ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?

 

Blowing Bubbles

පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.
 
හොර නිධන් හාරන්නකු මෙන්
හිත් පතුළ පාරා මතුකරගත්
අවසාන හැඟුමත්
හැඟුම්බරවුණු මොහොතක
වියරණ දෝස.
 
ඇයටත් හිතෙන දේවල්.
 
බෝල අතකුරු වුණත්
කැලැත්තෙන විට අවකාශයේ
ඇද වෙන්න පුළුවනි.
 
පේ‍්‍රම කවියක් වුණත්
රිදුම්දෙන විට සන්තානයේ
ඇති වෙන්න පුළුවනි.
 
මිරිඟුවනො පවතින දෙයක් නම්
ඒ වචනය මොකටදැ?” යි
ඇගේ ලියමන අවසානයේ
ඇය ප‍්‍රශ්න කර තිබුණා.
 
මා ඇගෙන් නොව
ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
ආදරයගැන
ඔබ හිතන්නේ කොහොමද?

“ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?” වෙත සිතුවිලි 3ක්

  1. ආදරය…………… ජීවිතයට හුස්ම පිඹින දිව්යුමය සුළං රැල්ලක්…
    ඒත් විටක ආදරය සුන්දර රිදුමක් ඇති කරවන සුන්දර වරදක් ….
    ආදරය හරියටම මොන වගේද කියන්න නම් කවදාවත්ම බැරි වෙයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න