Skip to main content

මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සහ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ‘වැට-උඩ‘ විදේශ ප්‍රතිපත්තිය


අමාලි වෙදගෙදර 

යෝජිත MCC ගිවිසුම පිලිබඳ පොදු-පෙරමුණු ආණ්ඩුව තම නිළ ස්ථාවරය ප්‍රකාශ කර නැති මොහොතක, ඇමරිකානු රාජ්‍යය ලේකම් මෙන්ම MCC ආයතනයේ සභාපති වන මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අපි සැමගේ අවධානයට ලක්වූ දෙයක්. දිනෙන් දින උග්‍ර වන චීන-ඇමරිකා සම්බන්ධතා මධ්‍යයයේ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු සහ චීන තානාපති කාර්යාල ඔවුන්  ශ්‍රී ලංකාව පිලිබඳ දක්වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කෙරෙන අදහස් යුද්ධයකද නියැලී සිටින අතර තුර සිදු වූ මේ සංචාරය ඉන්දියන් සාගර කලාපයේ භූ-දේශපාලන කතිකාවතේ වැදගත් පැතිකඩක් ගෙන හැර පෑවා.  

මයික් පොම්පියෝ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හා පැවැත්වූ සම්මුඛ සාකච්චාවේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිලිබඳ අදහස් දැක්වුවා. 

A) පුද්ගලික අංශයයේ කාර්යභාරය : ඔහුගේ අදහස් දැක්වීම පටන් ගත්තේ (ඉන්දියන් සාගර කලාපයේ/ දකුණු ආසියාව තුල) ඇමරිකාවේ අඩිතාලම නැවතත් ශක්තිමත් කරගැනීමට ඉවහල් වන (ඇමරිකානු) පුද්ගලික අංශයේ බලය පිලිබඳ ප්‍රකාශ කරමින්. පොම්පියෝ කිව්වේ ඒ කාරණය පිලිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉදිරියේදී වැඩකරන්නට ඔවුන් මඟ බලාගෙන සිටින බව. ඔහුට අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති කෝකා කෝලා, ඔරකල්, IBM වැනි ඇමරිකානු කොම්පැනි ඉතාම ඉහල ගනයේ රැකියා උත්පාදනය කරමින් සිටිනවා. පෘතුවියේ ඇති වඩාත්ම විශ්වාසදායිම කොම්පැනි වන්නේ මෙම ඇමරිකානු කොම්පැනි  නිතියානුකුල ලෙස, විනිවිදභාවයකින් යුක්තව වැඩකරන අතර ඔවුන් වැඩකරගෙන යන ප්‍රදේශ වල ජනතාවට සම්පතක් වී තිබෙනවා. යහපාලනය සහ විනිවිදභාවයකින් යුතුව වැඩ කලොත් තව තවත් ඇමරිකානු ආයෝජන මෙහෙට ගෙන්න ගන්න පුළුවන් වෙයි. 

ස්වර්ණවාහිනිය නියෝජනය කල මාධ්‍යවේදිනිය මේ හමුවෙන් ඇමරිකාව ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මොනවාද, MCC, SOFA අත්සන් කරන්නටද යනුවෙන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ තිරසාර සංවර්ධනයට කැප වී සිටින ඇමරිකාව ශ්‍රී ලංකාව සමඟ ඇති අන්නොන්‍ය හර පද්ධතීන් මත ක්‍රියා කරන බවයි. ඇමරිකානු ව්‍යාපාර ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන්නට හැකි බවත් ඔහු පැවසුවා. ශ්‍රී ලංකික ජනතාවට ඔවුන්ගේ ස්වාධිපත්‍යය හා බැඳී අයිතිවාසිකම් අනුව ජීවත් වීමට, එම අයිතිවාසිකම් එදිනෙදා ජීවිතයේදී භුක්ති විදීමට ඇති හැකියාව දියුණු කරන්නට ඇමරිකාව කැපවෙන බව ඔහු පැවසුවා.  

