සයිටම් ආතතිය අනුමැතිය සහ ප්‍රමිතිය සංහිඳ ෴ මාලබේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරවීමට නෛතික බාධාවක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කිරීම සමග නැවත රටේ ආන්දෝලනයක් මතුව තිබේ. පිරිසක් සයිටම් ඇතුළු පෞද්ගලික වෛද්‍යවිද්‍යාල සහ විශ්වවිද්‍යාලවලට පක්ෂව ද තවත් පිරිසක් ඊට එරෙහිවද හඬ නඟති. සයිටම් විශ්වවිද්‍යාලය 2008 වසරේ ආරම්භ කර ඇති අතර 2011 වසරේ එම ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීම සඳහා අධ්‍යාපන ඇමතිවරයා අනුමැතිය ලබාදී ඇත. ලංකාවේ ...
සිංහල සිංදු කියන කුරුල්ලෝ... සංහිඳ ෴ සවස 6.5ට කොළඹ කොටුවේ සිට මාතර බලා ගමන් කරන දුම්රියට මම පසුගිය සඳුදා බම්බලපිටියෙන් නැගුණේ පානදුරට යාමටය. එහි පාපුවරුවේ සිගරට්ටුවක් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි තරුණයන් තිදෙනා වෙත මම නොරුස්නා බැල්මක් හෙළුවේ මට සිගරට් දුම අප්‍රිය නිසා සහ අක්‍රීය දුම්පානය භයානක බව දන්නා නිසා පමණක් නොව පොදු ස්ථානවල දුම්පානය තහනම් නිසාය.ඒ බැල්මේ අරුත අවබෝධ කරගත් තරුණයකු මෙතෙක් කතා කරමින් සිටි ...
සාහිත්‍ය ඉතිහාසය අමරසේකර සහ අපි සංහිඳ ෴ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ සාහිත්‍යය සහ ඉතිහාසය නමැති සංවාදයකට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. මැයි මස 2 වන දින එම සංවාදය පැවැත්වූයේ ගමනක මුල කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරගේ මහා නවකතා පිළිබඳය. ආචර්ය කුමුදු කුසුම් කුමාර මෙහෙය වූ එම සංවාදයට මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් සහ ගෙවිඳු කුමාරතුංග සහභාගී විය. ...
යොහානි ගීතය සොයා ගැනීම...! සංහිඳ ෴ යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ පසු ගැයුම අද ඉන්දියාව ඇතුළු ලෝකය පුරා උන්මාදයක් වෙලා. කෝටි ගණනක් ජනතාව ඒ සිංදුවට වශී වෙලා. අද ලෝකයේ ජනප්‍රිය ම ගීත 10 අතර මේ ගීතය තියෙනවා.යොහානිගේ නිල යූටියුබ් ගිණුමෙන් විතරක් මාස තුනක් ඇතුළත මේ සිංදුව මිලියන 119ක නැත්නම් කෝටි 12ක විතර නැරඹුම් වාර ගණනක් වාර්තා වෙනවා. ඉන්දියාවේ ස්ටාර් තරග වේදිකා පමණක් නෙමෙයි ඇමරිකාවේ පදික ...
අම්මා කිරි අම්මා සහ පත්තිනි අම්මා සංහිඳ ෴ තෙපුල් ආර - දෙවන දියවරඅප හැම මෙලොවට බිහි කළේ අම්මාය. දස මසක් අප කුස හොවා සිටියේ අම්මාය. ලේ කිරි කර පොවා උස් මහත් කළේ අම්මාය. අද අම්මාවරුන් ගැන ලියන්නේ ඒ නිසාය. අම්මා ගැහැනියකි. සමහරු අම්මා යැයි කීමක් මදිකමක් ලෙස සලකති. අම්මි යැයි ඈ අමතන්නේ ඔවුන්ය. සිංහලයාට අම්මා ගෙදර බුදුන්ය. බුදුන් වහන්සේ මහා පුරුෂයෙකි. එහෙත් සිංහලයාට බුදු හාමුදුරුවෝ අමා මෑණියෝය. ...
