252. සිරිල්ලා සමග සියල්ල THATTAYAGEKOLAMA හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ...
251. සෙනෙහෙබරව යෝජනා කර සිටින වග නම් . . . ! THATTAYAGEKOLAMA මීට කලකට පෙර පුවත් පත් වලින් කියැවූ දේ ඇසූවේ රෙඩියෝවේ පිහිටෙනි. පොලෙන්; ගෙදර ගෙන ආ කවි කොලයක් ගෙදරටම ඇසෙන්නට මහ හඬින් කියැවූයේ පැල් කවි කරත්ත කවි පාරු කවි පතල් කවි ඇසෙන කාලය වියැකී යද්දීමය! රට තොට විස්තර දැන ගත්තේ පත්තර වලිනි. ගමේ පංසලේ, ටීටර් මඩුවේ රඟ දැක්වුනු නෘත්‍ය වල ගීත අසන්නට හැකි මෙවලමක් ලෙස රේඩියෝව රටට ආවේය! රටේ තොටේ සිදුවන ...
250. සිරිබිරිස්ගේ ලංකාවතරණය! THATTAYAGEKOLAMA සිරිබිරිස් යනු කැමිලස් පෙරෙරාගේ පුත්‍රයෙකි. කැමිලස් යනු ලංකාවේ නොම්මර එකේ කාටූන්; මැව්වෙකි. කැමිලස්ගේ පලවෙනි කාටූන් චරිතය වන්නේ 1966 දී ලේක් හවුස් සඟරාවක් මත පන පෙවුනු "දැක්කොත් පත්මාවතී" ය. කැමිලස්ගේ කවුරුත් දන්නා පුත්‍ර රත්නය "ගජමෑන්" වන අතර ඔහු උපත ලබන්නේ 1972 වසරේ "සතුට"; ලංකාවේ ප්‍රථම චිත්‍ර කථා පුවත්පත සමගය. පසුව මෙරට දිග් විජය කල; චින්තන ජයසේනයන්ගේ "සිත්තර" 1975 ඇරඹීමත් සමග ...
249. මිතුරු හමුවක මතකය THATTAYAGEKOLAMA පසුගිය අගෝස්තුවේ මැද මා ඕස්ට්‍රේලියාවට ලඟා උනෙමි. ඒ එරටට දැඩි ශීත කාලගුණයක් තිබුනු අවධිය විය. මාසයක කාලයක් දුවා දරුවන් හා බිරිඳ සමග ගතකල මා එරට සිටින අපගේ මිතුරන් ඇමතීමට පටන් ගත්තේ ඉක්බිතිවය. පලමු ඇමතීම වින්ද්‍යා සේනාධීර වෙතය!"ඇයි බං ආපු ගමන් කතා නොකලේ?"මට උත්තර නැත. ටික දිනක් ගෙවීයද්දී එක් සවසක මාගේ පුතු නිවෙසට පැමිණියේ පණිවිඩයක්ද රැගෙනය."අන්න සේනාධීර අංකල් කථා කරලා කිව්වා ...
248. මව්බිම වටා සයිකලයෙන් . . . 9 THATTAYAGEKOLAMA මුලතිව් සිට පේදුරුතුඩුව, කන්කසන්තුරය හරහා යාපනයට. 244. මව්බිම වටා සයිකලයෙන් . . . 82022/04/16මුලතිව් නගරයෙදී හමුවූ මිතුරු මිතුරියන් නොවන්නට එම සැඳෑව මහ පාළු එකක් වීමට බොහෝ ඉඩ තිබිනි. මන්ද සිංහල දෙමළ අළුත් අවුරුද්ද විසින් මුලතිව් නගරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ජවය මුළුමණින්ම නිවා දමා තිබුනි.මුලතිව් නගරය කීවාට එහි බස් නැවතුම් පොලක් හෝ හරියාකාරව තිබුනේ නැත.එසෙම කෑමට හරියමං කඩයක් තිබුනේ නැත්තේ එදින මත ...