B) චීනය : ප්‍රජතාන්ත්‍රික ඇමරිකානු පැවැත්ම සහ විදේශ ප්‍රතිපත්තිය විස්තර කිරීමට පොම්පියෝ යොදා ගත් උදාහරණය වුයේ චීනයයි. නිදහස්/ විවෘත ඉන්දු-පැසිෆික් සාගර භූ-දේශපාලනයේදී ඇමරිකාවට වැදගත් වන්නේ වඩාත් ස්වාධීන, ශක්තිමත් ශ්‍රී ලංකාවක් බව පවසමින් ඔහු කිව්වේ එය චීනයේ අභිමතාර්ථ වලට වඩා බෙහෙවින් වෙනස් බවයි. අයහපත් ගනුදෙනු, ස්වාධිපත්‍යයට හානි කිරීම, ගොඩබිමේත්, මුහුදේත් කිසිම නීතියක් නැතිව හැසිරෙන චීන කොමියුනිස්ට් පක්ෂය කොල්ලකාරයෙක් බවයි පොම්පියෝ පවසන්නේ. ඇමරිකාව සැම විටම මිතුරෙක්. 

 c) ආරක්ෂක ගිවිසුම්:  වැදගත් මුහුදු මාර්ග විවෘතව තබා ගැනීමට අදාල ආරක්ෂක සහයෝගීතාවය පිලිබඳ පොම්පියෝ කතා කළා. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් වැනි හමුදා විද්‍යාල වල පුහුණුව ලබා දීමත් ඔහු මතු කළා. පාස්කු ප්‍රහාරයට ලක් වුනු සාන්ත අන්තෝනි දේවස්ථානයට තමන් පසුව යන බව පවසමින් පොම්පියෝ කිව්වේ ISIS සහ දුෂ්ට ත්‍රස්තවාදීන් මැඩපවත්වන්නට වැලක්වීමට අවශ්‍ය ආධාර ඇමරිකාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. 

පසුගිය වසරේ අත්සන් කිරීමට යෙදී තිබුණු, තවමත් නිල වශයෙන් ප්‍රතික්ෂේප වී නොමැති MCC ගිවිසුම පිලිබඳ ප්‍රසිද්ධියේ කිසිම මතයක් පල නොවීම විශේෂ තත්වයක්. එසේ නමුත් ඇමරිකානු ආයෝජන, විශේෂයෙන්ම දකුණු අසියා කලාපයේ ඇමරිකාවේ හයිය, සහ ඔවුන්ගේ ග්‍රහණය යලි අත්පත් කරගැනීමට ඇමරිකානු ආයෝජකයින්ට කල හැකි ක්‍රියාකාරකම්  පිලිබඳ අදහස මුලික වශයෙන් මතු කරමින් දැක්වූ අදහස් දැක්වීම පුරාම පොම්පියෝ දැක්වුයේ MCC ගිවිසුමට අදාල සමාන්තර අදහස්. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන තම අදහස් දැක්වීමේදී ප්‍රකාශ කලේ 2021 වසරේ මුල් කාර්තුවේදී ඇමරිකන්-ශ්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා පිලිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවයි. ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කුමන ප්‍රතිපලයක් ඇති වුනත් MCC ගිවිසුම යනු ඇමරිකාව ස්ව-කැමැත්තෙන් ඉවත් කරගන්නට නියමිත් යෝජනාවලියක් නොවේ. 

'අද දෙරණ' සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී මයික් පොම්පියෝ පවසා ඇත්තේ MCC ගිවිසුම පිළිගනිම හෝ ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවේ වගකීම වන බවත් එම්සීසී කියන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන අවස්ථාවලින් එකක් පමණක් බවයි. කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂනය යන ක්ෂේත්‍ර තුලින් ශ්‍රී ලංකාවට වරප්‍රසාද රාශියක් ලබා දිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය. ඒවා එසේ වෙන්නට නම් ශ්‍රී ලංකාව ඇමරිකාව සාධරයෙන් පිළිගනිමත්, නීතිය සහ විනිවිදභාවයකින් යුතුව වැඩ සිදුවීම අවශ්‍යය බවත් ඔහු ඉස්මතු කළේය. වෙනත් රටවල් ආයෝජන ගෙන එන විට ඇමරිකාව මෙන් පුද්ගලික අංශය සමඟ පැමිණ ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.  

