දහයට 'නොනිදන' ඩඩ්ලි තුන්වන ලෝකය | THIRD WORLD සහල් යුද්ධය සහල් මෝල් කතිපයාධිකාරයට ජය ගෙන දෙමින් අවසන් වී තිබේ. බලයට පත්වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රචාරය කෙරුණු ප්‍රතිරූපය වූයේ ඔහු ශක්තිමත් පාලකයෙක් බවය; රට 'විනයගත' කිරීම සඳහා එබඳු තද පාලකයෙක් අවශ්‍ය බවය. මෙම තර්කය අනුව යමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුණි. අතිමහත් බලතල ජනාධිපතිවරයා වෙත පැවරුණි. තුනෙන් දෙකක බලය සහිතව ආණ්ඩුව වැඩ ඇල්ලුවේ 'නොහැක්කක් නොමැත' ස්වරයෙනි. ...
ආණ්ඩු විරෝධයේ ප්රතිවිරෝධය තුන්වන ලෝකය | THIRD WORLD ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව වසර දෙකක් ගත වී තිබෙන තැන, ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු මහජන විරෝධයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. මෙලෙස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අභියෝගයට ලක්වීමට සමගාමීව ආණ්ඩු විරෝධී කතිකාව ප්‍රබල වෙමින් පවතී. ආණ්ඩු විරෝධී කතිකාව තුල ආධිපත්‍යය සඳහා පොර බඳින විකල්ප ව්‍යාපෘතීන් දෙකක් මූලික වශයෙන් දැකගත හැක ; ඒ සමගි ජන බලවේගය ප්රමුඛ ප්‍රවණතාවය සහ ...
මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (2) | මෙන්ෂෙවිකයන් අතර මතභේද තුන්වන ලෝකය | THIRD WORLD රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂය තුල වූ මෙන්ෂෙවික්-බොල්ෂෙවික් භේදය එහි අවසානය කරා ලගා වූයේ 1912 දීය. මෙම වර්ෂයේ දී අවසානාත්මක වශයෙන් බොල්ෂෙවිකයන් හා මෙන්ෂෙවිකයන් පක්ෂ දෙකක් ලෙස වෙන්වූහ. භේදය සම්පූර්ණ වූයේ කණ්ඩායම් දෙක අතර සමථයක් ඇති කිරීමට ට්‍රොට්ස්කි බඳු අය දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඉක්බිතිවය. මෙලෙස බොල්ෂෙවිකයන්ගෙන් වෙන් වූවත්, මෙන්ෂෙවික් පක්ෂය සමජාතීය එකක් නොවීය. ඒ තුල විවිධ උප ප්රවණතා විය. ...
මෙන්ෂෙවික්වරුන්ට මොකද උනේ? (1) | බොල්ෂෙවික්-මෙන්ෂෙවික් භේදය තුන්වන ලෝකය | THIRD WORLD රුසියානු විප්ලවය පිලිබඳ කථා කරන විට, හැමදෙනාම කථා කරන්නේ බොල්ෂෙවික් පක්ෂය පිලිබඳවය. විප්ලවයේ ජයග්‍රාහකයන් වූයේ බොල්ෂෙවිකයන් නිසා මෙය සාධාරණය. ඉතිහාසය අයිති වන්නේ ජයග්‍රහණය කරන අයටය. කෙසේ වුවද, 1917 වන තෙක් රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයේ විශාලතම ප්‍රවණතාවය වූයේ බොල්ෂෙවික්වරුන් නොවේ ; මෙන්ෂෙවික්වරුන්ය. පිටුවහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ස්විට්සර්ලන්තයේ සිට අප්‍රේල්වල රුසියාවට නොපැමිණි, ක්ෂණිකව බලය අල්ලා ගැනීම පිලිබඳ අදහස බොල්ෂෙවික් පක්ෂය තුල ...
ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන් තුන්වන ලෝකය | THIRD WORLD නව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය ...
බණ්ඩාර දිසානායකගේ පෞද්ගලික සරසවිය, ධම්මක චැනලය හා ගුරු අරගලය තුන්වන ලෝකය | THIRD WORLD නිශාන්ත බණ්ඩාර බණ්ඩාර දිසානායක හා උපුල් සන්නස්ගල යන දෙන්නාම ගත් කළ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ය. ඔවුන් එක්ව සිදු කළ සංවාදයක් යූ ටියුබ් නාලිකාවට පසුගිය දිනෙක උඩුගත කොට තිබුණි. මෙම සාකච්ඡාව තුළදී සක්යා ආයතනය ගැන හා ගුරු වෘත්තිය පිළිබද මෙන්ම, ළමයින්ට ඇති ආදරය සහ ඒ වෙනුවෙන් සිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳවද; ගුරුවරුන් ලෙස ඔවුන්ගේ ජීවිතය පිළිබඳවද ඒ හා බැඳි සමාජ ජීවිතය පිළිබඳවද ...