වස චින්තනයෙන් මහින්ද චින්තනයට සංහිඳ ෴ ගොවිතැන සඳහා කෘමිනාශක, වල් නාශක හෙවත් වස භාවිතය පදනම් කර ගෙන රටේ දැවැන්ත සංවාදයක් ඇති වී තිබේ. එය මේ වන විට සමාජයේ බොහෝ දෙනා කතා බස් කරන මාතෘකාවකි. රටට ගෙන්වන මෙකී වසවල ආනයනය තහනම් ආසනික් ඇතැයි පිරිසක් කියන අතර වස සමාගම් සහ තවත් පිරිසක් ආසනික් නැතැයි කියති.මේ වසවල ආසනික් තිබුණ ද නැත ද ඒවා පිරිත් පැන් නොව වස ය. වස ...
සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙත් . . . සංහිඳ ෴ ඔව්, ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි හැම වසරක ම බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරනවා. අපේ සම්ප්රදාය, සංස්කෘතිය අනුව ආගමට දහමට මුල් තැන දීලා මේ උත්සවය සමරන්න ඇහැකි නම් එය අගෙයි නොවැ?ඒ වගේ ම ඔබ අතින් මෙතෙක් සිදු වූ කිසියම් හෝ වරදක් නිවැරදි කරගත හැකි නම් එය මේ උත්සවයෙන් ඔබට ලද හැකි ලොකු ම දායාදයයි. පළුදු වූ නෑ ...
බඩු සහ මාර බඩු! සංහිඳ ෴ (සිංහලය සොඳුරු සුකොමල බසෙකි. ඒ සුන්දර බව ගැමි වහර, කට වහර, ගත් වහර ඈ මුසුවෙන් උපන්නෙකි. සිංහලයේ සොඳුරු බව කියාපාන ඇතැම් වදන් සහ යෙදුම් ලියා තැබීම මේ ලිපි පෙලේ අරමුණයි. මෙහිලා අප දිරි ගැන්වූයේ මහාචාර්ය ජේ.බී. දිසානායක සිංහල ජනවහර පිළිබඳ කළ මාහැඟි පොත් පෙළ බැව් ගුරුබැතියෙන් යුතුව සඳහන් කරමි. )සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' නම් වදන ඇසුරිණි. ...
බල්ලොත් එක්ක බෑ සහ සුද්දෙක් ඔබ අමතයි සංහිඳ ෴ මෑතදී අපට නාට්‍ය කිහිපයක් බැලීමට ඉඩ හසර ලැබිණි. රවින්ද්‍ර ආරියරත්නගේ 'බල්ලොත් එක්ක බෑ' සහ උදයසිරි වික්‍රමරත්නගේ 'සුද්දෙක් ඔබ අමතයි' යන නාට්‍ය ද්වය ගැන කෙටි සටහනක් තැබීමට මොහොතක් වෙන් කිරීම ඵලදායි වෙතැයි සිතමි. මේ නට්‍ය දෙක ම වර්තමාන සමාජ දේශපාලන සංස්කෘතික ව්‍යුහය කර්කශ ලෙස උපහාසයට ලක් කරන ප්‍රහසන වේ. ඒවා ලෝක ධර්මි නාට්‍ය රීතියට අනුව ලියැවි තිබේ.සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය ...
කවිය ඔබ ... සංහිඳ ෴ සැබවින් ම කවිය යනු කුමක් ද? ගද්‍ය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය අතර ඇති වෙනස කුමක් ද? වැකියක් රූලේ අඩක් ලියූ පමණින් එය කවියක් වේ ද? එසේ නැත්නම් කවිය අනෙක් සාහිත්‍යාංගවලින් වෙන් කර හඳුනා ගන්නා නිර්ණායක කවරේ ද?ගුණදාස අමරසේකර සූරීන්ගේ කාව්‍ය සම්ප්රදානය පිළිබඳ ප්‍රකට ගත් කතුවරයෙකු විචාරකයෙකු වන ශ්‍රීනාත් ගනේවත්ත මහතාත් හිටපු සිළුමිණ කතුවරයෙකු, ගත් කතුවරයෙකු මෙන්ම විචාරකයෙකු වන ආචාර්ය රංජිත් ...