පොම්පියෝගේ සංචාරයට පෙර දකුණු සහ මධ්‍යම කලාප බියුරෝවේ ඩීන් තොම්ප්සන් සඳහන් කල ශ්‍රී ලංකාව ගතයුතු  ''අවශ්‍ය නමුත් අමාරු තීරණ'' මොනවාදැයි පොම්පියෝගෙන් විමසු විට ඔහු පැවසුයේ ශ්‍රී ලංකාව කල යුත්තේ කුමක්දැයි ඔහු හොඳාකාරව දන්නා නමුත් අවශ්‍යය මොනවාදැයි ශ්‍රී ලංකා ජනතාව සහ ශ්‍රී ලංකාවේ නායකත්වය වෙතින් ඉදිරිපත් වීම වැදගත් බවයි. ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත උසස් කිරීමට ඇමරිකාවට කල හැකි දෑ පිලිබඳ යෝජනා පිලිබඳ තීරණ ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.  සෑම රටක්ම තෝරාගැනීම් කරන බවත්, එම තෝරාගැනීම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද, නිදහසද යන්න බවත් පෙන්වා දෙමින් ඔහු යලි යලිත් කිවේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම තෝරාගැනීම කරනු ඇති බවට ඔහුට විශ්වාසයක් ඇති බවයි. 

අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළෙඳපල ක්‍රියාකාරකම් මුලික නිදහසේ සීමා මායිම් අත්දකිමින් සිටින අවධියක ඇමරිකාව නැවතත් යෝජනා කරමින් සිටින්නේ පරණ සමාජ කොන්ත්‍රාත්තුව අලුත් කරන ලෙසයි. කෝවිඞ්-19 වසංගතය අභිමුඛව රජය ඉදිරිපත් කල දේශීය ආර්ථිකය පිලිබඳ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය මිනිසුන්-පරිසරය මුලික වූ  අනාගතවාදී දැක්මක් නොමැති කමින් හා ජරාජීර්ණ වී ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් අනතුරේ හෙලමින් විසි වෙනි සංශෝධනය සම්මත කරගැනීම යන කරනා ඔස්සේ අපට පෙනෙන්නේ 'දේශීය ආර්ථිකය', 'සංවර්ධනය', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'නිදහස' හිස් වචන ලෙස පවත්වා ගෙන යෑම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි. ආණ්ඩුව පුන පුනා කියන ‘නොබැඳි විදේශ ප්‍රතිපත්තිය‘ තවත් හිස් වචනයක් පමණක් බවත් පොම්පියෝ හා දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය සකච්චවා අවසානයේදී දිනේෂ් ගුණවර්ධන විසින් ඔප්පු කළේය. 

දැඩි ලෙස චීනය විවේචනය කරමින් පොම්පියෝ අදහස් දැක්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා වලට බලපෑමක් විය හැකි ඉන්දියන් සාගර කලාපයේ වඩාත් ක්‍රියාශීලි ඇමරිකානු මැදිහත්වීමක් තුලින් ශ්‍රී ලංකාව සහ ඇමරිකානු සබදතා වැඩි දියුණු වීම පිලිබඳ චීන මාධ්‍යවේදිනියක් දිනේෂ් ගුණවර්ධනගෙන් අදහස් විමසු විට ඔහු පැවසුවේ ශ්‍රී ලංකා-ඇමරිකානු සම්බන්ධයට අවුරුදු 72ක් බවත්, තවත් බොහෝ ඇමරිකානු නායකයින් ශ්‍රී ලංකාවට අනාගතයේ පැමිණෙනු ඇති බවත්ය. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ සාමයට ලැදි රටක් වශයෙන් ඇමරිකාව සමඟත් අනෙකුත් රටවල් සමඟත් සම්බන්ධතා පවත්වාගෙන යන බව තමයි ඔහු අවසාන වශයෙන් කිව්වේ. වාමාංශික ඉතිහාසයක් ඇති, ජාතිවාදී නැඹුරුවක් ඇති දිනේෂ් ගුණවර්ධනට චීනයේ නම කියා ගන්නට බැරි වීම ශ්‍රී ලංකාව කටින් විතරක් කියාපාන නොබැඳි පිළිවෙත හොදින් පිළිබිඹු කරයි. ප්‍රතිපත්තියක් නොමැති කම නොබැඳි පිළිවෙත නොවන බව නොබැඳි ප්‍රතිපත්තිය නිරීක්ෂණයෙන් පෙනෙනවා. දිනේෂ්ට චීනයේ නම සඳහන් කිරීමට නොහැකි වීම ඇමරිකාව ඉදිරිපත් කරන තෝරාගැනීම කොතරම් බැරෑරුම් තෝරාගැනීමක්ද, එය කිරීමට ගෝටාභය-මහින්ද ආණ්ඩුවට හැකිද යන්න පිළිබඳවත් ඉඟි පල කෙරෙනවා.   