ගෝලීයකරණය ගැන මායාවල් එපා - සමීර් අමීන් තුන්වන ලෝකය | THIRD WORLD සමීර් අමීන් (1931-2018) ආර්ථික චින්තනයේ ඉතිහාසය තුල සිය අනන්‍යතාවය ප්‍රකට ලෙස සටහන් කල රැඩිකල් චින්තකයෙකි. 1931 ඊජිප්තුවේ කයිරෝ හි උපත ලැබූ ඔහුගේ අධ්‍යයන කලාපය වූයේ 'තුන්වන ලෝකය' ලෙස හඳුනාගත් ගෝලීය දකුණේ රටවල ඌන සංවර්ධනය පිලිබද ප්රශ්නයයි. එනම් තුන්වන ලෝකයේ රටවල්වලට 'සංවර්ධනය වෙන්න බැරි ඇයි?' කියන ප්රශ්නයයි. ධනවාදය යටතේ ලෝක ආර්ථිකය ධූරාවලිගත, අසමානතාවයෙන් හා සූරාකෑමෙන් යුක්ත එකක් බව තර්ක කල ...
මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ තුන්වන ලෝකය | THIRD WORLD 1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ...
මංගල (සමරවීර) සූත්‍රය තුන්වන ලෝකය | THIRD WORLD § රමිඳු පෙරේරාපසුගිය දිනෙක අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතා හැඳින්වීම සඳහා 'ප්රගතිශීලි' යන යෙදුම පාවිච්චි වනු බහුලව දක්නට ලැබේ. මෙම භාවිතය 'ප්රගතිශීලී' යන යෙදුමට තිබෙන අර්ථය අංශක එකසිය අසූවක කරණමක් ගසා ඇති ආකාරය සම්බන්ධ ලස්සන උදාහරණයකි. ඉතිහාසය තුල, විශේෂයෙන්ම 1956-77 යුගයේ, පොදු ව්‍යවහාරය තුල ලංකාවේ 'ප්රගතිශීලී බලවේග' ලෙස හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුරට අයත් දේශපාලන පක්ෂය. මූලක වශයෙන් ...
කොවිඩ් -19 මදිවට IMF! : කොවිඩ්වලින් වැටෙන ආර්ථිකයට IMF ඇනීම තුන්වන ලෝකය | THIRD WORLD ශිරන් ඉලන්පෙරුම කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවට බලපෑවේ එහි ආර්ථික ඉතිහාසයේ ඉතා අසීරු කාල පරිච්ඡේදයකය. 2012 වසරේ සිටම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින් නිෂ්පාදන ප්‍රමාණය පහත වැටී ඇති අතර, 1990 දශකයේ මැද භාගයේ නොදුටු, දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇති බාහිර ණය තොග ඉතා ඉහළ මට්ටමකට ළඟා වී ඇත.2016 දී දීර්ඝ කාලීන පියවීමේ / ගෙවීමේ ක්‍රමය යටතේ ...
චීනය යන්නේ බටහිර ගිය පාරේද? (2) | ධනවාදී සංවර්ධනයේ ප්‍රතිවිරුද්ධ අත්දැකීම් තුන්වන ලෝකය | THIRD WORLD චීනය අද දවසේදී ලෝකයට අදාළ වෙන ආකාරය තේරුම් ගැනීමට නම් චීනය තුල ධනවාදයේ සංවර්ධනය සිදු වූ ආකාරය විමර්ශනය කල බැලිය යුතු වේ. මෙහිද එක් පැතිකඩක් ඉතාමත් වැදගත් වේ. එනම් බටහිර ධනවාදී සංවර්ධනය තුල බලය සහ ප්රචණ්ඩත්වය විසින් ඉටුකල කේන්ද්‍රීය කාර්යභාරය හා චීනය තුල එහි ඇති සාපේක්ෂව අඩු වැදගත්කමයි. විශිෂ්ට ඓතිහාසික සමාජ විද්‍යාඥයෙකු වූ ජියොවානි අරිගි විසින් රචිත බීජින්හි ඇඩම් ...
මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සහ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ‘වැට-උඩ‘ විදේශ ප්‍රතිපත්තිය තුන්වන ලෝකය | THIRD WORLD අමාලි වෙදගෙදර යෝජිත MCC ගිවිසුම පිලිබඳ පොදු-පෙරමුණු ආණ්ඩුව තම නිළ ස්ථාවරය ප්‍රකාශ කර නැති මොහොතක, ඇමරිකානු රාජ්‍යය ලේකම් මෙන්ම MCC ආයතනයේ සභාපති වන මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අපි සැමගේ අවධානයට ලක්වූ දෙයක්. දිනෙන් දින උග්‍ර වන චීන-ඇමරිකා සම්බන්ධතා මධ්‍යයයේ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු සහ චීන තානාපති කාර්යාල ඔවුන් ශ්‍රී ලංකාව පිලිබඳ දක්වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කෙරෙන අදහස් යුද්ධයකද නියැලී සිටින ...
චීනය යන්නේ බටහිර ගිය පාරේද? - 1 කොටස තුන්වන ලෝකය | THIRD WORLD පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරික / ශාස්ත්‍රඥ වෝල්ඩන් බෙලෝගේ China: an Imperial Power in the Image of the West? කෘතියේ සිංහල පරිවර්තනය කොටස් වශයෙන් අපිඉදිරිපත් කරමු. පහත පලවන්නේ එහි පලමු කොටසයි. ***හැඳින්වීම - චීනය බටහිර ගිය මගම යනු ඇද්ද? මෙම පොත් පිංච ලිවීමෙහි ලා අප පෙලඹවූ ප්රශ්නය නම්, චීනය ගෝලීය තලය තුල එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය හා අනෙක් බටහිර බලවේග හා ...
මොකක්ද අපි කරන්නෙ? තුන්වන ලෝකය | THIRD WORLD තුන්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර නොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන විශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්රශ්නවල යම් ...