතකව ගිය සිළිටි සුලැඟිලි ලකුණ මුණ ගැසිණ ස්වර්ගයේ දොර ගාව. ලැවැන්දර නිල ය ඔය ඇස් පුරා සැවැන්දර පුසුඹ කවි පොත් අරා කතන්දර කියනවද සත්සරා? සජ්ජායනා නැඟුණ ස්වර මුළුව මකරන්ද විජිතයේ මුව ගොළුව ඇස් කෙවෙනි අගිසි බිඳගෙන ගැළුව. දෙසැම්බර තිමිර සළු ලිහන විට මුකූටයෙ නිදි බිඳෙන ‘සීතලද’ අසන උණුසුම් හඬක යළි ...
සදාකාලික තරුණිය Monsoon Moon Girl with a Pearl Earring by Johannes Vermeer හබුරු කොළයක රටා විසුරුණ බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර පෙළට බයියං ගුලි තානාගෙන පුතුව කපුටෙක් බවට පත්කළ පුතුන් හැංඟෙනකොට තැනින් තැන ‘කාක්’ කිය කිය ළඟට කැඳවන කොළඹ කපුටන් කොළඹ ඇ හැටි බයි කටින් කට කියා පහදන තරුණියට අද වයස කීයද? දඟබවේ කටු ඔටුණු පැළඳුව බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ කරඬු හොය හොය රැඳෙන මොහොතක ...
කොළරාව සහ පේ‍්‍රමය Monsoon Moon ෆර්මිනා, කල්පයක් ඇස මිදුණ හිම බිඳුව මග්දලේනා ගඟට මුහුවුණා. ඉරී ගිළිහුණ පිටක ඔබ ලියූ කවි පදය නෙත් කෙවෙණි අගිස්සෙන් පීදුණා. මලට සළුපිළි සිළිටි පෙති බව දන්නවා සොඳුරු අබරණ රෙහෙණු බව පිළිගන්නවා දෙබර විස දළ හිතක නිරුවත පෙන්නුවා. සසඟ වියරුයි සසර දිගු කරණා නිසඟ හැඟුමකි ආදරය කියනා. දයිරියාවත් හරිම අගෙයි ඔක්කාරෙ කුස සරැලි නැඟෙයි කාලත්රය මෙතැන ...
ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම? Monsoon Moon පිපිරුණ සබන් බෝලයකින් බිම වැටුණු කවියක වියරණ දොස් තිබුණු බව ඇය ලියා එවා තිබුණා. හොර නිධන් හාරන්නකු මෙන් හිත් පතුළ පාරා මතුකරගත් අවසාන හැඟුමත් හැඟුම්බරවුණු මොහොතක වියරණ දෝස. ඇයටත් හිතෙන දේවල්. “බෝල අතකුරු වුණත් කැලැත්තෙන විට අවකාශයේ ඇද වෙන්න පුළුවනි.” “පේ‍්‍රම කවියක් වුණත් රිදුම්දෙන විට සන්තානයේ ඇති වෙන්න පුළුවනි.” “මිරිඟුව” නො පවතින දෙයක් නම් ඒ වචනය මොකටදැ?” යි ...
කළු වළලු Monsoon Moon (ඔබ එවූ කළු වළලු ලැබුණා) කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු මධු විතක තොල රඳන මතකයක දඟ නැඟෙන කළු වළලු අතහැරුණ සිහිනයක සිහිනයෙන් වර නැඟෙන කළු වළලු සංසාර නැවතුමෙක අත ඇනුණ කටු ලිහන නිම නැතුව මට ලැබුණ කළු වළලු සංතාප සයනයක නිදි නැතුව වම් අතේ පටැලවී කරකැවෙන ඔබ ...
බකුසු නාදෙක කරදර Monsoon Moon Great Horned Owl by Rebecca Kinkead මුළු රෑම බුග් බුග් ගගා මළ ම වද දී හිමිදිරෙත් රිංගුවද පපුව මැද්දට එලාමෙක සැඟවී යන එන හැම මළ ඉළව්වෙම මඟුලෙම ‘ටීටරෙ‘, ‘බුකියෙ‘ මතු නොව සයිබරෙ පුරාවෙම සව්බර කකා කැරකෙන සව්කැඳ මැෂින් හොළවන බඹර චක්කර ඇස් දෙකත් පත්තුකරගෙන මන්තර තටු ලෙළෝගෙන අපි එළෝගෙන එන හැතිරී! ...