MCC ගිවිසුමට විරුද්ධව ජනප්‍රිය මත ප්‍රකාශ කර අය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හවුල් කාරයින්ව සිටීමෙන් ඵක්‍ක්‍ වැනි හානිකර ගිවිසුමක් කිසිම විරෝධයක් නොමැතිව ක්‍රියාත්මක වීම වැඩකරන ජනතාව ලෙස අපි මුහුණ දෙමින් සිටින තර්ජනයක්. පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය තුලින් එලි වෙන ශ්‍රී ලංකා ආණ්ඩුවේ දියාරු වැඩපිළිවෙල තුලින් වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති, ගොවියන්, ධීවරයින්, කාන්තා නිෂ්පාදකයින් සහ ශිෂ්‍යයින්ගේ පුළුල් දේශපාලන පෙරමුණක දැඩි අවශ්‍යයතාවය ප්‍රකාශ කෙරෙනවා.



Comments

Popular posts from this blog

ගෝලීයකරණය ගැන මායාවල් එපා (2) - සමීර් අමීන්

න ව ලිබරල් ගෝලීයකරණය නිසා ඇති වී තිබෙන ඉතාම වැදගත්, ඒ වගේම තැති ගන්වන සුලු ප්‍රවණතාවයක් තමයි ඉතිහාසයේ පෙර නුවූ විරූ ලෙස අසමානතා වර්ධනය වීම. තෝමස් පිකටි බඳු ආර්ථික විද්‍යාඥයන් හා තවත් අය මෙම ප්‍රශ්නයේ බරපතලකම ආනුභූතික දත්ත අනුසාරයෙන් පෙන්වා දී තිබෙනවා. මෙම අසමානතාවය පාලනය කරන්ට නම්, ගෝලීය ධන බද්දක් හෝ අනුක්‍රමික බදු ක්‍රමයක් අවශ්‍ය බව පිකටි කියනවා. මේ විසඳුම ධනවාදය තුල සාක්ෂාත් කරගත හැකි යැයි ඔබ සිතනවාද? මේ දත්ත නිවැරදියි. අඩුම තරමින් සොයාගත හැකි හොඳම දත්ත තමයි මේ. එහෙත් මේ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණය, පසුගිය වසර පනහක කාලය තුල අසමානතාවය වර්ධනය වීම සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරීම දුර්වලයි. හැම තැනම අසමානතාවය වර්ධනය වන්නේ ඇයි? ඊට හේතුවක් තිබේද? හැම රටකම අසමානතාවය වර්ධනය වී තිබෙන්නේ ඒකාකාර ලෙසටද? රටාවන්ගේ වෙනසක් වේ නම්, ඊට හේතුව කුමක්ද? උදාහරණයක් ලෙස පිකටි ඇතුලු අනෙක් අය තුන්වන ලෝකයේ අසමානතාවය වැඩිවීම පිලිබඳ ඉදිරිපත් කරන විශ්ලේෂණය තුල එක් වැදගත් වෙනසක් ආමන්ත්‍රණය වෙලා නැහැ. ඒ තමයි අසමානතාවය වැඩිවීම සමග සමස්ත ජනගහණයේ ආදායම ඉහල යාමේ තත්වය සහ ජනගහණයේ බහුතරය දුගීභාවයට පත්වීම සමග අසමානතාවය ඉහල යා

