138. පොඩි අවුලක් වෙලා ඇත . . . ! THATTAYAGEKOLAMA Teepee The camp site - හක්බෙල්ලාවකදා "මැකීගිය රේල් මග" ඔස්සේ ගිය කණ්ඩායම සමග අළුත් කයාකයේ!ම විසින් ලියා පල කල 137 වන මෙන්ම කළු ගන්න්ග දිගේ කල සංචාරයේ තෙවන දිග හැරුම පසුගිය අප්‍රේල් මස 29 වන දින ලියා පල කලෙමි.එහෙත් කුමන හෝ කාර්මික දෝෂයක් කරණ කොට ගෙන එය මාතලන් සින්ඩියේ වත් අටම් පහුරේ වත් දක්නට නොලැඹුනි.මෙනිසා මම මේ මගේ ආදරණීය පාඨකයින් ...
137. කළු ගඟදිගේ . . 3 . .! THATTAYAGEKOLAMA "මහවැලි, කැළණි, වලවේ, කළු යන ගංගා . . ." කියා කට පාඩම් කලාට මේ කවියට ඔරිජිනල්ම ගැලපීම දක්වන්නේ කළු ගඟ පමණි!අවසන් මොහොතේ ගමනට එක්වූ නිෂ්ඵල ඡායාරූප ශිල්පියාගේ තෙවන ඇස !මහවැළි තරණය වන විට මා සතුව තිබුනේ එක් කයාකයක් පමණි. එය මොරටුවේ දනූශා මැරයින් { මේක මැරීන් නොවී මැරයින් උනේ; මේක මට විකුණන කොට කල වංචාව නිසා බව සළකන්න! (මේ ගැන ...
136. ජාතිය රණ් විමනක් වේ ! THATTAYAGEKOLAMA සියළුම මිනිසුන් හොමෝ සෙෆියන්ස් සෙෆියන්ස් වූවාට එක් එක් ප්‍රභේධයන් ගේ සමේ වර්ණය, භාහිර ස්වරූපය, කථා කරණ භාෂාව වැනි කරුණු මත පිහිටා එක් එක් ජාතීන් බිහිවී ඇත.මෙයට; පොදු ඉතිහාසයක්, භූමි ප්‍රදේශයක්, සංස්කෘථියක්, සිරිත් විරිත්, ගති පැවතුම් වැනි බොහෝ සමාන ලක්ෂණ එක් විය හැක.කිසිවෙකු මොන යම් ආකාරයක වෙහෙසක් ගත්තද ජාතීන් අතර එකිනෙකාට ඇති අනන්‍යතාවය නැතිකල නොහැක. එසේම එසේ කිරීමට කිසිවෙකුට හෝ සාධාරණ ...
135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . ! THATTAYAGEKOLAMA මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා වෙහෙසක් විනා මෙහි කිසියම් හෝ හරයක් නොමැත!ප්‍රවෘථි හෙවත් නිව්ස් ලියනා ක්‍රම වේධ දෙකක් වේ.1. ආවෘථ පිරමීඩ න්‍යාය.2. අනුපිළිවෙල න්‍යාය.මම මේ ලියන්නේ ඉන් එකකටවත් අදාල නොවන මගේම න්‍යායකින් ය. එනම් "අපිළිවෙල න්‍යායයෙන්" ය! එනිසාම මෙහි එන ...
134. ඇත්තටම මේක මහ පුදුම රටක් . . . ! THATTAYAGEKOLAMA උදේ වැඩට ආවේ මරණවා වගේ. ඉරිදානේ.ඇමතුමක් කැන්ගරු දේශෙන් වසිකගෙන්"තාත්ති මොනවා හරි බෝම්බ සීන් එකක්ද?""කවුද කියන්නේ?""මට මාලිංග කිව්වේ!" මාලිංග වසිකගේ පාසැලේ මිත්‍රයෙක්. දැනට ඉන්නේ ඉන්දියාවේ."ඉන්න මම බලන්නම්!"මේ උදේ 9.45 ටවිස්තරේ ගොඩින් දැනගත්තේ කොච්චිකඩේ පල්ලියටයි කටානෙ පල්ලියකටයි බෝම්බ ගහලා කියලා."අනේ දෙයියනේ මේවාට සිංහල බෞද්ධයන් ගෑවිලා ද?" මම මගෙන්ම අසා ගත්තා. කවුද අපෙ මිත්රයින් ඉන්නේ පාස්කු දවසේ පල්ලි යන?රිද්මිකා ඩෙප්!?9.47 ගත්තා ඇමතුම් දෙකක් ...
133. පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ! THATTAYAGEKOLAMA මට නෙමෙයි, මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්.. කලිනුත් සල්ලි එකතු කරා නේද?? ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! ඒත් පොඩි ප්‍රශ්නයක් ...
132. ඇන් ඇක්සිඩන්ට් . ! THATTAYAGEKOLAMA හරි හරි බං ඇක්සිඩන්ට් තමයි! ඉස්සරහට "An" තියෙනවද බලපං?අපි ඉගෙන ගත් ඉංග්‍රීසි පොතේ "An Accident" නමින් පාඩමක් විය. අපිට ඉංග්‍රීසි උගැන්වූ ගුරුතුමිය අපිට කීවේ එකෙක් දෙන්නෙක් මහ පාර මැද මැරුණත් ඉස්සරහට "An" නැත්නම් ඒක Accident එකක් නොවන්නේය කියාය. ඒ ඇක්සිඩන්ට් වල හැටි නොව වවල්ස් නොහොත් ස්වර වල හැටිය. ස්වර කියූ සැනින් මතක් වෙන්නේ සප්තකය ය. එක් පාසලක සිටි ගුරුවරියක් වූ ...
131. කළු ගඟ දිගේ . . . . 2 THATTAYAGEKOLAMA චීනයේ කඳුළු ගඟ - හ්වැං හෝ නදිය මෙන් සැමදා පඬු වන්වඉල්ලම් පස් හේදීමෙන් කහට ගැන්වුනු කළු ගඟමුල් කොටස ඉතින් . . . . . . .!ඔව්! කයාකින් නැත්නම් කයාක් පැදීම සඳහා ගංගාවක් තෝරා ගැනීමත් තරමක වැඩක්!1. ගඟේ කිසියම් ගලායාමක් තිබිය යුතුයි.ඇයි එහෙම නැති ගංඟාවලුත් තියෙනවාද?එක තැන පල් වෙන යල්පිනූ දෙශපාලන පක්ෂයක් සේ හරිත පැහ ගැන්වුනු දිය.ඔව් ලංකාවේ දිගින් දෙවන ස්ථානය ...
130. වැඩ බිම THATTAYAGEKOLAMA උදේ නො එති දවල්ට එති පොතේ ලියති අට ම දාති කහට ගසති බුලත් හපති බීඩි උරති ඕමි ගසති රේස් දමති හවස නාති ගෙදර දුවති පිකට් කරති පඩි ඉල්ලති
129. කළු ගඟ දිගේ . . . . . . ! THATTAYAGEKOLAMA 1870 දී කළු ගඟ - රත්නපුර "තල් අරණ . . . !" නිමා වූයේ තරමක දුකකුත් සිතට එක් කරමින්.ජීවිතේට ආසාවට අකුරු 5 ක් කොටලා කොමෙන්ට් නොකලාට හමූනාම එහෙම නැත්නම් දූරකථනයෙන් අමතා "මොනවද මේ ලියන මගුල් . . ?" කියා ඇඟේ වදින්න කමෙන්ට් කරණ එවුන් දෙතුන් දෙනා කිව්වෙත් "උඹේ ඇඩ්වෙන්චර් එක පට්ට ට්‍රැජඩියක්නෙ බං !" කියලා. (ඇනෝපිලිස්ද දැන් ටික කලක සිට ...