247. අයියා . . ! THATTAYAGEKOLAMA අයියා ගැන මගේ මතකයට එන්නේ පාඩම් පොතක එන එක් "අයියා" නමැති කථාවක් සහ නවයුගය පත්තරේ පලවූ "දෙවියන්ගේ දානේ" නමැති කෙටි කථාවක් සමගින්.මින් "අයියා" නමැති කෙටි කථාව කියැවෙන්නේ මල්ලී කෙනෙකු විසින්. අයියාගෙ ස්වාධීන ජීවිතය; තමාගේ කෙළිලොල් ජීවිතය සමග ගලපාගන්නට යන මල්ලී බොහෝ විට අයියා සමග ගැටේ. අවසානයේ එක් වෙසක් උත්සවයක් සඳහා අයියා විසින් සාදනු ලබන විශාල වෙසක් කූඩුව දැල්වීමට යද්දී මල්ලීගේ ...
246. පද්මන් වන්නිආරච්චි THATTAYAGEKOLAMA මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවයට ගියේ අදින් වසර 13 කට පමණ පෙර යැයි මාහට සිතේ . ඊට වැඩි මිසක් අඩුවක් නම් වන්නට ඉඩක් නැත. පලමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කුමාර් එදිරිසිංහ මහත්තයයි චන්දිම කුරුප්පු හෙවත් චන්දිම අයියයි ඉදිරියේ. ඥානරත්න මහත්තයත් හිටියාද මංදා! ඒ කාලේ කුමාර් එදිරිසිංහ මහත්තයයි ඥාන රත්න මහත්තයයි දෙන්නා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වරුන් හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් AGM ...
244. මව්බිම වටා සයිකලයෙන් . . . 8 THATTAYAGEKOLAMA 243. මව්බිම වටා සයිකලයෙන් . . . 72022/04/15අද දිනයේ අපගේ ගමනාන්තය විය යුත්තේ මුලතිව් නගරයයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් නගරයට කිලෝමීටර 117 ක් පෙන්නුම් කරයි. මාගේ ජීවිත කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමන් කොට ඇති උපරිම දුර වන්නේ පුල්මුඩේ නගරය වෙත පමණි. මුලතිව් පිහිටා ඇත්තේ පුල්මුඩේ සිට තවත් කිලෝමීටර 63ක් ඔබ්බෙනි. සාපේක්ෂව අද දින අපට පැදිය යුතු දුර ප්‍රමාණය අවමයකි. පසු ගිය ...
243. මව්බිම වටා සයිකලයෙන් . . . 7 THATTAYAGEKOLAMA 242. මව්බිම වටා සයිකලයෙන් . . . 62022/04/14අද දිනයේ විඳින්නට ඇති මග!පෙර දින රාත්‍රිය ගත කල ආකාරය පිළිබඳව විනා එහි නමක් ගමක් පිළිබඳව මතකයක්; උදෑසන ඉන් පිටත්වන්නට සූදානම් වෙද්දීවත් නොතිබුනි. එහෙත්; විශාල පැල පොල් යායක් මැද පිහිටා තිබුනු කුඩා නවාතැන් පොල කුමක්දැයි නිවැරදිව දැනගත්තේ සීමා මායිම තුලින් එළියට පැමිණ ආපසු හැරී බැලූ විටය. එය නමින් Ovia Resort විය. ඒ පිළිබඳව ...
242. මව්බිම වටා සයිකලයෙන් . . . 6 THATTAYAGEKOLAMA 241. මව්බිම වටා සයිකලයෙන් . . . 5 2022/04/13"රූපයක් වචන දහසක් අමතයි!" අමතයි යනු පිළිගත් අදහසකි. සමහර විට මෙය වඩාත් වලංගුවන්නේ අප වැනි ලියන්නන්හට විය යුතුය. මන්ද; ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකථා සියල්ල වචන ගෙත්තම් විනා චිත්‍ර කථා නොවේ! එහෙත් මම මෙම ලිපි පෙල ඇරඹුමේ සිට සිතියම්, පිංතූර පමණක් නොව එම චාරිකාව සමග සමාන්තරව දිවුනු WhatsApp කථිකාවද මෙයට එක් කොට ගැට ගසා ...
242. SHE . . . . ! THATTAYAGEKOLAMA නුවර එළියේ ග්‍රෙගරි වැව වටා: කල්මලී ඇය සමග!SHE යනු එච් රයිඩර් හැගාර්ඩ් ශූරීන් විසින් රචිත නවකථාවකි එය පසු කලෙක "අයේෂා" නමින් සිංහල බසට පෙරැලුනු අතර මා ජීවිතයේ "නවකථා පොතක්" ලෙස දුටු පලමු පොත එය විය. එහි කෙළවර දුක්ඛාන්තයක් බව යාන්තමට මට මතකය. සත්තකින්ම මේ කියන්නට යන්නේ SHE ගැන නොව "ඇය" ගැනය!ඇය ජීවිතයේ මා ලද හොඳම ගමන් සගයා වූවාය. කිලෝ මීටර ...
