කසුන් නදීක සහ සිංහල ගීතයේ මළගම සංහිඳ ෴ පහු ගිය 3 වැනිදා කොළඹ සරසවියේ සංගීත සාජ්ජයක් පැවැත්විණි. සංවිධානය කළෝ පරිගණක අධ්‍යයනායතනයේ සිසුහු ය. ආරාධිත ශිල්පීන් වූයේ අමරසිරි පීරිස් කසුන් කල්හාර සහ නදීක ගුරුගේ ය. අප මේ ප්‍රසංගය සඳහා ආකර්ශනය කළ පූර්ව බැනර් පුවරුවල නම සඳහන් වූ අමරසිරි පීරිස් ඊට සහභාගී වුයේ ද නැත. කොළඹ ගෙන්දගම් පොළවේ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී සොඳුරු සංගීත සුයාමයක තනිවෙමැයි උදම් සිතින් ආ අපි ...
ආයු රක්ඛන්තු ආවඩා ! සංහිඳ ෴ ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති. තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ...
ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේ සංහිඳ ෴ අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. හරියට ම දිනය කියනවා නම් ඒ පහු ගිය ජුනි මස 02 වන බදාදා ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට ...
හමුදාපතිතුමාගේ රුවන් වැකිය සංහිඳ ෴ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කැනඩා නැෂනල් ෆෝස්ට් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී "මේ රට සිංහලයින්ට අයත් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සුළු ජනතාව ද මේ රටේ වෙසෙන අතර ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්" පවසා ඇත. මේ ප්‍රකාශය මෙරට ඉතිහාසය දත් සහ ජගත් දේශපාලනය ගැන සවිඥානික කෙනෙකුට අමුත්තක් විය නොහැකි ය. එහෙත් බටහිර තානාපති කාර්යාල පිළිකනු පල්ලේ ...
සිරසයි පාර කියන්නේ ! සංහිඳ ෴ දැන් දැන් බොහෝ දෙනා සිරස හෙළා දකිති. එය දැන් රැල්ලකි. රටට නොයෙක් ආකාරයේ රැලි හදුන්වා දුන් සිරසට එය ම බූමරංගයක් වීම එක් අතකින් දෛවයේ සරදමකි. මෙකී පිරිස සිරසට බැණ වදින හේතු විවිධාකාර ය. ඇතැමෙක් සිරස එජාපයට (නලින් ද සිල්වා නිවැරදි ව විග්රහ කරන පරිදි එවිප_එක්සත් විජාතික පක්ෂයට) බර නිසා ලු. තවත් අය සිරස LTTEට පක්ෂ නිසා ලු. ඇතැමෙක් මහ ගෙදර ...
පලාත් සභා පරාජය සංහිඳ ෴ සබරගමුව සහ උතුරුමැද පලාත් සභා ඡන්ද සන්ධානයේ විශිෂ්ට ජයග්රහණයෙන් කෙළවර විය. සාමාන්‍යයෙන් මෙරට මහ මැතිවරණයක් පවත්වා කලකින් පවත්වන මැතිවරණයක දි පවතින රජයට ඇති කැමැත්ත අඩුවීම ස්වභාවයයි. ඒ පාලකයන් සුපුරුදු පරිදි ජනතාව ගොනාට ඇන්දවීම සහ තමන් මෙවරත් රැවටුණු බව ජනතාවට නොබෝ කලකින් ක්‍රමයෙන් පසක් වන බැවිනි. එහෙත් මෙවර ? දෙපලාතේ සියලු දිස්ත්‍රික් සංධානය ජයගත්තේ ය. 2004 සිය ගමන් සගයා වූ ජවිපෙ ...
සිංහලයා මෝඩයා ...? සංහිඳ ෴ සිංහල රාජ්‍යයේ (දැන් ලාංකික) පැවැත්මට කණකොකා හැඬූයේ 15 වන සියවසේ පෘතුගීසි කඩාවැදීමත් සමඟ ය. එතැන් සිට ගෙවී සියවස් 4 ½ක පමණ කාල පරාසය තුළ මෙරට සාම්ප්‍රදායික සමාජ දේශපාලන පඳනම බිඳ දැමීමට ආක්රමණිකයා සමත් විය. ආචාර ධර්ම උඩුයටිකුරු කෙරිණි. සාරය අසාරය ලෙස නිර්වචනය කෙරිණි. අසාරය සාරය ලෙස භෞතීස්ම කොට කිරුළු පළඳන ලදි. වසර දහස් ගණනක් ඈතට දිවෙන පෞඪ ඉතිහාසය නොදන්නා, සිය ...