දුර බලන්න, ළඟ නොබලන්න සංහිඳ ෴ වසර තිහකටත් අධික කාලයක් තිස්සේ මේ රටට පමණක් නොව විදේශ රාජ්‍යයන්ට ද බලපෑම් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත භීෂණය පරාජයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ වර්තමාන රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ය. පසුගිය රජයන් ද ඒ සඳහා විවිධ උත්සාහයන් දැරුව ද ඒවා අසාර්ථක වූයේ විදේශීය බලපෑම් වලට යට වීම නිසා ය. වත්මන් රාජ්‍ය නායකයාට ද එකී බලපෑම් දෙගුණ තෙගුනව එල්ල වූ බව ...
ගුණදාස අමරසේකර කාව්‍ය සම්ප්රදානය සංහිඳ ෴ ගුණදාස අමරසේකරගේ දේශපාලන භාවිතය පිළිබඳ ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. එහෙත් ඔහුගේ කාව්‍ය නිර්මාණ විමසීමේදී උක්ත දේශපාලන කාරණා ඇද ගැනීම එතරම් ප්රඥාගෝචර නැත. එමෙන්ම සිංහල කවිය විෂයෙහි ඔහු කරන ලද මෙහෙවර ලඝු කිරීම ද අසාධාරණය. විශේෂයෙන් සිංහල කාව්‍ය සම්ප්රදාය හදුනා ගත් ප්‍රාඥයින් අතරින් කෙනෙකු වන අමරසේකරයන්ගේ පොතපත පරිශීලනය කිරීම, ආධුනික කවීන් මෙන්ම විචාරකයින් ද අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයකි. මොනිකා රුවන් ...
රෙදෙව්වේ හඩු සිංහල සහ සිංහලයේ න ණ ල ළ වහර - 2 සංහිඳ ෴ කලක් සකල ශ්‍රී ලංකාව පුරා රැව් පිළිරැව් දුන් ලංකා ගුවන් විදුලිය පෞද්ගලික නාලිකාවල ආගමනයත් සමග ජනතාව අතරින් ඈත් විය. එකල ලාභ ලබන ආයතනයක් ලෙස පැවති රෙදෙව්ව එහි සුවිශිෂ්ට පරිපාලනය, දේශපාලන අත පෙවීම් සහ දේශපාලන පත් කිරීම්වලට පිං සිදු වන්නට පාඩු ලබන ආයතනයක් බවට පත් විය. මෙසේ මිය යමින් පැවති රෙදෙව්ව නව පණක් ලැබුවේ හඩ්සන් සමරසිංහ මහතා එහි සභාපති ලෙස ...
මා දුටු "එකමත් එක රට" සංහිඳ ෴ පසුගිය එක් සැඳෑවක මම මිතුරෙකු සමග රීගල් සිනමාහලට රිංගාගතිමි. ඒ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටක’ සිනමා කාව්යයය හා ඒකාත්මිකවීමට ය. එම සිනමා කෘතිය නිර්මාණය වූයේ බටහිර ලේඛකයෙකු වන එමිල් සෝලාගේ කෙටි කතාවක් ඇසුරිණි. එකමත් එක රට ගැන දීර්ඝ විචාරයකට ඉඩහසර නැතත් ලුහුඬින් හෝ යමක් ලිවීම වැදගත් යයි සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. එම සිනමා කෘතියට විෂය වූයේ මානව ජීවිතය හා ...
සිංහලයේ න ණ ල ළ වහර සංහිඳ ෴ වර්තමානයේ බොහෝ සිංහලයෝ අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරති. බ්ලොග් ලියති. පිළිසඳරේ (chat) යෙදෙති. ඉ තැපැල් ගනුදෙනු කරති. Face bookහි ලියති. එය අපට මහත් සතුටකි. කෙසේ වුව ද ඒ සමග ම සිතට යම් දුකක් ද පිවිසෙයි. ඒ බොහෝ දෙනා නිවැරදි සිංහලෙන් නොලියන නිසා ය. අන්තර්ජාලයේ අපට ඇස ගැසෙන බොහෝ සිංහල ලේඛන අක්ෂර වින්‍යාස දෝෂවලින් ද ව්‍යාකරණ දෝෂවලින් ද දූෂිත ය. තවමත් අන්තර්ජාලයේ ...