241. මව්බිම වටා සයිකලයෙන් . . . 5 THATTAYAGEKOLAMA 240. මව්බිම වටා සයිකලයෙන් . . . 4 2022/04/12අපි අපගේ චාරිකාව පිටත් වූයේ කඩවතිනි. එතැනින් පෑලියගොඩ, බේස්ලයින් පාර හරහා බොරැල්ල - සේනානායක හංදිය, තුම්මුල්ල, ඩුප්ලිකේශන් පාර ඔස්සේ වැල්ලවත්ත එතැනින් මොරටුව, පානදුර, කළුතර, අළුත්ගම, ඉඳුරුව, ගාල්ල, අහංගම දක්වා පලමු දිනයේ පැමිණියෝය. පසුදින අහංගමෙන් පිටත්වූ අප වැලිගම, මාතර, දෙවුන්දර, දික්වැල්ල, තංගල්ල, අම්බලන්තොට පසුකොට හම්බන්තොටටත් එතැනින් වීරවිල හරහා තිස්සමහාරාමයටත් ලඟා වුනෙමු. අද දින ...
240. මව්බිම වටා සයිකලයෙන් . . . 4 THATTAYAGEKOLAMA රාත්‍රිය හොඳ නින්දක් ගෙනා නමුත් පාගේ පාදයේ ආබාධය සුවවී නොතිබුනි. පෙර දින පුරා තෙමෙමින් ගමන් ගත් අපගේ ඇඳුම් කැඩුම් ආයිත්තම් සියල්ල තෙත බරිත වී තිබූයෙන් ඒවා සියල්ල කාමරය පුරා එළා තිබුනු අතර උදෑසන වන විට අපගේ බඩු බාහිරාදිය බොහෝ සෙයින් වියළී තිබුනි. උදෑසන අවට පරිසරයට ඉවකොට බැලූ අපහට අද දිනයද "ස්නානය" සඳහා වෙන්වී ඇති බව දැනෙන්නට විය! මෙම ඉසව්ව යෙදෙන ...
239 කල් බැලීම! THATTAYAGEKOLAMA මිත්‍ර වරුනි;අද වන විට අප සියළු දෙනාම අපගේ ජීවිත කාලතුල පමණක් නොව අත්ත මුත්තා කාලයේදිවත් මුහුණ දීමට සිදු නොවූ තරම් භයානක කාල පරිච්ඡේදයකට මුහුණ පා සිටින්නෙමු. අද ප්‍රධාන ව්‍යවසනය වන්නේ ඉන්ධන හිග වීම හා මිළ අහස උසට නැගීමත්ය. මෙයට ප්‍රධාන හේතුව මෙරටට අවශ්‍ය විදෙශ නිශ්පාදන ගෙන ඒමට තරම් ඩොලර් නොමැති හෙයින් බවත් ඊට හේතුභූතවූ කරුණු මොනවාදැයි කියා මා නොකීවාට ...
238. කහ ඇඳගෙන මැච් බැලීම! THATTAYAGEKOLAMA "මිනිසා යනු දේශපාලනික සත්වයෙකි" යන ප්‍රකාශයේ සිට බැලූවද එය ප්‍රථික්ශේප කලද අදවන විට කිසිවෙකුට එයින් ගැලවී යාමට නොහැකිවී තිබේ. මාගේ බ්ලොගයේ වරින් වර මා දේශපාලනික ලිපි ලියා ඇති අතර ඒ සෑම ලිවීමක් තුලින්ම මෙම පවතින ක්‍රමය ප්‍රථික්ෂේප කොට ඇත. ගෝඨාගේ ප්‍රගමණය ප්‍රථික්ෂේප කරමින් මා "03.ගෝඨා 2020 ට (සුදුස්සාගේ නුසුදුසුකම)" ලියූවේ 2017 දීය. ඡන්ද දායකයාගේ වගකීම මතක් කරමින් "08 කවුද ගොජා ...