අබා පඬුඅබා සහ ක්‍රිස්තු චරිතය සංහිඳ ෴ දඹදිවට පහළින් කඳුලු බිඳුවක හැඩැති දූවකි. කි.පූ. 543 තම්බපන්නි යයි නම් ලද මේ බිම්කඩ ඉන් වසර 100ක් ඉක්ම ගිය තැන්හි ‘සිංහලය’ බවට පත් විය. මෙසේ ලොව ප්‍රථම ජාතික රාජ්‍ය බිහි කළ වීරයා පණ්ඩුකාභය රජු ය. ඔහුගේ ළමා කාලය, ජැක්සන් ඇන්තනී සිංහල සිනමාවේ සිත්තම් කළේ ‘අබා’නමිනි. කි.පූ. 5 වන සියවස හෙවත් අදින් වසර 2500ට පෙර යුගයේ වසර 15 ක පමණ යුගය ...
යොහානි ගීතය සොයා ගැනීම...! සංහිඳ ෴ යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ පසු ගැයුම අද ඉන්දියාව ඇතුළු ලෝකය පුරා උන්මාදයක් වෙලා. කෝටි ගණනක් ජනතාව ඒ සිංදුවට වශී වෙලා. අද ලෝකයේ ජනප්‍රිය ම ගීත 10 අතර මේ ගීතය තියෙනවා.යොහානිගේ නිල යූටියුබ් ගිණුමෙන් විතරක් මාස තුනක් ඇතුළත මේ සිංදුව මිලියන 119ක නැත්නම් කෝටි 12ක විතර නැරඹුම් වාර ගණනක් වාර්තා වෙනවා. ඉන්දියාවේ ස්ටාර් තරග වේදිකා පමණක් නෙමෙයි ඇමරිකාවේ පදික ...
බඩු සහ මාර බඩු! සංහිඳ ෴ තෙපුල් ආර - සිව් වැනි දියවර සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' හෝ දෙමළ ‘භණ්ඩම්’නැතහොත් ‘පණ්ඩම්’යන වදන් ඇසුරිණි. 'බඩු' බහු වචන නාම පදයයි. එහි ඒක වචනය 'බඩුව'යි. ගැමියෝ කට වහරේ 'බඩ්ඩ' 'බඩ්ඩක්' යනුවෙන් වහරති.සිංහලයාට බොහෝ බඩු වර්ග තිබේ. ව්‍යංජන හෙවත් මාලු පිනි රසවත් කිරීමට යොදන්නේ 'කුළු බඩු'ය. පෙර මෙන් නො ව අද ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා 'ඇලුමිනියම් බඩු' ...
ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ සංහිඳ ෴ මේ රටේ ක්‍රිකට් දේශප්‍රේමියෝ සහ විල්පත්තු දේශප්‍රේමියෝ අතර කිසිම වෙනසක් නැත. දෙපිරිස ම තමන් ආදරේ කරන ක්‍රිකට් සහ විල්පත්තුව ඇත්තේ මේ රට තුළ බව දන්නේ නැත. ක්‍රිකට් හෝ විල්පත්තුව රැකෙන්නේ රට රැකුණොත් බව ඒ රටේ ජාතිය සහ සංස්කෘතිය රැකුණොත් බව මොවුන් දන්නේ නැත. ඔවුන් සිතාන ඉන්නේ ලංකාව ඇත්තේ විල්පත්තුව මැද බවය. නැතහොත් ක්‍රිකට් පිටිය මැද බවය.එහෙත් රට නමැති වැවේ බැම්ම ...
අත බුලත් අත සහ හතර අත සංහිඳ ෴ තෙපුල් ආර - තෙවැනි දියවරශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගියදා පැවති 20/20 තරඟය අතරතුර ලසිත් මාලිංග අත සාක්කුවේ දමා ගෙන සිටීම විනිසුරුට ගැටලුවක් විය. අද තෙපුල් ආර අත ගැන ලියන්නේ අත සාක්කුවේ දමා ගෙන බකං නිලා සිටීමේ ජනතාව සතු පරම අයිතිය සුරක්ෂිත කිරීම පිණිසය.හස්ත නම් සකු වදන ද හත්ත, හත්ථ ආදි පාළි වදන් ද අත යනුවෙන් සිංහලයට බිඳෙයි. මිනිසාගේ ...
අම්මා කිරි අම්මා සහ පත්තිනි අම්මා සංහිඳ ෴ තෙපුල් ආර - දෙවන දියවරඅප හැම මෙලොවට බිහි කළේ අම්මාය. දස මසක් අප කුස හොවා සිටියේ අම්මාය. ලේ කිරි කර පොවා උස් මහත් කළේ අම්මාය. අද අම්මාවරුන් ගැන ලියන්නේ ඒ නිසාය. අම්මා ගැහැනියකි. සමහරු අම්මා යැයි කීමක් මදිකමක් ලෙස සලකති. අම්මි යැයි ඈ අමතන්නේ ඔවුන්ය. සිංහලයාට අම්මා ගෙදර බුදුන්ය. බුදුන් වහන්සේ මහා පුරුෂයෙකි. එහෙත් සිංහලයාට බුදු හාමුදුරුවෝ අමා මෑණියෝය. ...