අඳුරගන්නම බැරි අඳුරක Monsoon Moon © Rohitha Bashana Abeywardane අඳුරට මං කැමති කවි කැලැත්තෙන හින්දයි අඳුරගන්නම බැරි. ගන්න ඔය කවි රොඩුබොඩු අහකට ඇහිපිලි නඟන මැසිවිලි කරදරයි තනි ඇහැකට. ඔබට ඕනෙම නම් රිද්දන්න? රිද්දන්න…… මොන තරම් නම් දත් ද මද්දන්න. අසික්කිත හුළඟෙහිම වැදුණාම අතීතෙට රිදුණාම කඳුළු එන්නැති ඇහැට මොන තරම් සනීපද මඳහසක හිරගෙයින් මිදුණාම. කසි කබල් කවි මත හිස රැඳෙව්වට නින්ද යන්නැති එක මගෙ වැරැද්දද? මොකද ...
වැස්ස පටං අරං Monsoon Moon by Malcolm T Liepke නටන වැස්සක් යට නටන මිනිහෙක් දුටුවොත් ඔබ නටනවද ඔහු හා අඬනවද නැත්තං… හංගන්නෙ මොකටද අතෑරලන්න ඇත්තම වැහි නැති දිනෙක පුපුරණ සොඳුරු අකුණක් ලෙස නටාගෙන එන වැස්සට සිසිල දුන් ඇස් දෙක කාටවත් වැඩියෙන් දන්නව නේද ඔබ? වේදනාවෙන් උපදින ඔහු නටන රිද්මය උත්කර්ෂයක රඳවන කවි ලියා මොකටද? කට කමසිරියාව තැතිගැන්ම විතරද ආදරය මෙලැවුණු දුර්ග මඟ කෙළවර පොප්ලර මතක ...
සුනිලා Monsoon Moon කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන් එනකොට අනුරාග ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව දෑස් හීන් කර කොපුළත සුලි එක්කා රහස් ලිහන මනුසත්කම අපි දැක්කා රාත්‍රිය දිගයි, එළඹෙද උදනැක්කා කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා නෙතු පියන් වැසී ...
තිරුකෝණමලෛ සඳ Monsoon Moon http://vikalpa.org/ සදුර්ෂන් රාජන්ගෙ පොඩි කොල්ලා හැමදාම හවසට දෑසින් අහස අල්ලා හඳට අඬගහනවා අත් පොඩි හොල්ල හොල්ලා .. නිලා නිලා ඕඩි වා නිල්ලාමල් ඕඩි වා මලෛ මීදු ඒරි වා මල්ලි හෛපූ කොන්ඩු වා .. ඔන්න එතකොට කෝනේෂ්වරන් දෙවොල මුදුනට අත තියාගෙන සඳ නැගී එනවා තිරුකෝණමලෛ අහසට දුරුතු සීතල දවසක රැයට සඳ අමතකව අහසේ දමා ගොස් තිබුණා හිරු කබ කඩන මොහොතේ පිච්ච ...
පසන් නම් සුපසන් කව Monsoon Moon මම තොප අවුළු මුහුලස හැඩ පලු ලිහා – මිටි බැඳ වූලෙක පටලවා ‘හැට්’ කිරීටය පළන්දන්නෙමි. “මම තොප නොහඳුනමි මට තොප මතක නැත”* දුම්බර සැහැල්ලු ම මොහොතක තොප’තින් එ ‘රන්පත’ ගෙන තෙතබත් තුඩග උහුලා ඩම් දෙක තුනක් ඇද ඇඟිලි අතරේ යළිඳු රන්දමි. ‘‘මම තොප නොහඳුනමි මට තොප මතක නැත‘‘ අනුපාන මඟහැර ළඟ ළඟ නවන හවසක උදුරා වීදුරුව පෙම් සිප් එකක් ...