මම ඉල්ලා අස් නොවෙමි! : සැල්වදෝර් අයියන්දේ

  1970 දී මහජන ඡන්දයෙන් චිලි දේශයේ බලයට ආ සැල්වදෝර් අයියන්දේ එවකට ලෝකයේ සමාජවාදී ව්‍යාපාර අතර උත්තේජනයක් ඇති කලේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය ගැනීම වියහැකියාවක් බවට උදාහරණයක් සැපයූ නිසාය. ඔහු දියත් කල සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා බලපෑමට ලක්වූ චිලියේ විවිධ දක්ෂිණාංශික බලවේග ඇමරිකානු එක්සත් ජනපදයේ සෘජු සහයෝගය සහිතව කල හමුදා කුමන්ත්‍රණයක් තුලින් 1973 සැප්තැම්බර් 11 වනදා අයියන්දේව බලයෙන් පහ කොට අපකීර්තිමත් ඒකාධිපතියෙක් වන ඔගස්ටෝ පිනොශේව බලයේ පිහිටවූයේය. තමා මරා දැමීමට මොහොතකට පෙර, සැල්වදෝර් අයියන්දේ ජාතිය අමතා කල කථාවේ සිංහල අනුවාදය පහත පල වේ.                                                                                      *** මිත්‍රවරුනි, මේ මා ඔබ අමතන අවසාන අවස්ථාවය. ආරංචි වන අන්දමට මේ වනවිට ගුවන් හමුදාව රේඩියෝ පොර්ටාලේස් හා රේඩියෝ කොර්පොරාසියොන් යන ගුවන් විදුලි මධ්‍යස්ථාන කුලුනුවලට බෝම්බ හෙලා තිබේ.  මගේ වචනවල ගැබ් වී තිබෙන්නේ අමිහිරිබවක් නොව අතිමහත් කනගාටුවකි. ස්වකීය ප්‍රතිඥාව පාවා දුන් සියලු දෙනාට, චිලී දේශයේ සොල්දාදුවන්, හමුදාවල ප්‍රධානීන් ලෙස කටයුතු කල යුතුව තිබූ අය - නා

මොකක්ද අපි කරන්නෙ?

තු න්වන ලෝකයේ රටවල - එහෙම නැතිනම් බටහිර න‍ොවන සමාජවල දේශපාලන ක්‍රියාධරයන්, න්‍යායවේදීන් විසින් වාමාංශික හා ප්‍රගතිශීලී සාහිත්‍යයට කල; තවමත් සිදුකරන විශාල දායකත්වයක් තිබෙනවා. යුරෝපීය චින්තකයින්ගේ අදහස් ලංකාවේ සෑහෙන තරම් ප්‍රචලිත වී තිබෙන නමුත්, අපි හිතන විධිහට ගෝලීය දකුණේ වාමාංශික බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කොට තිබෙන වි‍ශ්ලේෂණ සහ අදහස් ඒ තරම්ම සැලකිල්ලට ලක්වී නැහැ. තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්නවල යම් සුවිශේෂීත්වයක් තිබෙන බවට වූ කරුණ සලකා බැලුවහම - මෙන්න මේ සාපේක්ෂ නොසැලකිල්ල එක්තරා විධිහක අඩුවක්.  මේ අවකාශය වෙන් වෙන්නේ බටහිර නොවන සමාජවල වාමාංශික න්‍යායවේදීන් හා ක්‍රියාධරයින් සමකාලීනව ඉදිරිපත් කරනු ලබන ඇතැම් අදහස් සිංහල භාෂාවෙන් ගෙන ඒම වෙනුවෙන්. මේ සඳහා ආරම්භයක් ලෙස, මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය තුලත් යම් උනුසුමක් ඇති කිරීමට හේතු වී තිබෙන චීනයේ භූමිකාව සම්බන්ධයෙන් වෝල්ඩන් බෙලෝ නමැති පිලිපීන ජාතික සමාජ ක්‍රියාකාරිකයා / ශාස්ත්‍රඥයා විසින් රචිත China: an Imperial Power in the Image of the West? (චීනය බටහිර හා සමාන අධිරාජ්‍යවාදී බලවේගයක්ද?) නමැති පොත් පිංච සිංහලට පරිවර්ත