අලි අලි හොරු අලි අපරාධකාරයෝ සංහිඳ ෴ තෙපුල් ආර - පළමු දියවරසිංහලයාට අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අද අලි ගැන ලියන්නේ ඒ නිසාය. ගජ, හස්ති, ඇතා, කුරුණෑ, නා, වරණ ආදි නාම අලියාට සමානාර්ථයේ යෙදේ. විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස කොරවක්ගලෙහි සිටින්නේ ගජසිංහය. ඔහුට සිංහ කඳක් සහ අලි ඔළුවකි. නුවණට අධිපති ගණ දෙවියන්ට ද ඇත්තේ අලි ඔළුවකි. සමහරු පෙළපතින් ගජසිංහලා ය. එහෙත් සිංහලයෙක් කෝපයෙන් 'ඌ මහ ...
රටට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ඇයි? සංහිඳ ෴ දැනුම බලය බවට පත් වර්තමාන ලෝකයේ උසස් අධ්‍යාපනය රටක සංවර්ධනයේ පදනම හෙවත් මුල්ගලය. රටක ඉදිරි ගමනට අවශ්‍ය නව අදහස්, කුසලතා, තාක්ෂණය සහ අභිනව සොයා ගැනීම් සඳහා අවශ්‍ය තර්කානුකූල ඵලදායි දැනුම සම්පාදනය කරන්නේ එමගිනි. කරුණු මෙසේ හෙයින් ලොව සියලු ම රටවල පාහේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඔස්සේ සිය රට වැසියන් වැඩි ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවස්ථා සම්පාදනය කරමින් ...
සයිටම් ආතතිය අනුමැතිය සහ ප්‍රමිතිය සංහිඳ ෴ මාලබේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික බාධාවක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කිරීම සමග නැවත රටේ ආන්දෝලනයක් මතුව තිබේ. පිරිසක් සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සහ විශ්වවිද්‍යාලවලට පක්ෂව ද තවත් පිරිසක් ඊට එරෙහිවද හඬ නඟති. සයිටම් විශ්වවිද්‍යාලය 2008 වසරේ ආරම්භ කර ඇති අතර 2011 වසරේ එම ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා අනුමැතිය ලබාදී ඇත. ලංකාවේ ...
සිඳු දැකලා සම-හරක් කුලප්පු වෙන්නේ ඇයි? සංහිඳ ෴ මම ටෙලි නාට්‍ය රසිකයෙක් නොවෙමි. මම සිඳු බලන්නේද නැත. එහි කොටස් කිහිපයක් නැරඹීමි.බාල බොළඳ මූසල ගොබ්බ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතයට ගොදුරු වී සිටි මෙරට ටෙලිනාට්‍ය රසිකයින් ඉන් මුදවා ගෙන නැවත මෙරට පොළවේ සිටවූයේ සිඳුය. මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිය එයයි.එය දඬුබස්නාමානය හො වෙද හාමිනේ මෙන් විශිෂ්ට නැත. එහෙත් නැවත එවැනි විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවන යුගයක් සඳහා පේක්ෂකාගාරය ...
ඓතිහාසික නවකතාව සහ නූතන කාමාලාප සංහිඳ ෴ බොහෝ දෙනා ඓතිහාසික නවකතා රස විඳ තිබුණ ද ඓතිහාසික නවකතාව යනු කුමක් දැයි ඔවුන්ගෙන් විමසුවහොත් එය නිර්වචනය කිරීම එතරම් පහසු නැත. World Historical Fiction ග්රන්ථ නාමාවලියට පෙරවදනක් සපයන ලින්ඩා ඇඩන්සන් සඳහන් කරන පරිදි කිසියම් නවකතාවක් සඳහා පදනම් වන්නේ එය රචනා වන යුගයට අවම වශයෙන් අවුරුදු විසි පහකට ඈත යුගයක් නම් එය ඓතිහාසික නවකතාවකි. එමෙන් ම නවකතාවක් තත්කාලීන සමාජ අත්දැකීම් පදනම් ...
සාහිත්‍ය ඉතිහාසය අමරසේකර සහ අපි සංහිඳ ෴ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ සාහිත්‍යය සහ ඉතිහාසය නමැති සංවාදයකට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. මැයි මස 2 වන දින එම සංවාදය පැවැත්වූයේ ගමනක මුල කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරගේ මහා නවකතා පිළිබඳය. ආචර්ය කුමුදු කුසුම් කුමාර මෙහෙය වූ එම සංවාදයට මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් සහ ගෙවිඳු කුමාරතුංග සහභාගී විය. ...