2016-12-20

සිඳු දැකලා සම-හරක් කුලප්පු වෙන්නේ ඇයි?

මම ටෙලි නාට්‍ය රසිකයෙක් නොවෙමි. මම සිඳු බලන්නේද නැත. එහි කොටස් කිහිපයක් නැරඹීමි.
බාල බොළඳ මූසල ගොබ්බ ඉන්දීය ටෙලි නාට්‍ය වසංගතයට ගොදුරු වී සිටි මෙරට ටෙලිනාට්‍ය රසිකයින් ඉන් මුදවා ගෙන නැවත මෙරට පොළවේ සිටවූයේ සිඳුය. මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිය එයයි.
එය දඬුබස්නාමානය හො වෙද හාමිනේ මෙන් විශිෂ්ට නැත. එහෙත් නැවත එවැනි විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවන යුගයක් සඳහා පේක්ෂකාගාරය තවමත් සුදානම් බව සිඳු සනාථ කර ඇත.
බාල බොළඳ තුප්පහි ඉන්දීය ටෙලිනාට්‍ය පුනක්කු සිය ගණනක් ඇඩ් නරඹන අතර ගිල්වන ලද පේක්ෂකාගාරයට එරෙහිව කටයුතු නොකළ අමන කුහකයෝ සිඳුට එරෙහිව අවි ඔසවති.
ඉන්දීය ටෙලිනිලියන් මෙරට පාරවල් ගානේ මල් ඉසිමින් රැගෙන යන කල සිංහලයින්ට සිනාසුනු අමන තක්කඩි සෝරත හාමුදුරුවන් එතැනට පත්වීම ගැන කුහක කමින් පැසවන්නට පටන්ගෙන ඇත. පොඩි එකෙක් විකුණාගෙන කතියි දුක්වෙති. මුන් මීට පෙර කිසිඳු නිර්මාණයක ළමා නළු නිළියන් දැක නැත. අදෝමැයි.
එවැනි අඳබාලයින්ට අනුකම්පා කිරීම හැර කළ හැකි යමක් නැත. අපට අවැසි ඉන්දීය බොළඳ ටෙලි පල්හෑලි පරාජය කළ හැකි නිර්මාණය. ඒ නිර්මාණවල අප පරිණත නැතැයි සිතන යම් යම් සීමා පැවතිය හැකිය.
එහෙත් ඒවා අනාගතය වෙනුවෙන් ඉවසිය යුතුය. ඒ ඔස්සේ ඉදිටෙ යා යුතුය. දැන් සෙසු නිර්මාණකරුවන්ගේ වගකීම සිඳු කෙළවර නැවත රටේ පේක්ෂකාගාරය බාල හින්දි ටෙලිපල්හැලිවලින් පිරීමට ඉඩ නොදෙන පේක්ෂක ආකර්ශනය ලබාගත හැකි සාර්ථක නිර්මාණ කිරීමය.

සිඳුට එරෙහි ඇතැමුන් තුළ ඇත්තේ කුහක සිංහල බෞද්ධ විරෝධය බව නොකියාම බැරිය. සිවුර දුටු විට ඇඟ ලේ මස් කකියන කුහකයින්ට එය දරාගත නොහැකිය. එහෙත් සිඳු පටු ආගම්, වර්ග සීමා පරයා රටම එක්සේසත් කර ඇත. බොහෝ අබෞද්ධ පිරිස් සිඳු ආශාවෙන් බලන බව මම දනිමි. මේ කුහක ද්වේශ සහගත විචාරවලට හේතුවද එයම විය හැකිය.

කෙසේ වුවද සිඳු වඩා එක්වූ රටේ පේක්ෂකාගාරය නැවත විසිරෙන්නට ඉඩ නොතබා සාර්ථක නිර්මාණ කරනු පිණිස කාලය නොයොදා විවිධ පටු පරමාර්ථ ඇතිව මේ යුගයේ නිර්මාණය කළ සාර්ථකම ටෙලිනාට්‍ය වෙත ගැරහීම අමු කුහකකමකි. රටේ ටෙලිනාට්‍ය කර්මාන්තයට මෙන්ම පේක්ෂකයින්ටද බලවත් අපරාධයකි.

මම සිඳුට සුබ පතමි. ඒ පිටුපස සිටින සැමට සුබ පතමි. ඔබේද වගකීම බුරන බල්ලන්ට ගල් ගැසීමට නතර නොවී මේ විජයග්‍රහණය රටේ මුල් ඇද තහවුරු කිරීම සඳහා ධෛර්යයෙන් කටයුතු කිරීම බව සිහිපත් කරමි. ජය!!!