237. සයිකලයෙන් වැඩට යමු . . . ! THATTAYAGEKOLAMA මේ දිනවල සයිකල් පැදීමට වඩා රැකියාවට හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා සයිකලය තෝරා ගත් ප්‍රජාවක් අළුතින් බිහිවී ඇතිවී ඇත. මෙසේ තෝරාගත් හා තෝරා ගැනීමට ආශාවෙන් සිටින බොහෝ දෙනා සොයන බලන අසන ගැටළු දෙස බැලූ විට ඒ පිළිබඳව යමක් ලිවීමට මා හට සිත්විය. 2017 වසරේදී මගේ බ්ලොගයට එක් කල "සයිකලයක් අරං පදිමු!" පෝස්ටුවේ ආකෘථිය ගෙන එයට අඩු වැඩිය සපයා මෙම ...
236. මව්බිම වටා සයිකලයෙන් . . . 3 THATTAYAGEKOLAMA උදෑසන නැගිට ගමනට සූදානම්ව ආලින්දයේ පුටුවකට වී සිටිමින් මා වට්සැප් ගෲප් එකක් ඇටෙව්වෙමි. එයට මාගේ පලමු පෝස්ටුව එක් කල අතර කැන්ගරු දේශයේ සිට විජයභාහු මහතා "තම්ප්ස් අප්" සළකුණක් එවා තිබුනි. ඊට යටින් මා කුඩා වැකියක් එක් කලෙමි."දැන් වේලාව උදෑසන 5.26 යි.මමත් නිශානුත්කඩවතින් ගමන් අරඹනවා උදෑසන 6.00 වන විට. දිගටම අප සමග රැඳෙන්න සහෘද ඔබට කෙරෙනආදරණීය ආරාධනයයි මේ!"සියල්ල්න්ගේම සුබ පැතුම් මැද ...
235. කියවිල්ලෙන් කියවීම අරඹමු! THATTAYAGEKOLAMA මාගේ මුහුණු පොත හෙවත් වත් පොත අටවා ඇත්තේ මගේ නමින් නොව මෙම බ්ලොගයේ නමින්මය. ඒ නිසාම මාගේ නෑ තුරුස්ලා එහි ඇත්තේ ඉතා අල්ප ලෙසය! මුල් කාලයේ සිට සම්බන්ධව සිටින මාගේ ඥාති දියණියක් මීට දින දෙකකට පෙර; දරුවන්ගේ කියැවීම පිළිබඳව කුඩා සටහනක් ඇගේ වත් පොතේ ලියා තිබුනි. එයට පිළිතුරක් ලෙස මා තරමක ලිවීමක් කල අතර පසුව මට වැටහුනේ එය එසෙර මෙසේ ...
234. මව්බිම වටා සයිකලයෙන් . . . 2 THATTAYAGEKOLAMA පැලවත්ත පාලං තුන අසල Decathlon කඩේ ඉදිරිපිට!සමීරගෙන් ගෙන ආ සයිකලය; මුල් දින කිහිපයේ ප්‍රශස්ථ මට්ටමක පැවතුනි. සෑම දිනෙකම නැතත් හැකි සෑම දිනෙකම කිලෝමීටර 40 ක පුහුණු සැසියක් පැදීම මා කලෙමි. ඒ කාලය තුල දෙවතාවක් නිශාන්ද මා සමග පැද්දෙමි. දෙවෙනි වර පැද ගියේ කඩවතින් වැලිවේරියටද එතැනින් බ්ලොග් ලියන සජ්ජාගේ නිවස ඉදිරියෙන් ගොස් නිට්ටඹුවට වැටී ආපසු ඒමයි. එම ගමනේදී යක්කලදී නිශාන්ගේ කෙන්ඩ ...
233. මගේ මතක පොත! THATTAYAGEKOLAMA මොනවා උනත් මම සෑහෙන්න වාසනාවන්ත (අවාසනාවන්ත) පොරක්ය!~1970 සමගි පෙරමුණු ආණ්ඩුව දිනා ලොරිවල පිටුපස නැග පෙළපාලි යන පිරිස් පිළිබඳ මාගේ යන්තම් මතකයක් ඇත! එවකට අපගේ පියාගේ රැකියාව කරණ කොටගෙන අප ජීවත් වූයේ දැරණියගලටත් එහා පොල්ගස්වත්ත නමැති අති දුෂ්කර පලාතකය. එවකට අවිස්සාවෙල්ලේ සිට බස් ධාවනය වූයේ නූරිය තෙක් පමණි.එතැන් සිට පොල්ගස්වත්තට බොහෝදුරක් පයිංම ගමනක් විය. එම මාර්ගය දිවුනේ ගෝවල නමැති ගමකටය. එතැනින් ...