128. සයිකලයෙන් තල් අරණට ම . . .10 THATTAYAGEKOLAMA පෙ.ව 7.15 දිනය පටන් ගෙන. නිල් අහස් කුස තුල ඉන්ද්‍රඛීලයක්සේ නැගිට ගත් තල් අරණ එදින වැසි මන්දාරමකින් යාපන අර්ධද්වීපය වැසුනු දිනයකි. ප්‍රේමසර ඈපාසිංහයන් කියන්නාසේ "ක්‍රීඩාවට උචිත කාලගුණයක් " පැවතුනි. ඒ ක්‍රිකට් ක්‍රීඩාවට නොව සයිකල් පැදීමටය. අප මද විරාමයක් ගනු පිණිස බෝක්කු ගල මත වාඩි උනෙමු. ඒ අනෙකක් නොව; මා ට්රැක්ටරය පසුපස හඹා'විත් නැවතුනු ස්ථානයේය. එතැනට ආසන්නව බස් නැවතුමක් විය. එතැන ...
127. බිග් මැච් . . . .! THATTAYAGEKOLAMA බෝල ඇල්ලිල්ලකට එහා ගිය ක්‍රිකට් පාඨකපාඨිකාවන් තල් අරණට යන්නබලා සිටින මොහොතක "ඒක තමයි මේක" කියමින් වෙනත් වෙනත් දේ ලිවීම ගැනමල පැන බලා සිටිනාබව දැන දැනත් මේපෝස්ට් එක කල් ගියහොත්මෙය තවත් "දෙසැම්බරයේ පවත්වන "බක් මහ සැණකෙළියක්" බවට පත්වීම නොවැලැක් වියහැකි වන නිසා මේකයිවාරුව අදම ගසමු! මේ ලියන මම දැන්වසර ගනනාවකින්ම බිග් මැච් එකක්බලා නොමැත. විවිධ විවිධ බාදක මතුවී මොනයම් හේතුවක් ...
126. පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .! THATTAYAGEKOLAMA මාර්තු 2-3 යෙදී ඇති 90 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙනි ! නාලන්දාව ! නාලන්දාව !වර්ෂය1965 විය ~ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ විද්‍යාලයයන් ගෙන් එකක් වූ නාලන්දාව පිහිටුවා ඒ වන විටත් දශක හතරකට ආසන්න කාලයක් එළඹ තිබුනි. කුමණ හෝ දුර්භාග්‍ය සම්පන්න හේතූන්මත නාලන්දාවේ ගුරුවරුණ් අතර මේ කියන කාලය වන විට කිසියම් ආකාරයක කල්ලි වාදී ස්වරූපයක් නිර්මාණය ...
125. සැඟව ගිය දින . . . . ! THATTAYAGEKOLAMA ලියන්නට සිතෙහි වී මැකී ගිය කවිය සේ . . . . . . . . . ; මතකයක මතකයක් පමණි එය නෑ සිතේ . . . . . . . . . ! සඳ සොඳුරු බව දුටිමි සැඟව ගිය පසු නුබේ . . . . . . . . ! මිහිරි නද ඇසෙනු ඇත බිඳුනු වීනා තතේ . . ...
123. දළ රළ මැද.........! THATTAYAGEKOLAMA නැගෙන දිය සුළි තරග නංවා දිවි ගමන බිහිසුනු කරයි රැගෙන සිය දිවි පමනකුදු නොව සිය පතද ගෙන පාව යයි දැනෙන පිය සෙනෙහසද ගුලි කොට දියඹ හා නිති පොර බදයි වැනෙන කුඹ ගස රුවල එක්කොට කෙම් බිමට යන මං සොයයි දිවිය ...
122. අතර මග . . . ! THATTAYAGEKOLAMA මාගේ ලොරි පොඩ්ඩා පසුගියකාලය පුරාවට මා කාලය ගතකලේමාගේ ලොරි පොඩ්ඩා නොහොත්ට්රක් රිය ගොඩදා ගැනීමටය. පලමුව මා එහි සවිකොටතිබූ වේග හතරේ ගියරපෙට්ටිය ගලවා ඒ වෙනුවටවේග පහේ; තේරෙණ සිංහලෙන්කියනවානම් 5 ස්පීඩ් ගියර පෙටියක් සවිකිරීමය. එයට අඩු වැඩියලෙස ක්ල්ච් ප්ලේට් හා ප්රෙෂර්ප්ලේට් ද අතුරු පසලෙස සැපයීමි. එම ගියර පෙට්ටියතිබුනු එකට වඩා සෙන්ටිමීටර 10 ක් දිගින් වැඩිනිසා එයට ගැල පෙන්නටපසුපස අවර පෙති කඳහෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ට් ...