2 comments:

Sri Lanka Viththi said...

මා මුලින්ම සිතුවේ මෙය කුඩා සාමණේර නමක් සහ ලොකු හාමුදුරුවන් අතර සිදුවන හෝ සිද්ධ වන්නට යන සනාතනික අරගලයක් කියාය. එහෙත් එය පැරණි දෙමළ චිත්‍රපටයක මෙන් අද්භූත ජවනිකා රැගත් කතාවකි. කතා කරන- ජීවමානව පෙනී සිටින- පත්තර කියවන භූතයන් දැන් දෙමළ සිනමාවේවත් දක්නට නැත.
දින පතා අළුතින් එකතුවන චරිත නිසා නිසා මෙය "පබා" මෙන් මෙගා ටෙලියක් බවට පත් වෙමින් පවතී.
පොඩි සාදුගේ රඟපෑම් හොඳය. හීන් බබා සීයා මෙන් ඇබිත්තයෙක් අපේ ගමේ පන්සලේද කලකට පෙර සිටියේය. හීන් බබා සහ ලොකු හාමුදුරුවන්ගේ අති විශිෂ්ට රංගනය හැරෙන්නට ගත යුත්තක් නැත. කවටයන්, පෙම්වතුන්, දුෂ්ටයන් රැගත් අච්චාරුවකි.
සමහර චරිත අප්‍රාණිකය. සිඳුගේ පියා වැනෙන චරිතයකි. තම පුත්‍රයා අතුරුදහන් වන විට පියෙක් හැසිරෙන හැටි අධ්‍යක්ෂකවරයා ඔහුට කියා දිය යුතුය.
එක ජවනිකාවක් මෙහෙමය.
සිඳුගේ අම්මා ඒංගලන්තයේ සිට ලංකාවට ඒමට සැරසේ. එවිට පියා මෙසේ කියයි.
" එන්න එපා. බැරිවෙලා වත් පුතා හම්බ උනොත්.. අපරාදෙනෙ ( සල්ලි ) එවන් දුබල දෙබස් මෙතෙක් විකාශනය වුනු හැම කොටසකම පාහේ ඇත.
මේ මාගේ පුද්ගලික මතයයි. සංගීතය හොඳය.

Anonymous said...

අර හින්දි මගුල් වලට වඩා නම් අප්පිරියාවක් නැතුව බලාගෙන ඉන්න පුළුවන්. ඒත් ඔබද කියන විදිහට කොටස් කීපයක් විතරක් බලලා මේ වගේ විචාරයක් දෙන්න එපා. අඩු‍ගානේ මුල් කොටස් වලින් සියයට හැටක්වත් බලලා ඉන්න.

මේක අර හින්දි ඒව වගේ එක එකාට උගුල් අදින ඒිව නැති නිසා හොඳයි කිව්වත් නිර්මාණයක් විදිහට ගත්තම වැඩක් නැති දෙයක්. කතාවේ අරමුණක් තාම මට හ‍ොයා ගන්න බැරි වුනා. සිදූ නැතිවෙලා එයාව හොයාගන්න එකද, නැත්නම් පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ සෝරත අතර තියෙන කතාවක්ද ඒත් නැත්නම් වෙනත්ම මොකක්හරි එකක්ද. තේමාවක් හෝ අවසානයක් නැහැ.

අනිත් එක දවාලේ පෙනී ඉන්න හොල්මන්, අමුතු බලයක් තියෙන දරුවෙක්. වැඩිහිටි කතා කියන ලමයි ටිකක්, ළමා කතා කියන වැඩිහිටියෝ කීප දෙනෙක්.

ඩබ් ජයසිරිගේ සහ හීන් බබා සී‍යාගේ ඇරෙන්න අනිත් අයගේ රඟපෑම ගැන කතා කරලා වැඩක් නැහැ. (ළමා නලුවන්ට අදාල නැත) සිදූගේ අම්මා මම පලවෙන් කොටස් වල දැක්ක වෙලාවේ තිබුන මූනේ හැඟිම තමා අද වෙනකම්ම තියෙන්නේ. දුක සතුට පුදුමය හැම දේටම එකම හැඟීම. අනිත් එක සිදූගේ තාත්තාගෙ දෙබස්, හින්දි මෙගා එකකට දෙවෙනි නෑ.