පිර-පාහරන් සහ එළාර රජතුමා සංහිඳ ෴ තිස් වසරක් රට ලෙයින් තෙත් කළ පිරපාහරන් නොබෝදා නන්දිකඩාල් කළපුවේ මඩ ගොහොරුවක අවසන් හුස්ම හෙළුවේ ය. ඒ මෙරට ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි යුගයක් බිහිකරමිනි. ඒ වූ කලී දශක 3ක මහා මූසල යුගයක කෙළවර බව පසක් කරගත් ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට විය. වෙසක් සමයක පොසොන් සමයක මෙන් රට පුරා දන්සැල් දෙන්නට විය. ජනපති ප්රමුඛ ත්‍රිවිධ හමුදා නායකයෝ කේක් ...
ආගම දළඳා වන්දනාව සහ බෞද්ධයා සංහිඳ ෴ වසර කිහිපයකට පසු අති උත්කර්ශවත් ලෙස පැවැති ශ්‍රී දළඳා ප්‍රදර්ශනය නිම විණි. දළඳා ප්‍රදර්ශනය ඇරඹෙත් ම නියං සමය අහවර කරමින් වට අසිරිමත් වැස්ස බොහෝ බෞද්ධයින්ගේ බැති හැඟුම් කුළුගැන්වූ අතර තමන් බුදු දහම අතැඹුලක් සේ පසක් කළ ධර්ම භාණ්ඩාගාරිකවරුයයි සිතා සිටින නාම මාත්‍රික බෞද්ධ පිරිසක් ඊට කරන ලද නින්දා අපි දුටුවෙමු. බටහිර විද්‍යාවෙන් උමතු කරන ලද මේ නරුමයින් දන්ත ධාතුව කාබන් ...
ගීතයේ අයිතිකරු සංගීතඥයා ද? සංහිඳ ෴ යම් කිසි කලා කෘතියක් පෞද්ගලික හෝ සමූහික ප්රයත්නයක ඵලය ලෙස බිහි වේ. කවිය, නව කතාව, සිත්තම නිර්මාණකරුගේ තනි නිර්මාණ වන අතර සිනමාව, ටෙලි නළුව, වේදිකා නාට්‍ය සාමූහික නිර්මාණ වෙයි. ගීතය ද මෙවැනි ම නිර්මාණකරුවන්ගේ එකතුවක ඵලයෙකි. ගේය රචකයා, සංගීතඥයා සහ ගායකයා මෙහිලා ප්රමුඛ වන අතර අමතරව වාද්‍ය වෘන්දය සහ ශබ්ද පරිපාලකයෝ ද ඊට සහභාගි වෙති. මෙසේ නිර්මාණයක් සඳහා නිර්මාණකරුවන් පිරිසක් ...
අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර සංහිඳ ෴ ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ ඇරඹුණේ මෙරට ගතානුගතික මාක්ස්වාදී පක්ෂවලට විකල්පයක් ලෙසිනි. එකී යල්පිනූ මාක්ස්වාදීන් දිගින් දිගට ම මෙරට ජන විඤානය නොතකා පොතේ ගුරු න්‍යායවාදී ස්ථාවරයක ළැග සිටීම තරුණ පරපුර කළකිරීමට හේතු විය. ජවිපෙ වටා ගොනු වූයේ එම තරුණ ජවයයි. ජවිපෙ ඊනියා කම්කරු පංතියකට සීමා නොවී මෙරට ග්‍රාමීය ගොවිජනතාව මත විශ්වාසය තබා ක්‍රියා කළේ ය. එමෙන් ම මා සිතන පරිදි ...
කිලිනොච්චියෙන් ඔබ්බට සංහිඳ ෴ විරෝදාර ශ්‍රී ලංකා රණ විරුවෝ සිහින ඊලාම් දේශයේ හදවත වන් කිලිකොච්චියේ සිහ දජය එසවූහ. මේ වූ කලී ඊනියා ඊලාම් දේශයේ මිනී පෙට්ටියට අවසන් ඇනය ද ගැසීමකි. දැන් ඉතිරිව ඇත්තේ අලිමංකඩ සහ මුලතිව්වල සැඟව සිටින ත්‍රස්ත රැළ ද වනසා දැමීම පමණි. කෲර ත්‍රස්තවාදයෙන් නේක ගැහැට විඳි ජනතාව මේ ජයග්රහණයෙන් පස්වනක් ප්‍රිතියට පත්විය. එම විජයග්‍රහණය ජනපති විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නගර ...