121. සයිකලයෙන් තල් අරණට . . . . 9 THATTAYAGEKOLAMA සියල් සතහට සෙවන සදමින් - නොවේ වෙනසක් ජාති ආගම් දකුණින් ආවත් උතුරේ සිටියත් ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය. මාර්ගයට සාපේක්ෂව තරමක උස් බිමක එය පිහිටා තිබුනේය.අපගේ කාමරය තිබුනේ එහි වම්පස කොටසේය. ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය. අපට ලැබී තිබුනේ කොරිඩෝරයකට මුහුන ලා; මුල් ...
119. මතකය . . ! THATTAYAGEKOLAMA ජීවිතය මොනතරම් සුන්දරැයි නොසිතුවෙමි ඔබ දකින තුරා ආදරය මෙතරම් සුන්දරැයි නොදන්නෙමි ඔබ දකින තුරා තෙමුණු තණ පියලි මත ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා ඒවා එතරම් සුමුදු යැයි නොදැනුනි ඔබ දකින තුරා මල් ගැවසි වන පෙත්හි ගැවසී ඇතිමුත් දවස් පුරා ඒවා එතරම් සුවඳ දැයි නොදැනුනි ඔබ දකින තුරා ජීවිතය මොනතරම් සුන්දරැයි නොසිතුවෙමි ඔබ දකින තුරා ආදරය මෙතරම් සුන්දරැයි නොදන්නෙමි ඔබ ...
118. සයිකලයෙන් තල් අරණට . . . . 8 THATTAYAGEKOLAMA චෙච්නියාවට ගිය සතුටට නොදෙවෙනි සතුටක් - වව්නියාව! අප මේ වන විට කිලෝ මීටර 200 සීමාව පසු කර තිබුනි! දළ වශයෙන් කිලෝ මීටර 240 කට ආසන්න දුරක් ගමන් කොට තිබුනත්; ගමනේ අවසානය කෙළවර වන්නේ යාපනයෙන් බව හිතට දැනෙන්නේ වව්නියාවේ මෙම කොන්ක්‍රීට් තොරණෙන් ඇතුළු වීමත් සමගය.විශේෂ අනුහසක් හෝ වෙනයම් ආශ්චර්යයක් එහි නැතත් එම තොරණින් ඇතුළුවෙන්නේ අළුත් පලාතකට වෙනත් දේශයකට බවක් දැනෙයි. ...
117. පුලතිසිපුර ටිකිරි මොළේ ! THATTAYAGEKOLAMA ඡන්දයෙන් වෙනසක් කල හැකි වේනම් කිසිදා එය ඔවුන් අපට භාවිතා කරන්නට ඉඩ තබන්නේ නැත! (ඊයේ මහ රාත්තිරියේ මධුශාන් ව පොළොන්නරු යන්නට නිදිමරගාතේ අක්කරපත්තුව බස් එකකට ගොඩකරණ්නට එන ගම ඔහු විසින් උපුටා දක්වන ලදී.) ඊයෙහවස හරි අපූරු වැඩක් සිදු වූවේය. ඒ මේ රටම දන්නා ඒත් මා එතෙක් නොදන්නා ආරංචියක් කිලෝමීටර 8000 ක් එහා සිටි වසික කථා කොට මගෙන් ඇසීමය.ඔහු ඇසූ වගන්තියේ ප්‍රශ්ණාර්ත ලකුණට ආසන්න වචන තුන වූයේ "එහෙම වෙන්න පුළුවන්ද?" කියාය. ඇත්තටම"එහෙම වෙන්න පුළුවන්ද?" කියා අප කොරවී සිටියාට ...